දෙමව්පියන් ජීවත් ව සිටියදි දරුවන්ට අගය දැනෙන්නෙ නෑ බොහෝවිට. දරුවන් වෙනුවෙන් කොතෙක් වද විඳිනව ද, දුක් උහුළන ව ද කියන එක තේරුම් ගන්න හැකියාව ඉතා අඩුයි. එයාල හැමදේ ම කරන්නෙ තමන් වෙනුවෙන් කියල දැනෙන්නට ඒ අවධියේදි පෙළඹවීමක් නෑ බොහෝමයක් දරුවන්ට. අප කාට වුණත් ඒක තේරුම් ගන්න අපහසුයි අපත් ඒ තත්වයට ම එනකන්. බොහොමයක් දෙනාට දෙමව්පියන් නැතිවීමෙන් පසුව වුණත් ඒ දේ තේරුම් යන්නෙ නෑ. මොකද අපට ඒ දේවල් දැනෙන්නෙ නැති වෙන්න අවැසි අනාගත පරිසරය දෙමව්පියන් අප වෙනුවෙන් සකස් කරලයි අපෙන් වෙන්වෙන්නෙ. ඒගොල්ලො කල්තියා දකිනව තමාගෙන් පස්සෙ තමාගෙ දරුවන්ට උචිත ජීවන රටාවක්, පිරිසරයක්, මානසික මට්ටමක් සෑදිය යුතුයි කියල. ඒක නිසා අපේ දෙමව්පියන් අපි වෙනුවෙන් කරපු, කියපු දේවල්, විඳපු දහදුක්, ඒ ඒ අවස්ථාවන්හි දි දැණුන පීඩනයන් ආදිය තේරුම් ගන්න අපටත් එවන් පරිසරයක් ගොඩ නැගෙන්න ඕන. එවිට අප පරක්කු විය හැකියි. එම නිසා මේ ලිපියේ මූලික හරය වන දෙමව්පියන් ව සුලු මොහොතකටවත් අමතක නොකිරීම අප කාගෙත් යුතුකම වගේ ම පසුවට පසුතැවීමේ මං පෙත් අහුරන්නක් වනු බව මගේ හැඟීමයි. බොහොමත් ම ස්තූතියි වැදගත් ලිපියක් මේ විදියට පළකලාට.