කන් බාබර්

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දවසක්, අපි කියමු සුනිල් කියල, ගියා කොණ්ඩෙ කපා ගන්ඩ,:rolleyes:

    ඉඳගත්තා පුටුවෙ, ටික වෙලාවකින් බාබරය ආව පිටිපස්සෙ ඉඳල, කටත් එහෙම පිහදාල, කෙළ පාරකුත් මිදුලට ගහල කතුර එහෙම අරං පටං ගත්ත වැඩේ,:D

    කෙලිං ඉන්ඩ බෑ, නප්පියට ගහල, වැඩේ තියෙන්නෙ බාබර් සාප්පු එකමයි තියෙන්නෙ, කල් දාන්ඩත් බැහැ, සුනිලා පහුවදා යනව මණමාලියෙක් බලංඩ,:oo:

    දෙතුං පාරක් කතුරත් ඇනුන ඔලුවෙ, සුනිල් ඉතිං පණ බයේ පුටුව උඩම ඇඹරි ඇඹරි හිටියා, එක පාරක් ඕං සුනිලගෙ දකුනු කණ බේරුනෙ අනූනමයයි තුං කාලෙං,:growl:

    බාබරය වැනි වැනි ගිහිං දැළි පිහිය ගාන්ඩ පටං ගත්ත කර ගලේ, :(

    සුනිල් ඒ දිහා ඇස් දෙකත් නලලට අරං බලා ඉද්දි දැක්ක බාබර් සාප්පුවෙ දොර ගාව බුදියං හිටපු බල්ලා ලඟටම ඇවිත් ඉඳගෙන බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නව සුනිල් දිහාවෙ,:rolleyes:

    දැලි පිහිය දිහාවෙ හොරැහින් බලන ගමන් සුනිල් ඇහුවා,
    ” මේ ඔහෙගෙ බල්ල හරි උනන්දුයි වගෙ නේද කොණ්ඩ කැපිල්ලට?”
    :P

    “ආ, මහත්තයො,මොන කොණ්ඩ කැපිල්ලක්ද, ඕකා ඔය බලාගෙන ඉන්නෙ කං කෑලි එහෙම කැපිල විසි වෙන කොට කන්ඩ නෙව”

    :oo::lol::lol::lol:

    බාබර් ආපහු බලනකොට සුනිල් නෑ පුටුවෙ,:dull:

    “අනේ, මහත්තයො, සල්ලි නැතත් කමක් නැහැ, ඔය රෙද්ද වත් දීල යන්ඩ”

    බාබර් වැනි වැනි සුනිල් පස්සෙ එලෙව්වා,
    :angry:
    link