පිය සටහන්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වසර ගනන් තෙරපුන සිතිවිළි නේක
    දෝරෙ ගැලුව සිත තුල පසුගිය දාක
    ශල්‍යාගාරය තුල එක් සීතල ඇඳක
    සිඟිති පුතෙක් ආවා සිට සුරලොවක

    පුංචි පුතා අඬනා විට කිරි ඉල්ලා
    තාත්තත් පුතේ ඇඬුවා කඳුළු නොසලා
    අම්මයි පුතයි ඉන්නා විට නැලවීලා
    ඈතින් බලන් හිටියේ මම සැනසීලා

    රෑ මැදියමේ නිදි වරණා එක සතුටක්
    නුඹේ පුංචි රෙදි හෝදන එක පිරියක්
    නුඹව වඩන් ඉන්නා එක මට දිරියක්
    දරු සෙනෙහසට සියලුම දුක් වේය සැපක්

    නුඹ දාලා දුරු රට ආමුත් පුතුනේ
    සැමදා සිතින් ඉන්නේ නුඹ ළඟමයි නේ
    රන් කැටියා නොමැති උවත් ළඟ අනේ
    නුඹෙ කිරි සුවඳ පිරිලා ඇත මේ නිවහනේ

    හොඳ මිනිසෙකු වෙන්නට වාසනාවන්
    නිරෝගීව සැමදා ඉන්නට වාසනාවන්
    මගේ පුතුන් මට හැමදා වාසනාවන්
    පුතුන්, දියනි ලොවටම වාසනාවන්
     
    • Like
    Reactions: cspmaxx

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මටත් පුතෙක් හම්බුනාමයි තාත්ත කෙනෙක් ගෙ අගේ හරියටම තේරුනෙ. ළමයි වෙනුවෙන් දෙමව්පියො කරන කැප කිරීම් පුදුමයි. මම අපේ තාත්තගෙ හිත පොඩ්ඩක් හරි රිද්දපු අවස්තා කොච්චර තියෙන්න ඇද්ද. ඒත් තාත්තා මාව අත ඇරියෙ නැහැ නේ. අදටත් තාත්තා මට උදව් කරනව. අදටත් තාත්තා මට වැඩිය දන්නවා.

    සියළු තාත්තලාට උපහාර වේවා.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පෙරදා නොතිබූ ගෞරවයක්,
    පෙරදා නොතිබූ ආදරයක්,
    පෙරදා නොතිබූ ආඩම්බරයක්,
    තම පියා ගැන හිතෙන දවසක්,
    වේ නම් ලොවේ..
    වෙනින් වෙද
    තමනුත් "පියා" නම් ලද දිනේ මෙන්..

    අපූරු නිර්මාණයක් :yes::yes:
    :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පෙරදා නොතිබූ ගෞරවයක්,
    පෙරදා නොතිබූ ආදරයක්,
    පෙරදා නොතිබූ ආඩම්බරයක්,
    තම පියා ගැන හිතෙන දවසක්,
    වේ නම් ලොවේ..
    වෙනින් වෙද
    තමනුත් "පියා" නම් ලද දිනේ මෙන්..

    අපූරු නිර්මාණයක් :yes::yes:
    :)

    ඉස්තුතියි මචං.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලේ කිරි කර දෙන්නෙ අම්මා නේ පුතුට
    පුතු නළවන්න හොඳටම පුළුවන් ආච්චිට
    මාමල බාප්පලගේ රැකවරණය තියනව තිතට
    ළඟ නැති උනත් සතුටුයි නුඹෙ තාත්තට
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පුතුනේ ලොවෙහි ඇත නොයෙකුත් සුකුරුත්තම්
    වාහන ඉඩ කඩම් සහ අබරණ ආයිත්තම්
    කෙටි කල් පවතින්නෙ ඔය වැනි සෝභන කැටයම්
    එනිසා පුතේ වඩවා ගන් හොඳ පිළිවෙත් සහ ගුණදම්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බැංකු ගිණුම් පුරවා නැත පුත නුඹ හට දෙන්න
    ගේ දොර ඉඩ කඩම් නැත අප හට වත් ඉන්න
    ගුණයෙන් උතුම් හොඳ මිනිසෙකු ලෙස ඉන්න
    අපි කැප වෙනව පුතු හොඳ මග ගෙනියන්න
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මඔන දේ නැති වුනත් පුතෙකුට දෙන්න පුළුවන් ලොකුම දේ තාත්තගෙ ආදරයනේ...
    අපූරු කවි ටික සහෝ..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මඔන දේ නැති වුනත් පුතෙකුට දෙන්න පුළුවන් ලොකුම දේ තාත්තගෙ ආදරයනේ...
    අපූරු කවි ටික සහෝ..

    ඉස්තූති වේවා.

    තාත්ත කෙනෙකුට වැදගත් වෙන මෙන්න මෙහෙම කියමනක් තියනවා.

    A truly rich man is one whose children run into his arms when his hands are empty." -- Author Unknown
     

    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    මට කුඩා කලදිම(අවු.4 1/2)පිය සෙනෙහස අහිමි උනාට අන් පියවරුන් තුලින් මා දෑක තිබෙනවා,
    ඔවුන්
    තම දුවාදරුවන්ට දක්වන සෙනෙහසේ තරම,ලබාදෙන රෑකවරනයෙ තරම.

    "පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරිනොඋනේ" කිවුවෙ නිකම් වෙන්න බෑහෑනෙ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට කුඩා කලදිම(අවු.4 1/2)පිය සෙනෙහස අහිමි උනාට අන් පියවරුන් තුලින් මා දෑක තිබෙනවා,
    ඔවුන්
    තම දුවාදරුවන්ට දක්වන සෙනෙහසේ තරම,ලබාදෙන රෑකවරනයෙ තරම.

    "පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරිනොඋනේ" කිවුවෙ නිකම් වෙන්න බෑහෑනෙ

    කනගාටුයි සහොදරයා තාත්තගෙ අහිමි වීමට. ජීවිතේ එහෙම තමයි. තාත්ත සතුටු වෙනව ඇති හොඳ පුතෙක් හැදුව කියල.

    අපිට ලමයි හම්බෙල අපිත් තාත්තල උනාම තමයි අපේ තාත්තලගෙ අගේ හොඳටම තේරෙන්නෙ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පළවෙනි හිනා කට නුඹගේ දකින තුරා
    පළවෙනි වරට නුඹ අම්මා කියන තුරා
    හිස ඔසවා වාරු ගන්න වෙර දරන තුරා
    ඉන්නට බැරි විය මම ආවෙමි දුරු කතරා
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ලස්සන නිර්මාණයක් සහෝ..
    ඔයා වැරදි නමක්නේ දාගේන තියෙන්නේ..ඔයාල කොහොමද සහෝදරයා යක්ශයා කියන්නේ..රෙප් දෙන්න බෑලූ..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    18 වෙනි සංශෝදන වැඩක් නෑ
    පබා පැනපු එක මට කමක් නෑ
    වයඹ ගහන මැච් මම බැලුවෙ නෑ
    පුතුගෙ හුරතලේ වගෙ වෙන කිසිත් නෑ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පියඹන්නට තටු ලැබුනා නම් හොඳය
    පිහිනන්නට වරලක් තිබුනොත් එලය
    කාලය ක්‍ෂණයකින් ගෙවුනොත් අගෙය
    ළඟ නැති උනත් සිත ඇත්තේ පුතු ළඟය
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තව දවසක් ගෙවිලා යයි ලැසි ගමනේ
    පුතු දැක ගන්න මට ඉවසුමකුත් නෑනේ
    කලිසම් පොඩියකුත් ඔහු හට ගත්තානේ
    තව ටික දොහයි මම ගෙදරට එනවානේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හිනා කටක් මෝදු වෙලා පුතු මුවගේ
    දැඟලිල්ලත් දැන් ටික ටික වැඩි වාගේ
    පුංචි කොන්ඩෙ කපලා අද සුදු පුතුගේ
    හුරතල් පුතා හැමදාමත් වෙයි මම වාගේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වාහන පේලි කඩ සාප්පු ගොඩක් ඇත
    නෙක විසිතුරු බඩු භාණ්ඩ නොයෙක් අත
    නේක වර්ග රස මසවුල රාක්ක පිරී ඇත
    අම්මයි නුඹයි වෙතමයි පුතේ මගේ හිත
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕ ඕ කිය කියා මොනවද පුතු කියන්නේ
    ඇස් කරකවා දැන් හැම තැන බලන්නේ
    මම නැති උනත් පුතු සතුටෙන් වැඩෙන්නේ
    ඒ ගැන සිත සිතයි මම නොසැලී සිටින්නේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දොයි දොයි දොයි දොය්ය බබා
    සුවසේ නිදියන් මගෙ චූටි බබා
    කිරි සිහිනෙන් නැලවෙන්න බබා
    සිනා සලා යලි නැගිටින්න්න බබා