දවසක්, අපි කියමු සුනිල් කියල, ගියා කොණ්ඩෙ කපා ගන්ඩ,
ඉඳගත්තා පුටුවෙ, ටික වෙලාවකින් බාබරය ආව පිටිපස්සෙ ඉඳල, කටත් එහෙම පිහදාල, කෙළ පාරකුත් මිදුලට ගහල කතුර එහෙම අරං පටං ගත්ත වැඩේ,
කෙලිං ඉන්ඩ බෑ, නප්පියට ගහල, වැඩේ තියෙන්නෙ බාබර් සාප්පු එකමයි තියෙන්නෙ, කල් දාන්ඩත් බැහැ, සුනිලා පහුවදා යනව මණමාලියෙක් බලංඩ,
දෙතුං පාරක් කතුරත් ඇනුන ඔලුවෙ, සුනිල් ඉතිං පණ බයේ පුටුව උඩම ඇඹරි ඇඹරි හිටියා, එක පාරක් ඕං සුනිලගෙ දකුනු කණ බේරුනෙ අනූනමයයි තුං කාලෙං,
බාබරය වැනි වැනි ගිහිං දැළි පිහිය ගාන්ඩ පටං ගත්ත කර ගලේ,
සුනිල් ඒ දිහා ඇස් දෙකත් නලලට අරං බලා ඉද්දි දැක්ක බාබර් සාප්පුවෙ දොර ගාව බුදියං හිටපු බල්ලා ලඟටම ඇවිත් ඉඳගෙන බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නව සුනිල් දිහාවෙ,
දැලි පිහිය දිහාවෙ හොරැහින් බලන ගමන් සුනිල් ඇහුවා,
” මේ ඔහෙගෙ බල්ල හරි උනන්දුයි වගෙ නේද කොණ්ඩ කැපිල්ලට?”
“ආ, මහත්තයො,මොන කොණ්ඩ කැපිල්ලක්ද, ඕකා ඔය බලාගෙන ඉන්නෙ කං කෑලි එහෙම කැපිල විසි වෙන කොට කන්ඩ නෙව”

බාබර් ආපහු බලනකොට සුනිල් නෑ පුටුවෙ,
“අනේ, මහත්තයො, සල්ලි නැතත් කමක් නැහැ, ඔය රෙද්ද වත් දීල යන්ඩ”
බාබර් වැනි වැනි සුනිල් පස්සෙ එලෙව්වා,

link