මුහුදු_ලිහිණියාගේ_‘බෙට්ට’
මුහුදු ලිහිණියාගේ ‘බෙට්ට’
නැව් රැකියා කරන්නෙකු (සීමන්) හා මුහුදු කොල්ලකරුවෙකු (පයිරට්) මුණ ගැසී මුහුදේ ඔවුන් කළ වීර ක්රියාවන් ගැන විස්තර කරමින් සිටියහ.
මුහුදු කොල්ලකරුගේ බාගෙට එල්ලෙන කකුලත්, අතේ කොටසකට ඈඳා තිබූ කොක්කත්, ඇසක් වසා තිබූ කළු පැලැස්තරයත් දෙස අවධානය යොමු කල ‘සීමන්’ ‘ඉතිං කියන්නකෝ ඔබේ කකුලේ කොටසක් නැතිවුනේ කොහොමද කියලා ?’ යැයි ඇසුවේය.
‘ඒක වුනේ මෙහෙමයි ’ මුහුදු කොල්ලකරු කතාව පටන් ගත්තේය. ‘දවසක් මුහුද මැදදී අපි දරුණු කුණාටුවකට අහු වුණා. යෝධ රැල්ලක් ඇවිත් මාව වතුරට ඇදගෙන ගියා. මගේ පිරිස මාව ආපහු මුහුදෙන් නැවට ඇදලා ගන්නවාත් එක්කම ආපු මෝරු රංචුවක් මගේ කකුලෙන් කෑල්ලක් කඩා ගත්තා’.
‘අපොයි, අපොයි ’ සීමන් එක්වරම හඬ නගා කීවේය.
‘එතකොට ඔය එක අතකට සවි කරලා තියෙන කොක්ක ?’
‘ආ. . . ඒක ද?’ මුහුදු කොල්ලකරු දිගටම විස්තර කරන්නට විය. ‘අපි තවත් දවසක වෙළෙඳ නෞකාවක් කොල්ලකමින් සිටියා. තුවක්කු පත්තු වෙනවා. කඩු ඒ මේ අත වැනෙනවා. කොහොම හරි ඒ වෙලාවේ මගේ අතේ කෑල්ලක් කැපිලා ගියා’.
‘අහෝ දෙවියනි !’ යැයි සීමන්ගේ මුවින් පිටවිණි. ‘එතකොට ඔය ඇහැට පැලැස්තරයක් දාන්න වුණේ කොහොමද ?’
‘දවසක් අහසේ පියාඹමින් හිටපු මුහුදු ලිහිණියෙකුගේ බෙට්ටක් මගේ ඇහැට වැටුනා’ මුහුදු කොල්ලකරු පිළිතුරු දුන්නේ්ය.
‘එතකොට ඔබ කියන්නේ ඉතාමත් අවදානම් ක්රියාවන් ජය ගත් ඔබ ඔබේ ඇහැක් නැති කර ගත්තේ මුහුදු ලිහිණියෙකුගේ බෙට්ටකට කියලද?’ විශ්වාස කිරීමට මැලි බවක් දක්වමින් සීමන් ඇසුවේය.
‘ආ.....’ මුහුදු කොල්ලකරු ගණනකට නොගෙන කීවේය.
‘එදා මගේ අතට කොක්ක හයි කරපු පළවෙනි දවසයි ’.
උපුටා ගැනීම දිනමිණ
හොඳනම් රෙප් එකකුත් දීලා යන්න. . . . . . . . . . . . .

rep+++