!!!! අවබෝධය !!!!

Sep 9, 2010
444
35
0
'අවබෝධය' යන වචනය විවිධ අර්ථ වලට ගන්නවා. අපි අවබෝධ කර ගන්නේ දැනුම නේද? එහෙම ගත් විට දැනුමෙන් එහා වූ සත්‍ය අවබෝද කරන්න හැකි දෙයක් නොවෙයි. අවබෝදය තුල සැම විටම පිළිගැනීම තියනවා. සත්‍ය තුල පිළිගැනීම නැහැ. මරණය කියන්නේ පිළිගැනීමක්. මරණය නොපිලිගනිමෙන් මරණයෙන් නිදහස් වෙන්න බැහැ. මරණයෙන් නිදහස් වෙන්නේ මරණය දැකීමෙන් පමණයි. එය සිදු වන්නේ හය ඉන්ද්‍රියන් ඉක්මවීමෙන් පමණයි. එතෙක් ඇත්තේ මරණය යනු කුමක්ද යන සැකයයි. සැකය නිසා පිළිගැනීමෙන් නිදහස් වෙයි.

දහම අත් හැරීම කල නොහැකි දෙයකි. එක දැකීම තුලින් ආයාසයකින් තොරව සිදුවන්නෙකි. එම දැකීම සදහා අවශ්‍ය දර්ම මම මගේ ලිපි තුලින් විස්තර කරන්නම්. සත්‍ය තුල හොද නරක පව් පින් ආදී ද්විත්වයට අසුවන ධර්ම නැත. නමුත් සත්‍යය ධර්මය තුල සිටින කිසි කෙනෙකු අපරාධ කරන්නේ නැත. සත්‍ය තුල සිටින්නා සත්‍ය තුලින්ම පාලනය වෙයි. ඔහුගේ පාලනය සදහා සීලයක් අවශ්‍ය නොවෙයි. සීලයක් අවශ්‍ය වන්නේ පෘතජන පුත්ගලය ගේ පාලනය සදහායි.

බොහෝ දෙනෙක් නිවන් අවබෝදයක් ගැන සත්‍ය අවබෝදයක් ගැන කතාකරනවා. ඒ අය අවබෝදය යන වචනය විවිද ආකාරයට විස්තර කරනවා. කොහොම විස්තර කලත් මේ අවබෝදය එන්නේ තමන් පොඩිකාලේ ඉදන් අනුන්ගෙන් ඉගෙන ගත් දැනුම තුලින් නේද? මේ ජාති ජරා වියාධි මරණ තියෙන්නේ අපි ඉගෙන ...ගත් දැනුම තුල නේද? දැනුමක් නැති තැන මරණයක් තිබේද කියල සිතා බලන්න. ඉතින් නිවන් අවබෝදය ලබන්න වලි කන අයගෙන් මම අහන්නේ අපිට මරණය හිමි කර දුන් දැනුම පදනම් වූ කිසිම දෙයකින් මරණයෙන් එතෙර වූ සත්‍ය දකින්න පුලුවන්න ද යන්නයි. ඒ අය නිවන් දකින්නේ නැහැ, නමුත් නිවන් අවබෝධ කරගන්නවා. මරණයෙන් නිදහස් වෙන හැටි නොදන්නා නිසා 'ජීවිතය අනියතය මරණය නියතය' යනුවෙන් මැරෙන තෙක් භාවනා කරනවා. එතනින් නතර නොවී බුදුන් ටත් මරණය පටවනවා.

http://www.satyagaveshi.org

http://www.maitreyabuddhasasana.com/
 
Last edited:

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
ඉතින් නිවඅවබෝදය ලබන්න වලි කන අයගෙන් මම අහන්නේ අපිට මරණය හිමි කර දුන් දැනුම පදනම් වූ කිසිම දෙයකින් මරණයෙන් එතෙර වූ සත්‍ය දකින්න පුලුවන්න ද යන්නයි. ඒ අය නිවන් දකින්නේ නැහැ, නමුත් නිවන් අවබෝධ කරගන්නවා. මරණයෙන් නිදහස් වෙන හැටි

පුලුවන්. මරණයෙන් එතෙර වූ සත්‍යය අවබෝධ කරගන්න කරන උතසාහයේදී තමයි සියලුම ආගම් බිහි වෙන්නේ. යමක් ඔබට අවබෝධ කරගන්න බැහැ කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ වෙන කෙනෙකුට එය අවබෝධ කර ගත නොහැක කියා හෝ වෙන කෙනෙක් එය අවබෝධ කරගෙන නැත කියා
 
ඔප්පු කරන්න පුලුවන්ද ?
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
ඔප්පු කරන්න පුලුවන්ද ?

ඔප්පු කරන්ඩ බැහැ. නමුත් ආගම කියන්නේ ඔප්පු කරන්ඩ බැරි දේවල් රාශියක් පෙල ගස්වලා හදපු දෙයක්.

මරණයෙන් පස්සේ තියෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්ඩ බැරි හින්ද තමයි ආගම් බිහි වුණේ. හරියටම වෙන්නේ මේකයි කියලා ඔප්පු කරන්ඩ පුලුවන් නම් මිනිස්සු ඒ එක සත්‍යයට එකතු වෙනවා. එක එක විශ්වාස වලට යන්ඩ හේතුවක් නැත.
 
:lol::lol::lol::lol: