මඩකලපුව

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේ මම මඩකලපුවෙ කරපු සංචාරයකදි ගත්තු පින්තූර ටිකක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුවා.;)



    කොළඹ ඉඳන් මඩකලපු යන්න ලේසිම පාර තමයි කුරුණෑගල දඹුල්ල හබරණ පොලොන්නරුව හරහා යනඑක.මේ සංචාරයට කැමති නම් පොලොන්නරුවත් එකතු කර ගන්න පුළුවන්.
    පොලොන්නරුව පහු වුනාම ඊළඟට හම්බ වෙන්නෙ මනම්පිටිය.මනම්පිටිය කිව්වම මතක් වෙන්නෙ පාලම.මනම්පිටිය පාලම හරිම විශේශ දුර්ලබ එකක්.
    එකක් මහවැලි ගඟ හරහා ඇති දිගම පාලම වීම.
    අනෙත් කරුන තමයි දුම්රිය සහ අනෙකුත් වාහන සියල්ලම එකම පාලමකින් ගමන් කිරීම.මේ වගේ පාලම් ලංකවටම තියෙන්නේ දෙකයි.අනෙත් එක තියෙන්නේ වාලච්චේනෙ.
    ඒත් දැන් නම් අනෙකුත් වාහන සඳහා මනම්පිටියෙ අළුතින් පාලමක් ඉඳි කරලා.
    දිඹුලාගල ආරණ්‍ය බලන්න යනව නම් ඒ සඳහා හැරෙන්න තියෙන්නේ මනම්පිටිය පාලම පහු කරපු ගමන්මයි.

    ඊලඟට හම්බ වෙන්නේ වැලිකන්ද.මතක ඇතිව වැලිකන්දෙ උණුවතුර ලිං බලන්න යන්න.මමත් ඒ ගැන දැන ගත්තෙ මේ සංචාරය ගිහින් ආවට පස්සෙ ඒ හින්ද මට ඒ අවස්ථාව මඟ හැරුණා.

    ඊලඟට වාලච්චේනෙයි.වාලච්චේනෙදි අර මම කලින් කිව්ව ලංකාව දැනට භාවිතා වෙන ඒ ආකාරයේ එකම පාලමෙන් ගමන් කරන්න පුළුවන්. දැන් එහෙත් අළුතින් පාලම්ක් ඉදි වෙන හින්දා ඒ අවස්ථාව තියෙන්නේ ටික කාලයයි.

    පාසිකුඩා යනවනම් යන්න ඕනෙ වාලච්චේනෙන් හැරිලා.

    ඊලඟට මඩ කලපුව.
    මඩ කලපුව ඉතින් මඩකලපුවක්ම තමයි.වටේටම තියෙන්නේ මඩ පිරිච්ච මඩ කලපුව.

    19135141.jpg



    මඩකලපුව පිරෙන්නම ඉන්නෙ ජෙලි ෆිෂ්ලා

    95224689.jpg




    මේ තියෙන්නේ මඩකලපු දුම්රිය ස්ථානය.දැන් නම් කෝච්චිය බය නැතිව මඩකලපුවට එනවා.මෙතන දැන් සෑහෙන්න කාර්ය බහුලයි.ස්ටේශන් එක ඇතුලට යන්න ආසාව තිබුණට එතන සෙනඟ ගොඩාක් හිටපු හින්දා ඒ අදහස අතහරින්න වුනා.

    23866836.jpg



    මඩකලපු නගරය තුල එකම සිංහල බෞද්ධයෙකුවත් ජීවත්ව නැති වුනත් නගරය මැද පන්සලක් තියෙනවා.ඒ වගේම මේ පන්සලයි කෝවිලයි වෙන් වෙලා තියෙන්නේ එක තාප්පයකින්.

    79109957.jpg


    19256865.jpg



    අහල තියෙනවනේ කල්ලඩි පාලම. අර සින්දු කියන මාළුවො ඉන්නවයි කියන්නේ.
    ඒත් උන්ට වෙඩි වැදිලද කොහෙද දැන් නම් සින්දු කියන මාළු නෑ ඉන්නෙ ජෙලි ෆිෂ්ල විතරයි.

    40850118.jpg


    මම මේක ගත්තෙ කල්ලඩි පාලම උඩ ඉඳන්

    10854503.jpg



    අපි මුහුදු වෙරළට යන්නෙ පුරුදු වෙලා ඉන්නෙ හවස් වෙලාවට ඉර බහිනවා බලන්න.ඒ අපි බටහිර වෙරළ කිට්ටුව ජීවත් වෙන හින්දා.ඉතින් ඉර නැගෙන වෙලාවට නැගෙනහිර වෙරළට යන එක අපිට අළුත් අත්දැකීමක්.
    නැගෙනහිර වෙරළින් ලංකාවට හිරු නැගෙන දර්ශනය කොච්චර ලස්සනද

    83425137.jpg


    99014059.jpg


    29881266.jpg


    ඒ වගේම රෑට මුහුදු ගිහින් උදේට වෙරළට එන ධීවරයින්ගෙ දර්ශණයත් මඩකලපු වෙරලෙ සුලභයි.

    නවීන බෝට්ටු වගේම පැරණි ඔරුත් තාම තියෙනවා

    97190166.jpg


    බෝට්ටු ගොඩට අදින එක තමයි අමාරු.

    44924929.jpg



    මෙතනින් අළුත් මාළු අඩුවට ගන්නත් පුළුවන්.

    56190343.jpg


    මඩකලපු සංචාරයෙ පින්තූර නම් මගෙ ලඟ ඔච්චරයි තියෙන්නේ.ඔයගොල්ලොත් පුළුවන් වෙලාවක මඩකලපු ගිහින් තව පින්තූර අපිත් එක්ක බෙදා ගන්න.:D:D:D:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    elazzz !! good post !! :D lassanai machan sun rise pictures tikath !! aluth athdakeemak !! :D Sunset balama purudu apita :D
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    tnx machan +

    :D:D
    maru machan elassssssss

    thankss macho..
    නියමයි.......අර ඉර බහිනකොට අරන් තියෙන Pictures එහෙම මරු.......:)
    Thnx for Sharing......;)
    Rep++

    මචන් ඒව ඉර නගිනකොට ගත්තුවා;)
    thankss broo:D

    ela ban
    rep++

    :D
    Nice sharing...........:D
    :D


    :D
    :D;)
     
    • Like
    Reactions: charitha.123

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මච0 එහේ ගිහින් නව්තින්න ප්ලෙස් හොයා ගත්තේ කොහොමද???

    රෙප්++
    :D:D
     
    • Like
    Reactions: cspmaxx

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ela ela macho math last week hityte batticoalo thama,kalladi wala raeta handa eliya watila tiyenwa maxxa neda machn,
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මච0 එහේ ගිහින් නව්තින්න ප්ලෙස් හොයා ගත්තේ කොහොමද???

    රෙප්++
    :D:D

    දැන් එහේ නවතින්න තැන් ඕන තරම් හොයා ගන්න පුළුවන් මචන්.
    ටවුන් එකෙන් ටිකක් ඇතුලට වෙන්න ඕනතරම් තැන් තියෙනවා :D:D:D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ela ela macho math last week hityte batticoalo thama,kalladi wala raeta handa eliya watila tiyenwa maxxa neda machn,

    එල.මට ඒ අත්දැකීම නම් විඳගන්න ලැබුනෙ නෑ මචෝ:(
    ඒත් කල්ලඩිය දැක්කම ඒ අත්දැකීම මොනතරම් ලස්සන ඇතිද කියල හිතා ගන්න පුළුවන්.:D

    තෑන්ක්ස් මචෝ