මහනුවර දේව වීදියේ රාජසිංහ රජ දියණිය අරක් ගත් රජ වාසල.

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com


    මෙම රජ වාසල මහනුවරට යන වැඩිදෙනෙක් නැරඹීමට එච්චර උනන්දුවක් නොදක්වන තැනක්. මේ වාසල අද මහනුවර යුගයට අයත් පුරාවස්තු ප්‍රදර්ශනය කෙරෙන පුරාවිද්‍යා කෞතුකාගාරය වශයෙන් පවත්වාගෙන යනවා. දැනට තරමක් හෝ සතුටුදායක මට්ටමෙන් දැකබලාගන්න පුළුවන් එකම රජවාසලත් මේක. ඉතින් අද අපි ඒ රජ වාසල ගැන කතාකරමු.

    විමලධර්මසූරිය රජුගේ ප්‍රතිසංස්කරණය.

    මහනුවර මුලින්ම රාජධානිය කරගන්නේ සේනාසම්මත වික්‍රමබාහුගේ රජතුමා. ඔහුගෙන් පස්සේ පැමිණි පාලකයන් 12 දෙනෙකු දැනට මාළිගය පිහිටි ස්ථානයේ තම මාළිගාව තනාගෙන වාසය කළා. මේ මාළිගය මුලින්ම පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කළේ පළමුවන විමලධර්මසූරිය රජතුමා. ඒ වගේම ඔහු මාළිගය අසලම දළදා මැදුරක් ද තැනුවා. පස්සේ දෙල්ගමුවේ කුරහන් ගළේ හංගලා තිබිච්ච දළදා වහන්සේ රැගෙනවිත් එහි තැන්පත් කළා.

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවසේ රජ වාසල.

    ඉතින් විමලධර්මසූරිය රජුට පස්සේ රජවරු ගොඩක් මේ රජ වාසල අලුත්වැඩියා කරමින් වාසය කළා. සෙනරත් රජු කාලයේ ඉංග්‍රීසින් මේ වාසල විනාශ කරපු නිසා ආයෙත් එය ප්‍රතිසංස්කරණයට ලක් වෙනවා. අද අපට දකින්න පුළුවන් වෙන්නේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අලුත්වැඩියා කර වාසය කරපු රජ වාසල. ඒත් එයට අයත් ගොඩනැගිලි රැසක් ඉංග්‍රීසි කාලයේ විනාශ වුනා. දැනට දකින්න ලැබෙන්නේ 1765ට පසුව අලුතින් එක්කළ ගොඩනැගිලි සහිත මාළිගා කොටසක්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අලුත්වැඩියා සමග මේ රජ වාසලට තවත් අංග රැසක් එකතු කලා.

    ඕලන්ද සිතියමේ ඇති රජ වාසල.

    1765 දී ඇඳ ඇති ඕලන්ද සිතියමේ විදියට මේ රජ වාසල තුළ දළදා මාළිගය, පැරණි විහාරය, තානාපති මගුල් මඩුව, සිංහාසනය ඇති ස්ථානය, බේත් ගේ, ලැගුම් ගේ, මැද වාසල, රජුගේ ඉස්තරම් භාණ්ඩ තබන කාමරය‍, දුනු හී ගඩබාව, තුවක්කු ගබඩාව, කුළුබඩු කාමරය, රජුගේ සොයුරන් සහ පවුල් නැවතී සිටි කාමර, වෙඩි බෙහෙත් තුවක්කු සාදන මඩු, රජුගේ අලුත් ලැගුම් ගේ, ඇත්හල සහ වැසිකිලි ආදිය තිබිලා තියෙනවා කියලා සදහන් වෙනවා. ඒ වගේම යොහාන් හෙයිඩ්ට් කියන ඕලන්ද ජාතිකයා මහනුවරට පැමිණෙන අවධියේ ඔහු මහනුවර රජ වාසල පැවති ආකාරය මෙසේ විස්තර කරන්නේ මේ විදියට..

    “මාළිගයට ඇතුළුවීමට පෙර දිය අගලකින් එතෙර විය යුතු වුණා. දිග අගල උඩින් තිබූ පාලම අවශ්‍ය විට ඉවත් කළ හැකි එකක්. දිය අගල වටා වූ පවුරේ පහන් දැල්වීමට සැකසූ ත්‍රිකෝණාකාර සිදුරු පිහිටා තිබුණා.”

    ඉංග්‍රීසීන්ගේ සිතියමේ ඇති රජ වාසල.

    ලුතිතන් ලිට්ල්මන් කියන ඉංග්‍රීසි ජාතිකයා 1815 දී පමණ අඳින ලද සිතියමේ මාළිගය දැක්වෙන්නේ අද පවතින විදියට යි. 1815 දී ඉංග්‍රීසි උඩරට යටත් කරගත්තට පස්සේ මේ මාළිගය උඩරට ඉංග්‍රීසි නියෝජිත ජෝන් ඩොයිලිගේ නිල නිවාසය වුණා. ඉංග්‍රිසින් මේ මාළිගයෙ ගොඩක් දේවල් වෙනස් කළා. දැනට නොවෙනස්ව ඒ ස්වරූපයෙන් තියෙන්නේ ඉදිරිපස දොරටුවයි ඒ හා සම්බන්ධ ශාලාව විතර යි. එහි බරාදය කොටස අඩි 74ක් දිගයි වගේම අඩි 12ක් පළලයි.

    අවාසනාවන්ත ලෙස රජ වාසල ගිනි තැබීම.

    ඉංග්‍රීසි හමුදාව 1803 දී උඩරට ආක්‍රමණය කළා. ඒ වෙද්දි ඉංග්‍රීසීන් එන බව දැනගත්ත රජු දළදා වහන්සේ රහසිගත ස්ථානයකට පිටත්කර හැරියා. රජු සහ ඥාති පිරිස ඊට පස්සේ නගරයෙන් පිට වුණේ මාළිගාව ගිනිබත් කර ද දමලා. ඒකට හේතුව ඉංග්‍රීසින්ට ඒ මාළිගයේ වටිනා දේවල් කොල්ලකෑමට ඇති අවස්ථාව නැති කරන යි. ඉංග්‍රීසි හමුදාව නගරයට එද්දි කිසිම මිනිසෙක් ඒ නගරයේ සිටයේ නැහැලු. ඒ අවස්ථාවේ මාළිගාව තිබ්බ හැටි ගැන ඉංග්‍රීසි ලුතිනන් කර්නල් බාබට් තම වාර්තාවේ මේ විදියට සටහන් කරනවා.

    “දැවැන්ත මාළිගා ගොඩනැගිල්ල ගින්නෙන් විශාල ලෙස හානියට පත්ව තිබුණි. මෙහි තුන් පැත්තකින් ගොඩනැගිලි ඇත. මැද ආරක්ෂිත මිදුලකි. ඒ ආසන්නයේ ඉතා කුඩා ගොඩනැගිලි කිහිපයකි. මේවා මිනිසකුට හිටගෙන සිටීමට තරම් ප්‍රමාණවත් විය. ඒවායේ බිත්ති විවිධ රූපවලින් පිරී තිබුණි. මාළිගයට ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවන විටම පෙනෙන්නේ මනා සේ කැටයම් කරන ලද ගල්කුලුනුවලින් යුක්ත මහා ශාලාවකි. ඒ කුලුනු අතර සම දුරින් ඇත්දළ දක්නට ලැබුණි. එම ශාලාව පසුකර යන විට බුද්ධ ප්‍රතිමා සහිත පිළිම ගෙයකි.”

    මාළිගාවේ ඩොයිලි දුටු භූතාත්ම.

    ඉංග්‍රීසින්ගේ පාලනයේ මේ මාළිගාවේ වාසය කළ ජෝන් ඩොයිලි තමන්ගේ දිනපොතේ කියන හැටියට මේ මාළිගයට අරක්ගත්ත භූතයෙක් ගැන කියැවෙනවා. ඒ 1811 අවුරුද්දේ ඒ සටහන මෙහෙමයි .

    “ශ්‍රී වික්‍රම රාජසිංහගේ දියණියත් කිරිඅම්මාත් මියගිය අතර ඔවුන් මාළිගයට අරක්ගෙන භූතාත්මවල සිටින බවට විශ්වාසයක් පැතිර තිබෙනවා. ඔවුන්ගේ මරණයෙන් පසු මාළිගයේ අද්භූත ලෙස එහා මෙහා යන ශබ්ද ද ජනේලවලට තට්ටු කිරීම් ද නොකඩවා පවතින හෙයින් එසේ සිතනු ලැබේ.”

    මාළිගාවේ අනෙකුත් ස්තාන.

    මේ මාලිගා සංකීර්ණයේ ගොඩාක් ගොඩනැගිලි තියෙනවා. කොටින්ම කියනවනම් රජ්ජුරුවන්ට සෙත්ශාන්ති ලබා ගන්න අවශ්‍ය මණ්ඩපයකුත් තිබිලා තියෙනවා. 1815 දී අඳින ලද සැලසුමක තියෙන හැටියට මේ සංකීර්ණයේ තියෙන ගොඩනැගිලි මේ විදියට සඳහන් වෙනවා.

    • හරමක්කාර මඩුව (සටන් පුහුණු වන ස්ථානය),
    • මහවාසල සැතපෙන ගේ,
    • උල්පැන් ගේ හා හලු මණ්ඩපය,
    • මුද්දර මණ්ඩපය (රාජකීය මුද්‍රාව තබා තිබූ),
    • රන් ආයුධ මණ්ඩපය,
    • කවිකාර මණ්ඩපය,
    • දකින ශාලාව (රජු සහ අමුත්තන් හමුවන),
    • මගුල් මඩුව,
    • සාන්ති මණ්ඩපය (රජුට සෙත් ශාන්ති කරන ස්ථානය),
    • දකින මණ්ඩපය (විදේශීය තානාපතින් රජු හමුවන තෙක් නැවතී සිටින තැන),
    • මහ ගබඩාව සහ අරමුදල,
    • උඩ ගබඩාව, මැද වාහල, දළදා මැදුර, පල්ලෙ වාහල, දෙමළ ඉලංගම් මඩුව, කුණම් මඩුව, ගබඩා අටුව, ජලතිලක මණ්ඩපය.

    මහනුවර දළදා මාළිගාව ළඟම පිහිටා තියෙන මේ රජ වාසල තවමත් ඔයාලට දැක බලාගන්න පුළුවන්.
    ~තොරතුරැ සම්පාදනය අන්තර්ජාලය, සහ පත පොත ඇසුරින්~
    Everything from Ceylon to Srilanka
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    Ape parana school building ekath thiyanawa oya kittuwama

    Issara ape school eke nama Kandy Buddhist High-school

    Passe wenas una. Dan Dharmaraja
    37671737.jpg

    ------ Post added on Dec 9, 2024 at 9:34 PM
     
    Last edited: