ඇත්ත මේකයි මචන් This Is True

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්ත මේකයි මචන් This Is True

    දවසක් අපේ දන්න කොල්ලෙක් කිව්ව සිංදු ගන්න හොද සයිට් එකක් තියෙනවා කියලා ඉතින් ඒ මනුස්සය අපිට ඉස්සර ඒ සයිට් එකෙන් හොද කොලිටි සිංදු අරන් දෙනව,ඇත්තටම හොද කොල්ල අද තනියම පොස්ට් දැම්මට

    එහෙම ඉන්න කොට පොර මූණූ පොතේ ඉන්නවා අන්තර්ජාලය අරගෙන පොර මම හිතන්නේ වදුරට දැලිපිහිය අහු උනාවගේ හැම රෙද්දක් අස්සෙම රිංග රිංග ඉන්න කොට තමයි මෙතනට ඇවිල්ල තියෙන්නේ පොර නම් කියන්නෙ පින්තූර බාන්න ඉස්සර මම කියන සයිට් එකේ ඉස්සර පින්තූර ගැලරියක් තිබ්බලු දැන් තියෙනවද දන්නෙ නෑ ඔනේ නම් තියෙනවද බලන්න

    ඉතින් මම දවසක් ඒ මනුස්සයගෙ ගෙදර ගියාමොකද ඒ මනුස්සයගෙ ගෙදර පිටිපස්සෙ ටියුෂන් ක්ලාස් එකක් තියෙනවා එකේ ඉන්න ලස්සන නන්ගිලා බලන්න එහෙමද කොහෙද මතක නෑ ඉතින් මොකක් හරි වෙන්න ඇති

    ඔහොම ඉන්න කොට එක බබෙක් බිහිඋනා, හෙන ගේමක් දෙන්න උනා මොකද අපි දැන් කියන්න යන බබා බිහිකරන්න මා සතු එකම ඊමේල් එකට බැරි උනා හේතුව නම් මතක නෑ,කොහොම උනත් ගූගල් එකට පින් සිද්ද වෙන්න ඊමේල් එකක් හදාගත්තා.ඊට පස්සෙ තමයි මම කියන බබා බිහිවෙන්නෙ ඉතින් ඒ බබ ඇවිල්ල ඒ දවස් වල තිබුන සිගි උපක්‍රමය කියන සිස්ටම් එක යූස් කරලා දැම්ම සිගියක්.


    අනේ මන්ද ඔය බබා කාරය ආපු ගමන් එකෙක්ව ගොනාට ඇන්දුව කොහෙද මේ ඒක හොයාගන්න බැරුව ඉන්න වෙලාවේ අද ඉයේ කොල්ලෙක්ට කෙල්ලෙක් කැමති වෙලා නෑ එලකිරි එකෙ ඒක විසදන්න බලනවා පස්සෙ දාන්නම් ඉතින් අපේ බබා කියන කෙනා මුලින්ම මුලින්ම එලකිරි ඇවිල්ල කියපුදේ

    ඔන්න ඔහොම කාලයක් ගියා 2009 අගොස්තු අවා එලකිරි කෙසේ වෙතත් ඒ දවස් වල ෆුල් බොක්කෙන් එක ගේමක් දෙන්න උනා දන්නව නේ ඒ කාලෙට ඉස්කෝලේ කොහෙද අපේ කොල්ලෙක් මහන්සි වෙලා කොරපු ෆිල්ම් එක බලන්නවත් දුන්නෙ නෑ නොවැ කොහෙද නිකන් බලන එක වත් බලන්න දුන්නෙ නෑ,ඒක පැත්තක තියමු කොහොම හරි අගොස්තු මාසයේ තියෙන ජාතික තරගෙට සහභාගී වෙන්න පැය 4ක පුටුවල වාඩිවෙලා දෙන ගේමක් නොවැ කොහොම හරි ඒකත් ගේමක් නැතුව ඉවර කලා

    එහෙම ඉදලා ඔන්න අපේ ගෙදරින් ඉන්ටනෙට් ගන්න අවසර ලැබුනා ඔන්න ඉතින් කොල්ල උඩ ගියා.ඔන්න ඉතින් ගත්ත ඉන්ටනෙට් එහෙම අරගෙන බබා ඇක්ටිව් උනා එලකිරි ඩොට් කොම් එකේ කොහොමද මල් බබා කියලා.

    ඉතින් කොහෙද එහෙම ආවට එලකිරි හෙන අමාරුයි තීම් එක වත් මාරු කරගන්න දන්නෙ නෑ නොවෙ අපේ 987 යාලුව තමයි අපේ ගෙදර ඇවිල්ල සේරම ඒව කියල දුන්න පස්සෙ ටිකෙන් ටික ඉගෙන ගත්තා කොහොම හරි 100ක් ගහල සීනියර් උනා එහෙම ඉස්සරහට කොටගෙන කොටාගෙන ඇවිල්ල 1000ක් ද කොහෙද ගැහුවා. ඒ දවස් වල ඒක කිව්වෙ දැන් අපිට දාහයි කියලා එහෙම ඉස්සරහට කොටා ගෙන කොටා ගෙන ආව 2000යි
    මම මල් බබා

    මෙන්න මම 2000 වෙනි පොස්ට් එක දනවා

    මේ දක්වා මට සහයොගය දුන්න ඔබ සැමට ස්තුයී

    :cool::cool::cool::cool:
    :cool::cool:
    :cool:
    එහෙමයි දෙදහ දැම්මෙ මචන්


    3000යි 4000යි එහෙම ඇවිල්ල 5000දාහයි කිව්වලු මම හිතන්නෙ හරියටම ගිය අවුරුද්දෙද මන්ද මචන්ස්.

    අනේ මන්ද කොච්චර ඉක්මනට කාලය ගියාද කියල හිතගන්නවත් බෑ ගොඩක් හොද යාලුවෝ හම්බ උනා එලකිරි එකෙන් නම් කිව්වොත් හරි නෑ නේ අපිට කාරදරයක් උනොත් පෝස්ට් එකක් දැම්ම නම් ගොඩක් අය උදව් කරනවා අවංකව පිස්සු යක්කුත් ඉන්නවා කොහෙත් එහෙමනෙ ඉතින්

    මම එලකිරි එකේ බය වෙච්ච දවස දන්නවද ගොඩක්ම බය වෙච්ච දවස

    ඔය පල්ලෙහා බලන්න කෝ

    මෙහෙම කිව්වම මම හිතුවේ අලුත් බබෙක් බස්සන්න වෙයි කියලා මොකද ඉයේ රෑ එකෙක් 2006 ලියපදිංචිවෙලා මොකද්ද කතාවක් කියල ඌට මොකද්ද උනා නේද ඒවගේ මටත් වෙයි කියල හිතුනා කවුද දන්නෙ අනික ඒ පොස්ට් එක තමයි මම දාපු පොස්ට් වලින් වැඩිම රිප්ලයිස් ආපු එක ඉතින් අහින්සක ආඩම්බරයක් එනවා බයෙන් පස්සෙ එන එක දන්නවනේ

    එහෙම ගිහින් ඉස්සරහටම අවා කොහෙද ෆන් එකට කියලා කවියක් දාල කොරගත්ත ගොන් කමක් කිව්වලු අම්මො හෙන පාත් වෙන්න වගේ අනාත උනා නේ කොහොම හරි එකෙක් ඇවිල්ල මාව කෑවා බයෙත් බෑ මම බයයි ඕයි

    කොහෙද එදා මට උපදෙස් දුන්න උන් කොරල තියෙන එවා දැක්කම එලොව තරු පෙනවා ඒක ඉතින් කතා කරල වැඩක් නෑ අද මෙහෙම කියන්නෙ ඇයි ?
    උබල කොහෙද ගත්ත ගමන් දෙනව මිසක් වටේ පිටේ බලන්නෙ නෑ නේ

    මේ දන්නෙ 10000 වෙනි එක බන්
    වහෙන් ඔරව ඕක කියන්න ගිය අකුරු ටික නේද හරියට කෙල්ලෙක්ගෙන් අහන්න වටෙන් අරිනව වගෙයි නේද අලිමසොක්

    එලකිරි ගැන කිව්වොත් ලංකාවෙ තියෙන හැමදාම විවිධත්වයක් තියෙන වෙබ් කලාව නව මාවතකට යොමුකරපු එලමකිරි සයිට් එකක් එහෙ මෙහෙ කොහේ ගියත් අන්තිමට එන්න තියෙන්නෙ එලකිරි තමයි මොකද හැමදාම එලකිරි දේවල් තියෙන නිසා (එස් එල් චිකි වගේ)


    මම ප්‍රෂ්නයක් අහනද එලකිරි කොල්ලන්ට පීසි එකෙ නෙට් බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ ඉංග්‍රීසි ඊ (
    E) අකුර එබෙන්නෙ ඇයි.අපේ ගෙදර එහෙම වෙනව ඒකයි හේතුව තාම හොයගන්න බෑ...

    38107596.png

    එහෙම කියනකොට අපි බලමු අන්තර්ජාලයේ කොහොමද කියල

    30630562.png


    45221044.png



    පේනවනේ එලකිරි එකට තියෙන තැන අපි මේ ඉන්නේ සෙල්ලම් තැනක නෙවෙයි ඉතින් පේනවනේ අපි ඉන්නෙ කොහෙද කියල ඉන්න පෙන්නන්න



    ලෝකෙ තියෙන වෙබ් අඩවි එක්ක බලද්දි එලකිරි ඉන්නෙ අංක අටේ ඒ කියන්නෙ අපේ ලංකාවේ සයිට් එකක් හැටියට ගත්තම එලකිරි අංක එක
    සෙල්ලම්ද කොල්ලො අපි එකම පවුලක් වගේ අංක එකේ ඉන්නවා ලොකු අයිය ඇතුලු කස්ටියගෙ වැඩතමයි ඉතින් ඒකනෙ කියන්නේ එලකිරි වැඩක් කොරොත් එලකිරි මයි

    කස්ටිය දන්නව ඇති ලංකාවේ ටික කාලෙකට කලින් පවත්වපු ජනාධිපතිවරණය කාලේ අපේක්ෂකයින්ගෙ දැන්වීම් දාල තිබ්බ කාගෙ දැම්ම උනත් එලකිරි එක ලංකාවෙ යම් නමක් හදන් තියෙන නිසා නේද එහෙම දැන්වීම් දන්න පෙලබුනේ ඉතින් කියන්න දෙයක් නෑ නේ ඒවගේම ඊ-ඒසියා වගේ වැඩසටහන් වලට සහභාගි වෙන්න එලකිරි එකට අවස්ථාව ලැබුනා ඒ එලකිරි එක ගැන ලංකාව කථාවෙන හින්ද නේද

    ඉතින් එලකිරි එකට මම සුභපතනවා අපිට හැමදාම එලකිරි වැඩ දුන්නට එලකිරි රේඩියෝ එලකිරි ටී.වී තව තව ගොඩක් දේවල් ඉස්සරහට වෙයි කවුරුත් නොකර දේවල් කවුරුත් ඒව කොපි කරාවි කමක් නෑ මුලින්ම එලකිරි එකෙන් හොද හොද සිංදු දෙනව වගේ අපේ එලකිරි පවුලටම රස විදින්න පුලුවන් අලු අලු දේවල් ඉස්සරහට වෙයි ඉන්න කෝ බලගෙන

    එලකිරි එකෙන් කරන අලුත්ම ප්‍රොජෙක්ට් එක තමයි එලකිරි රේඩියෝ එක
    ඉතින් එලකිරි රේඩියෝ එකට මල් බබා ගානේ පොඩි තෑග්ගක් දුන්න අපිට නිකන් සින්දු දෙන එකේ අපි ඉතින් කලගුන සලකන්න ඔනේ ඒක මගේ ගතියක් ඉතින් ලස්සන කෙටි ගීතයක් අපි කරා මේ දවස් වල ඔගොල්ලො ඉතින් ඒක අහල එහෙම ඇති
    :dull:

    මේ ජින්ගල් එකේ වචන ලිව්වෙ නම් මල් බබා මේකට ඕගන් එකෙන් සස්සර මිමිනුවේ සනෝජ් ලක්ෂාන් මල්ලියා හොද දක්ෂ කොල්ලා:D
    මේක මික්ස් කරල ෆයිනල් අවුට් පුට් එක ගන්න අපේ ටී ලයින් ප්‍රඩක්ෂන් එකේ හැමෝම උදව් කරා අපේ නිර්මාණය බාරගෙන ප්‍රචාරය කරනවට ඉතින් ජීටී අයිය ඇතුලු එලකිරි රේඩියෝ ටීම් එකෙ හැමොටම බොහොම ස්තුතී කියනවා
    :yes:


    ______________________________________________________________

    තව කාරණයක් කියන්න ඔනේ මම සංගීත ක්ෂෙත්‍රය පැත්තෙ පොඩ්ඩක් ගැවසෙන නිසා අපේ ගායකයො ගායිකාවෝ සංගීත අධ්‍යක්ෂකවරු ගීත රචකයො කියන කතාවක් මොකද දැන් ඒගොල්ලො කරන නිර්මාණයන් වෙබ් අවකාෂය ඔස්සේ මහජනයාට නොමිලේ ලබදෙනව එහෙම්ම කියනකොටම මුලින්ම කියවෙන්න "එලකිරි එකට දෙන්න ඔනේ" "එලකිරි වෙබ් රිලීස් එක දෙන්න ඔනේ" මොන කිව්වත් එලකිරි.කොම් එකේ ඒගොල්ලන්ගෙ නිර්මාණය නැත්නම් හිතට දුකයි අන්න ඒකයි අද එලකිරි එකට තියෙන තැන කවුරු මොන කිව්වත් ලංකාවේ මෑතක හිට් උන ගොඩක් නිර්මාණ මුලින්ම දීල තියෙන්නේ එලකිරි එකෙන් තමයි.

    කියන්නද තව කාරණයක් ඔන්න ඉතින් ජින්ගල් එකක් හදල දුන්න කියමුකෝ සමහරු මාව මරනවලු අපේ බස් කුඩු කරනවලු:angry: මොකද්ද එකකට ජින්ගල් හදල දුන්නෙ නෑ:oo: කියලා ටැග් වැටෙනවලු ටැග් දැකල සමහරු බය වෙලා දුවනවලු ඒ අස්සෙ සමහරු සමුගන්න කාලෙ හරි කියනවලු,එතකොට ඇයි බන් යන්නෙ කියල අහනවලු,සමහරු හැංගිලා ඇවිල්ල අඩන්නේ නැතුව පලයන් ලු මොන උනත් අපි එලකිරිලු
    :yes::yes::yes:

    ඉතින් එදා ඉදලා මල් බබ අවේ කොහොමද එලකිරි එකේ හිටියෙ කොහොමද වැරදුන තැන් දින්න තැන් තර්ජන ගර්ජන ඒවමේව රටේ නැති එවා ලු කොහොම උනත් ඇත්ත මේකයි මචන්


    මම අහන ප්‍රෂ්නෙට ලස්සන අර්තවත් උත්තරයක් දුන්නොත් මම තෑග්ගක් දෙනවා

    ඇත්තටම එලකිරි එක ගැන ඔබේ අදහස මොකද්ද

    දෙන්න උත්තරේ ලස්සන මතක හිටින තෑගක් දෙනවා හොදම උත්තරේ දුන්න කෙනාට පොඩි දෙයයි කරන්න තියෙන්නේ නේද

    එහෙනම් මෙහෙම 10000ක් ගහන්න උදව් කරපු ඔක්කොටම එලකිරි එක ලොවට බිහිකරපු අපේ ලොක්ක අයියට සුභ්ම සුභ අනාගතයක් පතනවා

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සරහටත් එලකිරි වගේ ලස්සන ගින්දර වැඩ කරන්නත් මල් බබ එක්ක තරහ අයටත් යාලු අයටත් එලකිරි නන්ගිල මල්ලිලා අක්කල අයියලා නැන්දලා මමලා පුංචි අම්මල නැන්ද අම්මල හැමොටම බොහොම පින්
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    ඉස්සරහටත් එලකිරි වගේ ලස්සන ගින්දර වැඩ කරන්නත් මල් බබ එක්ක තරහ අයටත් යාලු අයටත් එලකිරි නන්ගිල මල්ලිලා අක්කල අයියලා නැන්දලා මමලා පුංචි අම්මල නැන්ද අම්මල හැමොටම බොහොම පින්

    Mal Baba ithin mage fit ekane. congrats machan.....:D
     
    • Like
    Reactions: Mal Baba