HEY WATCHOUT FOR FIRST Sinhala Mobile 3D game Colombo Ride 3D FIRST TIME IN SRI LANKA

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    fatta :) if u r a group member of this project plz count me in :) i'm a 3D Animator .....
     

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0


    reply if you like the thread thanx

    හැමොම සෙට් වෙලා අපෙ කට්ටියගෙ වැඩෙට සප් එකක් දෙමු.බලලා පොඩි කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. සිය රට දෙ සිරි සැප දෙ.:yes::yes:
     

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    ෆෝන් එකෙං කොළඹ වටේ යන්න!

    colomboride3d125x125.jpg
    තොරතුරු තාක්‍ෂණය දේශීයකරණය; මේ ඉතාමත් වටිනාමක් ඇතිව තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනා අතර කතා බහට ලක් වෙන දෙයක්. දේශීය භාෂා වලින් හා දේශීය හැඟීම සහිතව මෘදුකාංග සඳහා අතුරු මුහුණත් නිර්මාණය කිරීම, මෘදුකාංග සඳහා දේශීය කළ උදව් නිර්මාණය කිරීම ආදී දේ මේ තුළ සිදු වෙමින් පවතිනවා.
    පරිගණක ක්‍රීඩා කියන්නේත් තොරතුරු තාක්‍ෂනයේ තවත් එක ප්‍රතිඵලයක්. එතකොට ඒවා දේශීය වෙන්නේ නැද්ද? අලුතින් දේශිය කීඩා එහෙම නිපදවෙන්නේ නැද්ද? කවුද නෑ කියන්නේ? අපි දැං හොයල බලන්න යන්නේ ඒ වගේ දෙයක් ගැන.

    colomboridescr1.jpg
    දැනට අවුරුද්දකට විතර කලින් ශ්‍රී ලංකාවේ පළමු සිංහල ජංගම දුරකතන ක්‍රීඩාව නිර්මාණය වුනා. ඒකෙ නම උනේ “කොළඹ වටේ” හෙවත් “Colombo Ride” යන්නයි. GTS ආයතනයේ නිර්මාණ කර්තව්‍යයක් වුනු මෙය මාධ්‍යයන්හි දැඩි අවධානය දිනාගත්තා. ඒ වගේම රටේ පැවති තොරතුරු තාක්‍ෂණික ප්‍රදර්ශනයන් ආදීන්හිදී ජනයාගේ විශේෂ ආකර්ෂණය දිනාගන්නට “කොළඹ වටේ” සතුව තිබුනු හැකියාව තමයි එයත් සමග එන අපේ කම – අපේ සුවඳ.
    පරිගණක තිරයෙන් නිව් යෝක් වටේ ටැක්සි පැද්ද අපේ අයට කොළඹ වටේ ත්‍රීවීල් පදින්න “කොළඹ වටේ” මගින් ලබා දුන් හැකියාව, ජංගම දුරකතන හිමියන්ගේ ආකර්ෂණය මෙයට ලබාගන්න හේතු වුනා. එතැනින් නොනැවතුනු මෙය අන්තර්ජාතික තොරතුරු තාක්‍ෂන සම්මාන ප්‍රදානෝත්සව වලට ශ්‍රී ලංකාව යන නම ගෙනියන්න සමත් වුනා.

    colomboridescr2.jpg
    පරිශීලක ප්‍රසාදයට පත් “කොළඹ වටේ” දැන් සූදානම් වෙන්නේ අලුත් පියවරක් තියන්නයි. මීට කලින් ද්‍විමානයේ කොළඹ වටේ ගිය ඔබට ළඟදීම හැකියාව ලැබෙන්නේ ත්‍රිමාණයෙන් කොළඹ වටේ යන්නයි!
    හඳුන්වාදෙන බහු පරිශීලක මුහුණුවරත් සමග මෙකී ත්‍රිමාණ පාරිසරිකය අනිවාර්යයෙන්ම පරිශීලක සිත් බැඳ ගනීවි. කොළඹ නගරයේ ඒ ඒ ස්ථාන ඇති ලෙසින් ත්‍රිමාණව ඔබට ඉදිරිපත් කරන්නේ වඩාත් යථාර්ථයට සමීප වූ විනෝදාස්වාදයක් සඳහායි.
    ඉතින් සූදානම් වෙන්න, ඔබේ ජංගම දුරකතනය තුළින් ත්‍රිමාණයේ කොළඹ වටේ යන්නට මෙම වසරේ ඔක්තොම්බර් මාසයේ සිට නොමිලයෙම ඔබට අවස්ථාව ලැබේවි.:yes::yes: