eye ra heenayak dakkada....??

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඔන්න ඉතිං හා හා පුරා කියල කියපු ටයිම් එකටම ගෙදර තිබ්බ ටෝච් කබලත් උස්සගෙන, කට්ට කලුවරේ, දෙයියො බුදුන් වැදල, මැණිකෙවත් සිහියට නග්ගගෙන, නමො විත්තියෙන් දකුණු කකුල වෙනුවට වැරැදිල වම මුලින් තියල ඝණ අදුරෙම කළ එළි බැස්ස. මීට කළින් හදපානේ ගිහින් තියෙන එකක්යැ. ඉතිං කිසි එක්ස්පීරියන්ස් එකකුත් නෑ. ඒ අස්සේ මේක හදපානකුත් නෙමෙයිනෙ. මේක ඝණඅදුරනෙ. ඒකටත් මං හෙණම ආධුනිකයි. ඒත් මම හොද, හිත හයිය එකා, කට්ට කලුවරෙම ටෝච් එකත් මාන්නගෙන මැණිකෙගෙ ගේ පේන මායිමට කෝමෙන් කෝම හරි යා ගත්ත දන්නෙම නැතුව. ඒ වෙලාවෙදි තමා මගේ පරණ කරුමයක් ඉස්මතු වුනේ මගෙම වෙලාවට, හෙණහුරා ගැහුව ටෝච් කබලට. මල මගුලයි, බැටරි බැස්සනෙ ටෝච් එකේ මේ වෙලාවෙම. දැන් ඉතිං මක්ක කියල කොරන්නද? තනිපංගලමේ මමත් ඩෙනිම කැහැ‍පොට ගහගෙන ගේමට එන්ටර් වුනා වෙන දෙයක් වෙච්චදෙං කියල. එක හුස්මට ගස් ගල් පෙරලගෙන රුං ගාලා ඉගිල්ලුනා මැණිකෙගෙ ගේ ළගටම. යාන්තම ගෙදර දාල තිබුන ටියුබ් ලයිට් එළියෙන්, ඕං මැණිකෙ වගේ පිංතූරයක් පේනව බැලුවම ජනේලෙ සිදුරෙන්. මමත් සලෙන්ඩර් වුන් නෑ, ලාවට විසිල් පා‍රක් ගැහුව මැණිකෙට ඇහෙන්න කියල හිතාගෙන
    ... :shocked:;)

    මතු සම්බන්ධයි;)

    උඹ දවස් කීයකට දැක්ක හීනයක්ද මේ..?? :lol:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :eek:...me heeneyak da kiyanna yanne nattiyakda..???:eek:
    kiyanna kooo ithin age nokara..;):)
    ඕං එහෙනං පටන් ගන්නව.:):):)

    මෙන්න මේ කියන්න යන සිද්දිය හීනයක් බවද එහි එන නම් ගම් සියල්ල ද හීනයක් බවද, සිදුවූ සියල්ල හීනෙන් සිද්ද වූ දේවල් බවද කාරූණිකව සළකන්න
    .;)

    ඕං එදා මහ රෑ තමයි රෑ, ඝනාන්ධකාරයේ මුලු මූකලානම ගිලිල තිබුනෙ. කොච්චර කලුවරද කියනවනම් ඇහැට ඇගිල්ලෙන් ඇන්නත් පේන්නෙ නැති ගානයි. මාත් ඉතින් හොදට හද පායපු රැයක් එළඹෙනකං ඇගිලි ගැන ගැන උන්නෙ කාලයක් තිස්සෙ. මොකද කියනව නම් ම‍ගෙ මැණිකෙව මගෙ පැල්කොටේට කැන්දන් එන්න තමයි ඒ. ඒ මගේ නරක වෙලාව කියන්නෙ මීට කලින් හද පායපු හැම රෑකම වෙන මොකක් හරි මගඩියක් කඩාපාත් වෙනව. එක්කො වැස්ස, නැත්තං ඒත් වැස්ස. මක් කොරන්නද ඉවසන්නම බැරිතැන තමා මැණිකෙත් එක්ක කතාබස් කොර‍ගත්තෙ එදා රෑට හදපාන නැති උනත් කමක් නෑ, තියෙන පානක ටෝච් එළියෙං යමු කියල. ටයිම් එකත් ෆික්ස් කරගත්ත කිසි අවුලක් නොවෙන්න...:yes::yes:;)

    මතු සම්බන්ධයි;)

    ඔන්න ඉතිං හා හා පුරා කියල කියපු ටයිම් එකටම ගෙදර තිබ්බ ටෝච් කබලත් උස්සගෙන, කට්ට කලුවරේ, දෙයියො බුදුන් වැදල, මැණිකෙවත් සිහියට නග්ගගෙන, නමො විත්තියෙන් දකුණු කකුල වෙනුවට වැරැදිල වම මුලින් තියල ඝණ අදුරෙම කළ එළි බැස්ස. මීට කළින් හදපානේ ගිහින් තියෙන එකක්යැ. ඉතිං කිසි එක්ස්පීරියන්ස් එකකුත් නෑ. ඒ අස්සේ මේක හදපානකුත් නෙමෙයිනෙ. මේක ඝණඅදුරනෙ. ඒකටත් මං හෙණම ආධුනිකයි. ඒත් මම හොද, හිත හයිය එකා, කට්ට කලුවරෙම ටෝච් එකත් මාන්නගෙන මැණිකෙගෙ ගේ පේන මායිමට කෝමෙන් කෝම හරි යා ගත්ත දන්නෙම නැතුව. ඒ වෙලාවෙදි තමා මගේ පරණ කරුමයක් ඉස්මතු වුනේ මගෙම වෙලාවට, හෙණහුරා ගැහුව ටෝච් කබලට. මල මගුලයි, බැටරි බැස්සනෙ ටෝච් එකේ මේ වෙලාවෙම. දැන් ඉතිං මක්ක කියල කොරන්නද? තනිපංගලමේ මමත් ඩෙනිම කැහැ‍පොට ගහගෙන ගේමට එන්ටර් වුනා වෙන දෙයක් වෙච්චදෙං කියල. එක හුස්මට ගස් ගල් පෙරලගෙන රුං ගාලා ඉගිල්ලුනා මැණිකෙගෙ ගේ ළගටම. යාන්තම ගෙදර දාල තිබුන ටියුබ් ලයිට් එළියෙන්, ඕං මැණිකෙ වගේ පිංතූරයක් පේනව බැලුවම ජනේලෙ සිදුරෙන්. මමත් සලෙන්ඩර් වුන් නෑ, ලාවට විසිල් පා‍රක් ගැහුව මැණිකෙට ඇහෙන්න කියල හිතාගෙන
    ... :shocked:;)

    මතු සම්බන්ධයි;)

    ම්හ්.. පළවෙනි විසිල් එකට මැණිකෙ නෙමෙයි හෙල්ලුනෙ. මමත් අතහැරියෙ නෑ ගැහුව දෙවැනි විසිල් එකත් කන් අඩිපැලෙන්නම. කෝ ඉතින් මෙයාට ගානක් වත් නෑ. මොහොතයි ගියෙ ඉස්සරහ බල්බ් ඔක්කොම එක සැරේ සටස් ගාලා පත්තු වුනා. හෆ්‍ෆටසිරි මෙන්න මගෙ වෙන්ඩ මාමණ්ඩියා උන්ගෙ ගෙදර දිර දිරා තිබ්බ ලදරං ගල්කටස් එකත් උලුක් කරගෙන එළියට‍ පැනපි. "කවුද යකෝ උරුවම්බාන්නෙ, ඕනි යකෙක් ඉතුරු කරන්නෑ. දැනගනියව්". මමත් උන්දැගෙ කෑගැහිල්ලට හෙල්ලිල ගියා. කොහෙන් ගියාද කියල නම් මතක නෑ. ඒත් දිමි කනව වගේ දැනිල බලද්දි මම උන්නෙ මැණිකෙගෙ ගේ ඉස්සරහ තිබුන මහ විශාල ජම්බුගහ මුදුනෙ. මාමණ්ඩියවත් හොදට පේනව. ඒ දකිද්දිත් කකුල් දෙක වෙව්ලනව දිඩි බිඩි ගාල.

    මතු සම්බන්ධයි;)