මචන් මේ මාතෘකාව වාද පිණිස තියන එකක් නෙවෙයි! අනික එක එක්කෙනාට ඕනේ විදියට කරන්න පුළුවන් දෙයකුත් නෙවෙයි. මේ එක එක තැන්වල තිබුන කියල කිව්වට වැඩක් නැහැ! අපිට නම් ඇත්ත පැහැදිලිවම දක්කයින් පස්සේ ආයේ වෙන වෙන අයගෙන් අහන්න උවමනාවක් නැහැ! ඒ අවබෝධය හරිද නැද්ද කියල දැනගන්න ඕනේ කරන සේරමත් බුදුහාමුදුරුවෝ කියල දීල තියෙන්නේ!! ඒත් කෙනෙකුට වැරදියට යමක් ඉගෙන ගෙන ඒක බදාගත්තයින් පස්සේ ආයේ හරි දෙය කිව්වම පෙන්නේ ඒක වැරදියි කියලයි! ඒක එහෙමම තමයි. ඉතින් ඕව නිවැරදි කරන්න අපට බැහැ, උවමනාවකුත් නැහැ! වැරදි දෙයක් හරිය කියල නොගෙන හරි දෙයම තෝරා ගන්න යෝනිසෝ මනසිකරයම තමයි පිහිට වෙන්නේ!! අන්යාගමික කියල වෙනසක් නම් කොහෙත්ම නැහැ! ඒ සීමා වලට කොටු වෙන්න එපා!! උඹ යමක් දැනගන්න උවමනාවෙන්ම උත්සහයක් දරන කෙනෙක් නම් මාත් උඹට උදව් කරන්නම්.
http://www.mahamevnawa.blogspot.com/ site එක refer කලොත් උඹට වෙන කෙනෙක්ගේ උදව් ඕනේ වෙන එකකුත් නැහැ. අපි හුඟ දෙනෙක් ගොඩගියේ අපේ හාමුදුරුවෝ, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ, තේරෙන සරල සිංහලෙන් ශ්රී සද්ධර්මය තෝර තෝරා කියල දීපු හන්දමයි!!! මම දාල ඇති ලස්සනට technical දේවල් ආශ්රයෙනුත් ඔය මුළු කතන්දරේම. ගැලවීම සඳහා ඕනේ කරන හැමදේම ඒ විදියෙනුත් explain කරන්න පුළුවන් උනා. ඕනේ කෙනෙකුට ප්රයෝජනයක් ගන්නවානම් ගන්නයි මේ හැමදේම කලේ, කරන්නේ!