ශෙරීන් පුටුවට බරදී තමනගේ වාරය එනතුරු බලා සිටින්නීය.ඇය මේ බලා සිටින්නේ ඇයගේ භාෂාවට අනුව දතක් ගැලවීම සඳහාය.ඇයගේ භාෂාවට අනුව දත් ගැලවීමේ ක්‍රම දෙකකි.අනෙක් ක්‍රමයට දත් ගැලවීම නම් ඇය දිනපතාම සිදුකරන දෙයකි.මේ දත් ගැලවීම සඳහාත් ශෙරීන් පැමිනියේ තුන්වන වතාවට බැවින් දැන් එයද ඇයට අමුතු දෙයක් නොවේ.
මල්ලී පාසැල් ගොස් ගෙදරවිත් පාසැලේ අයියාලාගේ දත් ගැලවීම ගැන කියන විට මුතුමලීට එයද මහත් ප්‍රෙහේලිකාවක් විය.මුතුමලී දැනුදු කිසිදු දත් ගැලවීමක් ගැන නොදන්නීය.
ශෙරීන්ට එහායින් වාඩිවී සිටියේ වයස අවුරුදු 15ක් 16ක් පමණ වයසැති ගැහැණු ළමයෙකි.ශෙරීන්ට ඇය ගැන සිතීමට උවමනාවක් නැතත් මුතුමලී ඇයට අනුකම්පා කරයි.එම වයස් සීමාවේදී මුතුමලීට ජීවිතය ගෙනගියේ එකම අරමුණක් වෙතය.තමන්ට ජීවිතය දිනාගත හැකි එකම මාර්ගය ලෙස ඇය එම කාලයේදී දුටුවේ නිදහස් අධ්‍යාපනය පමණකි.එතනින් එහාට කිසිම දෙයක් ගැන සිතීමට ඇයට උවමනාවක් නොතිබිනි.
දැන හෝ නොදැන ඇය පත්වී ඇති ආකාරය ගැන මුතුමලීට එම ගැහැණු ළමයා ගැන දුක සිතිණි.ඊටත් වඩා ඇයට ඇතුලේදී මුහුණ පෑමට සිදුවන අඩත්තේට්ටම් මතක් වීමෙන් මුතුමලීට ඇය ගැන තවත් අනුකම්පා ඇතිවිය.
ශෙරීන්ට නම් එය දැන් තවත් එක් සිදුවීමක් පමනකි.ඇයට ජීවිතය තනිකරම සෙල්ලමකි.
මුතුමලීට තම අතීතය සිහිපත් කිරීමට ශෙරීන්ගෙන් ඉඩක් ලැබෙන්නේම නැති තරම්ය.ඒත් අර ගැහැණූ ළමයා නිසාවෙන් මුතුමලීට අතීතය සිහිකිරීමට මද අවස්ථාවක් ලැබුණි.
මුතුමලී ඉපදුනු දවසේ සිටම ඇය දන්නේ අම්මා ගැන පමනකි.තාත්තා මිය ගිය බව අම්මා කියා තිබුනත් එය එසේ නොවන බවත් තාත්තා තමන්ව තනිකර දමා ගොස් ඇති බවත් මුතුමලී පසු කලෙක දැනගත්තාය.තමන් නංගී මල්ලී තිදෙනා අතර වසරක පරතරය බැගින් තිබෙන අතර මල්ලී ඇයට වඩා වසර දෙකකින් බාල නමුත් ඇයට තාත්තා ගැන මතකයක් නොමැත.
යන්තම් තමන්ව ජීවත් කරවන්න අම්මා නොකරපු දෙයක් නැත.බාප්පා නැතිවුනානම් උඹලව මැරිල ගිහින් කියා අම්මා බාප්පා ගැන ගෞරවයෙන් කතා කලාය. අම්මාගේ ඇවැස්ස මස්සිනා වන බාප්පා සහ අම්මා අතර කුමන සම්බන්ධයක් තිබුනාදැයි සිතීමට මුතුමලී අකමැති වූවාය. ඇයට අම්මා ගැන ඇත්තේ ඉමහත් ආදරය මුසු භක්තියකි.
ශෙරීන්ට සිතීමට අතීතයක් නැත.ගොඩ නැගීමට අනාගතයක් නැත. ඇයට ඇත්තේ සැහැල්ලුවෙන් ගෙවී යන කිසිවක් ගැන ගැඹුරෙන් නොසිතන වර්ථමානයක් පමනකි.මුතුමලීට වර්ථමානයක් ඇත්තේ ඉතාමත් සුළු වශයෙනි.ඇය අනාගතය ගැන නොසිතන්නේ එය ඉතා බයංකර වේයැයි ඇයට සිතෙන බැවිනි.එම නිසා ඉඩ ලද හැම විටම ඇය අතීතයේ ජීවත් වන්නීය.
මුතුමලී ටික ටික ලොකු වෙත්ම බාප්පා ඇය දෙස හෙලන බැල්ම අමුතු ස්වභාවය ඇය තේරුම් ගත්තාය. අම්මා ගෙදර නැති අතර නංගී සහ මල්ලී කොහේ හෝ යවා ඇය නිවසේ තනිකිරීමට බාප්පා කිහිප විටක්ම උත්සාහ දැරුවේය.එවැනි වෙලාවට කෙසේ හෝ නිවසින් පිටව යෑමට ඇය වගබලාගත්තාය.
නිදහස් අධ්‍යාපනයට පින්සිදුවන්නට ඇය සාමාන්‍ය පෙල ඉහලින් සමත් වූවත් එතනින් එහාට අධ්‍යාපනය ලැබීමට ඇයට ආර්ථික ශක්තියක් නොවීය.
ශෙරීන් ඔහේ බලාගෙන සිටී ඇයට කිසිදු හැඟීමක් නැතුවා සේය.ශෙරීන් මීට පෙර දෙවතාවත් මෙතනට පැමිණීයාය.මීට කලින් ඇයට දත් ගැලවීමට සිදුවූයේ අධික බීමත්කම සහ නොසැලකිල්ල නිසාවෙනි.අධික ලෙස බීමත් වුණු පසුව ඇයට වින්දනයේ සීමාවක් නැත. අනෙකාවද සතුටු කොට තමනුත් හොඳට සතුටු වීමට ඇය හොඳහැටි දක්ශ වන්නීය.
මුතුමලීට අවසානයේ සිදුවූයේ ගමේ අක්කා කෙනෙකු සමඟ කලාපේ රැකියාවකට පැමිණීමටය. එම ගමනට වැඩිපුරම අකමැතිවූයේ බාප්පා වුවත් කෙසේ හෝ අවසානයේ අම්මාව කැමති කර ගැනීමට ඇයට හැකිවිය.සූරියවැව සිට කටුණායක පැමිණි මුතුමලීගේ ජීවිතය වෙනස් වුනේ පුදුමාකාර ලෙස අයුරුනි.
මුල් දවස් වල ඇයට එම ජීවිතය තනිකරම එපා වුන එකකි.ගෙදරට වී සිටියා නම් කෙතරම් හොදදැයි ඇයට නොයෙක් වර සිතුණි.එහෙත් ඇයට එම ජීවිතයට පුරුදු වීමට සිදුවිය.
අළුත් කාමරය අළුත් රස්සාව අළුත් යහළුවන් මේ හැමදෙයක්ම ඇයට අමුතු දේවල් වියයාඑය මෙහි දන්නා අඳුනන එකම තැනැත්තිය වූ ඇයව ගමේ සිට කැඳවාගෙන ආ අක්කාද ටික කලෙකින් ගමට යන්නම ගියාය.දන්න අඳුනන කාත් කවුරුවත් නැති කටුනායක ඇය හුදෙකලා වූවාය.
ගාමන්ටට් ෆැක්ට්‍රි එකට ගිය දවසේ ට්‍රේනින් සෙන්ටර් එකේ පටන්ම ඇය සුරංගව අඳුනන්නීය. එසේ ඇරඹුණු ඔවුන්ගේ ඇදූනුම් කම අවසානයේ නතර වුයේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත්වීමෙනි.
කලාපෙ පෙම් කතා කොතෙක් අසා තිබුනත් ඇයට සුරංග ගැන වරදක් සිතීමට නොහැකි විය.කාත් කවුරුත් නැති කටුණායක තමන්ට සිටින එකම හව්හරණ ලෙස මුතුමලී සුරංගට පනටත් වැඩිය ආදරය කලාය.
ශෙරීන් ආදරය ගැන මුකුත්ම නොදන්නීය. ඇයට කිසිම පිරිමියෙක් ගැන ආදරයක් ඇති නොවෙයි.ඇයට පිරිමින්ගෙන් ලබා ගත හැකි එකම දෙය ලිංගික තෘප්තියම පමණකි. එහෙත් හැම පිරිමියෙකු සමඟම නිදා ගැනීමට ශෙරීන් සූදානම් නැත.ක්ලබ් එකට එන පිරිම් බොහොමයක වැඩිම ඉල්ලුම ඇත්තේ ශෙරීන් වෙතය. එම පිරිමින්ගෙන් බ්ලැක් ලේබල්,බ්ලූ ලේබල් ස්කොච් බ්ලූ වීදුරු ගණනාවක්ම හිස් කර ගැනීමට ඇය සමත්ය. ඒ හැම පිරිමියෙක්ම ඇය සමඟ රැයක් ගත කිරීමට ඇරයුම් කලත් ඇය ඒ සඳහා එකඟ වන්නේ බොහොම සීමිත් පිරිසකට පමණි.තමන් මුදලට ඇඟ විකුණන ගැහැණියක් බව සිතීමට ඇය අකමැතිය.
මුතුමලී සුරංග ආදරය කරන්න පටන් ගෙන වසරක් පමණ යනතුරුම ඔහු මුතුමලීගෙ අතින් ඇල්ලීමට එහාට ගියේ නැත. එබැවින් මුතුමලීට සුරංගව අවිශ්වාස කිරීමට කිසිම හේතුවක් නොතිබුණි.
මුතුමලී සුරංග ඉදිරියේ ජීවීතයේ සියළු බැමි ලිහා දැම්මාය.ජිවිතය පුරාවට විඳ නොතිබුණු ඒ මිහිර ඇතිතරම් විඳ ගත්තාය.
අධික ලෙස බීමත්වූ පසු ශෙරීන් සමඟ එක්වුනු බොහෝ පිරිමින් පවසන්නේ තමන් මෙතෙක් දුටු සරාගීම කාන්තාව ශෙරීන් බවය.ඇයට මීට පෙර දෙවතාවක්ම දත් ගැලවීමට සිදුවූයේ බීමත්කම නිසා සීමා මායිම් මතක වීමෙනි.
මුතුමලී සුරංග නිසා ගැබ් ගෙන ඇති බව ඇය සුරංගට පැවසූයේ එයින් ඔහු ප්‍රීතියට පත්වෙනු ඇතැයි සිහින මවමිනි.පුන්චි කාමරයක දෙදෙනා සමඟ පුන්චි කැදැල්ලක් ඇය සිහිනයෙන් තනා තිබුනාය.එය දැනගත් මුල් අවස්ථාවේ සුරංග වෙනසක් නොපෙන්වූවත් ඉන්පසු සුරංග අතුරුදන් විය. ඇයට සිදුවූයේ කොට්ටය පෙඟෙන තුරු අඬා වැලපීමට පමණකි.
ශෙරීන්ට දතක් ගැලවීම මහා ලොකු දෙයක් නොවුනත් චාටර් වීමට අකමැති නිසාවෙන් දැන් ඇය තරමක් පරිස්සම් වන්නීය. එහෙත් ඇයට මෙවර දතක් ගැලවීමට සිදුවූයේ සංඛ නිසාවෙනි. සංඛ ඇයට ක්ලබ් එකේදී හමුවූ තවත් එක් පිරිමියෙක් වුවත් සංඛ ඇයට බොහෝ ආදරය කරන්නේය. සල්ලිකාර පවුලක ඉපිද නාමිකව සාර්ථක විවාහ ජීවිතය ගෙවන සංඛ ජීවිතයේ වැඩියෙන්ම සතුටු වන්නේ ශෙරීන් සමඟ ගත කරන පැය කිහිපය තුලය. ඔහු ශෙරීන්ව විවාහ කර ගැනීමට වුවත් සූදානම්ය. ඒත් ඒ පිළිබඳව ඇයට සිතීමට උවමනාවක් නොමැත.
තමන්ගේ දරුවා ගබ්සා කිරීමට මුතුමලී කෙතරම් අකමැති වුවත් කිරීමට වෙන දෙයක් නොමැති වූයෙන් ඇය දරුවා ගබ්සා කලාය.රැකියාවට,කාමරයට පවා ආපසු ගෙදර යාමටවත් නොහැකි වුණු ඇයට ලිං කටෙන්ම ආපසු ගොඩ එන ක්‍රම වේදය කියා දුන්නේ දන්නා අඳුනන අක්කා කෙනෙක් විසිනි.කෙතරම් අකමැත්තෙන් වුවත් සිත දැඩි කරගත් ඇය එම ජීවිතයට පුරුදු වූවාය.සූරියවැව ඉපදුණු ඇයට බම්බලපිටිය ක්ලබ් එකකට හුරුවීම ඉතා අසීරි දෙයක් වුවත් ඇය එම ජීවිතයට ඉක්මණින් හුරු වූවාය.
තමන්ව විවාහ කර ගැනීමට පවා සූදානම් සංඛ ගේ අනෙක් ඉල්ලීමට ශෙරීන් කෙතරම් අකමැති වූවත් අවසන ඇය එයට කැමති වූවාය.සංඛ ගේ ඉල්ලීම ඔහුට දරුවෙකු ලබාදෙන ලෙසටය.විවාහ වී කාලයක ගතවී තිබුනත් සංඛට දරුවන් සිටියේ නැත. ඉල්ලීමට අනුව සංඛ වෙනුවෙන් ශෙරීන්ගේ බඩට දරුවෙකු පැමිණියත් එය තමන්ගේ ජිවිතයට කරදරයක් විය හැකි බව සිතුණු විට ඇයට එය ඉවත් කර ගැනීමට සිත්විය.පිරිමියෙකු වෙනුවෙන් ජිවිතයේ කාලයක් කැප කිරීමට ඇයට සිත් නොදෙයි.ඇය මෙවර දත ගලවන්නට පැමිණියේ ඒ හේතුවෙනි.
ශෙරීන් බීමතින් නිදා ගන්න රැයකට පසු හැම උදෑසනකම ශෙරීන්ට කලින් මුතුමලී අවදි වෙයි.එහෙත් මුතුමලී අනාගතය ගැන සිහින මවන්නට බිය වන්නීය.ඒ හැම මොහොතකම ඇය කරන්නේ ශෙරීන්ව අවදි කරවීමය.ගමේ හිටියනම් උඹට මේ ටික වෙන්නෙ මීට කලින් බාප්ප අතින් කියා ශෙරීන් හැමවිටම මුතුමලීව සනසන්නීය.
ශෙරීන්ට යාමට ගමක් නැත. බොහෝ දෙනාට ඇය පවසන්නේ තමන් මීගමුවේ බවය.මුතුමලී ගමේ යන්නේ සිංහල අළුත් අවුරුද්දට පමණකි.නංගී කසාද බැඳ දැන් ඇයට ළමයෙකුද සිටියි.මල්ලීද අක්කා එවූ සල්ලි නිසාවෙන් සාර්ථක ව්‍යාපාරයක් පවත්වා ගෙන යයි.අම්මා හැමවිටම කියන්නේ දැන් පෙලවහක් කරගෙන ගමට වී සිටින ලෙසටය.ඒත් ඒ කිසිවක් සිතීමට ශෙරීන් ඉඩ නොදෙන්නීය.
අවසානයේ ශෙරීන්ගේ වාරය පැමිණුනු විට ඈ ඒ දතත් කරදරයකින් තොරවම ගලවා දැම්මාය.
උඹට ආයෙ නම් ළමයි හදන්න බැරි වෙයි ඇයට එතනින් පිට වෙන්න කලින් ඇසුනේ එම වචන ටිකය.ශෙරීනට ඒකෙත් එතරම් හැඟීමක් නොදැනෙයි.
මුතුමලීට නම් පොඩ්ඩක් දුක සිතුණාය.කමක් නෑ මින් පස්සෙ ශෙරීන්ට චාටර් වෙන්න වෙන්නෙ නෑ ඈ එලෙස හිත හදා ගත්තාය.