අම්පිටියේ නායක හාමුදුරුවන්ට වතුර පොවන්න&

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අම්පිටියේ නායක හාමුදුරුවන්ට වතුර පොවන්න&

    අම්පිටියේ නායක හාමුදුරුවන්ට වතුර පොවන්නට ඉදිරිපත් වන්නේ කවුද? – අනේ කාලේ වනේ වාසේ!


    Source :- http://beyondframe.wordpress.com/2010/09/30/10sep30/


    බැසිල් රාජපක්ෂ ඇමතිතුමා තමන්ගෙන් සමාව ගන්නා තුරු මඩකලපුවේ ශ්‍රී මංගලාරාමයේ නායක අම්පිටියේ සුමනරත්න හිමියන් මාරාන්තික උපවාසයක යෙදී සිටින බව ලංකාඊනිව්ස් වෙබ් අඩවිය හෙලිකරයි. ඒ ඇමතිතුමා බැහැ දකින්නට ගිය වෙලේ එහිමියන්ට බැණ වැදී පන්නා ගත් නිසා යැයි කියවේ.

    බැණ වැදුනේ කුමක් නිසා දැයි හරිහැටි දැන ගන්නට නැත.

    කුමක් නිසා හෝ හාමුදුරුවන්ට බැණ වැදීම වැරදි යැයි හාමුදුරුවන් කල්පනා කරනවා විය හැකි ය. ඒ තමන් හාමුදුරු කෙනෙක් නිසා ය.

    තමන් බලවත් ඇමති කෙනෙක් නිසා දෙවැනි වන්නේ රජුට පමණක් නිසාත් හාමුදුරු කෙනෙකුට නොව වෙන ඕනෑම ජගතෙකුට බැණ වැදිය හැකි යයි ඇමතිතුමා කල්පනා කරනවා විය හැකි ය. පුලුවන් නම් මාරාන්තික උපවාසය කර බලන්නැයි හාමුදුරුවන්ට පයිණ්ඩයක් ඔහු විසින් යවන්නට ඇත්තේ ඒ නිසා ය. ඒ බව ද අපට කියන්නේ ලංකාඊනිව්ස් වෙබ් අඩවියයි.

    වඩා බලවත් පූජ්‍ය පක්ෂය ද දේශපාලනඥයින් ද යන්න උරගා බැලෙන සිද්ධියක් නිසා මේ ගැන අප ද උනන්දු ය.

    රට යන අත අනුව නම් ජය ලැබෙන්නේ දේශපාලනඥයාට ය. ඒ නිසා පූජ්‍ය පක්ෂය උගත යුතු පාඩම නම් තමන් කෙරුමන් වන්නේ සෙසු මිනිසුන් ඉදිරියේ මිසක දේශපාලනඥයා ඉදිරියේ නොවන බව යි. සෙසු අය ඉදිරියේ කෙරුමන් වන්නට නම් දේශපාලනඥයින් ඉදිරියේ පීචං වීමට සූදානම් විය යුතු බව ය.

    මේ බව තේරි මල්වතු හිමියන් ද පසු බැස ගියා අපට මතක ය. ඒ සරත් ෆොන්සේකා වෙනුවෙන් නුවර උද්ඝෝෂණයක් පවත්වන්නට ගොසින් ය.

    මල්වතු හිමියන් ද එසේ පල්ලම් බැස්ස කල අම්පිටියේ හිමියන්ට මෙහෙම හයියක් ලැබුනේ කෙසේ ද?

    සමහර විට මේ බුදුන්ගේ දේශය යයි අම්පිටියේ හිමියන් කල්පනා කරන්නට ඇත.

    මේ බුදුන්ගේ දේශය බව සැබෑ ය. ඒත් ඒ මේ රාජපක්ෂගේ දේශය යන්නට පසුව යෙදෙන්නකි.

    (හාමුදුරුවන්ට බණින්නට බියොන්ඩ් ෆ්රේම්ට අයිතියක් නැති වුව ද ඒ අයිතිය රාජපක්ෂලාට තිබේ. ඒ එතුමන් මේ බෞද්ධ දේශයේ ආරක්ෂකයින් නිසා ය. ශාසනයට, සංඝයාට, පවා රැකිය නොහැකිව ඇති බුද්ධාගම රාජපක්ෂලා විසින් රකින නිසා ය. ඉස්සර රජකාලේ වුනත් එහෙම ය. මැන්දිස් රෝහණදීර මහතා, ජැක්සන්, මේධානන්ද හිමියන් හෝ ජේආර්පී වැනි ඉතිහාස ඔස්තාර්ලා කීප‍දෙනෙක්ම ඕනෑ නම් සාක්කිවලට කැදවිය හැකි ය.)

    ඒ ගැන නොදන්නා අය දැන් දැන ගනිමින් සිටින්නෝ ය. අනිත් අය උපවාස කර එක්කෝ මැරී යායුතු ය. නැතිනම් විමල් වීරවංශ ගිය මාවත ගත යුතු ය. දෙවැන්න තෝරා ගන්නේ නම් වතුර පොවන්නට කෙනෙකු සොයා ගත යුතු ය.

    අම්පිටියේ හිමියන්ට වතුර පොවන්නේ කවුද? :oo::oo::oo::oo:
     
    • Like
    Reactions: lasa.lasa

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අයියා නැති කල මල්ලී බැසිල් චණ්ඩියාට අඳී: සංඝනායක හිමිනමකට ප‍්‍රසිද්ධියේ පහත් ලෙස බැනවැදී පන්නා ගෙන

    -මඩකලපුව මංගලාරාමාධිපති හිමියෝ මාරාන්තික උපවාසයක-


    (ලංකා ඊ නිව්ස් 2010 සැප් 27, ප.ව.4.45* පසුගිය 20 වනදා මඩකලපුව නගරයට පැමිණි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා හමුවීමට ගිය තමන්වහන්සේට පසුගිය 26 වනදා ඉතා පහත් ලෙස බැන වැදී එළවා දැමීමට විරෝධය පාමින් මඩකලපුව මංගලාරාමාධිපති අමරපුර ශ‍්‍රී කල්‍යාණවංශ මහා නිකායේ මඩකලපු අම්පාර දිසාවේ උප ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් සිය ආවාසය තුළ මාරාන්තික උපවාසයක යෙදී සිටිති.

    පොලිස් නිලධාරීන්, මැති ඇමැතිවරුන්, මාධ්‍යවේදීන් හා ජනතාව මධ්‍යයේ බැසිල් රාජපක්‍ෂ මහතා තමන් වහන්සේට කළ වරදට සමාව ගන්නා තෙක් මාරාන්තික උපවාසයේ යෙදෙන බව උන්වහන්සේගේ අත්සනින් යුත් ලිපියකින් ගෞරවනීය මහ නාහිමියන් වහන්සේලාටත් අන්‍යාගමික පූජකවරුන්ටත්, ජනාධිපති හා විපක්‍ෂ නායක ඇතුළු මැති ඇමැතිවරුනටත් දැනුම් දීමක් කර ඇත.

    පසුගිය 26 වනදා දවල් 12 ට සුමනරතන හිමියෝ මේ මාරාන්තික උපවාසය ආරම්භ කොට ඇති අතර, අද සවස් වනතුරුත් උන්වහන්සේ සිය ආරාමයේ කාමරයක දොර වසාගෙන මාරාන්තික උපවාසයේ යෙදෙන බවත් උන් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහී අසාධ්‍ය තත්ත්වයකින් වැඩවසන බවත්, මංගලාරාම වාසී භික්‍ෂූන් වහන්සේ නමක් ‘ලංකා ඊ නිව්ස්’ වෙත පැවැසූහ.
    මෙම උපවාසයේ අරමුණ වන්නේ බැසිල් රාජපක්‍ෂ මහතා පහත් සේ බැන වැදී එළවා දැමීම බැවින්, තමන් වහන්සේගේ මරණයට බැසිල් රාජපක්‍ෂ මහතා වගකිව යුතු බවද සුමනරතන හිමියන්ගේ ලිපියේ දැක්වේ.

    තමන් වහන්සේගේ ආදාහනය හුදෙක් සම්බුද්ධ ශාසනයේ විනාශය වළක්වා චිර පැවැත්ම උදෙසාමය බවද උන්වහන්සේ සඳහන් කරති.

    සුමන රතන හිමියන්ගේ අත්සනින් උපවාසය සම්බන්ධව නිකුත් කළ ලිපිය මෙසේයි.

    2010.09.26

    ‘බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා විසින් අද දින මා හට කරනු ලැබූ අපහාසයට පිළිතුරු දෙන තෙක් මාරාන්තික උපවාසයයි’

    ‘ගෞරවණීය මහනාහිමිවරුනි, ගෞරවණීය අන්‍යාගමික පුජකවරුනි, ජනාධිපති තුමා ප‍්‍රධාන කොට විපක්‍ෂ නායකතුමා ඇතුළු මැති ඇමැතිවරුනි, සියලූ වගකිවයුතු ආයතන ප‍්‍රධානීන් හා සියලූ මාධ්‍ය ආයතන, මහජනතාව ඇතුළු සියලූ දෙනාගේ දැනගැනීම පිණිසයි.’

    ‘2010.07.05. දින බුද්ධ ශාසනයට සහ නැගෙනහිර පළාතේ ශාසනික සම්පත්වලටත් සිංහල ජනතාවටත් සිදුවන අපරාධ පෙන්වාදීමට කරන ලද උපවාසය මුල් කරගෙන, මඩකලපුව නගරයට පැමිණි ඉහත කියවෙන ඇමැති තුමා මැති ඇමැතිවරුන් සහ ආරක්‍ෂක අංශ නිලධාරින් මෙන්ම සියලූ මාධ්‍ය ආයතන සහ ද්‍රවිඩ ජනතාව ඉදිරිපිට 2010. 09. 26 දින පෙ.ව. 10.30 ට පමණ ඉතා පහත් ලෙස බැන වැදී එළවා ගැනීම ඉහත කී උපවාසයට අරමුණ වන බැවින් මාගේ මරණයට වගකිව යුතු වන්නේ බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා වන වග මා මෙයින් පෙන්වා දෙමි. වසර 16 ක් ස්ථීර සිංහලයෙක් නොමැතිව ති‍්‍රවිධ හමුදාවත්, පොලීසියත් ලක් වැසි විවිධ බෞද්ධ ජනතාවගෙනුත් ආධාර උපකාර මත ගිණිතබා මුළුමනින්ම විනාශ කළ මෙම විහාරස්ථානය රැුකගත් මට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිංහල ජනතාව වෙනුවෙන් ගන්නා වූ පියවරයන් වැරදි ආකල්පයෙන් දැක පෙර අපේ භික්‍ෂූන් වහන්සේලා ඝාතනය කළ කරුණා ද ලඟ සිටියදී මෙලෙස පහත් වචනයෙන් බැණ වැදීම සම්බුද්ධ ශාසනයටත් මහා සංඝරත්නයටත් කරන ලද දරුණුම අපරාධය ලෙස මෙයින් මා පෙන්වා දෙමි. මාරාන්තික උපවාසය 2010. 09. 26 ප.ව. 12.00 ට විහාරස්ථානය තුළම ආරම්භ කරන අතර බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා කළ වරදට සමාව ගන්නා තෙක් මෙන්ම අදාළ කරුණුවලට පිළිතුරු දෙන තෙක් මාරාන්තික උපවාසය කරගෙන යන බව සියලූ දෙනා වෙත දන්වා සිටිමි. මාගේ ආදාහනය හුදෙක් සම්බුද්ධ ශාසනයේ විනාශය වලක්වා චිර පැවැත්ම උදෙසාමය.’

    මෙයට විහාරාධිපති
    පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි



    http://www.lankaenews.com/Sinhala/news.php?id=14776
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ‘අපි බය නෑ-උපවාස කරලා ගනින්’: උපවාසයේ යෙදෙන සුමනරතන හිමියන්ට මරණ තර්ජන



    (ලංකා ඊ නිව්ස් 2010 සැප් 28, ප.ව.5.20* ‘අපි බය නෑ - උපවාස කරලා කර ගනින්’ යැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා තමන් වහන්සේට තර්ජනය කොට එළවා දැමීමෙන්, පසු පන්සලට වඩින විට වසර 22 ක කාලයක් පන්සලට ලබාදී තිබූ ආරක්‍ෂාව ඉවත් කර තිබූ බව මාරාන්තික උපවාසයක යෙදී සිටින මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ ‘ලංකා ඊ නිව්ස්’ වෙත පැවැසූහ.

    ‘ලංකා ඊ නිව්ස්’ දුරකථනයෙන් කළ ඇමතුමට ඉතා වෙහෙසකාරී ලෙස දැඩි ආයාසයකින් උන්වහන්සේ ඉහත ප‍්‍රකාශය කළහ.

    වසර 18 ක පමණ කාලයක් කොටින්ගෙන් බැට කෑ තමන් වහන්සේට අද මේ අන්දමේ අපහාස විඳින්නට සිදුවෙද්දී පොලිස් පරීක්‍ෂකවරයකුගෙන් ඊයේ (27* රාත‍්‍රී මරණ තර්ජන එල්ලවූ බවත්, කටවහගෙන ඉන්නේ නැත්නම් මරල දාන්නයි වෙන්නේ. අපටත් එන නියෝග කි‍්‍රයාත්මක කරන්න වෙනවායි තර්ජනාත්මකව ප‍්‍රකාශ කළ පොලිස් නිලධාරියා, අපටත් පුළුවන් ගේම් එක දෙන්න. සාදු කට පරිස්සම් කරගෙන ඉන්නැයි පැවැසූ බවද සුමනරතන හිමියෝ කෙඳිරිගාමින් පැවැසූහ. තර්ජනය කළ පොලිස් පරීක්‍ෂකවරයා උන්වහන්සේ නමින් දන්නා අයකු බවද කීහ.

    පසුගිය 26 වනදා සිට මාරාන්තික උපවාසයේ යෙදී සිටින උන්වහන්සේගේ ඉල්ලීම වන්නේ තමන් වහන්සේට කළ අපහාසයට බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා සමාව ඉල්ලා සිටිය යුතු බවයි.



    http://www.lankaenews.com/Sinhala/news.php?id=14789
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    රාජපක්ෂලාගේ ඒරාෂ්ඨකය ලබල තියෙන්නෙ.අර සුමනදාස අබේගුනවර්ධනට බැරිද දන්නේ නෑ සෙනසුරාව හිරේ දාන්ඩ...:lol::lol:
     

    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    Buduhamuduruwo kawadawath ninda apahasa walata Upawasa kale ne.... menna hamuduruwo..... Samawa ganna one ne oya wage hamuduru warungen..... sashanaya pirihila
     

    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    :lol: :lol: :lol:

    හාමුදුරුවෝ කියන්නේ කව්ද? සාමන්යෙන් වැදගත් ධර්මය ආධ්‍යාත්මිකව අදහන පිරිසක්. සිවුර ඇදගන්නේ, කොන්ඩෙ බූ ගාන්නේ ශාරීරික සහ මානසික ආතතිය උදෙසා.. එහෙව් එකේ අද කාලේ ඉන්න ඔක්කොම හාමුදුරු ල මහා මගොඩියෝ සෙට් එකක් නේ. මොනවද ඒගොල්ලන්ට නැත්තේ? Cars, condominiums, wealth, you name it. ඔය ඔක්කොටම කලින් කියන්න, අද කාලේ ඔක්කොම හාමුදුරු ලා හරියට shave එකක් අරගෙන full තට්ටේ ගාගෙන ඉන්නවද? එයාල imported bangkok සපත්තු එහෙම ඇදගෙන නේ (අර නිකන් නමට) වගේ ඔය දානේ ගෙවල්, පිණ්ඩපාතේ එහෙම යන්නේ මම දැකල තියෙන්නේ . එකේ නම් මම එහෙම වැරද්දක් දකින්නෙත් නැහැ, හැබැයි ඔය ආශාව, තන්හාව, ක්‍රෝධය සමග බැදුණු ජීවිතේ ද ගිහි ජීවිතේ?

    දැන් ඔය අම්පිටිය හාමුදුරු ගේ මේ action එක තනිකර revenge එකක් නේ. හාමුදුරු ලා ට ඔබින වැඩ ද ?


    දන්නා කෙනෙක්, හොද බෞද්ධයෙක් ද, උත්තර.. නමට
    පන්සල් ගිහිල්ල සිල් ගන්නේ නැතුව. තමන් අදහන ආගම හෝ philosophy එක මොකද්ද කියල අදුරගෙන, සබැ අරුත හොයන්න උත්සහගන්න .. මතක තියාගන්න, බුදු දහමේ කොහෙවත් කියල නැහැ හාමුදුරු කෙනෙක් ව හරි ඉහලින් පිලි අරගෙන වැදගෙන ම ඉන්න ඕනේ කියල. ඒගොල්ලන්ට මේ අතීතයත් එක්ක එන මේ සැලකිලි වල මුදුන් හේතුව ඇවිල්ල ඉස්සර හිටපු හාමුදුරු ලා ජීවිතේ කරපු කැපකිරීම් සහ ඒගොල්ලන්ගේ මේ දැනුම + self -control + meditation towards a higher state of mind + better insight and understanding of life. එහෙම ඇත්තටම හාමුදුරු ලා දැන් ඉන්නවා ද? මම මේ දන්නේ නතුවටයි අහන්නේ. එහෙම බැලුවම මේ අද කාලේ ඉන්න සමහරක් හොද ගතිගුණ පිහිටපු බෞද්ධ පිරිස් මේ හාමුදුරු යට වැඩ ගිහි නැද්ද?

    Disclaimer : No where in this post has an insult to Buddhists, clergy, Sinhalese or Bhuddism being intended.
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ayyo ubata apahu una hedunada:(:(:(

    dood akkige enews ekata ekata shopping karana job ekath uba bara gahthtada:(:(


    :(:dull:
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    36071_119053951485279_118547224869285_132834_522579_n.jpg
     

    Similar threads