3D Movie Theaters Sri Lankawata

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    reald-pro-3d-projector-rm-eng.jpg

    0108_Avatar_theater_china_full_600.jpg

    ලබන වසරේ ශ්‍රී ලංකාවටත් 3D:D


    3Dතාක්ෂණය සහිත සිනමා ශාලාවක් සැකසීම අධික වැයක් සහිත කාර්යයක්. එහෙත් අපේ සමාගම නිරතුරුවම කැප වන්නේ ප්‍රේ්ක්ෂකයන්ට ඉහළම රසාස්වාදය සැපයීිමටයි. අනෙක් අතට නව තාක්ෂණය ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට යන්න බැහැ. ලබන වසර මැද භාගය වන විට කොළඹ ලිබර්ටි සිනමා ශාලාව 3Dතාක්ෂණයෙන් යුත් සිනමා හලක් බවට පත් කිරීමට අප සැලසුම් කරමින් සිටිනවා. එය මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ට සුබ ආරංචියක් වන බව අපට විශ්වාසයි.

    ජයරත්න ගලගෙදර මෙහෙයුම් විධායක (නිෂ්පාදන)
    ඊ. ඒ. පී චිත්‍රපට සමාගම



    ප්ලාස්මා තිරයක් හා ප්‍රක්ෂේපන යන්ත්‍ර දෙකක් සහිතව 3D චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා සිනමා හලක් සැකසීම වියදම් අධික කාර්යයක්. අපට මේ මොහොතේ ඒ ගැන සිතිය නොහැකිව තිබෙන්නේ මැජස්ටික් සාප්පු සංකීර්ණයේ දැනට තිබෙන සිනමා හලට අමතරව තවත් මිනි සිනමා ශාලාවන් දෙකක් තැනීමට අපි සැලසුම් කරගෙන සිටින නිසායි. එම කටයුතු නිම වූ පසු අප මෙම නව තාක්ෂණය අපේ සිනමා ශාලාවනට යොදා ගැනීම ගැන සිතා බලනවා.

    තුසිත ද අල්විස් විධායක නිලධාරී ප්‍රචාරක හා ප්‍රවර්ධන සී. ටී. ෆිල්ම්ස්
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    ත්‍රිමාන සිනමාව සඳහා මුලින්ම පේටන්ට් බලපත්‍රය ලබා ගත්තේ 1890 දීය. ඒ බ්‍රිතාන්‍ය ජාතික විලියම් ක්‍රොයිසෙ ග්‍රීන්ය.


    හොලිවුඩයෙන් එන අලුත්ම සිනමා පටවල නම අග 3D යන්න සඳහන්ව තිබීම සමහර විට ඔබ සිත්හි යම් කුකුසක් දනවන්නට ඇත. 3D යනු කුමක් ද? සාමාන්‍යයෙන් අප චිත්‍රපටයක් නරඹන්නේ උස හා පළල යන මාන දෙකෙන් යුතුවය. 3D චිත්‍රපටයක එම මාන දෙකට අමතරව ගැඹුර ද ඇතුළත් වෙයි. උස පළල හා ගැඹුර සහිතව චිත්‍රපටයක් නරඹන විට ප්‍රේක්ෂකයාට හැඟෙන්නේ තමා එම සිද්ධිය සිදු වන ස්ථානයේ සිටින බවකි.
    පුදගලයකුගේ මුහුණේ දෑස පිහිටා ඇත්තේ ස්ථාන දෙකකය. කෙනෙකුගේ දෑස් අතර පරතරය අඟල් 2.5 ක් පමණ වෙයි. එනිසා කෙනෙකු සිය දෑසෙන් යම් වස්තුවක් දෙස බලන විට එම වස්තුව දකින්නේ දර්ශන දෙකක් ලෙසිනි. එම දර්ශන දෙක අතර ඉතා සුළු වෙනසක් ද තිබේ.
    එය විෂම ද්‍රෘශ්‍යතාව ලෙස ද හැඳින්වෙයි. එම විෂමතාව ඒ ඒ පුද්ගලයාගේ මොළය විසින් සමතාවයට පත් කිරීම නිසා එම වස්තුව එක් රූපයක් ලෙස ත්‍රිමානව දර්ශනය වෙයි. මෙම ක්‍රියාවලියට අනුරූපව රූප ගත කර ප්‍රක්ෂේපනය කිරීම ත්‍රිමාන සිනමාව නැතහොත් 3D යනුවෙන් හැඳින්වෙයි. අද මෙම තාක්ෂණය සිනමාවට පමණක් නොව රූපවාහිනියට ද පැමිණ තිබේ. ත්‍රිමාන සිනමාව සඳහා මුලින්ම පේට්න්ට් බලපත්‍රයක් ලබාගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික විලියම් ක්‍රොයිසෙ ග්‍රීන්ය. ඒ 1890 වසරේදීය. කෙසේ වෙතත් 1950 දශකය වන තුරු 3D තාක්ෂණය එතරම් සාර්ථක වූයේ නැත. ඊට මූලිකවම හේතුව වූයේ ත්‍රිමාන චිත්‍රපටයක් නිපැයීමට අධික මුදලක් වැය වීමය.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    1952 – 1955 අතර කාලය ත්‍රිමාන සිනමාවේ ස්වර්ණමය යුගයක් ලෙස හැඳින්වෙන්නේ එම කාලය ඇතුළත ‘ද ෆ්‍රෙන්D ලයින්, කැට් වුමන් ඔෆ් ද මූන්, ක්‍රීචර් ෆ්‍රොම් ද බ්ලැක් ලගූ®න්, සහ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ ඇල්ෆ‍්‍රඩ් හිDකොක්ගේ ‘ඩයල් එම් ෆෝ මර්ඩර්’ වැනි ත්‍රිමාන චිත්‍රපට ඛ්හිපයක්ම ප්‍රදර්ශනය වූ බැවිනි. මෙම චිත්‍රපට නැරඹීමේදී ප්‍රේක්ෂකයන් විශේෂ උපැස් යුවළක් පැලඳිය යුතු වූයේය. එය ප්‍රේක්ෂකයන්ට මඳ අපහසුවක් ද වූයේය.

    ලොව ප්‍රථම ත්‍රිමාන චිත්‍රපටය වූයේ හවුස් ඔෆ් වැක්ස්ය. කෙසේ වෙතත් ත්‍රිමාන චිත්‍රපට එතරම් ප්‍රේක්ෂක අවධානයට ලක් නොවෙද්දී IMAX හා ඩිස්නි වැනි සමාගම් ප්‍රේක්ෂකයන්ට වඩාත් පහසු හා ඔහුගේ සිත් ඇද ගන්නා සුළු ත්‍රිමාන සිනමාවක් නිර්මාණය කිරීමට දිගින් දිගටම වෙහෙස වූයේය. බොහෝ දෙනා නොදනිතත් සාමාන්‍ය චිත්‍රපට ලෙස මහත් ජනප්‍රියත්වයට පත් සිනමා පට කිහිපයක්ම 1960 – 1980 කාලය ඇතුළත ත්‍රිමානව ද නිර්මාණය වූයේය.
    ස්ටීවන් ස්පීල්බර්ග් ගේ ජෝස් මෙන්ම අමිටිවිලෙ හා ෆ‍්‍රයිඩේ ද තර්ටීන්ත් තෙවැනි කොටස එම චිත්‍රපට අතර වෙයි.
    ත්‍රිමාන චිත්‍රපට වඩාත් පුළුල්ව නැවත උපත ලැබුවේ 1985 – 2003 අතර කාලයේය. ඒ සඳහා ද මූලික වූයේ IMAX සහ ඩිස්නි සමාගම්ය. IMAX සමාගම ‘වී ආ බෝන් ඔෆ් ස්ටාර්ස්’ ත්‍රිමාන චිත්‍රපටය නිපැයූ අතර, ඩිස්නි සමාගම Captain Eo යන චිත්‍රපටය නිපැයුවේය. එය සම්මානනීය සිනමාකරු ෆ‍්‍රැන්සිස් ෆෝඩ් කොපොලා ගේ අධ්‍යක්ෂණයක් වූ අතර, එහි ප්‍රධාන චරිතය රඟපෑවේ සුපිරි ගායකයකු හා වේග රිද්ම නර්තන රටාවන්ගේ නව හැඩ තල ලොවට ඉදිරිපත් කළ මයිකල් ජැක්සන්ය. එම චිත්‍රපට සුවිශේෂී ශාලාවන් හි ප්‍රදර්ශනය වූ අතර ඒවා නැරඹීමට විශේෂ උපැස් යුගලක් අවශ්‍ය වූයේ නැත. 2003 වසරේදී IMAX සමාගම ගොස්ට්ස් ඔෆ් දි ඇබිස්’ චිත්‍රපටයත්, 2006 වසරේදී ‘සුපර් මෑන් රිටර්න්ස්, චිත්‍රපටයත් නිපැයුවේය.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    උපැස් යුගලක් රහිතව ත්‍රිමාන චිත්‍රපට නැරඹීමට ඒ ශාලාවන්හි ‘ප්ලාස්මා තිර’ සවි වී තිබිය යුතුය. එම ප්ලාස්මා තිරය මතට ප්‍රක්ෂේපන යන්ත්‍ර දෙකකින් කෝන දෙකකින් චිත්‍රපටය ප්‍රක්ෂේපනය කළ යුතු වූයේය. මේ නව තාක්ෂණය ප්‍රේක්ෂකයන්ගේ සිත් ගත්තේය.
    1952 – 1955 ත්‍රිමාන සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස හැඳින් වුණ ද, ඇත්තෙන්ම ස්වර්ණමය යුගය එළඹෙමින් තිබෙන්නේ දැන්ය.
    2009 වසරේ ක්‍රිස්මස් කැරොල්, අයිස් ඒජ් – 3 හා ජේම්ස් කැමරන්ගේ අවතාර් ඇතුළු චිත්‍රපට දොළහක් තිරගත වූයේය.
    මෙහිදී ප්‍රේක්ෂකයන්ගේ දැඩි අවධානයට පාත්‍ර වූ චිත්‍රපටය ‘අවතාර්’ය. එය සාමාන්‍ය චිත්‍රපටයක් ලෙස මෙන්ම ත්‍රිමාන චිත්‍රපටයක් ලෙස ද ප්‍රේක්ෂකයන්ට මහත් අස්වාදයක් ලැබ දුන්නේය.
    2010 වසරේ ගත වු කාලය ඇතුළත ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ්, හව් ටු ට්‍රේන් යුවර් ඩ්‍රැගන්, ක්ලෑෂ් ඔෆ් ටයිටන්ස්, පිරානා සහ ස්ටෙප් අප් වැනි චිත්‍රපට ප්‍රදර්ශනය වූයේය.
    බොහෝ අය පවසන්නේ 2011 වසරේදී ත්‍රිමාන සිනමාව ලොව පුරා පුළුල්ව පැතිරෙන බවය. අද ත්‍රිමාන සිනමාව නරඹන්නට ප්‍රේක්ෂකයන්ට විශේෂ උපැස් යුවළ අවශ්‍ය නැතත් සිනමා ශාලාවනට ප්ලාස්මා තිරයක් සහ කෝණ දෙකකින් තිරය මතට රූප පතිත කිරීමට ප්‍රක්ෂේපන යන්ත්‍ර දෙකක් අවශ්‍ය වී තිබේ.
    ඒවා සහිත සිනමා ශාලාවක් සැකසීම අධික වැයක් සහිත කාර්යයක් වුව ද, නවීන තාක්ෂණය රහිත සිනමා පට ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතික්ෂේප වන බව ද සඳහන් කළ යුතුය. තවත් විශේෂ කාරණයක් වන්නේ ත්‍රිමානව නිපැයෙන චිත්‍රපටවල, සාමාන්‍ය ආකාරයට නැරඹිය හැකි දෙමාන චිත්‍රපට පිටපත් ද තවමත් නිකුත් වෙමින් තිබීමය. කෙසේ වෙතත් ඉක්මනින්ම ත්‍රිමාන පිටපත් පමණක් නිකුත් වීම ඇරඹෙන බවත්, හොලිවුඩය හා කරට කර තරග වදින බොලිවුඩය ද ඉක්මනින්ම ත්‍රිමාන තාක්ෂණය වැළඳ ගන්නා බවත් නිසැකය
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    niyamai mama mee bana bana hitiye lankaawe un ai 3D halls hadanne naththe kiyala shik puluwan tharam ikmanata haduwoth hondaaaa

    putta films tikak enawa 3D walin next year