අලූත් මඩම

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අලූත් මඩම

    නිවසක කූඩුවක ඇති කළ ගිරවෙක්‌ හදිසියේම මිය ගියේය. ගෙහිමි කාන්තාව තවත් ගිරවකු ගෙනඒමට උත්සුක වූයේ තම තරුණ දියණියන් දෙදෙනාගේ බලවත් ඉල්ලීම නිසාය. සුරතල් සතුන් විකුණන ස්‌ථානයකට ගිය ඇය විකිණීමට තබා ඇති ගිරවුන් නිරීක්‍ෂණය කළාය.
    ඇයට පෙනී ගියේ කථා කරන ගිරවුන්ගේ මිල අධික බවය. එතෙක්‌ සිටි ගිරවාට කථා කළ නොහැකිය. මෙවර කතාකරන ගිරවකු රැගෙන යැමට අදහස්‌ කොට ඇය ඒ බව වෙළෙන්දාගෙන් විමසුවාය. එවිට ඇයට වැටහී ගියේ ඒ අතර සිටි කථාකරන එක්‌ ගිරවකුගේ මිල බෙහෙවින්ම අඩු බවය.

    "නෝනා මේ ගිරව අපට ලැබුණේ ඊයේ මෙයා ඉඳල තියෙන්නේ බෙහෙවින්ම නරක පරිසරයක. කථා කරන්නෙත් මහම මහ නොසරුප් වචන ඒකයි මිල අඩු" වෙළෙන්දා කීවේය.

    "වඩාත් විනෝද වන්නේ හැකිනෙ එහෙම එකෙක්‌ ඉන්න කොට" යි සිතූ කාන්තාව එම ගිරවා මිලදි ගෙන නිවසට ගෙන ආවාය. කූඩුවට දමා හොඳින් කෑම බීම දී සංග්‍රහ කළාය."

    එවිට ගිරවා මෙසේ කීවේය" අලුත් මඩමක්‌ අලුත් මැඩමෙක්‌"

    "මේක මඩමකුත් නෙවෙයි මං මැඩම් කෙනෙකුත් නෙවෙයි" යයි කාන්තාව කීවාය.

    "ඒ බොරු, ඒ බොරු" ගිරවා මොර දෙන්නට විය" බොරුනම් නිකම් හිටපන්. කෑගහන්නෙ නැතුව" යි කියා කාන්තාව වැඩ කටයුතු වල යෙදුනාය.
    නොබෝ වේලාවකින් ගමනක්‌ ගොස්‌ නිවසට එමින් සිටි තරුණ දියණියන් දෙදෙනා දුටු ගිරවා මෙසේ කියන්නට වුයේය.

    "අලුත් මඩමක්‌ අලුත් මැඩමෙක්‌, අලුත් ගනිකාවො දෙන්නෙක්‌."

    දියණියන් වික්‍ෂිප්ත වී මේ අරුමය කුමක්‌ දැයි මවගෙන් විමසුවාය." අපි ගනිකාවොද? මේ මොන ගිරවෙක්‌ද?"

    පසුව දියණියක්‌ දෙදෙනාද ගිරවාගේ නොසරුප් වදන් අසමින් හා විනෝද වෙමින් හවස ගත කරන්නට විය. ඒ අතර තුර වැඩ ඇරී නිවස වෙත එන දියණියන්ගේ පියා දුටු ගිරවා මෙසේ මොර දෙන්නට පටන් ගතී.

    "අලුත් මඩමක්‌, අලුත් මැඩමෙක්‌, අලුත් ගනිකාවො, දෙන්නෙක්‌, ඒත් පරණ ගනුදෙණුකාරයාමයි."

    :oo::lol::lol:

    ===========================================

    ඇඟ - පත වේදනාවක්‌

    එක්‌තරා මහලු කාන්තාවක්‌ පවුලේ වෛද්‍යවරිය වෙත පැමිණියාය. ශරීරයේ වේදනාවක්‌ ගැන ඈ පැමිණිලි කළාය.

    "වේදනාව සිරුරේ කොතැන දැයි" වෛද්‍යවරිය ඇසුවාය.

    "ඇඟේ හැම තැනම" යයි රෝගියාගේ පිළිතුර විය.

    "මොකක්‌ද ඉන් අදහස්‌ කරන්නේ?" යි වෛද්‍යවරිය පෙරලා ඇසුවාය.

    රෝගයා තම දකුණතේ දබරඇඟිල්ල තම දකුණු දණහිස මත තබා "ඕ" රිදෙනවා" යි කීවාය, ඉන්පසු වම් දනහිස මත තබා එතැනත් රිදෙනවා" යි පැවසුවාය.
    මෙසේ වම් හා දකුණු කම්මුල, කන්පෙති. පියවුරු යනාදී ස්‌ථාන කීපයකටම තම දබරඇඟිල්ල තබමින් වේදනාව ඇති තැන් වෛද්‍යවරියට පෙන්වා සිටියාය.

    "හැබෑමයි වේදනාව මුළු අඟේම තියනවා" යි වෛද්‍යවරිය පවසා, මඳ වේලාවක්‌ කල්පනාවේ නියුතු වූයේ, රෝගී කාන්තාවගේ දකුණු අතේ දබරඇඟිල්ල දෙස බලාගෙනය.

    "හරි ඔබගේ දකුණු අතේ දබරැඟිල්ල කැඩිලා" යි අවසානයේ වෛද්‍යවරිය පැවසූවාය.

    :oo::baffled:

    ===========================================

    චණ්‌ඩි පුතා

    පාසලේදී තරුණ කොල්ලන් අතර "චණ්‌ඩියකු" ලෙස ප්‍රචලිත වී ඇති සිරිසේන, හැම දිනකම පාහේ කිසියම් රණ්‌ඩුවකට මැදිවී මිස ගෙදර එන්නේ නැත.
    එදිනද කලබලයෙන් නිවසට පැමිණි සිරිසේන පොත්ටික මේසය මතට වීසිකොට මුළුතැන්ගෙය කරා පිවිසියේය.


    "අද කාටද ගැහුවේ? යි ඔහු දුටු අම්මා විමසුවාය.


    "අද කාටවත් ගැහුවේ නෑ" යි සිරිසේනගේ පිළිතුර විය.

    "පුදුමයි අදහා ගන්නත් බෑ" යි අම්මා විශ්මය පළ කළාය.

    "ගහන්න තමයි ගියේ, ඒත් ගැහුවේ නෑ"

    "ඒ මොකද? කමක්‌ නෑ. හොඳයි එහෙම කළ එක" යි අම්මා සොම්නස්‌ සහගතව කීවාය.


    "එළවාගෙන ගියා ගහන්න. හති වැටිල දුවගන්න බැරි වෙන කොට ඌ ආපසු හැරුනා හොඳයි ගහපන් බලන්න. මට ගැහුවොත් මං ගහන්නේ තොගෙ අඬු දෙකම කඩල යන්න යි කියල මට තර්ජනය කළා. ඉතිං මං ගැහුවෙ නෑ. ආපසු ආවා."


    :frown::growl:

    ඉස්සුවේ අද දිවයිනෙන්
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ෆට්ට මචන්ග් .. ගිරවගේ එකනම් මැක්සා ආහ්...
    පත්තරෙත් තියනව දැක්කා....
    +රෙප්
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ෆට්ට මචන්ග් .. ගිරවගේ එකනම් මැක්සා ආහ්...
    පත්තරෙත් තියනව දැක්කා....
    +රෙප්
    සිරාවටම ඒක මැක්සා බං
    හ්ම්ම්... අද දිවයිනෙන් ඉශ්ශුවේ:shocked::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    Irida diwainene neda gaththe ay wunata hama kenath ekkama beda gaththa eka loku deyak ... girawage scene eka maru :):):):):)
    ඔව් බං. ඉස්සුවේ කොහෙන්ද කියලා දාලා තියෙන්නේ:cool:
    bu ha ha ha haaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    ela ela ela

    තෑන්කිව් ෆෝ රිප්ලයිස්:)