ලංකාවේ සෙලියුලර් වසන්ත සමය දැන් අහවර වෙලාය.
රාජ්‍ය සේවකයින් වෙත මහත් අභිමානයෙන් පිරිනැමූ බව කියැවුණු zඋපහාරZ නමැති මොබිටෙල් පැකේජයට දැන් කන කොකා හ~ලාය.
ඩයලොග් බ්ලාස්ටරයද දැන් අකුළාගෙනය.
මව් පියන්ගේ විශ්‍රාම පිහිටෙන් පැය ගණන් නොමිලේ කතා කළ ඇතැම් දූ පුතුන්ටද ඉදිරි කාලය යහපත් නැත.
මෙසේ වූයේ ඇයි?
මතු පිටින් කියැවෙන කතාව නම් ෆ්‍රී මිනිට්ස් පැකේජ නිසා එම සමාගම් පාඩු පිට පාඩු ලබලාය.
නමුත් මේ අභ්‍යන්තරයේ වෙනම කුමන්ත්‍රණයක් ඇති බව ගොසිප් ලංකා වෙත වාර්තා වෙයි.
එයාර් ටෙල්, එටිසෙලාට් තරග කරුවන්ට යටින් සැලකීමේ බලපෑමක් ටීආර්සීයට ආ බවද ඔවුන් මේ නොමිල පැකේජ නිසා ලබන අවාසිය මග හැරීම මෙම තීරණ සඳහා බලපෑ බවද කියැවෙයි.
කෙසේ වෙතත් උපහාර වත්මන් පාරිභෝගිකයින්ට මෙම ප්රශ්නය බලනොපායි.
නමුත් මුදල් නොගෙවීමකින් හදිසියේ සබඳතාව අත්හිටවනු ලැබූවොත් නැවත උපහාර පැකේජයකට සම්බන්ධවීමට රාජ්‍ය සේවකයාට නොහැකි වන්නේය.
එවිට උපහාරය ඔවුනට අපහාසයක් බවට පත් වනු ඇත්තේය.
-gossiplankanews-
********
link removed
/mod





