තමුසෙ

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    එක්තරා පුද්ගලයෙකු තමන්ට අසභ්‍යවචනයෙන් බැනවැදුන බව කියමින් පුද්ගලයෙකුට විරුද්ධව නඩුවක් පවරා තිබුණි එම නඩුව විභාගවන දින පැමිණි පුද්ගලයා හා නඩුකාරවරයා අතර ඇතිවූ සංවාදය මෙසේය..

    නඩුකාර තුමා- දැන් යුශ්මතාට විත්තිකරු කියපු අසභ්‍ය වචන මොනවද?


    පැමිණිලිකරු- ස්වාමීණි! විත්තිකරු මට බැන්නෙ 'තමුසෙ" කියල


    නඩුකාර තුමා- තමුසෙ? ඉතින් අයිසේ, ඕක නඩුදාන්න දෙයක්ද ? "තමුසෙ" කියන්නෙ හොඳ සිංහල වචනයක්නේ තමුසෙ කියන්නෙ "තමුන් වහන්සෙ" කියන එක කෙටි කරල නේ.මේ නඩුව ඉල්ලා අස්කරගෙන සාමාදාන වෙනව!


    පැමිණිලිකරු- (නඩුකාර තුමා දෙසට හැරී) හරි තමුසෙ කියනව නම් මම එහෙම කරන්නම්.
     
    • Like
    Reactions: suki300me