රැකියා(jobs)

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    JobWanted.jpg



    රැකියා සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් විය යුත්තේ කෙසේද?

    රැකියා අපේක්ෂකයකු තමා ඉදිරිපත් වන සම්මුඛ පරීක්ෂණයක් ගැන දෘෂ්ඨිකෝණ දෙකකින් බැලීම යෝග්‍ය වේ. එකක් රැකියා අපේක්ෂකයකුගේ දෘෂ්ඨීකෝණයෙන් වන අතර, අනික රැකියා යෝජකයාගේ දෘෂ්ඨිකෝණයෙන් විය යුතුයි.රැකියා සම්මුඛ පරීක්ෂණයක් පවත්වනුයේ සම්පූර්ණයෙන්ම ආයතනයේ ප‍්‍රයෝජනය සඳහායි. ඔබ රැකියා අපේක්ෂකයා වශයෙන් සම්මුඛ පරීක්ෂණයක දී කරනුයේ, ඔබ එම ඇබෑර්තුව පිරවීමට සුදුසුම පුද්ගලයා යැයි, එම සේවා යෝජකයා නියෝජනය කරන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට වටහා දීම හා එය ඔප්පු කිරීමයි. ඇත්ත වශයෙන්ම, මේ අවස්ථාව මගින්, ඔබ රැකියා අපේක්ෂකයකු වශයෙන් කරනුයේ මෙයයි. තමා වෙළෙඳ පොළේ ඇති භාණ්ඩයක් හා සමානයි. වෙළෙඳ පොළ ඉතා තරගකාරී වන්නේය. එම නිසා, මේ භාණ්ඩය වන ඔබ, අලෙවි කර ගැනීම සඳහාත්, ඔබේ සුදුසුකම්, අවංකත්වය හා පුද්ගල පෞරුෂයට අයත් චර්යාවන් පැහැදිලි කර දෙන අන්දමත්, තමන් කැපී පෙනෙන අන්දමටත්, බුද්ධිමත්ව, සන්සුන්ව තමාගෙන් එම මණ්ඩලය අසන ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දීමේ කි‍්‍රයාවලියේ නිරතවීමයි. මේ වනාහී රැකියාවක් ලබාගැනීමේ කි‍්‍රයාවලියේ වැදගත්ම හා තීරණාත්මක, උග‍්‍ර සන්ධිස්ථානයකි.

    රැකියා යෝජකයාගේ දෘෂ්ඨිකෝණයෙන් බලන විට මේ කර්තව්‍යය වනාහී, සුදුසුම රැකියා අප්ක්ෂකයා තෝරා ගැනීමේ ප‍්‍රයත්නයයි. එසේ කිරීම ලා, රැකියා සම්මුඛ පරීක්ෂණය මෙහෙයවන මණ්ඩලය, මේ රැකියා සම්මුඛ පරීක්ෂණයට පැමිණ ඇත්තේ, එය පවත්වන දා හෝ ඊට කලින්, සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වන සියලුම රැකියා අපේක්ෂකයන් ගැන දැන ගත යතු කරුණු තිබේ නම්, එයද සටහන් කරගෙන, සෑහෙන ලෙස එයට සූදානමින් බව, රැකියා අපේක්ෂකයන් දැන ගත යුතුයි. මෙලෙස සූදානම් වී, නිකරුනේ කාලවේලවද නාස්ති නොකෙට, දැනගත යුතු අමතර ප‍්‍රවෘත්ති ලබා ගැනීමට එම මණ්ඩලයේ සාමාජිකයන් උත්සුක වනු ඇත. එබැවින්, රැකියා අපේක්ෂකයන් මතකයේ තබාගත යුතුයි. ඔවුන් මෙන්ම, එම පරීක්ෂණ මණ්ඩලය ද මෙම පරීක්ෂණය පැවැත්වීමට පෙර, සූදානම් වන බව.දැන් මා පාඨකයාගේ සිත යොමු කරනුයේ රැකියා අපේක්ෂකයා කිනම් ආකාරයෙන් මේ රැකියා සම්මුඛ පරීක්ෂණයට සැරසිය යුතුද යන ප‍්‍රශ්නයටයි. එසේ කිරීමට ගත යුතු පියවර සංක්ෂිප්ත ලෙස පහත විස්තර කර ඇත.

    1. රැකියා සම්මුඛ පරීක්ෂණයට පූර්ව සූදානමරැකියා සම්මුඛ පරීක්ෂණයක සාර්ථකත්වය රඳා පවතින වැදගත්ම සාධකයක් නම්, රැකියා අපේක්ෂකයකු ගන්නා උනන්දුව හා සූදානම් වී මේ ප‍්‍රමිතිය අනුව බව, අවධාරණයෙන් කිව යුතුයි. රැකියා සම්මුඛ පරීක්ෂණයකට පෙර හරි හැටි සූදානම් වීමෙන්, රැකියා අපේක්ෂකයා එයට ඉදිරිපත් වන අවදියේදී ඔහුට ඇතිවන කාංසාව අවම වීමෙන් ඊට සමගාමී ව ස්වයං විශ්වාසය වර්ධනය වනු ඇත. මෙය රැකියා අපේක්ෂකයාට සෑහෙන වාසිදායක වනු ඇත.මෙසේ පූර්ව සැරසීමේ කි‍්‍රයාවලියේදී රැකියා අපේක්ෂකයා විසින් කළ යුතු දැය පහත සඳහන් කර ඇත.

    (1) රැකියා යෝජකයා හා එම ආයතනය ගැන විස්තර දැන ගැනීමතමා රැකියා සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වන්ට පෙර, එම ආයතනය ගැන විස්තර දැනගැනීම අවශ්‍යයයි. මෙය, සේවා යෝජකයා අනිවාර්යයෙන්ම රැකියා අපේක්ෂකයින්ට යොමුු කරන ප‍්‍රශ්නයකි. ඊට හේතුව නම්, රැකියා අපේක්ෂකයා මේ ඉල්ලුම් පත් යැවූ ඇබෑර්තුව ගැන කොපමණ උනන්දුවක් තිබේ දැයි මැන ගැනීමයි. පුවත් පතෙහි විස්තර කියවා බලා නිකන් ‘කරන්නන් වාලේ’ කරන සේ ඉල්ලුම් පත් යවනවාද? නැතිනම් මේ රැකියාව ලබා ගැනීමට කොපමණ උනන්දුවක් තිබේ දැයි, මෙවැනි ප‍්‍රශ්න යොමු කිරීමෙන් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට දැන ගත හැක. බාග වේලාවට, මෙය පුවත් පතක පළ නොවූ ඇබෑර්තුවක් නොව, මිතුරකු හෝ පවුලේ හිතවතකු මේ ඇබෑර්තුව ගැන ඔබට දන්වන්න ඇත.එසේ කී පලියට ඉල්ලුම් පතක් යැව්වා ද, නැතිනම් සෑහෙන්න උනන්දුවක් තිබේ ද යැයි දැන ගැනීම පිණිස, එම මණ්ඩලය, ආයතනය ගැන රැකියා අපේක්ෂකයාව ප‍්‍රශ්න කළ විට, ඔහු විසින් දෙනු ලබන ප‍්‍රතිචාර වැදගත් බව දැනගත යුතුයි.එබැවින්, උදාහරණයක් ගෙන එය විග‍්‍රහ කරමු. තමා ඉල්ලුම් පත යවා ඇත්තේ යම්කිසි නිශ්පාදනාගාරයකට නම්, ඊට පසු මේ නිශ්පාදනාගාරය ගැන කිසිම විපරමක් කළේ නැති නම්, නිශ්පාදනය කරන භාණ්ඩය/ භාණ්ඩ, ආයතනයේ ඉතිහාසය (පැරණි ද, නව ආයතනයක් ද) ආදිය, අවම වශයෙන් එම ආයතනය තමාව සම්මුඛ පරීක්ෂණයකට කැඳවන ලිපිය හෝ දුරකථන පණිවුඩය ලැබුණු වහාම, එම ආයතනය ගැන විස්තර ටිකක් වත් දැන ගැනීම අත්‍යවශ්‍ය්‍ය බව සැලකිය යුතුයි. මෙපමණක් නොව මෑතක දී එම ආයතනය උදා: ප‍්‍රමිති මට්ටමේ ෂශිෂ්ඨතාවය නිසා ත්‍යාග දිනා ගත්තා නම්, එවැනි ප‍්‍රවෘත්තියක් පවා ඉල්ලුම් කරුවා දැන සිටියහොත්, ඔහු ගේ සාමාන්‍ය දැනුම එපමණ හොඳ නිසා, එවැන්න ඉතා වාසිදායක වන්නේය. ඒ තුළින්, ඔහු පුවත් පත් කියවන බව ද පැහැදෙනු ඇත.



    උපදෙස් - වෘත්තීය මාර්ගෝපදේශ හා කළමණාකරණ උපදේශක ඩොරති අබේවික‍්‍රම
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    (2) රැකියා සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධිත ලිඛිත පරීක්ෂණබොහොමයක් ආයතන සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමට පෙර ලිපියක් යවා, ඉල්ලුම් කරුවන්ට ලිඛිත පරීක්ෂණයකට භාජන කරයි. මෙය සම්මුඛ පරීක්ෂණයකට පූර්ව ව ගන්නා පියවරක් වන අතර, සමහර ආයතන පරීක්ෂණයට පෙර, එදිනම ලිඛිත පරීක්ෂණය පවත්වන අවස්ථා තිබේ.සාමාන්‍යයෙන් මේ පරීක්ෂණවලට අයත් වන පරීක්ෂණ නම් ඉංගී‍්‍රසි භාෂාවෙන් රචනයක් ලිවීම, මාතෘකා දෙක තුනක් අතරින් එකක් තෝරාගෙන නියමිත වේලාව අතරේ එය ලිවීම, සාමාන්‍ය දැනුම මැන ගැනීමට පරීක්ෂණයක්, බුද්ධි පරීක්ෂණයක්, අභියෝග්‍යතාවන් මැන ගැනීමට පරීක්ෂණයක් (එම රැකියාවට උවමනා අභියෝග්‍යතා), අභිලාශයන් මැන ගැනීමට පරීක්ෂණයක්, පෞරුෂ මැන ගැනීමේ පරීක්ෂණ ආදිය වේ. මීටත් අමතරව යම්කිසි විෂයයකට අයත් පරීක්ෂණයක් ද වන්ට පුළුවන. උදාහරණයක් නම් - ඔබ ඉල්ලුම් පත යැව්වේ ‘රසායනාගාරයක සහායකයකු’ තනතුරකට නම්, අනිවාර්යයෙන්ම ‘රසායන විද්‍යාව‘ ට අයත් ප‍්‍රශ්න පත‍්‍රයකට උත්තර ලිවීමට ද සිදුවිය හැක.රැකියා සම්මුඛ පරීක්ෂණ කි‍්‍රයාවලියේ, මෙවන් ලිඛිත පරීක්ෂණ පැවැත්වීම සේවා යෝජනකයන් විසින් බෙහෙවින් කෙරී ගෙන යන බැවින්, ඔබ රැකියා අපේක්ෂකයකු වශයෙන් එවැනි පරීක්ෂණවලට මුහුණ දීමට සෑම කල්හිම ලැහැස්තිව සිටිය යුතු බව කරුණාවෙන් සලකන්න. තමන් හැදෑරූ විෂයයන් ට අදාල පොත් කියවා වැදගත් කොටස් මතක් කර ගත යුතුයි.රැකියා වෙළෙඳ පොළේ සිදුවන කි‍්‍රයාවලිය මෙසේ බැවින්, ඔබ රැකියා අපේක්ෂකයකු වශයෙන් වෙනත් අපේක්ෂකයන් සමඟ තරග කිරීමේ දී, ඔබට වැඩි ලකුණු ලබා ගැනීමට මෙය මහඟු අවස්ථාවකි. බොහෝ සෙයින් අප වැඩි හිටියන් අසන දෙයක් නම් තරුණ රැකියා අපේක්ෂකයකු මෙවන් පරීක්ෂණයකට මුහුණ දී, ආපසු ගෙදර ඇවිත් කියනුයේ මෙසේයි. ‘ගණන් පරීක්ෂණයක් තිබුණා. නමුත් සාමාන්‍ය පෙළ විභාගයට ඉගෙන ගත් ගණන් වර්ග නිසා, මට මොකවත් මතක තිබුණේ නැත’ කියා. මෙය තමා අතින් තමාට සිදු කරගත් වරදක් යැයි කියා ගත යුතුයි.අවසාන උපදෙස් නම් මෙයයි. රැකියා ඉල්ලුම් පත හා සම්බන්ධ ලිඛිත පරීක්ෂණයකට හෝ රැකියා සම්මුඛ පරීක්ෂණයකට යෑමට පෙර දා, ඒ වෙනුවෙන් කාලය වැය කොට සූදානම් වන්න. එයට අදාල පොත් පත්, ඉල්ලුම් පත ආදිය කියවා සැරසෙනවාට හැර, සෑහෙන්න විවේක ගතව කාලය ගෙවන්න. අනික් අතට පවසනවා නම්, විඩාවෙන් තොරව කාලය ගත කරන්න. තමන් අ. පො. ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින විට, ඒ ගැන කැපවී සූදානම් වූ ආකාරයටම සූදානම් වන්න. එසෙ කළහොත් සන්සුන්ව, කාංසාවෙන් තොරව, බුද්ධිමත්ව, එම පරීක්ෂණවලට උත්තර ලිවීම නොඅනුමානයෙන්ම පහසු වනවා ඇත.

    (3) ‘මා කව්ද’ යැයි මතක් කර ගැනීමරැකියා සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වීම වශයෙන්, රැකියා අපේක්ෂකයා විසින් එම ආයතනයට යවන ලදස ඉල්ලුම් පත නැවත කියවිය යුතුයි. ඊට අමතරව, එහි සඳහන් කළ කරුණු ඉදිරිපත් කර ඇත්තේ ඉතා සංක්ෂිප්ත ලෙස බැවින්, සම්මුඛ පරීක්ෂණයේදී ඒ කිනම් කරුණකි ගැන හෝ දීර්ඝ ලෙස ප‍්‍රශ්න කළහොත්, ඊට අමතරව සඳහන් කළ යුතු වැදගත් දැය ඇති නම්, එම විස්තරය කොලයක සටහන් කර ගන්න. පසුවත් එය මතක් කර ගන්න. බොහොමයක් රැකියා අපේක්ෂකයන් ඉල්ලුම් පත තැපැල් කරාට පසුව, අසවල් වැදගත් කරුණ එහි සඳහන් කරන්න අමතක වූවා යැයි පවසනවා අප අසා ඇත. එසේ ඔබටත් සිදු වුනා නම්, එය මෙසේ සටහන් කරගෙන, එය සෑහෙන්න වැදගතග් කරුණක් නම්, සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූ විට බාග වේලාවට එය සඳහන් කිරීමට අවස්ථාවක් ලැබෙන්න ඉඩ ඇත. උදාහරණයක් නම්, ඔබ ඉල්ලුම් පත යවා ඇත්තේ විධායක පුහුණු කරුවකු (නඩත්තු) යන තනතුරට නම් , ඔබ පාසලේ සිටියදී ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ගේ විද්‍යා ප‍්‍රදර්ශනයට පැකෝ යන්ත‍්‍රයක් ඉදිකළ අවස්ථාවේ දක්ෂ නිර්මාණකරුවන් අතර පළමුවෙනි තැනට තේරී ත්‍යාගයක් හා සහතිකයකට හිමිකරු වූවා නම්, එය ඉල්ලුම් පතෙහි සඳහන් නොකළා නම් සම්මුඛ පරීක්ෂණයේදී උපක‍්‍රමශීලීව මෙය සඳහන් කර යුතුයි. මෙවැනි දස්කම් ඔබට වාසිදායක වන්නේය. ඒ තුළින් සේවා යෝජකයා නියෝජන කරන මණ්ඩලයට, ඔබේ නිර්මාණශීලී භාවයත්, බුද්ධිය ප‍්‍රබෝධක වන වැඩ ගැන ඇති ඇල්ම හා කුසලතාවයන්, පැහැදිලි වනු ඇත.

    (4) ඔබ A/L විභාගයට ඉගෙන ගත් විෂයයන් ගැන පොත් කියවා මතක් කර ගන්න.ඔබ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටින්නේ, රසායනික ද්‍රව්‍ය ආශි‍්‍රතව නිශ්පාදන කරන භාණ්ඩයක් සාදන ආයතනයකට නම් - උදා: ස්නානයට පාවිච්චි කරන ‘ෂැම්පු’ සෑදීම නම්, එය රසායන විද්‍යාව පාදක කොට බැවින්, රසායන විද්‍යාවට අයත් පොත් කියවා කරුණු මතක් කර ගන්න. සම්මුඛ පරීක්ෂණයේදී මේ ගැන ප‍්‍රශ්න කරන බව ස්ථිරයෙන්ම දැනගෙන සිටින්න. කිසිදාක ‘මා විභාගය කළේ වසර 3 කට කලින් බැවින්, දැන් හරියටම මතක නැත. වැනි දෙයක් කීමෙන් සම්පූර්ණයෙන් වළකින්න. මෙවැනි ප‍්‍රතිචාර දුන්නොත්, ඉල්ලුම් පත යැවූ තනතුර අහිමි වීමට ඉතා ඉඩ ඇත.සේවා යෝජකයා මෙවැනි ප‍්‍රශ්න ඇසීමෙන් ඔබගේ ධාරන ශක්තිය හා ඉගෙනගත් දැය ගැන සැබෑ අවබෝධයක් තිබේද යන කරුණු මැනගනු ඇත.

    (5) ඉල්ලුම් පතෙහි සඳහන් කළ අමතර කරුණු මතක් කර ගන්න.තවත් දැන සිටිය යුතු කරුණක් නම් මෙයයි. ඉල්ලුම් පතෙහි සඳහන් කළ සියලුම කරුණු, අධ්‍යාපනික සුදුසුකම්, කී‍්‍රඩා, අභිරුචීන්, විවේක කාලය ගත කරන ආකාරය ආදිය ගැන ප‍්‍රශ්න කළහොත්, එය පහදා දීමට ලෑස්තිව යන්න. උදා: රැකියා අපේක්ෂකයා ඉල්ලුම් පතෙහි සඳහන් කළා නම්, විවේක කාලය ගත කරන්නේ නවකතා පොත් කියවීමෙන් ය කියා, සම්මුඛ පරීක්ෂණයේදී, එම මණ්ඩලය මේ ගැන ප‍්‍රශ්න කිරීමට ඉඩ ඇත. ඔවුන් බාග වේලාවට එතැනින් එහාටත් එම කතාව ගැන ප‍්‍රශ්න කිරීමට ඉඩ ඇත. මෙවන් අවස්ථාවක දී ඔබට කාංසාව මතු වී ගොත ගසනවා නම්, නැති නම් විවිධ අවාචික ප‍්‍රතිචාර වලින් ඔවුන්ට පෙනී යනවා නම් මෙපමණක් දුර ඔබ දුන් ප‍්‍රතිචාර අසත්‍ය බව, එම මණ්ඩලයට මතු කරන ප‍්‍රශ්නය වනුයේ ඔබේ අවංකත්වය ගැනයි. මෙය අවාසිදායක සිදුවීමක් වනවා නොඅනුමානයි. කවදාවත් රැකියා සම්මුඛ පරීක්ෂණයකදී එම ප‍්‍රශ්න අසන මණ්ඩලයේ සාමාජිකයන් රවටන්න බලන්න එපා. ඔබේ අවංකත්වය ගැන අවිශ්වාසයක් මතු කළහොත්, සේවා යෝජකයකු කිසි කලෙක ඔබට එම තනතුර පිරවීමට තෝරා ගන්නේ නැත.අවසාන වශයෙන් සඳහන් කළ යුතු කරුණ නම්, ඔබේ ඉල්ලුම් පතෙහි ඔබ දන්නා හඳුනන, සමාජයේ පිළිගත් තැනැත්තන් දෙදෙනෙකුගේ නම් සඳහන්
    කළ තිබුණි නම්, ඔබ එම රැකියා සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඇති බවත්, ඔබ ගැන සෝවා යොජකයා බාග වේලාවට විස්තර විපරම් කළහැකි බවත්, ඔවුන්ට දන්වා, මේ ගැන මතක් කර දෙන්න.


    2006_job_tuesday.jpg
    ]
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Elakiri bro...
    CV ekak hadana hati puluwannam kiyala denawada? :)

    here are two communication principles to remember:


    *'Keep it simple,.
    *'If they didn't hear it, you didn't say it'.

    So, when you have written a first attempt at your CV, get someone else to look at it, and tell you how to make it better.
    Ask your friends, your tutors or teachers, your career office, family friends in business. What you have written may seem simple and obvious to you, but not to an employer! Go through it again and again with a red pen, making it shorter, more readable, more understandable!

    Before you start

    Sit down with a piece of paper. Look at the job(s) that you are applying for. Consider how your skills, education, and experience compare with the skills that the job requires. How much information do you have about the job description?
    Sometimes employers do not give enough information. Ask for more detail if needed. Spend time researching detail about the job(s) that interest you and information about the employer - their structure, products, successes, and approach - from:
    Their own publicity, reports and publications
    A library (business reports, trade papers)
    College career office
    Newspaper reports
    The Internet

    WHAT TO INCLUDE

    Personal details

    Name, home address, college address, phone number, email address.
    Do you have your own web homepage? Include it (if it's good!).

    Education

    Give places of education where you have studied - most recent education first. Include subject options taken in each year of your course. Include any special project, thesis, or dissertation work.
    Pre-college courses (high school, etc.) should then be included, including grades. Subjects taken and passed just before college will be of most interest. Earlier courses, taken at say age 15-16, may not need much detail.

    Work experience

    List your most recent experience first. Give the name of your employer, job title, and very important, what you actually did and achieved in that job. Part-time work should be included.

    Interests

    They will be particularly interested in activities where you have leadership or responsibility, or which involve you in relating to others in a team. A one-person interest, such as stamp-collecting, may be of less interest to them, unless it connects with the work you wish to do. Give only enough detail to explain. (If you were captain of a sports team, they do not want to know the exact date you started, how many games you played, and how many wins you had! They will ask at the interview, if they are interested.) If you have published any articles, jointly or by yourself, give details.
    If you have been involved in any type of volunteer work, do give details.

    Skills

    Ability in other languages, computing experience, or possession of a driving licence should be included.

    References

    Usually give two names - one from your place of study, and one from any work situation you have had. Or if this does not apply, then an older family friend who has known you for some time. Make sure that referees are willing to give you a reference. Give their day and evening phone numbers if possible.

    Length

    Maybe all you need to say will fit onto one sheet of A4. But do not crowd it - you will probably need two sheets. Do not normally go longer than this. Put page numbers at the bottom of the pages - a little detail that may impress.

    Style

    There are two main styles of CV, with variations within them.

    Chronological

    Information is included under general headings - education, work experience, etc., with the most recent events first.

    Skills based

    You think through the necessary skills needed for the job you are applying for. Then you list all your personal details under these skill headings. This is called 'targeting your CV', and is becoming more common, at least in UK.
    But it is harder to do. So take advice on whether it is OK in your country and culture, and how to do it best.

    Optional extra

    It can be good to start with a Personal Profile/Objective statement. This is a two or three sentence overview of your skills, qualities, hopes, and plans. It should encourage the employer to read the rest.

    Presentation

    You may vary the style according to the type of job, and what is accepted in your country and culture. So a big company would normally expect a formal CV on white paper. But, just perhaps, a CV applying for a television production job, or graphic designer, could be less formal - coloured paper, unusual design, etc!
    Consider using a two column table to list your educational qualifications and courses taken.

    Covering letter

    When sending in a CV or job application form, you must include a covering letter. The purpose of the letter is:
    To make sure that the CV arrives on the desk of the correct person. Take the trouble to telephone, and find the name of the person who will be dealing with applications or CVs, and address your letter, and envelope, to that person by name. (In a small company, it may be the managing director. In a medium size company, it may be the head of section/department. Only in a large company will there be a Personnel or Human Resource Department.)
    To persuade the person to read your CV. So it must be relevant to the company, interesting, and well produced.
    To clearly say what job you are interested in. If you are sending in a 'speculative' CV hoping that they may have work for you, explain what sort of work you are interested in. Do not say, 'I would be interested in working for Widgets Ltd', but say 'I believe my skills equip me to work in the product development department/accounts office/whatever'. When sending a speculative CV, you may try telephoning later to push your enquiry further.
    To say why you want that particular job with that particular employer
    To draw attention to one or two key points in the CV which you feel make you suited to that particular job with that particular employer.
    Start your letter with an underline heading giving the job title you are interested in. (If you saw the job advertised, say where you saw it.)
    Use the style and pattern of a business letter suited to your culture and country. Ask for advice about this. Try to find sample business letters so that you can follow style and layout.
    Your career office may have a sheet about this, or show you a sample. The letter should only be on one side of A4 paper. It must be polite and easy to read.
    Also mention when you are available for an interview. Ending your letter with a request for specific extra information may give a positive response.

    Application forms

    To apply for some jobs, the employer will send you an application form. You should still use a covering letter, and send your CV also unless told not to. Application forms need as much care to write as CVs. Remember the lessons earlier on this page. Here are some short guidelines:
    Plan everything you will say on a separate piece of paper. Or make a photocopy of the form, and practice completing it first.
    Only complete the real form when you are exactly sure what is the best thing to say.

    It must be very neat and clear, and in black pen so that it can be easily photocopied.
    You should 'angle' your answers to the company, in the same way as explained for your CV.
    Do not say in answer to any question - 'see my CV'. They do not want to try to read both at the same time.
    Take a photocopy to keep, so that you can remember exactly what you said. If you are called to interview, take this copy with you into the interview.

    Other points

    Keep copies of all letters, applications forms, and CVs sent, and records of telephone calls and names of those you spoke to.