දැක්කදේ දැක්ක තැනින් ඉවරයි . හැදෙන කතාව විකාරයි

nipund

Well-known member
  • May 17, 2007
    808
    1,117
    93
    ඉවර වෙනකම් කියවන්න

    "යමුකෝ..."
    තරුණ අම්මාවයි තාත්තාවයි පාසලේ 8 වසරේ වගේ වයස පුතා ඇදන් එනවා මහරගම P & S එකට මම දකිනවා.
    දෙමාපියෝ දෙන්නත් බොරු අකමැත්තකින් වගේ වුණත් එනවා ඇතුලට මේ ලමයගේ බල කිරිල්ලට වගේ.
    ------
    ඇවිත් මේ පුතා ඉල්ලනවා එග් බන් එකයි චිකන් පේස්ට්‍රියයි,
    මට මතක් වුණා අපිත් හරි ආසයි නේද ඉස්සර ඒවා කන්න කියලා,
    අම්මා ගිහින් ඒ දෙක අරන් දීලා අයිස් කොෆී එකකුත් අරන් දෙනවා පුතාට,
    හරිම ආසාවෙන් පුතා කනවා සහ මම දකිනවා මේ අම්මයි තාත්තටයි කන්න ගන්නේ නෑ,
    එයාලා පුතා කන දිහා බලලා සතුටු වෙනවා,
    මට හිතුණා සමහරවිට ලමයා වෙනුවෙන් මෙතන වියදම් වුණ රුපියල් 500ක වගේ මුදල එයාලා දෙන්නත් කෑවොත් 1500 ඉක්මවා යන හින්දා ඒ නොකා ඉන්න ඇත්තේ කියලා.
    ඇත්තටම දැන් අපේ මිනිස්සු තමන් වියදම් නොකරම බැරි දේවල් වලට විතරයි සල්ලි වියදම් කරන්නේ,
    ඇත්තටම අර අම්මටයි තාත්තටයිත් බඩගිනි තියෙන්නත් ඇති,
    ඒත් රටේ ආර්ථික මට්ටම නිසා එයාලගේ බඩ පුරවාගන්න වත්කමක් නැතිවෙන්න ඇති,
    මට මාර කලකිරීමක් ආවා මේ රට ගැන,
    ඇත්තටම අපි එහෙම වැටෙන්න ඕනේ මිනිස්සුද?
    රටේ ස්වභාවික සම්පත්ම කොච්චර තියද?
    ඒ ගැන මම මගේ තාරුගේ සිද්ධි පේජ් එකේ කොච්චර ලියලා තියද හිතුණා අවංකවම,
    -------
    කොහොම හරි අර පුතා කාලා ඉවරවුණා,
    හැබැයි මම කල්පනා කලේ,
    එච්චර අම්මයි තාත්තයි බඩගින්නේ ඉන්න වෙලාවක මේ දරුවට තිබුණා පොඩි කෑල්ලක් හරි දෙන්න අම්මලට,
    ඒත් ඒ දරුවා එහෙම කලේ නෑ,
    දැන් කාලේ හැදෙන දරුවොත් දෙමාපියන් ගැන කිසිම තැකීමක් කරන්නේ නැති තත්වෙට මේ සමාජය පිරිහිලා නේද කියලා කල්පනා වුණා,
    මේ සමාජය හැදෙන්න ඕනෙ පොඩි ළමයාගේ ඉඳලා,
    අන්න එතනයි සමාජය හැදීමේ මූලාරම්භය කියලා මට හිතුණා.
    --------
    ඊට පස්සේ තාත්තා නැඟිටලා ගියා කැශියර් එකට තව මොනවා හරි ගන්න,
    ලමයට මදි වෙලා ඉල්ලුවද කියලා හිතුණා,
    ගිහින් මේ තාත්තා පර්ස් එකේ සල්ලි හෙව්වා වගේ දැක්කා,
    මම හිතන්නේ අතේ තිබුණ මුදල ප්‍රමාණවත් වෙන්න නැතුව ඇති ගෙවන්න,
    "මම කාඩ් එක ගෙනත් නෑ"
    දරුවගේ තාත්තා දරුවාගේ අම්මට කියනවා ඇහුණා,
    "ඔයා හැමදාම ඔහොමයි,
    කොහේ හරි ගියොත් කාඩ් එක නෑ පර්ස් එක නෑ,
    මමද වියදම් කරන්නේ එතකොට?
    අපි දෙන්නටත් එක්ක ගන්න කෑම"
    ඒ කාන්තාව ටිකක් සිනහසෙමින් නමුත් තදින් කිව්වා,
    මම කල්පනා කලා තමන්ගේ දරුවා ඉස්සරහා මේ විදිහට දරුවගේ තාත්තට කතා කරන එකෙන් ඒ තාත්තගේ අභිමාන කොච්චරක්නම් පාතට වැටෙනවද නේද කියලා,
    ඒ ගෑනු කෙනා හරි වැරදියි ඒ කතා කරපු විදිහ කියලා මම කල්පනා කලා,
    මෙහෙම ගෑනුත් ඉන්නවනේ කියලා හිතුණා.
    ඊට පස්සේ අර තාත්තා ලැජ්ජාවට පත්වුණ බවක් පෙන්නලා ආයේ සාක්කුවට අත දැම්මා,
    අත දාලා රුපියල් 5000 කොලයක් අරගත්තා,
    "කාඩ් එක නොගෙනාවට සල්ලි ගෙනල්ලා"
    ඔහු අහින්සක ලෙස මුදල් පෙන්නමින් මඳ සිනහවක් පාමින් පැවසුවා,
    "ඔව් මම කෑගැහුවේ නැත්නම් ඔය සල්ලි එන්නේත් නෑනේ"
    දරුවගේ අම්මා නෝක්කාඩුවට හිනා වෙමින් කිව්වා,
    මම කල්පනා කලා ඇත්තටම ඒ දරුවගේ තාත්තා සල්ලි වියදම් වෙනවට රඟපෑමක්ද කලේ කියලා,
    සමහර මිනිස්සු ඉන්නවා කපටිකමෙන් ජීවත් වෙන,
    ඒක තමන්ගේ රැකියා ස්ථානයේද පවුලේද අදාල නැතුව හැසිරෙන පහත් මිනිස්සු ඉන්නවා නේද කියලා මම කල්පනා කලා.
    -------
    ඊට පස්සේ ඒ තාත්තා ආයේ කැශියර් එකට ගිහින් තව ප්‍රොව්න් පේස්ට්‍රි දෙකකුයි එග් රෝල්ස් දෙකකුයි පාර්සල් අරන් අයිස් කෝපි දෙකකුත් ගත්තා,
    මම කල්පනා කලා කොච්චර ආර්ථික ප්‍රශ්ණ තිබුණත් මිනිස්සූ වියදම් කරනවා නේද කියලා,
    සමහරවිට ඒ මනුස්සයා අතේ තිබ්බ 5000 මේ මාසෙම වියදම් කරන්න තිබ්බ සල්ලි වෙන්න ඇති කියලා මට හිතිලා මාර දුකක් ආවා හිතට,
    ඇත්තටම මිනිස්සු දැන් ජීවත් වෙන්න ඕනෙවට ජීවත් වෙනවා නේද කියල හිතුණා සහ අතේ සතේ නැතත් සමාජයට පේන්න වියදම් කරනවා නේද හිතුණා.
    ------
    ඊට පස්සේ තාත්තයි අම්මයි පුතාලයි එලියට ගියා P &S එකෙන්,
    එහෙම ගිහින් ඒ තාත්තා එතන තිබුණ රතු පාට CHR එක දිහා බල බලා අත දික්කර කර ගියා මම දැක්කා බොහෝම ආසාවෙන් තුන්දෙනාම,
    මම කල්පනා කලා තමන්ට අයිතිකරගන්න ආසා දේවල් කොච්චර තියෙනවද ඒත් මේ තත්වේ අනුවයි අයිතිකරගන්න බැරි කියලා,
    මම මහා කලකිරීමක් එක්ක කල්පනා කලා,
    ඒට් එතනින් පස්සේ මම දුටු දෙයින් ඒ මට මාර වේදනාවක් ආවේ,
    මට වීදුරුවෙන් එළියේ පේනවා ඒ තාත්තා දරුවයි බිරිඳයි එක්ක ඒ CHR එකේ දොර අල්ලන්න වගේ ලඟට යනවා,
    හරිම වේදනාවක් ආවා ඒ ආශාව දැකලා,
    සමහරවිට වසර ගණනාවක සිට හොඳ වාහනයක් ගන්න පෙරුම් පුරන් ඉන්න ඇති සහ බැරිවෙන්න ඇති. දෛවය හැමෝටම එක වාගේ නෑ නේද හිතුණා.
    ඊට පස්සේ මම දැක්ක දෙයින් මම පුදුම වුණා,
    ඒ තාත්තා බිරිඳයි ලමයිනුයි එක්ක ඒ CHR එකේ නැඟලා යන්න ගියා විදුලි වේගෙන් දූවිළි නඟමින්,
    මම කල්පනා කලා මේ සමාජේ අතේ යහමින් මුදල් ගැවසෙන පිරිසකුත් ඉන්නවා නේද කියලා මේ දුක් විඳින මිනිස්සු අස්සේ.
    ඒත් එක්කම මම කල්පනා කලා ඇයි මේ මිනිස්සු වාහනවල හයියෙන් යන්නේ කියලා,
    රටේ මරණ වලින් 60%ක්ම රිය අනතුරු,
    එහෙව් එකේ දරුවෙකුත් ඉන්න තාත්තෙක් හැසිරෙන විදිහක්ද කියලා මම කල්පනා කලා,
    වේගෙන් යන එකෙන් ලැබෙන්නේ මොනවද?
    පුහු ආත්ම තෘප්තියක් ලැබෙන එක විතරයි නේද මම කල්පනා කලා.
    ඊට ඒ කලකිරීමත් එක්ක මම බැලුවා මම ගත්ත නෙස්කැෆේ එක,
    ඒකට මැස්සෙක් වැටිලා දඟලනවා,
    මම කල්පනා කලා මේ සත්තු කිසීම ඉවක්බවක් නැතිව පෙරේතකමට ඇයි තමන්ගේ ජීවිතේ අනතුරේ දාගන්නේ කියලා සහ මේක තමා තිරිසන් ලෝකේ හැටි කියලත් හිතුවා සහ නෙස්කැෆේ එක නිවිලා හොඳටම,
    මම කල්පනා කලා අනුන්ගේ කොටහළු මඟුල් හොය හොයා කාලේ නාස්ති කරන් කල්පනා කරනවාට මටයි උඹලටයි හොඳ වැඩේ නේද කියලා තත්පර භාගයක්වත් තව කල්පනා නොකර මැස්සායින් කරලා,
    "ගුඩුස්"
    ගාලා නිවුණ නෙස්කැෆේ එක ගහලා නැඟිට්ටා.


    දැක්කදේ දැක්ක තැනින් ඉවරයි . හැදෙන කතාව විකාරයි . අනික් අය කියන කථා අපිට අපේ version එකක් ඇහිලා, එක අපේ එක වගේ කියලා හිතාගන්න හින්ද අපිට කතා ඇත්ත වෙනවා
    🙏
    මෙන්න මේ කතා හැදෙන හැටි දකින්න තමා ඕන. දැක්ක නම් "ඔක්කොම" කථා කියලා
    👌
    . දිට්ටේව දිට්ට මත්තන් කිව්වේ -දැකපු දේ "කතාවක් තිබ්බේ නෑ " කියන එක නම් . එත් ඕක කියන්න වෙන්නේ කතාවකින් ;) ;)
    original post
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    bump
    (දැක්ක තැනින් ඉවර වුන්නැ. තණ්හාවට බම්ප් කරන්නේ)

    දැක්කදේ දැක්ක තැනින් ඉවරයි . හැදෙන කතාව විකාරයි . අනික් අය කියන කථා අපිට අපේ version එකක් ඇහිලා, එක අපේ එක වගේ කියලා හිතාගන්න හින්ද අපිට කතා ඇත්ත වෙනවා
    🙏
    මෙන්න මේ කතා හැදෙන හැටි දකින්න තමා ඕන. දැක්ක නම් "ඔක්කොම" කථා කියලා
    👌
    . දිට්ටේව දිට්ට මත්තන් කිව්වේ -දැකපු දේ "කතාවක් තිබ්බේ නෑ " කියන එක නම් . එත් ඕක කියන්න වෙන්නේ කතාවකින් ;) ;)

    කතා හැදෙන එකේ අවුල දැකලා ආයේ කතන්දර වලින්ම සත්‍යමද දැක්කේ කියලා reassurance හොයන එක ගැන අදහස මොකක්ද?
    ------ Post added on Jan 11, 2026 at 6:23 PM
     
    • Love
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    808
    1,117
    93
    bump
    (දැක්ක තැනින් ඉවර වුන්නැ. තණ්හාවට බම්ප් කරන්නේ)



    කතා හැදෙන එකේ අවුල දැකලා ආයේ කතන්දර වලින්ම සත්‍යමද දැක්කේ කියලා reassurance හොයන එක ගැන අදහස මොකක්ද?
    ------ Post added on Jan 11, 2026 at 6:23 PM
    කොමත් කතාවක් දාන්න වෙනවා නේ . දෙතිස් කථා වලට වැඩ හොදා කියලා කථාවකින් හිත හදාගමු ;)
     
    • Love
    Reactions: Blair Solari

    nipund

    Well-known member
  • May 17, 2007
    808
    1,117
    93



    කතා හැදෙන එකේ අවුල දැකලා ආයේ කතන්දර වලින්ම සත්‍යමද දැක්කේ කියලා reassurance හොයන එක ගැන අදහස මොකක්ද?
    ------ Post added on Jan 11, 2026 at 6:23 PM
    එකත් ඉතින් දැක්කට පස්සේ නොදැක්කා වෙන්නේ නෑ නේද?
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    එකත් ඉතින් දැක්කට පස්සේ නොදැක්කා වෙන්නේ නෑ නේද?

    හ්ම්ම්..
    ඒත් ලේසි/ සරල වැඩියි වගේ. ලොකු කතාවක් බලාපොරොත්තු වෙලා, කතන්දර ඔක්කොම එක පාර බොරු වුනහම..
    පරණ පුරුද්ද මන් හිතන්නේ.
     
    • Like
    Reactions: nipund