රූමස්සල|Roomassala[My Journey]

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    wait a bit for image loading

    කවුරුත් අහලා ඇතිනේ රූමස්සල ගැන.කොලඹ පැත්තෙ ඉඳලා එනවා නම්.උනවටුනට ඇවිල්ලා කාගෙන් හරි අහන්න.අනිවා කියනවා.



    රාම,රාවණා කතා පුවතට සම්බන්ධව හනුමන්තා විසින් හිමාලයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එන ලද විශාල ශිඛර කොටසක් ලෙසයි රූමස්සල ප්‍රවාද වල හැඳිවෙන්නෙ.ප්‍රවාදය ප්‍රායෝගිකව අපට පිලිගන්න බැරි උනත් ලංකාවේ අනික් පලාත්වලට සාපේක්ශව බැලුවහාම රූමස්සල ශිඛරය අවට ප්‍රදේශවල ශාක ව්‍යාප්තිය අතර කුඩා වෙනස්කම් තියනවා. ඉන්දියාවේ හිමාලයාන් කන්ද ආශ්‍රිතව වැවෙන දුර්ලබ ඖෂධ විශේෂ පවා අතීතයේ රූමස්සල අවටින් වාර්ථා වි තිබීම සුවිශේෂයි.

    රූමස්සල සම්බන්ධයෙන් තවත් ඉතා අප්‍රකට ප්‍රවාදයක් ඇති බව RuZZaට දැන ගන්න ලැබුනේ මේ ලඟකදි.ඒ තරමක් වයස්ගත ස්වාමීන් වහන්සෙ කෙනෙක්ගෙන්.උන්වහන්සේ කියන විදියට
    එයටත් රාවණා යුගය සම්බන්ධකමක් තියනවා.

    අතිතයේ රාවනා යුගයේ බාවිතා කල විමාන(හෙලයන්ගේ ගුවන් යානා ) එහෙමත් නැත්නම් විවහාරයේ යෙදෙන දඬුමොනර ගොඩබැස් වීම කල ස්ථානයක් ලෙසත් රූමස්සල හැඳින්වෙනවා
    විශේෂත්වය වෙන්නෙ ඒ ගොඩබැස්සවීම් කරලා තියෙන්නෙ ගුරුත්වය මත බලපෑම් කිරීමෙන්ලු.
    සරලව කිව්වොත් ගුරුත්වය මත බලපෑම් කල හැකි එනම් ගුරුත්වය සීරු මාරු කල හැකි ක්‍රම අතීත හෙලයන් සතුව තිබූ බව.
    එම බලපෑම් හේතුවෙන් මීට කාලෙකට ඉස්සරවෙලා කුඩා චන්ද්‍රිකා උනවටුන මුහුදු තීරයට කඩාගෙන වැටිලා තියනවාලූ.

    (ඒත් සමහර අය මේක ඇහුවම හිනාවෙයි.අපෝ ඕවා බොරු මොන හිතලුද කියයි.ඒත් අපි අතීතයට පොඩ්ඩක් එබිලා බලමු.සීගිරිය,ඡෙතවනාරාමය වගේ විශ්මිත නිර්මාණ දිහා බලනකොට අපිට මේ ප්‍රවාදය බොරු යැයි කියා එක හෙලාම බැහැර කල හැකිද?තීරණය ඔබ සතුයි.)

    ______________________________________



    මේ තියෙන්නෙ රූමස්සල කඳුමුදුනෙ පිහිටා තියන කුඩා චෛත්‍ය.


    xxxxxxxxxxxxv.jpg



    tmple.jpg




    හෆෝඕඕඕඕයි ..... කියන්න අමතක උනානේ.රූමස්සල කියන්නෙ සතියේ දවස්වල වැඩිපුර සෙනඟ ගැවසෙන තැනක් නෙවෙයිනේ.ඉතින් සමහර වෙලාවට චෛත්‍ය පාමුලට බල්ලෝ එනවා.උන්ට දෙයියන්ගේ පොල් කැවිලද මන්ද මිනිස්සු දාලායන සෙරෙප්පු උස්සගෙන යනවා.එකෙක් RuZZaගෙ sandal එකකුත් උස්සගෙන ගියා.මොනවා කරන්නද RuZZa ගාල්ල හරියෙන් නිම කරපු අධිවේගී මාර්ගය බලන්නත් එක්ක 90km විතර යන්න උනේ එක කකුලක sandal එකක් නැතුව.



    yestobandogs.jpg



    පලවෙනි පික් එකේ තියන පඩි පෙල නැගලා උඩට ගියාම අපිට බලන්න පුලුවන් ඉමක් කොනක් නොපෙනෙන මුහුද


    dsc014f30.jpg



    dsc01gf458copy.jpg



    dsc0fgfgfg1465.jpg



    dsc0fhgh1466.jpg




    දැනට ඉවරයි.දක්ශින කොලඹ අධිවේගී මාර්ගයේ නොදුටු ෆොටෝස් ටිකක් සමඟ ඒ ලඟ ත්‍රෙඩ් එකේ හමුවෙමු

    ජය වේවා!!





    -RuZZa-




     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොඳට විස්ථර කරලා හොඳට ත්‍රෙඩ් එක කරලා තියනවා.
    +5 මගෙන්
    11.gif
     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    රූමස්සල ගැන අහල තිබුනට ගිහින් නෑනෙ.මෙහෙම හරි අහන්න දකින්න ලැබෙන එක කොයි තරම් හොඳ ද.

    Rep+ පස්සෙ දෙන්න වෙන්නෙ,because I'll have spread some reps around before giving it to you again.
     
    Last edited:

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    නෑ මාතර

    අඩේ නියමයි!
    මම දන්නේ නැ නේ ගාල්ලේ ඉදලත්!
    2.gif

    පෙරේරා දන්නවා කොළඹ ඉදලා!
    11.gif

    කොහොමද දකුණ!:D:D:D
    ස්තුතියි යාලුවා!