විලිරුදාව

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හිනා_යන_කතාවක්

    විලිරුදාව

    ඔන්න ඉතින්, දවසක් සක්‍ර දෙවියෝ මනුස්ස ලොකෙට ඇවිත්, ටික දුරක් යනකොට බබෙක් හම්බවෙන්න ඉන්න ගෑනු කෙනෙක්ව හම්බ උනලු, අනේ ඉතින් මේ ගෑනු කෙනා හරිම අමරුවෙන් ඉන්නවා දැකලු සක්‍ර දෙවියන්ට දුක හිතිලා මේ ගෑනු කෙනාගෙන් ඇහුවලු, ඔයාට දරුවෙක් ලැබෙන්න නේද ඉන්නේ, ඔයාට හරිම අමාරු බව පේනවා, කැමති වරයක් ඉල්ලන්න කියලා, අනේ ඉතින් මෙ ගැනු කෙනා ගත් කටටම කිව්වලු අපිට මේ අමාරුව හැදෙන්න සම්පුර්ණ වග කියන්න ඔනේ මට ලැබෙන්න ඉන්න දරුවගෙ පියා, එත් මට විතරක් ඇයි මෙච්චර වේදනාවක්, එයාට කිසිම ගානක් නැහැ, එයා එහෙම දෙයක් නොකලනම් මට මෙහෙම දෙයක් වෙන්නෙ නැහැනෙ, ඒක නිසා මේ වේදනව පිරිමින්ටත් හැදෙන්න ඔනා කියලා, කල්පනා කරලා බැලුවම ඉල්ලීම සාධාරනයි, හොදයි මේ මොහොතේ සිට ක්‍රියාත්මක වෙන පරිදි මේ වේදනාව පිරිමින්ටත් හැදිය යුතුයි කියලා සක්‍ර දෙවියොත් කිව්වලු, ඔන්න එතකොටම මේ ගෑනු කෙනාගෙ ගෙවල් පැත්තෙන් මේ ගෑනු කෙනාගේ මනුස්සයා කෑගහන සද්දෙ සක්‍ර දෙවියන්ටත් ඇහුනලු, වැඩේ හරි, මේ ගෑනු කෙනත් හරිම සන්තොසෙන් සක්‍ර දෙවියන්ට පින් දුන්නලු, ඔන්න ඉතින් සක්‍ර දෙවියොත් ආපහු දිවිය ලෝකෙට වැඩියලු,

    ඔහොම කාලයක් ගියාලු, ඔන්න ඉතින් සක්‍ර දෙවියන්ගෙ අවස්ථාවත් උදා උනාලු, ඒ කියන්නෙ සක්‍ර දෙවියන්ගෙ බිසවට දරුවෙක් ලැබෙන ලකුණු පහල උනලු, ඉතින් සක්‍ර දෙවියොත් මට දැන් වෙදනාව දැනෙවි කියලා හිත හිත ඉන්නවලු එත් කිවිම වේදනාවක් නැහැල්ලු, ඔහොම කාලයක් ගියාලු, සක්‍ර දෙවියන්ටත් හරිම පුදුමයිලු, ඔන්න ඉතින් දරුවා ලැබෙන දවසත් ආවලු, දැන් බිසවව දිවිය වාට්ටුවක නැවැත්තුවලු, සක්‍රයා හිතුවලු අදවත මට හැදෙවි කියලා දැන් මෙ වේදනා විදින්න සැදිපැහැදී ඉන්නවලු ගෙදරට වෙලා, එත් නැහැල්ලු,

    ඔන්නා එකපාරටම සක්‍ර දෙවියන්ගේ අල්ලපු ගෙවල් පැත්තෙන් මර ලතොනියක් ඇහෙනවලු, සක්‍ර දෙවියෝ ඒ පැත්තට දුවලා ගියාලු, යනකොට එහා ගෙදර දිවිය කුමරයා බඩ අල්ලගෙන කැගහනවලු, සක්‍ර දෙවියන්ට වැඩේ තේරුනලු, ඒ මොහොතෙම වහාම ක්‍රීයාත්මක වන පරිදි අර ගෑනු කෙනාට දුන්න වරය අවලංගු කරලා බොහොම දුකින් ගෙදර ගියාලු.

    Repost නම් Sorry හොදද
     
    Last edited: