කෝ තොපි ගත්තු හාල්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    යුද හමුදාව මැදියත් වෙයි.. සහල් මාෆියාව බිදී.. දෙසතියට වී කිලෝ ලක්‍ෂ 33ක් ගනී..
    February 13, 2020 at 12:00 pm | lanka C news
    ගෙවුණු සති දෙකක කාලය තුළ යුද හමුදා මැදිහත් වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී කිලෝ ලක්ෂ තිස් තුනක පමණ ප්‍රමාණයක් මිලදී ගෙන ඇත.

    මෙරට ක්‍රියාත්මක සහල් මාෆියාව බිඳ දැමීමේ අරමුණින් යුධ හමුදා මැදිහත් වී මෙම වී මිලදී ගැනීමේ කටයුත්ත ක්‍රියාත්මක වෙයි.

    රට පුරා පිහිටි සියලු ආරක්ෂක මූලස්ථානනග මැදිහත්වීමෙන් මෙම කටයුත්ත සිදු කෙරේ.

    වී වලට සහතික මිලක් ලබාදීමත් ගොවියාට උපරිම මිලක් ලබාදීමට මෙහිදී අරමුණු කර ඇත.

    වී අලෙවි මණ්ඩලය සතු ව පවතින ගබඩා තිස්අටක් යුදහමුදාව විසින් අලුත්වැඩියා කර තිබේ.

    135 views




    119993369_10158695890783351_7418371635989366138_n.jpg



    ඩඩ්ලිගේ අරලිට සහල් මෝල රජයට..
    May 27, 2020 at 10:00 am | lanka C news
    ඩඩ්ලිගේ අරලිට සහල් මෝල රජයට..

    තමා අවංකව ව්‍යාපාර කටයුතුවල නිරතවන නමුත් ජනමාධ්‍ය ආයතන විසින් තමාට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන්ට වැඩි ඉඩක් ලබාදෙමින් තමාට පහර දෙන බව සහල් ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන පැවැසීය.

    එසේම තමාද අතිවිශාල බැංකු ණයක් සමගින් පවත්වාගෙන යන සහල් ව්‍යාපාරය ඕනෑම අවස්ථාවක රජයට පවරා ගැනීමට විරුද්ධ නොවන බවද හෙතෙම සඳහන් කළේය. ඩඩ්ලි සිරිසේන මේ බව සඳහන් කළේ රජය විසින් රට තුළ පවතිනවා යැයි කියන සහල් තොග ප්‍රමාණ සාවද්‍ය බව ප්‍රකාශ කිරීම සඳහා කඩවත ඔහුගේ ව්‍යාපාරික ආයතනයේ ඊයේ (26 වැනිදා) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

    රජය පවසන ආකාරයට රට තුළ සහල් තොග නොමැති බවකී. ඒ මහතා මෙසේද කීවේය.

    ‘‘රටේ වී මෙට්‍රික්ටොන් ලක්ෂ තිස්දෙකක් තියෙනව කියල රජය වාර්තාවක් හදල තියෙනවා. නමුත් මේ සංඛ්‍යා ලේඛන වැරදියි. පසුගියදාක පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් මගේ මෝලට ආපු වෙලාවෙත් මම මේක කියන්න උත්සාහ කළා. නමුත් අවාසනාවකට එතුමන්ලා මේ ගැන අවධානය යොමු කළේ නැහැ. මේ රටේ දේශපාලනඥයො පක්ෂ විපක්ෂ භේදයක් නැතුව ප්‍රශ්නයක් තමන්ගේ වාසියට හරව ගන්නවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපේ පක්ෂයේ අයත් ඉතාමත් පහත් ආකාරයෙන් කටයුතු කරනවා.

    මා සතුව වී මෙට්‍රික් ටොන් අසූපන්දාහක් තියෙනවා. වෙනත් මෝල්වල තියෙන තොග එකට එකතු කළත් පෞද්ගලික මෝල් හිමියෝ සන්තකයේ තියෙන්නේ වී මෙට්‍රික් ටොන් හයලක්ෂ පනස්දාහක් විතරයි.

    මම ඉතාම වගකීමෙන් කියන්නේ මුළු රටේම වී මෙට්‍රික් ටොන් ලක්ෂ දාසයක් තියාගෙන මෙට්‍රික් ටොන් ලක්ෂ තිස්දෙකක සහල් ඉල්ලන්නේ ජනාධිපතිවරයා අපහසුතාවට පත් කරන්න. රජය අපහසුතාවට පත්කරන්න. අපි වගේ මේ රටේ දේශීය ව්‍යාපාරිකයො අපහසුතාවයට පත්කරන්න. මේ රටේ මානසිකත්වය විනාශ කරන්න.

    මෙතැන තව ප්‍රශ්නයක් තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය කියනවනම් රටේ තියෙන බිම් ප්‍රමාණයට අනුව මේ කියන වී ප්‍රමාණය ලැබෙන්න ඕනෑ කියලා, නමුත් ඒ ප්‍රමාණය ලැබිල නැත්නම්, ඒ කියන්නේ රටේ ගොවි ජනතාවගෙ ආදායම සීයට පනහකින් අඩුවෙලා කියන එක. මේක කොරෝනාවලට වඩා දරුණු තත්ත්වයක්.

    ඒ වගේම වී මෙට්‍රික් ටොන් ලක්ෂ තිස් දෙකක් තියෙනව කියල අමාත්‍යාංශය කියනවනම්, මාසෙකට රටේ සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතළිස් දාහක් නම් ඒ වගේ දොළහක්, ඒ කියන්නෙ අවුරුද්දකට මෙට්‍රික් ටොන් විසිඅට ලක්ෂ අනූදාහයි හාල් ඕනෑ. එහෙනම් අවුරුද්දට කාල තවත් මෙට්‍රික් ටොන් හාර ලක්ෂයක් ඉතුරු වෙන්න ඕනෑ. නමුත් කෝ වී?

    ඒ නිසා මම අතිගරු ජනාධිපතිවරයාට කියන්නෙ, මේ වගේ වැරදි තොරතුරු දීමෙන් ඔබතුමාට උදව් කිරීමටත් අපිට හැකියාවක් නැතිව යනවා. මේ ගැන හරි තොරතුරු දන්නේ නැතුව කටමැත දොඩවන්න දේශපාලනඥයන්ට අවශ්‍ය නම් මේ තොරතුරු ලබාදෙන්න පුළුවන්’’

    මෙහිදී මාධ්‍යවේදීන් ඩඩ්ලි සිරිසේන වෙත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළේය.

    රජය වීවලට රුපියල් පනහක සහතික මිලක් නියම කර තියෙනවා. ඔබ රුපියල් පනස්පහට වී මිලදී ගන්නවා. කවුද ඔබට කිව්වෙ පනස්පහකට ගන්න කියලා? ඔබ පනස් පහට ගන්න කොට ගොවියා රජයට පනහට වී දෙන්නෙ නැහැ?

    රජය රුපියල් පනහට ගන්නව කිව්වට රජයට කොච්චර වියදමක් යනවද? රජයට කොස්ට් එක (වියදම) රුපියල් හැටක් යනවා. හරිනම් ඒවා විකුණන්න ඕනෑ එකසිය විස්සට. රජය කියන්නේ මේ රටේ මහජනතාවගෙ මුදල්. ඒ මුදල් ගැන කැක්කුමක් නැතිඑක තමයි මෙතන තියෙන ගැටලුව. රජය කරන්න ඕනෑ පාලන මිල පාලනය කිරීම පමණයි.එහෙම නැතිව හොරු හදාගෙන දඟලන්නෙ මොකටද

    අරුණ- ඔබ පනස් පහට වී මිලදී අරගෙන කීයටද විකුණන්නෙ?

    රජයේ පාලන මිලට තමයි අපි විකුණන්නෙ. අපි අනූනවයට විකුණනවා. නමුත් රජයේ පාලන මිලට අපි එකඟ වුණාට එතන අපිට ප්‍රශ්නයක් තියෙනවා. රජය මැදිහත් වෙලා ඒ ගැන යම් තීන්දුවක් අද හෙට ගනී. වෙනදා වගේ ලොකු ලාභයක් නැති නිසා අපිට ලොකු උනන්දුවකුත් නෑ. අපි තියෙන දෙයක් බලල විකුණල දානවා. මේ විදිහට රුපියල් අනූවෙ පාලන මිලට සහල් තියෙන්නේ ලොකුමෝල් දහයක් පහළොවක් ඉතුරු වෙන්න පොඩි මෝල් සියල්ලම වැහිල යයි. ලබන කන්නෙ අපි විතරක් ඉතුරු වෙයි. එතකොට ඔය කියන මාධ්‍යයටයි, දේශපාලනඥයන්ටයි කටයි අනිත් ඒවයි වහගෙන ඉන්න වෙයි. එතකොට වී ටික අපිට තමයි ගන්න වෙන්නෙ.

    දැන් මට විරුද්ධව පොළොන්නරුවේ වී මෝල් සංගම් කිහිපයක් දිගින් දිගටම කතා කළා. ඔය මට විරුද්ධව කතා කරන සංගම්වල ලේකම්වරු, සභාපතිවරු අඩුම තරමින් බැංකු පහකට හයකට පොලු තියලයි තියෙන්නෙ. අනිත් කට්ටිය වී අලෙවි මණ්ඩලයෙන් වී අරගෙන ඒවට හාල් නොදීපු කණ්ඩායමක්.

    ඔබට චෝදනා කරනවා සහල් අලෙවි කරන මිලට නෙමෙයි බිල්පත් නිකුත් කරන්නෙ කියලා?

    එහෙම චෝදනා කරනවනම් මොකක් හරි ලියවිල්ලක් ඉදිරිපත් කරන්න එපැයි. අපි එහෙම කරල නැහැ. මම විතරක් බිලියන දෙකහමාරක හාල් පොඩි පොඩි කඩවලට දාලා තියෙනවා. ඒගොල්ලෝ දුවන්නේ මගෙ හාල්වලින්. අපි සල්ලි ටිකක් දාගෙන හාල් ටික යවනවා. පසුගිය ණයවල කොටසක් එකතු කරනවා. එහෙම සිදුවීම් නම් වෙන්න ඇති. රුපියල් පනහට අරගෙන අනූවට හාල්දෙන්න බැහැ කියන ප්‍රශ්නෙනෙ මේ තියෙන්නේ. අපි ලාභ නෑ කියන්නෙ නෑ. නමුත් ඇත්තම තත්ත්වය තමයි අපි කියන්නේ. අනූවට දුන්නොත් අපේ බැංකු ණය බේරගන්න බෑ.

    නමුත් ඔබ පසුගිය දවසකක කිව්වා මාස තුනක් මුළු රටටම කන්න දෙන්න පුළුවන් කියල. එහෙම කියල කියනවා අනූවට දුන්නම පාඩුයි කියලා.

    එහෙම කරන්න තිබුණා මිනිස්සුන්ට යනඑනමං නැති වුණානං. නමුත් රජය කොරෝනා පාලනය කරල තියෙනවා. අද මිනිස්සු කුලියක් මලියක් කරගන්නවා. ඔය කියන විදිහට හැමදාම නිකං දෙන්න බැහැ. මහ ව්‍යසන තත්ත්වයක් ආවනම් මම හාල් නිකං දෙනව තමයි. අද රජයේ කුඹුරු ඉඩම්වලින් තුනෙන් එකක හැදෙන්නේ තණකොළ. ඒක තමයි මේ ආදායම් මෙහෙම අඩුවුණේ.

    අරුණ- වෙළෙන්දෝ චෝදනා කරන්නේ නාඩු ගන්නවනම් කීරි සම්බත් ඒ ප්‍රමාණෙම ගන්න කියල ඔබ බලපෑම් කරනව කියල?

    මගේ ළඟ තියෙන්නේ කීරි සම්බා. මම මොකද කරන්නේ? මගේ ප්‍රශ්නෙටත් ඔයා උත්තර දෙන්නකෝ. තව දවස් පහළොවකින්, විස්සකින් සම්බා කියන සහල් වර්ගය මේ රටේ නැතිවෙනවා. මමද ඒකට වැරදි? මිනිස්සුන්ට ආදායම වැඩි නාඩුවලින්නම් ලබන කන්නේ වෙනකොට සම්බා, කීරිසම්බා නැතිවෙනවා. ඇත්තටම මේ වී වර්ග තුනට මිල ගණන් තුනක් තිබිය යුතුයි. එහෙම නැතුවම එකම මිල දාපුවම මේ ගැටලුව එනවා. නාඩු කියන වර්ගයේ තමයි ආදායම වැඩි. සම්බා කියන වර්ගයේ ආදායම කොහොමත් අඩුයි. ඊටත් වැඩිය අඩුයි කීරි සම්බා.

    අරුණ- රටේ තවත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ ඉන්දැද්දි ඔබේ මෝලට රජයේ නිලධාරීන් පැනපු එකට විතරක් මෙච්චර කලබල වෙන්නේ මොකද?

    පාරිභෝගික අධිකාරියේ සභාපතිට මම කීප සැරයක් පෞද්ගලිකව කතා කරලා කිව්වා ඇවිල්ල මේ ස්ටොක් (තොග) බලන්න කියලා. එතුමාට වරදක් කියන්න බැහැ. ඒත් එක අධ්‍යක්ෂ කෙනෙක් නම් ආවා. මට හරි කනගාටුයි එතුමා ගැන. මම පස්සෙයි දන්නේ එතුමා මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරයෙක් වෙලා ඉඳලා දැන් පොහොට්ටුවට ආපු කෙනෙක් කියලා.

    අරුණ- ඔබ ජනාධිපතිවරයාට මෙතරම් සහය පළ කරද්දී ඇයි ඔබට මේ තරම් පහර දෙන්නේ?. විශේෂයෙන් රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා කියනවා ඔබට පහුගිය කාලේ වැඩ කරපු විදියට දැන් සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ කියලා?

    මොනවද එයා මගේ නතර කරන්නේ? ඊළඟ මැතිවරණයේ ලැබෙන ස්ථානය පිළිබඳව තමයි එයාට ප්‍රශ්නයක් තියෙන්නේ. එතුමා දේශපාලනයට ගෙනාවේ මම. මම ඡන්දේ කාලෙට ඔය අයියට උදව් කරනවා විතරයි. මම ජාතික තාලයේදී සියලුම දේශපාලන පක්ෂවල නායකයෝ එක්ක ගනුදෙනු කරනවා. එයාට තියෙන්නේ පෞද්ගලික ප්‍රශ්නයක්. එයා කියන විදිහට එයා පොළොන්නරුවේ අංක එකට එන්න ඕනනේ. එයාගේ ඊළඟ හතුරා තමයි සිරිපාල ගම්ලත්. මොකද එයාටත් වී මෝලක්නේ තියෙන්නේ. පළවෙනි තරහකාරයා මෛත්‍රීපාල සිරිසේන. ඕවා පෞද්ගලික ප්‍රශ්න. අපිත් මිනිස්සුනේ. අපේ කටිනුත් , අවශ්‍ය නැති දේවල් පිටවෙනවා.

    මට ජීවත් වෙන්න ඕන තරම් වෙන ව්‍යාපාර තියෙනවා. ඕනේ නම් මේක රජයට පවරා ගන්න. දැන් බලන්න ඇතැම් රූපවාහිනී නාලිකා මට විරුද්ධව මොනවා හරි තියෙනවා නම් පාරේ යන මිනිහෙක්ගෙන් හරි කෑල්ලක් අරගෙන ගහනවා. වගකීමෙන් වටිනා ප්‍රවෘත්තියක් මිනිස්සුන්ට දෙන්නකෝ. හැම වෙලාවෙම ගැටුමක් ඇති කරනවා. මාවයි, රොෂාන්වයි, මාවයි, නාමල්වයි හප්පවනවා.

    අරුණ- නමුත් ඔබමනේ ප්‍රසිද්ධියේ ඔය කියන නම් කියලා තප්පුලනවා, උඩු බුරනවා කියලා කිව්වේ. එහෙම කියලා ජනමාධ්‍යවලට බැණලා තේරුමක් නැහැනේ?

    ඒවා ප්‍රචාරය කරන්නේ ඔයාලනේ.

    අරුණ- ඔබ දැන් එහෙම කියලා පස්සේ කියනවා මට කේන්ති ගිය වෙලාවට එහෙම කියවුණා කියලා. දැන් එතකොට මේක ජනමාධ්‍යයේ වැරැද්දක්ද?

    එයාලා මෙච්චර කල් වාර්තා කරපුවා ඔක්කොම හරිද? ඔය උත්තර සමාජෙට හානි කරලා නැතුව ඇති. පොඩි දේවල් උඩට ගෙනිහින් පුදුමාකාර බේද ඇති කරලා මිනිස්සු මිනීමරා ගන්නේ නැද්ද?

    අරුණ- ඔබ කියන කතාවෙම පරස්පරයක් තියෙනවානේ. ජනමාධ්‍ය ආයතන කරන්නේ ඔබේ කතාවත්, අනෙක් කතාවත් පළකිරීම. නමුත්, ඔබට රිදෙනකොට ඒක වැරදියි?

    මට වැඩිය ලොකු කෙනෙක් හරි වැඩකට නැති පිස්සු කතාවක් කරනවා නම් ඒක අත ඇරලා දාන්න ඕනෑ.

    අරුණ- එතකොට ඔබට නොගැළපෙන දේවල් පිස්සු කතන්දර?

    මට බැණපු හින්දා කියනවා නෙමෙයි. ඔයා එන්නකෝ පොළොන්නරුවට. මට බැණපු උන් ටිකගේ විස්තර ටික දෙන්න. එයාලගේ නිව්ස්ද නිව්ස්? මගේ අයියත් මාධ්‍යවේදියෙක්නේ. මාධ්‍ය ආයතන අතර විශාල තරගයක් තියෙන නිසා ඔයාලටත් ඒවා දාන්න වෙලා තියෙනවා.

    ඔබ දිගින් දිගටම ජනමාධ්‍ය්‍යට චෝදනා කරන්නේ ඔබට විරුද්ධව කතා කරපු අයට ප්‍රචාරයක් ලබාදුන්නා කියලයි. ඒක ජනමාධ්‍යයේ වරදක්ද?ඔබ ඔබේ වෘත්තිය ගැන දන්නවා. ඔබට සහල්වලට මිලක් නියම කරන්න පුළුවන්. ඔබ කොහොමද ජනමාධ්‍ය ඔස්සේ පළ කළ යුත්ත තීරණය කරන්නේ? එය ඔබට වාසි සහගත දේ පමණක් විය යුතුයි කියලද කියන්නේ?

    හරි හරි සමාවෙන්න.

    අරුණ- ජනමාධ්‍යයේ වගකීම තමයි ගැටලුවකදී සියලු පාර්ශ්වවලට එක හා සමානව අවස්ථාව ලබාදීම. එතැනදී ඒකපාර්ශ්වික අදහසකින් ඔබට රිදෙන කොට ඔබ අපිට චෝදනා කරනවා?

    පොළොන්නරුවේ එක සංගමයක සභාපති ලංකා බැංකුවට මිලියන තුන්සීයක් පොල්ල තියපු කෙනෙක්. ඒ නිසා ස්ටාෆ් එකේ රස්සාවලුත් නැති වුණා. එයාලගේ පැත්ත ගැන කිසි කොලිටියක් නැහැනේ.
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Katin bathala wath hitawanna beri ewun inne. dadley ta baye amberenawa dan. kiuwenam yudde kara kiyala.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ෂුවර් එකටම අනුර කුමාරයා හාල් හංගල ඇති
     
    • Haha
    Reactions: BuLaTha

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොන මොන කතා කීවත් වී අලෙවි මණ්ඩලේට කැපැසිටියක් නෑ ලංකාවටම කන්න දෙන්න හාල් හදන්න.... දැන් තනිකරම හාල් බිස්නස් එක තියෙන්නේ ලංකාවේ මුදලාලිලා 4 දෙනෙක් ලග ...... දැනට අවුරුදු 8-10 ක ඉදල මේ මුදලාලිලා මේ විදියට පෝෂණය උනේ රජයෙන් සහන මුදලට ගත්ත ණය වලින් ... ඒ අතරට කුඩා පරිමාණ හාල් මෝල් හිිමියන් විශාල පිරිසක් හිටියා..... 2015 ඉදල කුඩා පරිමාණ මෝල් හිමියන්ට නොයෙක් ගැහැට වලට මුනදුන්නා....රජය ඒ අය නොසලකා හැරියා.... ගොඩ දෙනෙක් ලොකු මුදලාලිලාට විකුණුනා..... බහුතරය බිස්නස් එක අතෑරියා.... විධායක බලය පාවිච්චි කරල මහා පරිමාණ මෝල් හිමියෝ තමන්ගේ ඒකාධිකාරය හදාගත්තා..... ඒ අතර සතොසෙන් රටින් ගේන හාල් අඩුම සත්තුන්ටවත් දෙන්න බැරි හාල් ගෙන්නන්න ගත්ත සතොම බාර ඇමටියා....කිසිම හේතුවක් නැතිව ඒ දවස්වල නාඩු 105-110 දක්වා මිලකට ගියා...... කෘතීමව හාල් හිගයක් මැව්වා..... දැන් හාල් ඒකාධිකාරය බිදින්න අමාරුයි.... මොකද ඒ තරමටම උන් ශක්තිමත්..... ලංකාවට අවුරුදු 2 කටදෙන්න හාල් තියෙනවා.... ඒ වගේම තාක්ෂණය තියෙනවා.... උපකරණ තියෙනවා.... උන් බය නැහැ... උන් මේ ත්ත්වෙට ගේන්න උදව් කලෙත් ආණ්ඩුවමයි....
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,257
    166,492
    113
    එකමත් එක රටක
    ඇයි බන් දේශීයව නිෂ්පාදනය කරන්න පුලුවන් ඒවා රටින් ගේන්නේ ?? කහ වගේ තහනම් කරල දේශීය ගොවියාට සප් එකක් දුන්න නම් හරිනේ. :lol:
     
    • Haha
    Reactions: topkollek