The Door to Hell-Turkimenistan
තුර්කිමිනිස්ථානයේ Darvaza නගරය ආසන්නයේ පිහිටා ඇති මෙම "අපායේ දොරටුව" මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවූවකි. ස්වභාවික වායු සදහා සිදුකරන කැණීම් වලදී අහම්බෙන් සොයාගන්නා ලද මෙම විශාල කුහරය ගිනිගන්නා සුළු හයිඩ්‍රොකාබන වායු වලින් පිරී පැවතිණ. මේ සදහා වන කැණීම් මිල අධික වූ නිසා හා එහි විෂ සහිත බව නිසා මෙහි වායු ගිනි තබා අවසන් කිරීම හොදම විසදුම බව විද්‍යාඥයෝ සිතූහ. අවුරුදු 35 පුරාවට තවමත් ඒවා දැල්වෙමින් පවතී !
Mount Roraima
මෙම සුවිශේෂී කදු පර්වතය බ්‍රසීලය , වෙනිසියුලාව හා ගයනා යන රටවල් වලට මායිම්ව පිටා ඇත. මේ දිස්වන්නේ බ්‍රසීලය හා ගයනා යන රටවල් වලට මායිම්ව පිහිටා ඇති කන්දේ කොටස්ය. පර්වතයේ පැති දෙකම 400 m උසක් දරන සිරස් හෙල් දෙකකි.වෙනිසියුලාවට මායිම් වන පැත්ත ප්‍රපාතාකර එහෙත් තරණය කර හැකි බෑවුමක් දරයි. මෙම පර්වතය එහි ඇති උසස් ජීව විවිධත්වය හා දර්ශනීය දිය ඇලි නිසා විශේෂ ප්‍රසිද්ධියක් උසුලයි.
Socotra-Yemen
අරාබි මුහුදු කලාපයේ පිහිටි ඉහළම ජීව විවිධත්වයක් උසුලන කලාපය යේමනයේ පිහිටි මෙම ප්‍රදේශයයි. කාශ්ඨක පරිසයට අනුවර්තනය වූ මෙහි බොහෝ ශාක යේමනයේ මෙම ප්‍රදේශයටම ආවේණික ඒවා වේ. ශුෂ්ක කලාපයේ සත්ව විශේෂ ගණනාවකටම මෙය වාසභූමිය වේ.
Rotorua-New Zealand
Rotorua උතුරු නවසීලන්තයේ පිහිටි සුවිශේෂ භූ-උෂ්ණත්වමිතික ලක්ශණ වලින් යුත් නගරයකි. උණූ දිය උල්පත් හා නටන ජලය සහිත මඩ කඩිති මෙහි සුලබ දසුන් ය. මෙහි පොළවේ ඇති අධික සල්ෆර් ප්‍රමාණය නිසා මුළු නගරයම කුණු බිත්තර ගදෙන් යුත් හයිඩ්‍රජන් සල්ෆයිඩ් දුමාරයෙන් පිරී පවතී.
Guaira Falls
බ්‍රසීලය සහ පැරගුවේ අතර මායිමෙහි පිහිටා ඇති මෙම විශ්මිත දිය ඇල්ල ලොව විශාලතම දිය ඇල්ල වශයෙන් පැවතිණ. විශාල වශයෙන් වැසි ඇදවැටීමෙන් හා නාය යාම් නිසා ක්‍රමයෙන් මෙහි උස අඩුවිය.මේ දැනට පවතින ආකාරයයි
Source
