Sihina Sinhala Lyrics Kade......

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Original Posters Going Credits


    cool.gif
    cool.gif
    cool.gif
    cool.gif
    cool.gif
    cool.gif
    cool.gif
    cool.gif
    :c ool:


    ◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦
    © Śīħĩňā_łăĥĭŗů
    ♥♥♥♥♥♥♥♥♥

    ®Đřĕām Ľįʼnĕ Šťũđīō ™

    __________________
    my28.jpg
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Fifa 2010 Waving Flag Sinhala Lyrics


    මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී
    සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…

    ඔටුන්න හිමි - මේ විසල් පුරේ
    භයානකයි - දුප්පත් නගරේ
    (ඒත්
    smile_wink.gif
    මේ මගේ තැනයි - මගේ නිවසයි
    මේ වීදි දිගේ - අපි සැරි සැරුවේ
    ඒ අඳුරෙන් - දුර ආවේ මමයි
    දුක දන්නෙමි මා ජීවිතයේ...
    වීදියෙ පාඩම් - කටුකයි තිත්තයි
    (ඒත්
    smile_wink.gif
    පරදින්නෙ නෑ - පසු බැස යන්නෙ නෑ

    අපි සටන් කළේ - බඩගින්න නිවන්න
    (අපි
    smile_wink.gif
    පැතුවේ - නිදහස ලබන්න
    ඉවසන් ඉන්නෙමු - ඒ දවස එනතුරු
    වැඩි ඈත නෑ - එතකං අපි ගයනෙමු…

    මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී
    සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…

    උන්ගෙ සටන් - පළිගන්න හිතන්
    (ඒ
    smile_wink.gif
    උන්ගෙ වදන් - අපි තාම දුප්පත්
    උන් ඉගැන්නුවේ - සමානාත්මතාවය
    රඟ පෑවේ - ප්රෙජාතන්ත්රපවාදය
    (ඒත්
    smile_wink.gif
    ඇත්ත ඒකද - අපි කොච්චර බොළඳද
    උන් වෙනුවෙන් - අපි සටන් කළත්
    උන් අපිව රවටනව - රිදවනව පාගනව
    (ඒත්
    smile_wink.gif
    වැටෙන්නෙ නෑ - නවතින්නෙ නෑ

    අපි සටන් කළේ - බඩගින්න නිවන්න
    (අපි
    smile_wink.gif
    පැතුවේ - නිදහස ලබන්න
    ඉවසන් ඉන්නෙමු - ඒ දවස එනතුරු
    වැඩි ඈත නෑ - එතකං අපි ගයනෙමු…

    මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී
    සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Sina Totak - Nirosha Virajini Lyrics


    සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
    මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
    නොහඬා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල් දම්
    දුටුව නිසා ආදරයේ දෙව්* රුව ඔබගෙන් මං //

    බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී
    සිටියා මිස නොදනිමි කොහි සිටියා දැයි මලවී
    පුදසුන් මත මිය යද්දී සහසක් මල් පර වී
    නො පිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බර වී

    මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
    ඔබට ළංව දුක බෙදා ගන්ට බැරි කම දුකකී
    මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
    එවන් ලොවක මේ හමු වීමත් වාවනු නොහැකී

    සිනා තොටක් විය....


    ගායනය.... නිරෝෂා විරාජිනී​
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Ipaduna Da Patan- Nihal Nelson Lyrics


    ඉපදුන දා පටන්ම ආදරයෙන් මා හදා
    වැඩු බව ලොව මට කිව්වා
    දැන ගත් දා පටන්ම අනුන්ගෙ බස් නිසා
    ඔබෙන්ම අහන්න හිතුනා මා ඔබෙ පුතු නොවේද
    හැදු වැඩුවා පමණද කියන්න මගෙ සුදු අම්මා
    ලෝකය ‍බොරුයි නේද කොච්චර ඔබ ආදරේද
    ඔබමයි මා වැදු අම්මා

    දෑසේ කඳුළු පෙනේ වේදනාව මටද දැනේ
    ආයෙත් නොඅසමි අම්මේ
    වෙන අම්මල මොකටද මට මොන අඩුපාඩුද
    අම්ම ඔබයි සංසාරේ
    වෙන අම්මල මොකටද මට මොන අඩුපාඩුද
    අම්ම ඔබයි සංසාරේ

    වැදලා කුණු බක්කියෙ දමලා යන අම්මලාට
    කියලා දෙන්නද අම්මේ
    වදනා අම්මලාද හදනා අම්මලාද
    පැහැදුවෙ අම්මා අරුතේ
    වදනා අම්මලාද හදනා අම්මලාද
    පැහැදුවෙ අම්මා අරුතේ

    කුස තුල බිලිදු මරා මව් නමට දෙන්නේ නිගා
    හදන්න බය හින්දානේ
    වදන්න පින් මදි මුත් හදනා පිනෙන්ම ඔබ
    මතු බුදුවෙනවා අම්මේ
    වදන්න පින් මදි මුත් හදනා පිනෙන්ම ඔබ
    මතු බුදුවෙනවා අම්මේ


    ගායනය.... නෙල්සන් වාස්
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Sitha Saluna - Lyrics

    සිත සැලුනා


    ඇය හද ගැස්මේ සඟවා..
    සිහිනයකට පෙම් කරලා..
    දුක විතරක් තුරුලු කරන්..
    ඔහු යනවා ඈ සොයලා...//

    නුඹ වේ..මා හිමි කාරියේ..
    නුඹ වේ...මා පැතු ලෝකයේ..
    නුඹ වේ..මා දුටු සිහිනයේ..
    නුඹ වේ ..මගෙ මුලු ජීවිතේ...

    සිත සැලුනා..නුඹ හින්දා..
    නෙතු හැඬුවා..දුක හින්දා..//

    ඔය දෙතොලෙ ආදරෙන්.. සිප ගන්න දැවටෙන්න..
    පැහැදුල් නුවන් සඟලේ..මට ඉන්න ඉඩ දෙන්න..
    සියපතක පෙති අතරේ.. දැනෙන සුව විඳ ගන්න..
    කවදාද ඔබ එන්නේ...මගෙ හිතට සැනහෙන්න..

    සිත සැලුනා..නුඹ හින්දා..
    නෙතු හැඬුවා..දුක හින්දා..//

    Artists- Udaya, Amila & Ishan ft Thusith
    Album- Roosiri (Centigradz)
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Kaada Raja Lyrics - Iraj

    වීදි පුරා පාලු කපන කාඩ රජා මන්
    කාසි සොයා වේල පතා වාඩි ගසාපන්
    අර නාඩි බලා.. අර ගාන කපා..
    අර හීන් සැරේ මාරු වෙන්න උපන් එකා මන්..//

    ඉඳුල් බතින් සිඟා කමින් දුකේ වෙලීලා..
    සමාජයෙන් තැලුම් කමින් පයේ හැපීලා..
    ලෝකයෙන් අපට රිද්දන්නම් හෙටක් නැතුව වට්ටන්නම්
    හැඟුම් දවා සුසුම් හෙලා කුමට හඬාලා..

    වීදි පුරා පාලු කපන කාඩ රජා මන්..

    කාඩ රජා කියන්නෙ මට ගල් කරන්නෙ කාර් පාර්ට්ස් මම
    මගෙ බිස්න්ස් ස්ලේව් අයිලන්ඩ් හොරා කන්නෙ බඩගින්නට
    අපේ පැත්තෙ බොරු වැඩ නෑ කොල්ලන්ගෙන් චූ වැඩ නෑ
    පොලීසියත් ඇඹරෙන්නේ ඉන්දල හිටල ගුටි කන්නේ..

    හෙටක් නැතී හිතක් ඇතී බරක් නැතී ළමුන් අපී
    ඇතත් නැතත් විලත් මුලත් එකයි සිතාලා..
    බරක් ඇතී පියෙක් නැතී පියෙක් ඇතී මවක් නැතී
    උපන් තැනක් සොයන්න නෑ කොහේ කියාලා..

    අපේ එකෙක් කොහේ මලත් සොයා බැලූ කෙනෙක් කියන්
    අපේ කියා ලොවේ කෙනෙක් නෑ..
    හඬා වැටී තැවී පලක් නෑ..

    වීදි පුරා පාලු කපන කාඩ රජා මන්..

    කරන කියන රැකි රක්ශා දිනෙන් දිනම දියුනු වේවා
    අපි කන බත් මිටක් ගානෙ ඔහෙලට පින් සිද්ද වේවා
    එහා පැත්තෙ මේ නෝනා රුපියල් 10ක් දුන්නා
    සෙත් පතනව ඒ නෝනට නිරෝගි සුව අත් වේවා
    එහා පැත්තෙ මේ මහතා රුපියල් 20ක් දුන්නා
    නෝණ්ඩි උනෙ නෑ පින්වත ඒ නෝනට මේ මහතා..

    වීදි පුරා පාලු කපන කාඩ රජා මන්..

    Artist- Iraj Weerarathna
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Amarasiri Piries - Ladune Song Lyrics

    ළඳුනේ ………. ළඳුනේ ………….

    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…

    දෙනෝ දහක් අත ගත්ත ද
    සැමියෙකු නැති ළඳුනේ
    නෑයෙක් නෑකම් නො කියන
    වීදි සරන ළඳුනේ ... ළඳුනේ …

    තෙල් මල් ගෙන දෝත පුරා
    මුනි කුටියට පිය මනිනා
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

    බුදුන් දැක නිවන් දකිමැයි
    දෙව්රම යන පාර අහන
    ඔබ ද පටාචාරාවකි
    ඔබ ද කිසා ගෝතමියකි

    පිරිමින්ගේ පාප කඳට
    දෝස විඳින ළඳුනේ
    රහසේ පව් කරන දනා
    එලියෙ රවන ළඳුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන
    ළය නො පෙනෙන ළඳුනේ
    කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

    පද - රන්බණ්ඩා සෙනෙවිරත්න
    නද - ප්රේමසිරි කේමදාස
    හඬ - අමරසිරි පීරිස්
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Rusiri Album - Lyrics

    view.gif
    Image resized (Original file: 741x471)
    lyrics_aravahina.jpg


    view.gif
    Image resized (Original file: 741x471)
    lyrics_jayajaya.jpg


    view.gif
    Image resized (Original file: 741x471)
    lyrics_kotuva.jpg


    view.gif
    Image resized (Original file: 741x471)
    lyrics_mage_adare.jpg


    view.gif
    Image resized (Original file: 741x471)
    lyrics_nilsandamandala.jpg


    view.gif
    Image resized (Original file: 741x471)
    lyrics_pahasara.jpg


    view.gif
    Image resized (Original file: 741x471)
    lyrics_ranvan.jpg


    view.gif
    Image resized (Original file: 741x471)
    lyrics_thumko.jpg
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Nuhure - Sadeeptha ft Anushka Lyrics

    නුහුරේ

    නුහුරේ විඳින්න ආදරේ......
    මා හා ආයේ ඒ නම්......
    මිහිරේ රඳෙන්න මා කෙරේ....
    සමදා ලඟින් ඉන්නම්......

    අනුරාග නෙතු සලා... ස්නේහේ සුසුම් හෙලා...
    තරු අතරේ නැවතිලා... උන් ඒ මතක අද තනි වෙලා....

    මදහසේ පැහැසරින්... බොඳ වූ නෙතු සඟවාලන්නම්...
    අප මැවූ මට හිමි නොවූ පැතුම්
    ඔබ යළි ගෙන ඒ නම්...

    නුහුරේ විඳින්න ආදරේ......

    අනුරාග නෙතු සලා... ස්නේහේ සුසුම් හෙලා...
    තරු අතරේ නැවතිලා... උන් ඒ මතක අද තනි වෙලා....

    සිසිලසේ දිලිසෙනා... තුහින ගෙන සැරසී එන්නම්
    ආදරේ සිඳුනු උල්පතින් ලැබුණු
    පහසම දෙනවා නම්

    නුහුරේ විඳින්න ආදරේ......

    පද රචනය - කුෂාන් මනීන්ද්‍ර
    සංගීතය - සදීප්ත ගුණවර්දන
    ගායනය - අනුෂ්කා පෙරේරා
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි බ්‍රෝ
    නියමම වැඩක්
    දිගටම කරගෙන යන්න

     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    Kaada Raja Lyrics - Iraj

    වීදි පුරා පාලු කපන කාඩ රජා මන්
    කාසි සොයා වේල පතා වාඩි ගසාපන්
    අර නාඩි බලා.. අර ගාන කපා..
    අර හීන් සැරේ මාරු වෙන්න උපන් එකා මන්..//

    ඉඳුල් බතින් සිඟා කමින් දුකේ වෙලීලා..
    සමාජයෙන් තැලුම් කමින් පයේ හැපීලා..
    ලෝකයෙන් අපට රිද්දන්නම් හෙටක් නැතුව වට්ටන්නම්
    හැඟුම් දවා සුසුම් හෙලා කුමට හඬාලා..

    වීදි පුරා පාලු කපන කාඩ රජා මන්..

    කාඩ රජා කියන්නෙ මට ගල් කරන්නෙ කාර් පාර්ට්ස් මම
    මගෙ බිස්න්ස් ස්ලේව් අයිලන්ඩ් හොරා කන්නෙ බඩගින්නට
    අපේ පැත්තෙ බොරු වැඩ නෑ කොල්ලන්ගෙන් චූ වැඩ නෑ
    පොලීසියත් ඇඹරෙන්නේ ඉන්දල හිටල ගුටි කන්නේ..

    හෙටක් නැතී හිතක් ඇතී බරක් නැතී ළමුන් අපී
    ඇතත් නැතත් විලත් මුලත් එකයි සිතාලා..
    බරක් ඇතී පියෙක් නැතී පියෙක් ඇතී මවක් නැතී
    උපන් තැනක් සොයන්න නෑ කොහේ කියාලා..

    අපේ එකෙක් කොහේ මලත් සොයා බැලූ කෙනෙක් කියන්
    අපේ කියා ලොවේ කෙනෙක් නෑ..
    හඬා වැටී තැවී පලක් නෑ..

    වීදි පුරා පාලු කපන කාඩ රජා මන්..

    කරන කියන රැකි රක්ශා දිනෙන් දිනම දියුනු වේවා
    අපි කන බත් මිටක් ගානෙ ඔහෙලට පින් සිද්ද වේවා
    එහා පැත්තෙ මේ නෝනා රුපියල් 10ක් දුන්නා
    සෙත් පතනව ඒ නෝනට නිරෝගි සුව අත් වේවා
    එහා පැත්තෙ මේ මහතා රුපියල් 20ක් දුන්නා
    නෝණ්ඩි උනෙ නෑ පින්වත ඒ නෝනට මේ මහතා..

    වීදි පුරා පාලු කපන කාඩ රජා මන්..

    Artist- Iraj Weerarathna


    ela ela

    :baffled::baffled::baffled::baffled: