බොක්සිං මංජුගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
October 13, 2010 03:37 pm
19 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ පැවැත්වෙන අවසන් බොක්සිං තරගයෙන් ජයග්‍රහණය ලබමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දෙන්නට මංජු වන්නිආරච්චි ට හැකි වී තිබේ.
අද පස්වරු 3.00 ට අදාළ තරගය පැවැත්වුණු අතර එහිදී වේල්සයේ ෂෝන් මැක් ගෝල්ඩ්රික්ට එරෙහිව තරඟ කරමින් ඔහු මෙම රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.
මේ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ බොක්සිං තරගයකින් රන් පදක්කම් දිනු දෙවෙනි ක්‍රීඩකයා බවට මංජු වන්නිආරච්චි පත් වේ. 1938 දී සිඩ්නි වල පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට බානි හෙන්රික්ස් ක්‍රීඩකයා සමත් විය.
ඉන්පසු 1950 දී කේ.එඩ්වින්,ඇල්බට් පෙරේරා යන අය පොදු රාජ්‍ය මණ්ඩලයීය තරඟාවලියකදී බොක්සිං ක්‍රීඩාවෙන් රිදී පදක්කම් දිනා දීමට සමත්ව ඇති අතර ඇලස් ඔබේසේකර ලෝකඩ පදක්කමක් දිනා දීමට සමත්ව තිබේ.
ඒ අනුව වසර 72 ට පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකින් බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන්පදක්කමක් ගෙනා ක්‍රීඩකයා ලෙස මංජු වන්නිආරච්චි ගේ නම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයට එක්වෙනු ඇත.
SOURCE :
http://www.adaderana.lk/sinhala/news.php?nid=11471