Mage Sudu Nangi

Mystery

Member
Jul 31, 2010
382
62
0
බොලව් මගේ නම හිච්චි කිරි සුදා
අහලපහල වුන් දැක්කම දුවනා
අම්මා අපුච්චා නංගී සමගා
චණ්ඩි පවුල ලෙස ගම්මුන් දන්නා

අල්ලපු ගේ කළු ටකරං සයිමා
එක දවසක් හොදට හති දමා
දුවගෙන විත් එකපාරට ළගටා
බොලං කිරි සුදෝ අහගන් කිව්වා

ඕං අහගනින් හිච්චි කිරි සුදෝ
මෙව්වා අහලා බෙලි කපනු හෙම එපෝ
කවුද සොකඩයෙක් මහමග දිගටෝ
ඉදගෙන සුදු නංගිට පැණි හලනෝ

මගෙ සුදු නංගී යනකං ඉදලා
සරම් කොටේ ගෙන කැහැපට ගහලා
අදනං අරූගේ ඔළුවේ ඉදලා
පතුරු ගහන්නට එළියට බැස්සා

විපරම් කර කර මං යන කලටා
සුදු නංගී අත් පටලන් යන්නා
ඇස් දෙක පිසදා බැළුවා කොල්ලා
සයිමගෙ ලොකු මලයා මිටි අබරා

සුදු නංගිට මං හොදටම බැනලා
අතපය ටික හොදහැටි හිරි ඇරලා
අබරට තරු පේන්න නෙලලා
කනකින් අල්ලා ගෙදර ගෙනිච්චා

නැන්දේ බලාපං බොලගෙ ලොකු කොල්ලා
වනචරකම් කර අපේ නංගි හා
ඇත්ත කියාපිය අබරං එළ වස්සා
මේකි රැවැට්ටුවෙ මොනව කියාලා ?

බුදු කිරි සුදු අයියෙ ගහනු හෙම එපා
නගා මනාපයි මට දෙවැටේ කීවා
සුදු නංගීගෙ හිත රිදනු බැරි නිසා
හා කීවා කියා අඩ අඩ කීවා

අබරා හදන්න කලින් බොල සුදා
නගා හදාගන් නක්කල ඇහුනා
නැන්දා කියද්දී මට තරු පෙනිලා
පිළිකන්නෙන් කුස්සියට රිංගුවා

නම් ගම් මනංකල්පිතයි :baffled: