අපි දැන් ඔය කතාකරපු, වැඩකරනවා කියල මම කියපු කොටස බුදුහාමුදුරුවෝ අඳුන්වල දුන්නේ 'නාම' කියල. තේරුම හැටියට ගත්තොත් ටිකක් upset upset වගේ වෙයි. මටත් අපේ හාමුදුරුවෝ මේක තේරුම් කලාට, ඒක පාරටම 'click' උනේ නැහැ. ඒත් එහෙම upset වෙන්න ඕනේ නැහැ. ඕක ලස්සනට තේරේවි ඉස්සරහට. බුදුහාමුදුරුවෝ දේශනා කලේ, නාම යනු රුප කායේ අධිවචන සම්පස්සයයි (රුපයක් ලෙස හඳුන්වපු සකස්වෙච්ච යමකට කියන නම) රුප යනු නාම කායේ පටිඝ සම්පස්සයයි (යම් නමකින් ඇඳින්වෙන සකස් වෙච්ච දෙය) ලෙසටයි. ඊළඟට බුදුන්වහන්සේ කිව්වා මේ දෙකම එකටමයි තියෙන්නේ වෙන්ව පවතින්නේ නැහැ කියල. ඉතින් එතකොට අපි හැමෝම නාම රූප! ඇයි හතර මහා ධාතු වලින් හැදිලා තියෙන්නේ (සකස්වෙලා තියෙන්නේ), ඕනේ තැනකින් කෑල්ලක් පෙන්නලා ඇහුවොත් ඒකට නමක් තියනව. එහෙම නැතුව වඩාත් පැහැදිලිවෙයි නේද මේ ඇඟ, හතරමහා ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ, ඒක වැඩකරනවා! නාම, රූපත් එක්ක ඉන්නකම් 'පොර' live! නාම, රුපගෙන් වෙන් උන ගමන් 'පොර' dead! මම මෙතන 'නාමරූප' definition එකේ පොඩි modification එකක් කලේ, ඒක සත්වයා සම්බන්ධයෙන් නිවැරදි වෙන බව පටිච්චසමුප්පාදය විස්තර කෙරෙන තැන සඳහන් වන නිසයි. වචන බර වැඩියි කියල upset වෙන්න ඕනේ නැහැ කවුරුවත්. පටන් ගත්තු කාලේ මේවා සේරම මටත් greek! ඒත් තිබිච්ච උවමනාව, කැපවීම හන්ද, වචන ලියාගෙන, තේරුම් ලියාගෙන, පාඩම් කරගෙන මාර try එකක් දුන්නේ. මේ ඒකෙ ප්‍රතිඵල තමයි.
දැන් අපි දන්නවා ධාතු වශයෙන් මේ ශරීරයේ සකස් වීම. ඊළඟට බුදුන් වහන්සේ මේ ශරීරය වෙන්කරලා පෙන්නුවා සංඥා ආයතන 6 ක එකතුවක් හැටියට. ඇස, කන, නාසය, දිව, කය, මනස වශයෙන්. ඔයාල මෙහෙම අහල තිබුනද? මමනම් නැහැ. මට අහන්න ලැබිල තිබුනේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියල විතරයි. ඒකියන්නේ වැදගත්ම එක missing! එතකොට ඉතින් කරන්න කියල දෙයකුත් නැහැ. වාඩිවෙලා 'බණ' කියල කියන ඕනේ කෙහෙල්මලක් අහගෙන ඉඳල 'ආ... දැන් සාදුකියන්න...' කිව්වම 'සාදු' කියල නැගිටිනවා, එච්චරයි. ඉතින් පෙරුම් පුරාගෙන, පුරාගෙන, පුරාගෙන යන්න උනා අපේ හාමුදුරුවෝ ඇවිල්ල පිරිසුදු බුද්ධ දේශනා කියල, තේරුම්කරලා දෙනකන්ම!! දැන් හරි. ඒත් තාම ඒ පිරිසුදු බුද්ධ දේශනා අහල නැති අය කොච්චර ඉන්නවද? එයාල දිගට හරහට පෙරුම් පුරනවා, පතාගෙන පතාගෙන යනවා, scientistsල අමරණීය වෙන්න බෙහෙත් හොයන්න වගේ ලොකු ලොකු වැඩ කරන්න යනවා, බුදුහාමුදුරුවෝ කිව්වා "මේ ලැබිච්ච අවස්ථාවේ පුළුවන් ඉක්මනින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න වත් උත්සහ ගන්න" කියල. ඒක ගොඩ දෙනෙක් කරන්න තියා හිතලවත් නැහැ! ඉතින් මොනවා වෙයිද? (මම දැන් ටික කලක ඉඳන් තව forum එකකට ලිව්වා. ඒකෙත් හිතට ආපු වැදගත් ඒවා සැහෙන ලිව්වා. මේකට ඒටික වෙනම දාන්න බලනවා... හැබැයි පස්සේ. නැත්නම් කාලේ අපතේ යනවා.) අපි මේකේ කෙළවරටම ගිහින් ඉමු!
ඉතින් දැන් ඔය විද්‍යාඥයෝ, scientistsල, තාම එක එක දේවල් හොයන්නේ දන්නේ නැති හන්දනේ... බුදුහාමුදුරුවෝ සේරම හොයාගෙන අපිට කියල දීල සෑහෙන කල්. අපි උන්වහන්සේගෙන් අහල දැනගත්තනම් හරි! උන්වහන්සේ මේ ඇස්, කන්, නාසා වල operation එක, වැඩකරන විදිය හොඳට කියල දීල තියෙන්නේ. උන් වහන්සේ දේශනා කලා, "චක්කුන්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං, තින්නං සංගති ඵස්සෝ" කියල, ඇසේ සිද්ධවෙන ක්‍රියාවලිය ගැන. ඒ මොකද්ද ඒ කිව්වේ... මෙහෙමයි, සජීවී ඇසකට රුපයක් ගැටුණු කල්හි ඇසේ විඥාණය උපදී, මෙම 3 හි එකතුව ස්පර්ශයයි. තව හොදට කියනවා නම්, අපි ඕනේ කෙනෙක්ගේ, වැඩකරන ඇහැකට නම්, රුපයක් වැටිච්ච ගමන්, ඇහැ ඒ ගැන දැනගන්නවා. එතකොට එතන ඇහැ තියනවා, රුපය තියනවා, ඇසේ ව්ඥානය තියනවා. කරුණු කීයද? 3 යි නේද? අන්න එකයි කිව්වේ. ඉතින් ඔය විඥාණය කියන එකත් අර කලින් ස්පර්ශය 6 ආකාරයි කිව්වා වගේම ආකාර 6 ක් තියෙනවා. බලන්නකෝ ඉස්සරහට යනකොට. එක නෙවෙයි වැදගත්ම දෙය. බුදුරජාණන් වහන්සේ කිව්වා මේ විඥාණය පැළවෙන දෙයක්ය කියල. ආයේ තව මේ 6 ආකාරයක විඥාණය කෙනෙක් හරියටම අවබෝධ කලොත්, එයා 'රහතුන් වහන්සේ නමක්' කියල. ඒ කියන්නේ පිරිනිවන් පානවා, ආයේ ඉපදීමක් නැහැ! සමහරු හිතන් ඉන්නේ රහත් වෙනවා කියන්නේ මහා අමුතු, අද්භූථ දෙයක් වෙනවා, සුවිශේෂ හැකියාවල් තොග ගණනේ ලැබෙනවා වගේ වැල් වටාරම් ගොඩක්! අන්න ඒකයි පිරිසුදු ශ්‍රී සද්ධර්මය විතරක්ම ඇසීමේ වැදගත්කම! නැත්නම් ධර්ම මාර්ගය තමන්වත් සම්පූර්ණකර නොගත්, එක එක්කෙනාගේ අදහස්, කතන්දර එකතු උන ගමන් වැඩේ එහෙමපිටින් upset වෙනවා! බලමු, මම කරන වැඩේ හරිගියොත් ගොඩදෙනෙක් 'ගොඩම' තමයි.
ඉතින් අපි ඇහැ ගැන දන්නවා දැන්. තව 5 ක් තියනවා. ඒවත් වෙන්නේ එකම විදියට තමයි. නම් ටික තමයි වෙනස් වෙන්නේ! බලන්න... 'සෝතන්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං, තින්නං සංගති ඵස්සෝ' (සජීවී කනකට ශබ්දය ඇසුනුගමන් කනෙහි විඥාණය හටගනී, මේ 3 හි එකතුව ස්පර්ශයයි). දන්නවානේ විඥාණය කිව්වේ දැනගන්නවා කියන අර්ථයෙන් නේ! මේ... සමහරු හිතන් ඉන්නේ රහත් උනාම මේ සේරම ඇහෙන, පෙනෙන, දැනෙන ඒවා නැතුව ගිහින්, මොකද්දෝ අමුතු එකක් වෙනවයි කියලයි. ඒක බුදුහාමුදුරුවෝ කියපු එකක් නෙවෙයි! ඊළඟට 'ඝානන්ච පටිච්ච ඝන්දේච උප්පජ්ජති ඝාන විඥාණං, තින්නං සංගති ඵස්සෝ', 'ජිව්හාච පටිච්ච රසේ ච උප්පජ්ජති ජිව්හා විඥාණං, තින්නං සංගති ඵස්සෝ', 'කායන්ච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඥාණං, තින්නං සංගති ඵස්සෝ' & 'මනන්ච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාණං, තින්නං සංගති ඵස්සෝ'. 6 ආකාරයකට විඥාණය, ස්පර්ශය තිබුන නේද? ඉතින් දැන් බුදුහාමුදුරුවෝ දෙවිදියකට මුළු bodyයම තේරුවා, හැබැයි එකක් කියඋනේ නැහැනේ... කෝ "මම" නැහැනේ!! වැරදුන වත්ද දන්නේ නැහැනේ... "මම" කොහෙහරි ඇති නේද? ඔව්, තව එක විදියකට තෝරලා තියනවා මේ ධාතු විභංග සුත්‍රයේදී, එකෙත් බලමු.
ඊට කලින් දන්නවද මේ 6 ආකාරයකට විඥාණයයි, ස්පර්ශයයි කියල ගත්තේ, නැත්නම් එහෙම එකම විදියකට උනේ කියල... මම හිතන්නේ මේක තාම ධර්මය සම්බන්ධයෙන් හෙළිවෙලා වත් නැතුව ඇති. මට දැනගන්න ලැබුනේ robotics ඉගෙන ගන්න ගියාමයි. ඒ කට්ටිය ධර්මය දන්නවද දන්නේ නැහැ! ධර්ම මාර්ගය සම්පූර්ණ වෙලා, සේරම නිරවුල් වෙලා, සැක/අපැහැදිලි තැන් සේරම නැතුව ගියායින් පස්සේ, ඕක ගැන මතක් වෙලා තමයි, මේ කියන්න යන කතාන්දරය හිතේ වැඩකරන්න ගත්තේ. දැන් නම් සේරම process වෙලා තියෙන්නේ. මාස ගණනක් ගියා... හැබැයි මේ artificial විදියකට නිවන් අවබෝධ කරවන්න වගේ මොකුත් majic එකක් එහෙම නෙවෙයි! මේ සේරම සිදුවීම් වලට හොඳටම ගැලපිල යන තාක්ෂණික ක්රියාකාරිත්වයන් එකතු කරලා ආගමික barriers නැතුව විද්‍යාත්මක/technical විදියට මේ ජීවිතවල ඇතුල් පැත්ත පෙන්වන්න විතරයි.