බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි සාමාන්‍යයෙන් දකින්න හුරු පුරුදු වෙලා තියන විදියෙන් ගොඩක් වෙනස් විදියකට, අලුතෙන් දකින්න පුරුදු වෙමු. බුදුරජාණන්වහන්සේ ප්‍රකාශකලේ මුළු ලෝකෙම මිනිස්සු එක පැත්තකට යනවනම්, තථාගතයාණන් වහන්සේ සරණ ගිය සුළු දෙනෙක් යන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටයි කියලයි! මොකද, අපේ හාමුදුරුවොත් කියන විදියට, සාමාන්‍යයෙන් අපි ආරක්ෂාව සොයන්නේ මේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ලෝකයක් තුල. ලෙඩට බෙහෙත් ගන්නවා, කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවා, පෝෂ්‍යදායි අහර, vitamins ගන්නවා... ඒත් ඒකෙ පැවැත්ම උපරිම වශයෙන් අවුරුදු 50-60 යි දැන්නම් (තව ඉස්සරහට තව තව අඩුවෙයි). ඊළඟට කොහොමත් ඒක කඩන් වැටෙනවා. අපිට පෙනෙන විදියට මේ ජීවිත කාලය ලොකුඑකක් වගේ උනාට, අපි සංසාරේ ගතකරපු කාලයට අනුව, සාපේක්ෂව, මේක nano second එකකිනුත් කෝටියකින් එකකටත් වඩා කුඩායි! බුදුරජාණන්වහන්සේ දේශනාකළේ, "අප්පමිදන් භික්කවේ මනුස්සානං ආයු" (මනුස්සයාගේ ආයුෂ බොහෝම ටිකයි) කියලයි. ඉතින් මේ අවස්ථාව ගිලිහෙන්න දෙන්නේ නැතුව ගොඩයන පාරට එන්න කියන එකයි මේ පුන පුනා කියන්නේ. මෙතැනදී බයවෙලා දුක්වෙලා වැඩක් නැහැ! ඇත්තට මුහුණදීල, මෙයින් මතුවට ආයේ අසරණ නොවෙන්න වැඩ කරගන්න බලන්න ඕනේ! අපි මේවා 'පස්සේ කරගන්න බැරිය' කියල ඉඳල miss උනොත්, ආයේ අපි හිතන්න පුළුවන් තත්වෙක, යමක් කරන්න පුළුවන් තත්වෙක ඉන්දැද්දී, ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවයි කියන එකේ සම්භාවිතාවය නොගිනිය හැකි තරම් කුඩයි! ඒකයි මේ නොදැනුවත්ව හරි අපි ලබල තියන වාසනාවේ වටිනාකම!! ඉතින් ඔය ඇත්ත තත්වයයි, මොකද්ද ඇත්තටම මේ අපේ ජීවිත වල වෙන්නේ කියන එකයි, ඒ සත්‍ය ආකාරයෙන්ම දකින්න පුරුදුවෙන්න. ඒකට කියන්නේ යථාභූත ඥාණය පහළවෙනවා, ඇත්ත ඇතිසැටියෙන්ම දකින්න හැකියාව ඇතිවෙනවා කියලයි. අපි මේ යන්නන්වාලේ දියුණුවෙනවා කියල ගිහින් ගිහින් මැරිලා, ඊළඟට බල්ලෙක් පූසෙක් වත් උනොත් ඇති වැඩක් තියනවද? ඊළඟට පටන් ගන්න තියෙන්නේ ආයෙම address නැති ගමනක්! මොකද මේ උඩ අතට යන්න ලැබිච්ච chanse එක, basement එක! මගහැරගත්ත කියන්නේ ඊළඟට ආයේ මෙහෙම ජීවිතයකට කවද set වෙයිද දන්නෙත් නැහැ! එහෙම එනකොට ලෝකේ සද්ධර්මය ඉතුරුවෙලා තියෙයිද, අපිට අහන්න ලැබෙයිද දන්නෙත් නැහැ!!

    බුදුවරු, මේ සත්වයාගේ සකස්වීම ගැන හොයාගෙන හොයාගෙන පතුලටම කිඳා බැහැල බලල අල්ලගන්නවානේ මේකේ අංශුමාත්‍රයක වත් නිත්‍ය මොකවත් තිබිල නෙවෙයි මෙහෙම දෙයක් වෙන්නේ, මේ සියල්ල ගොඩනැගිල තිබෙන්නේ විඥාණය ප්‍රත්‍යයෙන් නාමරූප වල පැවැත්මත්, නාමරූප ප්‍රත්‍යයෙන් විඥාණය පැවැත්මත් යන ස්වභාවික සංසිද්ධියක් මතයි කියල. ඊළඟට උන්වහන්සේලා සොයල දැනගන්නවනේ මේ තනිකරම හේතු-ඵල ධර්මතාවයක් නිසා වෙන එකක්ය, සේරටම මුල් උනේ අවිද්‍යාවයි කියන එක! ඒ කියන්නේ නොදැනුවත් කම. දැන් අපිට තියන ප්‍රශ්ණෙත් ඕකම නේද? (අපිට තව ප්‍රශ්න දෙක තුනක් වැඩිපුරත් එක්කම තියනවා!!! ඇයි මේ පවුල් අවුල් වෙනවයි, රට ජාතිය පිරිහෙනවයි, දියුණුව ඇනහිටිනවයි අනම් මනම් කියල තව මනස්ගාත ගොඩකුත් ඔළුගෙඩි අස්සට ඔබල නේ...) ඒත් මෙතැනදී ලතවෙවී ඉන්න ගියොත් නම් මේ පාරත් වැඩේ ඇනෙනවාම තමයි! මොකද මේ දැන් හුඟදෙනෙක් කියනවිදියට මල් පහන් පූජා කරකර, බණ අහඅහ, දානේ දිදී ගිහින් අපට නිවන් අවබෝධකරන්න පුළුවන්කම තිබුනනම්, මේ වෙනකොට ලක්ෂවාරයක් නිවන් දැකල තියෙන්න එපාය! ඇයි අපි මනුස්සයෝ හැටියට අනන්තවත් ඉපදිලා, මහනවෙලත් ඉඳලතියන උදවිය නේ... ඒහන්ද, ඒක හරියන වැඩක් නෙවෙයි!! බුදුහාමුදුරුවෝ කිව්වේ, හිස ගිනිගත්තු කෙනෙක් උනත් කමක් නැහැ, ඒ ගින්න නිවන්න කල්පනා නොකර, සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න උත්සහ කරන්නය කියලයි!! අන්න ඒකයි ඇත්තම කතාන්දරය! ඉතින් ඒ විදියට මුලින්ම වඩාත්ම බරපතල ප්‍රශ්ණේ විසඳගන්න බලමු! මේ සංසාර ගමනට හේතුවන කරුණු නැතිකර ගත්තයින් පස්සේ ඒ භයානකම ප්‍රශ්ණේ සදහටම ඉවරයි! ඊට පස්සේ ආයේ ඒ මත්තේ නැහෙන්න දෙයක් නැහැ! දන්න හන්දයි කියන්නේ. ඊළඟට ලඟින්ම ඉන්න දරුවෝ, දෙමව්පියෝ, ඥාතියෝ, යාලුවෝ හැමෝමත් එහෙම ගොඩ යන්න උනන්දු කරවන්න. ඒක තමයි අපිට වෙන කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම උපකාරය! මෙතන වැදගත්ම දේ තමයි 'ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි' කියල තියන පරණ කතාව!! ඒක මෙතනටත් හරියටම හරි!!! අපි මෙච්චර කාලෙකට ආවේ අවුල ලිහාගන්න පුහුණු කර කර ආව ගමනක් නෙවෙයි! ඒකයි අපට සේරම වැරදුනේ. දැන් කරන්න ඕනේ පාර වෙනස් කරන එක! මේ පින් කර කර යන කතාවක් නෙවෙයි! මේ තනිකරම චතුරාර්ය සත්‍ය අවබෝධකරන් මේ දිගින් දිගට සකස්වීම නවත්වගන්න තියන වැඩපිළිවෙල, නිවන් මාර්ගය පුහුණු වීම! මේකෙදි පින් රැස්වෙන්නේ ඉබේටම!! අපි අමුතුවෙන් පින් ගැන හිතන්නවත් ඕනේ නැහැ!!! දැන් මේ අවස්ථාවේ ඔයවිදියට පුරුදු කරන්න ගත්තම මෙතැනදී වැඩේ ඉවරයක් දකින්න බැරිඋනත්, ඉස්සරහට යැවෙන්නේ සසරින් එතෙරවීමේ පුහුණුවත් එක්ක!! එතකොට වැඩේ ලේසි වෙනවා! ආයේ මොනම ආකාරයක වත් අවුලක් තියාගන්න එපා ඕව ගැන!! සේරටම වඩා ඉක්මනින්ම මේ බරපතලම ප්‍රශ්ණේ විසඳගෙන ඉවරකලොත් පරම්පරාව, රට, ජාතිය ඕනේ දෙයක් ගැන වෙනදාටත් වඩා හොඳින්, අනික් ඕනෙම සාමාන්‍ය කෙනෙකුට වඩා හොඳින් දකින්න, කටයුතු කරන්න පුළුවන්! වෙන වෙන කතන්දර අහන්න යන්න එපා! 100% sure නැත්නම් මේවා කියන්නේ නැහැනේ... නිවන් දැක්ක කියල කියලම පටන් ගත්තේ confidence එක හන්දමයි!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙතැනදී දැන් නිදහස් වෙන ක්‍රමය මතකයි නේ. මුලින්ම මේක (අපේ ශරීර) ඇතුලේ වෙන සිද්ධි දාමය පැහැදිලිව තේරුම් ගත්තාම සක්ඛාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස කියල කියපුව නැතුව ගිහින් සෝවාන් තත්වයට පත්වෙනවා. ඊළඟට ඉතුරුවෙන්නේ ආශ්‍රව! ඒ කියන්නේ අලුතෙන් 'කුණු' එකතුවීමක් නැහැ! කලින් එකතුවෙච්ච ඒවා එහෙම්මම තියනවා. ඊළඟට ඕකේ (හිතේ) කාමාශ්‍රව නැතුව යනවා, ඊළඟට භවාශ්‍රව නැතුව යනවා, අන්තිමට අවිජ්ජාශ්‍රාව නැතුව යනවා. එතකොටයි පිලිවෙලින් සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන තත්වයන් ඇතිවෙන්නේ. ඒත් හුඟක් වෙලාවට අහල නැහැ නේද සකෘදාගාමි වෙලා හිටිය කියල එකක්! ඕනෙම තැනක තියෙන්නේ එක්කෝ සෝතාපන්න කෙනෙක් නැත්නම් අනාගාමි කෙනෙක් එහෙමත් නැත්නම් අරහත්. ඕකට හේතුව මේ ටැපලිල්ල හැදිච්ච හැටි ගැන කල්පනා කලාම පේනවනේ... මුලින්ම රැවටුනේ 'මම' කියල ස්ථිර පුද්ගලයෙක්, කෙනෙක් ඉන්නවා කියලනේ! ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් එයාව පවත්වන්න ඕනේ, පවත්වනවා නම් තමයි කාමයන් හිටන් ඕනේ වෙන්නේ. කාමයන් නැත්නම් ඉඳල මොකටද? කියල වගේ හිතමු! ඉතින් හුඟක් වෙලාවට ඇඟට පතට නොතේරීම ඔය දෙකම ගැලවිලා යනවා. 'මම' ගලවගන්න තමයි අන්තිම අමාරු වෙන්නේ. ඇයි මේකා, (හිත) පිළිගන්නෙම නැහැ නේ ඒක! ඌ කියන්නෙම මම ඉන්නවයි කියලයි! ඉතින් මොකද කරන්න තියෙන්නේ?? මූට හොම්බට දෙකක් ඇනල පෙන්නන්න ඕනේ මම කියල එකෙක් නැහැ යකෝ කියල! අන්න එතකොට ආ... ඇත්තනේන්නං කියල පිලිගන්නවා! නිවන් දකිනවා!! තේරුනාද? jokes කලාට ගණන් ගන්න එපා! මේ ගොඩක් වැදගත්, තියන උතුම්ම දෙය ගැන කතා කරන්නේ!! විහිළුවක් නෙවෙයි... මෙතනට එන්න බැරිවෙච්ච හන්ද තමයි ලෙඩ වෙවී, ජරාවට පත්වෙවී, මැරි මැරී, අනන්ත කාලයක් තිස්සේ සසර සැරිසරන්න උනේ... මේ ඇත්තටම කියනවා නම්, අපිට තරණය කරන්න තිබුන ලොකු කන්දක මුදුනේ කතන්දර ටික ගැන කතාවෙන්නේ! ඒත් මේවට හුඟදෙනෙක් සම්බන්ධවෙන්නේ නැහැ! හුඟදෙනෙක් කැමතිත් නැහැ! බොහොම සුළු පිරිසයි මේකටත් join වෙලා ඇත්තේ... එතකොට මේ ඉන්න උදවිය උවමනාවකින් කඳු මුදුන බලන්න යන අය... බැලුවම joke කලාට අවුලකුත් නැහැනේ... දන්නෙම නැතුව ඔය කස්ටිය දැන් සාමාන්‍ය කෑමටයි, ලෑමටයි ඉපදිලා ඉන්න හිස් මිනිස්සුන් අතරෙන් විශේෂිත පිරිසක් වෙලා නේ... ඔය කට්ටිය 'පොඩ්ඩක් උඩින්' ඉන්න අය වෙලානේ... කොහොමත් සාමාන්‍ය මිනිස්සුම තමයි අතීතයේදීත් මෙහෙම කරලා සසරින් නිදහස් උනේ. ඒත් මෙතන මේ තැනගන්න යන ගමනක්වගේ දෙයක් නෙවෙයි! ඇත්ත තේරෙන්න තේරෙන්න මනුස්සය නිහතමානී වෙනවා. බිමින්ම ඉඳගන්නවා!! ත්‍රිවිද්‍යාව පහලවෙනකොට, කර්මවිපාක අනුව පෙරජීවිත ගතකරන්න ඇත්තේ මෙහෙම මෙහෙමයි කියල තේරෙන්න ගන්නකොට, නිදහස් නොඋනා නම් මතුවටත් යන්න වෙන්නේ මෙහෙමයි මෙහෙමයි කියල තේරෙන්න ගන්නකොට, ලොකුකම් සේරම බින්දුවටම බහිනවා!! ඒ වෙනුවට අනික් හැමෝම ගැනත් මහා අනුකම්පාවක්, උදව් උපකාර කරන්න ලොකු උවමනාවක් ඇතිවෙනවා! තමන්ට ගොඩයන්න උපකාරී උන ශාස්තෘන්වහන්සේට, ශ්‍රී සද්ධර්මයට, ආර්ය සංඝරත්නයට, කල්‍යාණමිත්‍ර පිරිසට, හද පතුලෙන්ම අවංක ගව්රවය ඇතිවෙනවා!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔයාලට නම්, බුදුහාමුදුරුවෝ ඇත්තටම කිව්වේ මේවද? මෙහෙම දේවල් කියල තියනවද? කියල sure නැතුව වත්ද දන්නේ නැහැ! සමහර වෙලාවට මෙහෙම මෙහෙම කියල තියනවා කියල අහල තිබුනට, 'ඇත්තටමද දන්නේ නැහැ එහෙම කිව්වේ?' කියලත් සැකඇති! හේතුව හුඟදෙනෙක් බුදුරජාණන්වහන්සේව හරියට අඳුනගෙන වත් නැහැ! නමට බුදු... බුදු... බුදු... බුදු... කිය කියා කිව්වට, දේව රූපයි, බුද්ධ රූපයි ඔක්කොම එකට එක මට්ටමේ තියාගෙන මල් පහන් තියන එක තමයි හුඟක් උදවිය කරන්නේ. බුදුරජාණන්වහන්සේ කියනකොට සාදු සාදු සා...දු කිව්වට, මල් තිය තිය වැන්දට, බුදුහාමුදුරුවෝ කරන්නය කියල කියපුව කරන්නේ නැතුව වෙන වෙන විකාර කරකර හිටියට වැඩක් වෙන එකක් නැහැ! සමහරුන්ට ලෝකවිදූ බුදුරජාණන්වහන්සේට වඩා අනික් හාමුදුරුවරු sure! scientists ල sure! එහෙම නේද? ඒ කියන්නේ ශ්‍රද්ධාව නැහැ! ඒත් ඉතින් ශ්‍රද්ධාව නැති උනොත් ඔයාලට ලොකූ පාඩුවක්... මෙන්න මේවිදියට කල්පණා කරලා, බුදුරජාණන්වහන්සේ ගැන, උන්වහන්සේගේ අවබෝධය ගැන පැහැදීම ඇතිකරගන්න බලන්න.

    බුදුහාමුදුරුවෝ කිව්වා ඔය එක එක්කෙනාගේ ඇස්, කන් වැඩකරන හැටි! ඔයාගේ ඇහැට රූපයක් වැටුනාම ඔයාගේ ඇහේ විඥාණය උපදිනවා... විඥාණය උපදිනවා කිව්වේ දැනගැනීම ඇතිවෙනවා කියන එකනේ. ඊළඟට එම හටගත් විඥාණයත්, ඇසත්, දුටුව රූපයත් යන කරුණු 3 ම එකතුවී, එකට ක්‍රියාත්මක වීම ඇසේ ස්පර්ශයයි කියල... ඊළඟට උන්වහන්සේ තෝරා දුන්නා, මේ ස්පර්ශයෙනුයි විඳීම ඇතිවන්නේ කියල! සාමාන්‍යයෙන් වෙන්නේ එම විඳින දේ අඳුනගන්නවා, එම හඳුනාගන්න දේට අනුව චේතනා පහල කරනවා, එම චේතනාවන් අනුව කර්ම රැස්වෙලා එවේලේත්, මතුවටත් විපාක විඳින්න වෙනවා! බුදුහාමුදුරුවෝ, උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට කිව්වා ඔය විඳීම ඇති උනාම ඒක අඳුනගන්න නෙවෙයි, ඒක පෙන බුබුලක් වගේ දකින්නය කියල! මොකද්ද ඒ හරුපේ තේරුම? පෙන බුබුලක් කිව්වේ, ඇති උනා... නැති උනා... මහා කාලෙකට පැල් බැඳගෙන තියන එකක් නෙවෙයි නේ... දැන් ඉතින් රස කෑමක් දැක්කය, තරහ කාරයෙක් දැක්කය, මොක උනත්, ඒ දැක්ක ගමන් කුලප්පු වෙන්නේ, කුලප්පුවෙලා දඟලන්නේ නැතුව, චුට්ටක් ඉවසල බලන්නකෝ... ඇයි පෙන බුබුල ටිකකින් නැතුව යනවනේ! අපි එහෙම විඳපු දේ නැතුව යනකම් චුට්ටක් වෙන දෙයක් කරලා බලමු. ඔය bus එකක වගේ යද්දී කාට හරි seat එක දෙන්න වෙනවට සමහරු ඔය බර කල්පණාවක ඉන්නවා වගේ, නැත්නම් මොකක් හරි වැදගත් දෙයක් දිහා බලන් ඉන්නවා වගේ පෙන්වල පස්සේ හිමීට හිමීට හොරෙන් බලන්නේ... අන්න ඒවගේ ලොකු වේදනාවක්, බයක්, කේන්තියන දෙයක් වගේ එද්දී, ඒක පොඩ්ඩක් dismis කරලා (ගනන් නොගෙන අතහැරලා දාල) වෙන මොකක් හරි දෙයක් ගැන හිතල, ටිකකින් නිකන් හොරෙන් වගේ බලන්න අර කලින් ආව අරමුණට මොකද වෙලා තියෙන්නේ කියල! හුඟක් වෙලාවට ඒකට address වත් නැහැ කියල තේරෙයි!! මොකද මේ සේරම අපට වෙන දේවල්ය කියල, අපි full elert එකේ නේ ඉන්නේ, එන ඕනේ මගුලක් බදාගන්න. ඒත් බය නැතුව මෙහෙම එන එන අරමුණු අල්ලගන්නේ, ඒවායේ එල්ලිලා යන්නේ නැතුව, අතහැරලා දාන්න පොඩ්ඩ පොඩ්ඩ පුරුදු උනොත් මාර වෙනසක් තේරෙයි!!

    අපි මෙහෙම හිතමු දැන් ඔන්න කවුරුහරි තරහ කාරයෙක් ඉස්සරහටම ඇවිල්ල ඔයාව අවුස්සලා, කුලප්පු කරලා ගන්න ලොකුවට සද්දයක් දාගෙන දාගෙන යනවා කියල. දැන් ඔතනදි කන තමයි target එක. එයා සද්දෙන් නෙලාගෙන නෙලාගෙන යනකොට අපි ඒ එන එන සද්ද අඳුනගන්න try කරන්නේ නැහැ! ඒ වෙනුවට කාපු රස කෑමක් ගැන මතක් කරනවා! නැත්නම් trip එකක් ගියපු එකක් ගැන, film එකක් බලපු එකක් ගැන මතක් කරනවා. ටිකකින් බලනකොට අරය සද්දේ වහගෙන ගිහිල්ලත් තියෙයි... ඔයාට මොකුත් වෙනසක් නැහැ!! ඇයි කන වහල නේ තිබුනේ... තේරෙනවද? ආයේ... අපි හිතමු ඔන්න කෙනෙක් ලස්සනට ඇඳ පැළඳගෙන ඔයාගේ ඉස්සරහින් ඇවිදන් යනවා. ඔයාට ඒවා ම්හු... ඉතින් දැන් දුක්වෙලා, ඇඳුම්වල එල්ලිලා යන්න තියාගත්තොත් ඇඳුම් පැළඳුම් එක්ක ලොකාන්තයටම උනත් යැවෙන්න ඉඩ තියනවා. අපි වැඩේ එච්චරට වල්වෙන්න නොදී, දෙවරක් එක දෙකයි, දෙවරක් දෙක හතරයි, දෙවරක් තුන... කියල චක්කරේ කියවනවා! නැත්නම්, කෝකටත් හොඳයි බුදුහාමුදුරුවෝ ගැන හිතනවා! මතක තියන ගාථාවක් කියවනවා... කොහොමද drill එක! හිත කියන කියන ඒවා කරන්නේ නැහැ, උඹ මම කියනදේ කරපං කියල, කරගෙන කරගෙන යනවා! ඉතින් අද ඉඳල ඔන්න ඔය විදියට ඔයාලගේ OS එක පොඩ්ඩක් update කරලා බලන්න... මතක නේ... විඳීම පෙනබුබුලක් හැටියට දකින්න! බුබුල නැතිවෙලා යනකම් චුට්ටක් වෙලා අල්ලන් හිටියම, විඳීම ඇති වෙලා, නැතිවෙලා යාවි! අපිට කිසි case එකක් නැතුව ඉන්න පුළුවන්!!! ටික කාලයක් යද්දී තේරෙයි යකෝ, මේක මාර වැඩක්නේ... අපි නිකම් බොරුවට නේ දඟලල තියෙන්නේ කියල!! ...තව practice කරන්න!! මොකද හිතට එන අරමුණුත් මනෝ විඥාණයෙන් දැනගන්නවා... තින්නං සංගති පස්සෝ එකක්ම තමයි! ඕක මේ ආයතන 6 ටම පොදුයිනේ... මතකද? හැම එකේම තියෙන්නේ "තින්නං සංගති පස්සෝ". ඒ හන්ද හිතට එන අරමුණුත් අතහැරලා දාන්න! ඔය කිසි එකකින් වැඩක් නැහැ බොරුවක්! මහා බොරුවක් විතරයි...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම නම් මෙහෙම ඇහැ, කණ වහගෙන මගේ පාඩුවේ ඉන්න පුරුදුවෙලා තිබුනේ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙන්න කලින්! ඇයි දන්නවද නැත්නම් අපේ ගෙවල්වල වසන්න බැරි තත්වයක් තියෙන්නේ... වැඩි දෙනෙක් අසාමාන්‍ය උදවිය! මවපු අය වගේ... මවද්දී 'මොළ' වල අඩුවක් තිබිල, බර අඩුවුනොත් upset හන්ද, බර හරියන්න 'කට' වැඩිපුර දාල තමයි මවල තියෙන්නේ! හරී සද්දයි... කොහොමහරි ඉතින් පොඩ්ඩක් පත්තු උනොත් එහෙම විනාසයි! මේකේ මට බැනපු අයට, ආවනම් තව හොඳ හොඳ වචන අලුතෙන් ඉගෙන ගන්න තිබුන! කණක් ඇහිලා ඉන්න නැතිනිසා මම කාලයක් පුරුදුවෙලා හිටියේ කාමරේට වෙලා දොර වහගෙන, කණපැලෙන්න සින්දු දාගෙන ඉන්න. කාලෙකදී ඒකත් එපාවෙලා ගිහින් පස්සේ පස්සේ 'කණ වහගන' ඉන්න ඉබේටම පුරුදු උනා! ඊට පස්සේ හරිම නිදහස්! හැබැයි නියම දේවල් උනා ඊට පස්සේ... බැනගෙන බැනගෙන යනකොට බීරෙක් වගේ බකන්නිලන් ඉන්නකොට, කිසිම response එකක් නැතිකොට, තවත් මල පනිනවා නේ...

    ඔය දවස්වල අහපු බණ වලට කියවුනේ පසිඳුරන් ගැන විතරයි! මනස, සිත, විඥාණය කියන වැදගත්ම ඒවා අයින්කරලා, හංගලා තිබුනේ!! මම ඇත්තටම 'කයෙන් වෙන්ව' හිතන්න පුළුවන් තත්වෙක හිටියේ ගොඩක් කල් ඉඳන්. ඒත් හිත කියන එක ගැන මොකවත්ම දන්නේ නැහැ නේ... ඒකට මාර විදියට අහුවෙලා උන්නේ, ඒක මොකක් හරි නිත්‍ය දෙයක් වෙන්න ඇතිය කියල! ඕක අඳුන්වගන්න බැරි කමට 'X' කියල හඳුන්වපු කාලයකුත් තිබුන... යාළුවයි මායි අපේ හමුදුරුවොන්ගේ දේශනා අහන්න පටන්ගත්තු දවස්වල හවසට හවසට 'set වෙලා', ඔය 'X' විග්‍රහ කරගන්න බැරුව දැඟලුව තාම මතකයි! හැබැයි දැනගෙන හිටිය ඒකෙ capacity එකනම් අසීමිතයි කියල... මං ඒ දවස්වල හිතන් හිටියේ මොකෙක් හරි හැටියට ඉපදෙනවා කියන්නේ, මොකක් හරි හැඩේකට හැදිලා තියන පෙට්ටියකට දාල වහනවා වගේ වැඩක් කියලයි! ඊට පස්සේ බාහිර ලෝකයත් එක්ක සම්බන්ධවෙන්න, බාහිර පරිසරයේ දේවල් දැනගන්න පාවිච්චිකරන්න ලැබෙන්නේ පංච ඉන්ද්‍රියයන් කියලයි!! ඉතින් ඔය දන්නේ නැති එක, 'X' මොහොකවත් උපදින්නේ නැතුව, එළියේ තිබුන නම්, freely තිබුනානම්, හිතන පරක්කුවෙන් ඕනේ දිහාවක ගිහින්, ඕනේ දෙයක් බලන්න පුළුවන් ඇති කියල තමයි මම හිතුවේ.

    කාලයක් අපේ හමුදුරුවොන්ගේ දේශනා අහල අහලා තමයි බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාදය, සලායතන වල ක්‍රියාකාරීත්වය, සතරමහා ධාතුන්ගෙන් මේ ශරීරය හැදිලා තියන හැටි ගැන කියලා දීපුවා හොඳට හිතට වැදිලා, මතක හිටලා, දිරවල ගියේ... පස්සේ නේ තේරුණේ මොකද්ද මේ වෙන්නේ කියල! බැලුවහම මේක ඇතුලේ කවුරුවත්, මොනවා හරි ස්ථිර දෙයක් නැහැ! වෙන්නේ ලොකු operation එකක් විතරයි නොවැ! අපිට තියෙන ආයතන 6 ම සජීවීව, සක්‍රියව තියනකම් අපට ඒවාට ගම්‍ය වෙන අරමුණුවලින් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ! ඇහැ සජීවී නම් රූපයක් වැටිච්ච ගමන් දැනගන්නවා, කණ සජීවී නම් සද්දයක් ඇහිච්ච ගමන් දැනගන්නවා, නාසය, දිව, කය, මනස මේ සේරම ඒවගෙයි. හැබැයි මෙහෙම අපේ sensors වලින් ගැලවෙන්න බැරිඋනාට, මේවයින් එන එන දේවල් හන්ද, ඇලිල, ගැටිලා, පිස්සු හැදිලා දඟලන්න තියාගන්නේ නැතුව, වේලපහින්ම 'තිත තියන්න' පුළුවන් තැනකුත් තියනවා! ඒ තමයි මනසිකාරය!! දැන් ඔය කලින් කියාපු විදියට මාත් නොදැනුවත්ව හරි අතගහල තිබුනේ, ඔයාලටත් try කරන්නය කිව්වේ ඒකට තමයි. මොකද මේ අපිට තියන කොයි ආයතනයක ස්පර්ශයක් ඇති උනත්, ඒක මනසිකාර නොකලොත් එතනින් එහාට මොකවත් වෙන්නේ නැහැ! විඳීම ඇතිවෙන්නේ, හඳුනාගන්නේ, චේතනා පහලවෙන්නේ මොකවත් නැහැ! දැක්කද ඒක? දකින්න try කරලා බලන්න එපාය... try කරන්න, එතකොට ඔය ඔයාලගේ ඇඟවල්වලත් වෙන්නේ ඕකම බව පෙනෙයි! එච්චර විතරක් නෙවෙයි, මෙහෙම ආයතන 6 ම මනසිකාර නොකර මේ ජීවිතය කෙලවර කලානම් ආයේ ඉපදීමකුත් නැහැ! ඒකට කියන්නේ නිරෝධ සමාපත්තියට සමවදිනවා කියලයි!! එහෙමම අවසානයක් උනා නම් මෙතැනින්ම විඥාණය නිරුද්ධවෙනවා, පිරිණිවන් පානවා! ලෝකේ පෙරලගෙන කල්පණා කරන්න දෙයක් නැහැ! ඇත්ත කතන්දරේ ඒකයි.

    පටිච්චසමුප්පාදය ආයතන 6 ට වෙන වෙනම ගලපලා බලන්න... චක්කුන්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණන්, තින්නං සංගතින් ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසා සම්භවන්ති! සෝතන්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණන්, තින්නං සංගතින් ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසා සම්භවන්ති! ඝානංච පටිච්ච ඝන්දේච උප්පජ්ජති ඝාන විඥාණන්, තින්නං සංගතින් ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසා සම්භවන්ති! ...දිව, කය, මනස 3 ටම ඔහොම නේ. ඉතින් ඔය මාර්ග 6 න් ඕනෙම එකක් ක්‍රියාත්මක උනොත් අනික්වා 5 ම නැති උනා කියල වැඩක් නැහැ, භවයක් හැදිලා උපතක් කරා යැවෙනවා. ඔය 6 ම නැතිවුනානම්, වේදනා, තණ්හා, උපාදාන, භව සේරම ඉවරයි. එතකොට ආයේ උපතක් නැහැ, ඉතින් මෙතැනින්ම ඉවරයි! මේක ඇත්තටම වෙන්නේ කොහොමද? ඔය පාරවල් 6 දීම 'ඵස්ස පච්චයා වේදනා' කියල කොටසක් තියනවා නේ... ඒ කොටස දිග හැරලා බලන්න! එතකොට තියෙනවා වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර (නාම definition එක) කියන ටික. ඔතනදි වෙන දේ අනුපිලිවෙලට බැලුවම, ස්පර්ශය මනසිකාර කලොත් විඳීම හටගන්නවා, ඒ විඳින දේ හඳුනා ගන්නවා, ඊට අනුව චේතනා... ඉතින් ඔය තියෙන්නේ switch එක! off කරලම දැම්මොත් game over! ඒත් වැඩේ තියෙන්නේ මනසිකාර නොකර කොහොම ඉන්නද නේද? පොඩි දෙයක් උනාට එච්චර ලේසියෙන් කරන්න අමාරුයි. මොකද හිත 'සුටුස්' ගානකොට හැටකෝටියක් විතර අරමුණු මනසිකාර කරලා! ඒත් එක්කම අනික් සේරම වැඩ ටිකත් සිද්ධ වෙනවා. අපිට මොකවත් කරන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ!

    මනසිකාර කරන නොකරන එක අපි මැදිහත්වෙලා කරන දෙයක් නිසා slow! හිතේ වේගයට වඩා හරිම හිමින් වෙන්නේ. ඒ අතරේ චේතනා පහලවෙලා, භවය හැදිලා ඕනේ දෙයක් වෙන්න ඉඩකඩ තියනවා. හැබැයි 'හඳුනා ගැනීම' සිදුවෙන්නේ හිතේ speed එකෙන්මයි! ඔන්න ඕක තමයි අපිට අල්ලන්න තියන point එක!!! නිවණ තියෙන්නේ ඔතන!!! හැබැයි මේ altra fast process එකක මැද්දේ වෙන කතාවක්! ඉතින් මේක හිත හිතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි! ඉතින් අපිට ඕනේ විදියට process එක සිදුවෙන විදියට හිත update කරගන්න පුළුවන් නම්, මින් ඉදිරියට වැරදි ආකාරයට හඳුනාගැනීමක් සිදු නොවන ආකාරයට, ආයේ සංස්ඛාර ඇතිනොවන ආකාරයට නිවැරදි කරගත්තා නම් එතනින් ගමන සම්පූර්ණයි! මේ සේරම කරන්න ඕනේ විදිය බුදුහාමුදුරුවෝ සේරම කියල දීල තියෙන්නේ. වෙන්න ඕනේ දෙය pin point කරලා පෙන්නුවම හිත හිත ඉන්නේ නැතුව අවශ්‍යදේ කරගන්න ඔයාලට ලේසි වෙයි...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ අපට කියල දුන්නේ සංඥාව මිරිඟුවක් හැටියට දකින්න කියලයි. මොකද සංඥාව (හඳුනගන්න දේ) තනිකරම මායාවක්! හඳුනගැනීම සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ මතකය මත. හොඳට කල්පණා කරලා බලන්න, එකම දෙයක් උනත් දෙන්නෙකුට දැනෙන්නේ දෙවිදියකට (perception). මොකද දෙන්නෙක් ගත්තහම ඒ දෙන්නගේ අත්දැකීම් වෙනස්! අත්දැකීම් කියන්නේ කලින් අහපු, දැකපු, විදපු, හඳුනගත්තු, චේතනා පහල කරකර හිතපු, කියපු, කරපු සේරම! ඒ කියන්නේ අපේ මතකය!! ඕකට අනුව තමයි මේ හැමෝම නට නට ඉන්නේ. බුදුහාමුදුරුවෝ ඇහුව "ඔබ කවදාවත් රසවිඳලා නැති, දන්නෙත් නැති, අහලත් නැති කෑමක් ගැන රසවිඳින්න ආසාවක් ඇතිවෙනවද?" කියල. ආයේ "කවදාවත් අහල නැති, දන්නෙත් නැති සද්දයක් අහන්න අසාවක් ඇතිවෙනවද?" කියල. ඉතින්, විඳලා මතකයක් නැති කොට, ඒ සම්බන්ධ data මොකවත් හිතේ නැතිකොට, මොනවා හිතෙන්නද? එතකොට කොහොමද ආසාවක්, තණ්හාවක් ඇතිවෙන්නේ නේද?? (අන්න එකයි වේදනා පච්චයා තන්හා කියල තියෙන්නෙත්) ඉතින් දැන් අපිට තියෙන්නේ කල්ප කල්ප ගණනක් තිස්සේ අවිද්‍යාවෙන් වැහිලා ඉඳල එක්රැස් වෙච්ච මතකයක්. ඉතින් හඳුනාගන්න තරමක් හඳුනගැනෙන්නෙම වැරදියට! රුවිතෙට! හරි එක වැරදියි කියල ගන්නවා, වැරදි ඒවා හරියි කියල ගන්නවා! යථාභූත ඥාණය පහලවෙනකම් අමාරුයි... බුදුහාමුදුරුවෝ කියලදුන්න අපි අවිද්‍යාව නිසාම, ඇත්ත ඇතිසැටියෙන් දකින්න නොහැකියාව නිසාම, මේ හඳුනාගන්න ඒවාට ලකුණුදෙනවා! value කරනවා! කියල. ඊළඟට ඒ තම තමන්ම දාගත්තු ලකුණුවලට අනුව ඇලෙනවා, ගැටෙනවා නැත්නම් මුළා වෙනවා කියල!! ඔය ඇලීම, ගැටීම, මුලාවීම තමයි රාග, ද්වේශ, මෝහ! මේ ජාති, ජරා, මරණ කියන 3 න් සත්වයාට ගැලවෙන්න බැරිවෙලා තියන හේතුව! ඉතින් එතකොට රාග, ද්වේශ, මෝහ කියන කරුණු වලට පදනම වෙච්ච අවිද්‍යාව ඉතුරු නැතුව නැතිවී ගියාම, මේ සේරම අවුල් ඉවරයි නේ... ඕකනේ කියල තියෙන්නේ "අවිජ්ජායත්වෙව අසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාණ නිරෝධෝ..." කියල. විඥාණය මෙතැනදී නිරුද්ධ උනහම ආයේ පැළවෙන්න එකක් නැහැ මෙතනින් එහාට 'යන' කතාවක් නැහැ The End! වෙනවා. ඉතින් ඔය උදවිය හැමෝමත් හැදිලා තියෙන්නේ මේ ලෝක ධර්මතාවය මත! අමුතු ක්‍රමේකට හැදිච්ච එකෙක් වත් නැහැ! ඉතින් ඔය ඔළුගෙඩි අස්සේ තියන අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුවෙච්ච දවසට ඔය හැමකෙනෙක්ම, නිකෙලෙස් වෙනවා! අරහත් වෙනවා!! පිරිනිවන් පානවා!!! මේකට මේ එක එක්කෙනාගෙන් certificate ගන්න උවමනාවක් නැහැ! බුදුහාමුදුරුවෝ අවශ්‍ය සේරම කියා දීල තියනවා... ඒ කරුණු සේරම හරියට තමන්ට වැටහුණු දවසට, ආයේ මොකවත් කරන්නදෙයක් නැති බව තම තමන්ටම තේරේවි! එච්චරයි.

    දැන් මුලින්ම අවිද්‍යාව දුරුවෙන්න අවශ්‍ය පදනම හදාගන්න උත්සහ කරන්න. ඔය කාම තන්හා කියන රූප, සද්ද, ගඳ සුවඳ, රස, පහස සහ අරමුණු හැටියට අපි විඳල, නොදන්නා කමට ලකුණු දෙන්න ගිහිල්ල, ඇලිල, ගැටිලා, මුලාවෙලා වෙච්ච සිදුවීම් වලදී ඇත්තටම උනේ මොකද්ද? උනේ කොහොමද? කියල කල්පණා කර කර බලන්න. ඇත්තටම මොනවද මේ රූප, සද්ද, ගඳ සුවඳ, රස, පහස සහ අරමුණු (බාහිර ආයතන 6) කියන්නේ කියල ණුවනින් විමසා විමසා බලනකොට තේරේවි සේරම පොළවෙන් ගත්තු දේවල් වලින්, පොලවේ සාරයෙන් සකස්වෙච්ච දේවල්ය, එහෙමත් නැත්නම් සකස් වෙච්ච දේවල් හන්දා ඇතිවෙච්ච මොන මොනවා හරි ප්‍රතිඵලය කියන එක! ඔය හොඳටම රැවටිච්ච 'ලස්සන ඇඟවල්', තමන්ගේ හරි වෙන කැමති කැමති අයගේ ඒවා හරි ඕනේ එකක්, කෑලි ගලව ගලවා බලන්නය කිව්වේ ඕකට තමයි! මතක නේ හයිය කොටස් වෙනම, ගලාගෙන යන කොටස් වෙනම, වායු කොටස් වෙනම... බලන්න ඕනේ නැහැ, හිතනකොටම එපා වෙනවා නේද?? ඊළඟට ඔය හැදිච්ච ඕනෙම දෙයක ස්වභාවය මොකද්ද? සේරම කැඩිලා බිඳිලා ගිහින් ආයේ මූලික ධාතු ස්වභාවයන් 4 ටම බෙදිලා වෙන්වෙලා යනවා!! ඊළඟට ඔය හැමදෙයක්ම අපිට දැනෙන්නේ, තේරෙන්නේ, මේ අස, කණ, නාසය, දිව, කය සහ මනස කියන අභ්‍යන්තර ආයතන 6 ට ගම්‍යවෙන අරමුණු හැටියට විතරයි. ඒ ආයතන හැමදේමත් පොළවෙන් ගත්තු සාරයෙන් හැදිච්ච දේවල්, දවසක ආයේ මූලික ධාතු ස්වභාවයන් 4 ටම බිඳිලා යන දේවල්. ඉතින් මේකේ ගන්න දෙයක් ඇත්තෙම නැහැනේ එතකොට! මේකේ මොනවටයි කියල ලකුණු දෙන්නද?? ඔය දේවල් හොඳටම හිතට වදින්න දෙන්න තමයි බුදුහාමුදුරුවෝ පිළිකුල් භාවනාව, අනිත්‍ය භාවනාව වගේ ක්‍රම ඉගැන්වුවේ. හැමදේම කරගන්න ලේසිකරලා, ක්‍රම කියාදීල උන්වහන්සේට කරන්නපුළුවන් හැම උපකාරයක්ම කරලා තියෙද්දී අපි ඒ කියපු විදියට කරන්නේ නැත්නම් කැතයි නේද වැඩේ?? හිතෙන්නේ නැද්ද එහෙම?? මටනම් හිතුනේ එහෙමයි!!

    තව මම කරපු දේවල් ටිකකුත් කියන්නම්. ලස්සන කෙල්ලෙක් එහෙම දැකල හිත පොඩ්ඩක් හෙල්ලුනා කියමු! පටස් ගාල x-ray vision on කරගන්නවා... ඇඳුම් ගලවල පටන්ගත්තාම (හුඟක් අය බලන්නේ ඔතනට විතරනේ...) ගලවගෙන ගලවගෙන යනවා ඇටකටු set එකටම! එහෙම නැත්නම් ඔය video editing වල time line එක එහෙ මෙහෙ කරලා බලන විදියට, නාකිවෙලා වකවෙලා යන ගනනටම වයසට යවනවා! (මේවා මොනවයින් වත් ඒ ළමයට මොකුත් වෙන්නේ නැහැ නේ... animation එක වෙන්නේ අපේ හිත ඇතුලේ විතරනේ...) එතකොට දන්නෙම නැතුව අවුල් සේරම ලිහිල ලිහිල යනවා, මොකුත් පැටලෙන්නේ නැහැ! ආයි රස කෑමක් එහෙම දැක්කම, මතක් උනාම, ඒකත් time shift කරලා බලනවා!! තේරුණාද? ඇයි හුඟක් කෑමජාති පිලුන්වෙලා, නරක්වෙලා යනවානේ! එතකම් හිතින් කාලය යවල බලනවා! අපි හොඳ... කන්න ආසමකරන ජාති සේරමදාල... ලොකූ කෑම පිඟානක් බෙදල... කන්න දෙන්නේ නැහැ! තියල තියනවා දවස් දෙකක් විතර!! ඊට පස්සේ ආ කන්න කියල දෙනවා... කොහොමද ශෝක් නේද? ආසද?? ඔන්න ඔය වගේ දේවල් කරලා බලන්න ඔය සංඥාව කියන එක මිරිඟුවක්ම නෙවෙයිද කියල!! මේවා practice කරන්න. ඔය කරුණු හොඳටම තේරෙන්න ගන්නවා කියන්නේ අවිද්‍යාව දුරුවෙනවා. ඊටපස්සේ ලකුණු දාන්න යන්නේ නැහැනේ... ආසාවල්, මෝඩකම්, කේන්තියන එක ඇඟටපතට නොදැනීම නැතුව යනවා. ආස හිතෙන්නේ, හිත බැඳෙන්නේ මොනවටද ඒ හැම දෙයක් ගැනම මුලාවෙන් බලන්නේ නැතුව ඇත්ත ඇති හැටියෙන්ම බලන්න. ඇඳුමක් නම් කාලෙකදී පරණවෙල, පාට ගිහිල්ල, ඉරිලා යනවා. වහනයක් නම් හැපිලා, හීරිලා, දිරල යනවා. හොඳ top class pc එකක් ගත්ත කියමු. අවුරුද්දක් දෙකක් ගියාම outdated, වැඩක් නැහැ! ඒත් මේවා පවත්වන්න, කැඩුනහම හදන්න, ලෙඩ උනාම බෙහෙත් කරන්න, maintain කරන්න ගියාම කොච්චර වදයක්ද?? මේ මොකුත් නැහැනේ අතහැරලා දාන්න පුළුවන් නම්!! අපි නිකම් බොරුවට, නොදන්නා කමටයි මේ වැඩකට නැති දෙයක් අල්ලගෙන, බදාගෙන, නිකරුනේ විඳව විඳවා ඉන්නේ! ඒත් මෙහෙම දෙයක් දැනගෙන උන්නේ නැහැනේ!!! අවිද්‍යාවෙන් එකතුවෙච්ච මතකයන් හන්ද හිතින් හද හදා දෙන ඒවාට අපිට වටේ යන්න උනා! දැන් එහෙම ඕනේ නැහැනේ... ඇත්ත ඇති හැටියෙන්ම බලල දැනගෙන, අපි නැවතිලා, හිතට ඕනේ විදියට අපි නටනවා නෙවෙයි, අපිට හිත වටේ යවන්න පුළුවන් දැන්!! ආයේ නම් ගන්න දෙයක් හිටින්නේ නෑ! තිත්තම වෙනවා!! අවබෝධයෙන්ම කලකිරෙනවා!!! නිබ්බිදා, නොඇල්මෙන් නිරුද්ධ වීමට අවශ්‍ය පසුබිම සකස්වෙනවා!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කාම තණ්හා භව තණ්හා විභව තණ්හා හන්දයි මේ නැවත නැවතත් ඉපදීම කියල දන්නවා නේ... නේද? 'යායං තණ්හා පෝනෝභවිකා' යම්කිසි තණ්හාවක් වේද, පුනර්භවයක් ඇතිකරයි! තණ්හා > උපාදාන > භවය > ඉපදීම! දැන් ඉතින් ඔය තණ්හාවල් තාම තියනවද ඔය ඇත්තෝ ගාව? නිකම් හෙණ case වෙලා ඇත්තේ by heart වැඩේට බැහැපු කෙනෙක් නම්. ඇයි ඉතින් ඇත්ත දැක්කහම, තේරුණාම ලැජ්ජයි නේ ආසකලේ මේවට නේද කියල හිතනකොටත්! අවංකව උනන්දුවෙලා ජීවිතය අවබෝධ කරගන්න උත්සහයක් දරපු අයට දැන් සෑහෙන දුරට හිත නිදහස්වෙලා ඇත්තේ හුඟක් දේවල් වලින්... නිකම් තෝන්තු වෙලා, එපා වෙලා වගේ දැනුනට ගණන් ගන්නත් එපා! ඇත්තටම වෙනසක් දකින උදවිය හරි පාරේ හරියට ආව උදවිය! එයාල දිණුම්! ඔය තෝන්තු ගතියක් ඉඳල හිටලා එනවනම් ඒ මේ අපිට හොඳට හුරුපුරුදු දේවල් නොවන නිසා මිසක් කිසිම upset එකක් හන්ද නෙවෙයි!! ඇත්ත හොඳටම දැක්කම අවුල් ලිහෙනවා, කරුණු දන්නා හන්ද හිත එක එක ඒවයි බැහැගන්නෙත් නැහැ. ඒත් අර කල්ප ගණනක් තිස්සේ වැරදියට record වෙච්ච data වල, අවිද්‍යා සහගත මතකයේ බලය මේ දැන් අලුතෙන් එකතු කරපු, විද්‍යාවෙන් යුත් ඒවාට වඩා වැඩියි. නිකම් අවිද්‍යාවයි, විද්‍යාවයි කඹ ඇදිල්ලක් වගේ නේ... ඉතින් මේ විද්‍යාවෙන් යුතුව ලබපු දැණුම බලවත් කරගන්න ඕනේ. මතක නේ... මේකම නැවත නැවත කිරීමෙන්, මේ දේවල්ම නැවත නැවත මෙනෙහි කිරීමෙන් ඒක කරන්න පුළුවන් බව. බුදුරජාණන්වහන්සේ අධිෂ්ඨාන 4 කින් මේ ජීවිතය දියුණු කරන්න ඕනෙය කියල කිව්වා! ප්‍රඥාව තියෙන්නේ අප්‍රමාදී වීමටයි, සත්‍ය තියෙන්නේ රැකීමටයි, ත්‍යාගය තියෙන්නේ අතහැරීමටයි, සන්හිඳීම තියෙන්නේ පුහුණු කිරීමටයි කියල. අන්න ඒ පුහුණු කිරීම තමයි ඔන්න ඔය විදියට දැන් අපිට කරන්න ඉතුරුවෙලා තියෙන්නේ... ඉතින් මේ part එක සම්පූර්ණ වෙනකොට අපේ වැඩේ හරි!

    පොඩි උදාහරණ ටිකකුත් එක්ක පස්සේ ලියන්නම්... ට්කක් සනීප මදි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ ගමනේ අවසානයක් දක්කයින් පස්සේ නම් නියමයි! රහතුන් වහන්සේලාට සංඥාව තමන්ගේ වසඟයේ පවත්වන්න පුළුවන් කියලයි කියන්නේ. මුලින් නම් ඒක එච්චරම තේරුණේ නැහැ. පස්සේ තමයි ටික ටික වැටහෙන්න ගත්තේ. ඒක හරියටම කියනවනම් මේ sensors වලින් එන signals, process කරලා ඇතුලට ගන්නවා වගේ වැඩක්! phase invert කරන්න පුළුවන්, delay කරන්න පුළුවන්, වෙන වෙන ඒවත් එක්ක mix කරන්න නැත්නම් වෙන ඒවාට substitute කරන්න පුළුවන්, නැත්නම් mute කරලා දාන්න උනත් පුළුවන්! තේරෙනවද? මට technically ඇරෙන්න කියන්න තේරෙන්නේ නැහැ. කොටින්ම කියනවනම් ආයතන වලින් දැනෙන දැනෙන ඒවා එහෙමම බාරගන්නේ නැතුව වෙනස් කරලා ගන්න පුළුවන්, සංඥාව විකාර කරලා දාන්න පුළුවන්! අප්පටිකූලේ පටිකූල සංඥා, පටිකූලේ අප්පටිකූල සංඥා, අනත්තේ අත්ත සංඥා, අත්තේ අනත්ත සංඥා... කියල ගොඩක් තියනවා, හරියටම මතකත් නැහැ. මොකද මගේ ඇහැ, මගේ කණ, මගේ හිත, මගේ... මගේ... මගේ... කියල බදාගත්තු මොකවත් නැහැනේ... නිකම් වෙනම ඉඳන් බලන් ඉන්නවා වගේ තමයි කොහොමත්! හොඳ කතාවක් තිබුන... හරියට අග මුල, අවස්ථා සම්බන්ධ මතක නැහැ... දවසක් රහතුන් වහන්සේ නමක් අට්ඨක සඥාව වඩමින් (ඇට කටු set එක ගැන මෙනෙහිකරමින්) යනකොට, ගෙදර පොඩි problem එකක් දාගත්ත නෝනා කෙනෙක් ගස්සගන පුප්පගන යනගමන්, මේ හාමුදුරුවෝ දැකල හිනාවක් දාගෙන ගියාලු. මෙයාගේ පස්සෙන් මහත්තය එලවාගෙන එද්දී අර ස්වාමින් වහන්සේ ඉස්සරහට මුණගැහිලා ඇහුවලු "හාමුදුරුවනේ මේ පැත්තෙන් කාන්තාවක් යනවා එහෙම දැක්කද?" කියල. අර ස්වාමින්වහන්සේ උත්තර දුන්නලු, "කාන්තාවක් නම් දැක්කේ නැහැ, ඇටසැකිල්ලක් නම් හිනාවෙගන ගියා..." කියල! ඉතින් ඔන්න ඔහොමයි වෙනවයි කියන්නේ.

    පටන්ගනිද්දීම අපි ගමන සම්පූර්ණ කලා! නිවන් අවබෝධ කළා! කිව්වම, හුඟ දෙනෙක් හිතුවේ joke කියල නේ... පිස්සෙක් කියල හිතපු අයත් ඇති! නොදන්නා කමට එහෙම හිතුනට upset වෙන්න දෙයක් නැහැ! මෝඩ කමට මේක විහිලුවකට ගත්තු එවුන්ට නම් පව් ඉතින්... හැබැයි මේක මේ නම්බු නාම ගන්න තියන දෙයක් නෙවෙයි. මම බඩගින්නේ ඉන්නකොට දුක මටයි, ඔයාලට upset එකක් නැහැ. මම ලෙඩින් ඉන්නකොට ඒ අමාරුවත් මට... අනික් අයට අමාරුවක් නැහැ. කාට උනත් ඔච්චරණේ?? සත්තු වෙලා, පෙරේතයෝ වෙලා, අපායේ වැටිලා දුක්විඳින්න උනාම කොහොමද තව? ඉතින් මේ ඉවරයක් නැතුව දුක් විඳින්න වෙන එකෙන් ගොඩයන්න ලැබුණු එක විතරයි අපිටනම් එකම සැනසිල්ල. අනික් උදවියටත් ඒකට උපකාරයක් වෙන්නයි මෙහෙම වැඩක් පටන්ගත්තේ. දන්නවනේ, කොයි ලොක්ක උනත් කවදාහරි දවසක මේ සංසාර ගමනේ නිෂ්ඵලත්වය තේරිලා, මේ ඉවරයක් නැති දුක්වේදනා වලින් නිදහස් වෙන්න ඕනෙය කියල තේරුණොත්, යම් දවසක මේ වැඩේ මේවිදියටම කරගන්න වෙනවා කියල!! හැබැයි මෙහෙම අවස්ථාවක් ලැබෙන එක හරීම දුර්ලභයි!! ඒත් කියන්න කණගාටුයි... හුඟක් එවුන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ! උන් කෙලින්නෙම පිස්සු! මේ forums වලින්ම කොච්චර දේවල් පේනවද? කරන්න දෙයක් නැහැ. ඒක ලෝකේ හැටි! පුළු පුළුවන් උදවිය ගොඩයන්න බලන්න. ගොඩ ගියත්, ආ... දැන් මාත් රහතුන් වහන්සේ නමක්! මාත් උසස් කෙනෙක් කියල හිතන්න එපා! (බොරුකාරයෙකුට මිසක් එහෙම ලොකුකම් හිතට එන්නෙත් නැහැ!) මමනම් කල්පණා කරන්නේම, මමත් කල්‍යාණ මිත්‍රයන්ගේ උපකාරයෙන්, අපේ පින්වත් ලොකුස්වාමින්වහන්සේ නිසාම, ගෞතම බුදුරජාණන්වහන්සේව දැන අඳුනගෙන, ගෞතම බුද්ධසාසනයෙදී සසරදුකින් නිදහස් උන තවත් එක වාසනාවන්ත පුද්ගලයෙක් හැටියට විතරයි! ඇත්තටම පුදුම සැනසීමක්! මේක වෙන වෙන දේවල් වලින්, සැපසම්පත්, වස්තුව, බලය කොච්චර තිබුනත්, කවදාවත් ලබන්න බැහැ!!

    දැන් ඉතින් මොකද හිතෙන්නේ? මේවා නොදන්නා කාලේ, මලක් පහණක් පූජා කරන් ආතල් එකේ හිටිය එකත් නැති උනා... මාර කරදරේක වැටිලා ඉන්නේ කියල තේරුණා... දැන් දන්නවා පින්, පව්, කුසල්, අකුසල් ගැන හොඳට, මේ අහුවෙලා හිටිය උගුල ගැනත් හොඳට තේරෙනවා දැන්, මමය කියල රැවටිලා හිටියේ මොහොකටද, ආයතන වල ක්‍රියාකාරීත්වය, විඳින, හඳුනාගන්න දේවල් සේරම හොඳටෝම පැහැදිලියි... අකුසල් සිද්ධවෙන දේවල් වලට බයයිත් එක්ක, ඒත් හරි මොකද්ද මොකද්ද වගේ නේද? කොච්චර ඇත්ත දැක්කත්, තේරුණා උනත් හිටපු ගමන් හිත ඇදීල... යනවා නොයෙකුත් දේවල් වලට, පැටලුනාට ගලවගන්න නම් අමාරුවක් නැහැ! ඒත් හැබැයි හැමතිස්සෙම කල්පණාවෙන්ම ඉන්න ඕනේ... මහා වදයක් වගේ නේද?? ඒ උනාට මේ ධර්ම මාර්ගයේ ආව උදවිය අවුල් හදාගෙන, ඔලුවේ අත්ගහගෙන, ඇප රාජසන්තක උනා වගේ ඉන්න පිරිසක් කියලද හිතන්නේ? එහෙම නෑ... ඇත්තටම 'මේ ජීවිතේ නම් කිසිම වදයක් නැහැ!' ඒක හරි ප්‍රසිද්ධ කතාවක්!! මොකද්ද දන්නවද case එක? නිකම් හිතුවොත් කට්ටියම හිටියේ වලක පතුලේ... හැබැයි කකුළුවා වතුර හට්ටිය නටනකම් හිටියා වගේ, ආතල් එකේ හිටියා! පස්සේ ඉතින් විස්තර දැනගෙන වලෙන් ගොඩට යන්න කියල පටන් ගත්තා. දැන් මේ ගමන, මේ... සැප පහසු වාහනේක, බොහොම සැපසේ යන එකක් නෙවෙයිනේ... සෑහෙන කැපවීමක් කරලා අමාරුවෙන් අමාරුවෙන් යන්න තියන ගමනක්. නිකම් හරියට ඇත්ත වලක පතුලේ ඉඳල බිත්තිවල එල්ලිලා, බොහොම පරිස්සමෙන්, සීරුවෙන්, කල්පණාවෙන් සේරටමත් වඩා සෑහෙන අමාරුවෙන් ආව ගමනක්. දැන් හරි වෙහෙසයි! ඔය අවස්ථාවේ ඉන්න හන්දයි ඔයාලට නිකම් මොකද්ද මොකද්ද වගේ වෙලා අත්තේ! හැබැයි කවුරුවත් ඇවිල්ල කඹ දාල, උස්සල ගන්න කතාවක් මෙතන නැහැ! ඉතින් තමන්ම උත්සාහ කරලා උඩටම නැගගන්න ඕනේ. හැබැයි ගොඩ උනායින් පස්සේ හරිම නිදහස්! බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවක දරුවෝ ලබන උපරිම සැපය! නිවණ!! වලේ ඉන්න උදවිය වගේ හිරවෙලා නැහැ! අනතුරක් නැහැ! හාත්පස එළියයි, පැහැදිලියි! නිදහස්! එහෙම ගොඩවුන උදවිය නමීයති, නජීරති, නවෙහෙසති කියල ගොඩාක් ඒවා කියල තියනවා. ආයේ වෙන මොනවද ඉතින්?

    ඉතින් දැන් අවශ්‍ය කරුණු නම් සේරම දන්නවා! බැරිද ඕව ගලපලා අන්තිමට වෙන්නේ මොකද්ද කියල හිතාගන්න?? හැබැයි එහෙම හිතාගන්න හැකියාව තියන උදවිය මේ වෙනකොට වැඩ සේරම ඉවරවෙලා බොහොම relax එකේ අත්තේ... බොරුද? අනික් අය කල්පණා කරලා බලන්න පොඩ්ඩක්. අවිද්‍යාව හන්ද සංස්ඛාර ඇතිඋනා. සංස්ඛාර = සංඛතන් අභිසංකරෝති, නැවත නැවත සංකතයන්ම හද හදා දෙනවා... මේ වගේ සකස්වෙච්ච සත්ව ජීවිතම හද හදා දෙනවා! අවිද්‍යාව නැතිඋනාම හරි!! බලන්න මේ (ගොරක) උදාහරණ ටික...
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මම අද දැක්ක එළකිරි එකේ ෆොටෝ වගයක්, ඒවායේ තිබුනේ එක පොඩි ළමයෙක් බස් එකකට උළුව යටවෙලා ඔලුව තැලිල, අම්ම එයාගේ වැලෙහින්නක්වගේ අඬනවා. තව එකක් තිබුන factory එකක මිනිහෙක් ගේ ඔලුව තැලිල රෝදයකට යට වෙලා. ඇයි දෙය්යියනේ මේ වගේ දේවල් වෙන්නේ. කර්මය හින්දද ? යම කිසි කෙනෙක් ධර්මයට අනුව හැසිරෙනවානම් මේ වගේ දේවල් වෙන්නේ නැද්ද.??

    මේවා බලල ඔයාටත් heat attack එකක් හැදෙයි.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ABCD0008.jpg

    ABCD0009.jpg

    32019149254147830313770.jpg
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    photo ටික බැලුව. කලින් ළමයාගේ case එක නම් දැකලත් තියනවා. ඇත්තම කියනවනම් දැන් ඕවයින් මොකවත් කිසි විශේෂයක් නැහැ! ඔය photo එහෙකට මම වඩාත්ම ආදරේ කරන කෙනෙක් substitute කරලා බැලුවත්, මාවම substitute කරලා බැලුවත්, no change! ඉතින් ඕක තමයි ඇත්ත කතන්දරේ...

    ඇත්තටම මනුස්සය කියන කෙනා හැදිලා තියෙන්නේ අර ළමයාගේ අම්ම දක්වන ප්‍රතිචාරය දක්වන විදියට තමයි! සමාජ සම්මත විදියට එහෙම හැඟීම් දැනීම් නැති එකෙක් කියන්නේ යකෙක්! කිසි චාරයක් නැති එකෙක්, හිතක් පපුවක් නැති එකෙක් කියන්නේ... ඉතින් ලෝකෙට පෙන්වන්න, එහෙම නැත්නම් 'පියේහි විප්පයෝගෝ දුක්ඛෝ' දරාගන්න හයියක් නැතිකමට විලාප තිය තියා ඇඬුවට ඔය සිදුවීම් වලක්වගන්න බරිවිදියට වෙච්ච දේවල් නම්, accident කියමු!, මොකද්ද කෙනෙකුට ඔය වෙනුවෙන් කරන්න පුළුවන්?? ඔන්න ඔතනින් තමයි ප්‍රශ්ණේ පටන් ගන්නේ...

    ඇත්තටම නම් ලෝකේ accident කියල දේවල් නැහැ. අවුල තියෙන්නේ අපිට පෙනෙන range එක, කාල පරාසය සහ ඇහැට දකින්න පුළුවන් ප්‍රමාණය හුඟක් සීමා සහිතයි! එච්චරයි. ඒ සම්බන්ධයෙන් අනන්ත හැකියාවක් තියෙන්නේ බුදුරජාණන්වහන්සේ නමකට විතරයි! ජීවමාන බුදුරජාණන්වහන්සේ දැන් වැඩසිටියනම් කියාවි 'මේ තැනැත්තා අහවල් කාලේ, අහවලා හැටියට ඉපදිලා ඉන්දැද්දී, අහවල් තැනදී, අහවලාට කරපු, අහවල් දේ නිසයි මෙහෙම විපාකයක් විඳින්න උනේ...' කියල!!! ඉතින් ඔය case by case හිතල පිස්සු හදාගන්නේ නැතුව, බුදුහාමුදුරුවෝ ඉපදීම දුකක් කියල කිව්වේ, මේ සේරම අලකලංචි වලට මුහුණ දෙන්න වෙන්නේ ඉපදුනොතින් විතරක් නිසා නේද? කියන එක තේරුම් ගන්න. අපි අතීතයේ මොන මොන කෙලි කරලා ආපු එවුන්ද කියල කවුරුවත්ම දන්නේ නැහැනේ... හැබැයි අරහත්වයට පත්වෙලා මිසක්, කරපුවයින් නම් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ! ඉතින් ගැලවීමට අවශ්‍ය කටයුතු කරන්න මේ දැන් දැන් ඉඳලම!! මේපාර 1st step හරි pass කරගත්තොත් සැනසිල්ලක් තියනවා!!! මම නම් ඕනෙම කෙනෙක් යොමු කරන්නේ ඒකටම තමයි.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    හැබැයි අරහත්වයට පත්වෙලා මිසක්, කරපුවයින් නම් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ! ඉතින් ගැලවීමට අවශ්‍ය කටයුතු කරන්න මේ දැන් දැන් ඉඳලම!! .

    අරහත්වයට පත් උනත් පටිසන් දෙන කර්ම තියනවා . එක නිසා තමයි කියන්නේ මේ සංසාරේ එතරම්ම දරුණුයි කියල ! අහිපිලම් ගහන මොහොතකවත් සැනසීමක් හොදක් නැහැ මේ සංසාරේ . හැම වෙලාවේම තියන්නේ දුකම විතරයි . හැබැයි අපට තේරෙන්නේ නැහැ මේක දුකක් කියල . ඒ අපි මුල්වෙලා ඉන්න නිසා . ඔය පින්තුරේ දිහා බලල හිතන්න අපි මේ මහා ලොකුවට මගේ කියාගෙන ඉන්නේ කොයි තරම් ජරා ගොඩක්ද කියල . එකට ජරාව කියනවත් අපි කැමති නැහැ . එකටම අලි ගැලී වාසය කරනමයි හිත . ඕක තමයි මායාව .
    ඉතින් ඕව බලල අනිත්‍ය බව මෙනෙහි කරගෙන පුළුවන් තරම් සසර ගමන කෙටි කරගන්න . ඉක්මනින්ම මේ කරදරෙන් ගැලවෙන්න බලන්න .
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    අරහත්වයට පත් උනත් පටිසන් දෙන කර්ම තියනවා . එක නිසා තමයි කියන්නේ මේ සංසාරේ එතරම්ම දරුණුයි කියල ! අහිපිලම් ගහන මොහොතකවත් සැනසීමක් හොදක් නැහැ මේ සංසාරේ . හැම වෙලාවේම තියන්නේ දුකම විතරයි . හැබැයි අපට තේරෙන්නේ නැහැ මේක දුකක් කියල . ඒ අපි මුල්වෙලා ඉන්න නිසා . ඔය පින්තුරේ දිහා බලල හිතන්න අපි මේ මහා ලොකුවට මගේ කියාගෙන ඉන්නේ කොයි තරම් ජරා ගොඩක්ද කියල . එකට ජරාව කියනවත් අපි කැමති නැහැ . එකටම අලි ගැලී වාසය කරනමයි හිත . ඕක තමයි මායාව .
    ඉතින් ඕව බලල අනිත්‍ය බව මෙනෙහි කරගෙන පුළුවන් තරම් සසර ගමන කෙටි කරගන්න . ඉක්මනින්ම මේ කරදරෙන් ගැලවෙන්න බලන්න .

    මේං බලාපල්ල බන කියන්න ඇවිත් ඉන්න උත්තමයා කවුද කියලා... අනෙක් ත්‍රෙඩ් වල හම්බයන්ව පතුරු ගහල.. බනත් කියනවා.. අනේ කාලකන්නි මූසලයෝ.. අනෙක් එවුන්ට කියන්න කලින් උඹට ඒවා කරන්න පුළුවන්ද බලපන්..
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    mensoft, 'අරහත්වයට පත් උනත් පටිසන් දෙන කර්ම තියනවා' කියන එක හොඳටම sure ද?
    ඇයි දන්නවද? ඔයත් ඉතින් මට අර දොස්තර කෙනෙක්ව එහෙමත් හම්බවෙන්න කිව්ව අයිය කෙනෙක් නේ...
    දැන් මෙහෙමයි... අරහත්වයට පත්වෙනවා කියන්නේ අවිද්‍යාව එහෙම්පිටින්ම ඉවරයි! එතනින් පුද්ගලයෙක් කියන 'සංකල්පය' ඉවරයි!!
    ඊට පස්සේ 'රහතුන්වහන්සේට' මුහුණදෙන්න තියෙන්නේ සිදුවීම් සමුදායකට විතරයි! ඒවයි හොඳ නරක, ගුණ අගුණ විමසන්න කෙනෙක් නැහැ!!
    එතකොට කෝ කර්ම? කාටද ඒ කර්ම විපාක දෙන්නේ??
    මට මතක විදියට බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ රහතුන්වහන්සේ කිසි දෙයක් පිළිගන්න යන්නේ නැහැ, උපේක්ෂාවෙන් හැමදේම ඉවසනවා, මාරාන්තික වේදනා පවා ඉවසනවා. ඒ උදවියට ගින්නෙන්, ජලයෙන් වගේ අනතුරු වෙන්නේ නැහැ... ස්වභාවිකව ආයුෂ ගෙවිල යනකම් ජීවිතය පවතිනවා... ඔන්න ඔය වගේ කරුණු ටිකක්.
    මම හිතන්නේ මේ ජීවිතාවබෝධයට අවංක උත්සහයක් නොදරා, නිකම් කතන්දර කියන, පිටින් ඉඳන් බලන් ඉන්න අය තමයි හිතන්නේ අරහත්වයට පත් උනාමත් කර්ම විපාක තියනවා කියල!
    ඒත් අවබෝධය සම්පූර්ණ වෙච්ච දවසක තේරෙයි කතන්දරේ වෙනස් නේද කියල...
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මේං බලාපල්ල බන කියන්න ඇවිත් ඉන්න උත්තමයා කවුද කියලා... අනෙක් ත්‍රෙඩ් වල හම්බයන්ව පතුරු ගහල.. බනත් කියනවා.. අනේ කාලකන්නි මූසලයෝ.. අනෙක් එවුන්ට කියන්න කලින් උඹට ඒවා කරන්න පුළුවන්ද බලපන්..

    ඔන්න කොන එලියට දල වැඩේ මට්ටු උනා . යකෝ තෝ වගේ නාකි හම්බෙයෙක් .
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    mensoft, 'අරහත්වයට පත් උනත් පටිසන් දෙන කර්ම තියනවා' කියන එක හොඳටම sure ද?
    ඇයි දන්නවද? ඔයත් ඉතින් මට අර දොස්තර කෙනෙක්ව එහෙමත් හම්බවෙන්න කිව්ව අයිය කෙනෙක් නේ...
    දැන් මෙහෙමයි... අරහත්වයට පත්වෙනවා කියන්නේ අවිද්‍යාව එහෙම්පිටින්ම ඉවරයි! එතනින් පුද්ගලයෙක් කියන 'සංකල්පය' ඉවරයි!!
    ඊට පස්සේ 'රහතුන්වහන්සේට' මුහුණදෙන්න තියෙන්නේ සිදුවීම් සමුදායකට විතරයි! ඒවයි හොඳ නරක, ගුණ අගුණ විමසන්න කෙනෙක් නැහැ!!
    එතකොට කෝ කර්ම? කාටද ඒ කර්ම විපාක දෙන්නේ??
    මට මතක විදියට බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ රහතුන්වහන්සේ කිසි දෙයක් පිළිගන්න යන්නේ නැහැ, උපේක්ෂාවෙන් හැමදේම ඉවසනවා, මාරාන්තික වේදනා පවා ඉවසනවා. ඒ උදවියට ගින්නෙන්, ජලයෙන් වගේ අනතුරු වෙන්නේ නැහැ... ස්වභාවිකව ආයුෂ ගෙවිල යනකම් ජීවිතය පවතිනවා... ඔන්න ඔය වගේ කරුණු ටිකක්.
    මම හිතන්නේ මේ ජීවිතාවබෝධයට අවංක උත්සහයක් නොදරා, නිකම් කතන්දර කියන, පිටින් ඉඳන් බලන් ඉන්න අය තමයි හිතන්නේ අරහත්වයට පත් උනාමත් කර්ම විපාක තියනවා කියල!
    ඒත් අවබෝධය සම්පූර්ණ වෙච්ච දවසක තේරෙයි කතන්දරේ වෙනස් නේද කියල...

    Then why did mugalan maharahathan wahanse was beaten to death by some theives?? He would have used his supernatural powers to defeat them?
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    ඔන්න කොන එලියට දල වැඩේ මට්ටු උනා . යකෝ තෝ වගේ නාකි හම්බෙයෙක් .

    උඹේ මොලේ තමයි මොලේ කොහමද බං හරියටම කියන්නේ... උඹලා වගේ මොල කාරයෝ තමයි මේ රටට ඕන අනේ වාසනාවන්...

    උඹ පුළුවන්නම අර දමිතයා අහපු ප්‍රශ්නෙට උත්තර දීපං කෝ අනුන්ට බන කියන්න කලින්.. මම බලං ඉන්නවා .. බැරි වුනොත් උඹ නිකන්ම නිකන් පුස්සෙක් වෙනවා.. පුතෝ.. පරිස්සමෙන් උත්තර දීපන්...
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    mensoft, 'අරහත්වයට පත් උනත් පටිසන් දෙන කර්ම තියනවා' කියන එක හොඳටම sure ද?
    ඇයි දන්නවද? ඔයත් ඉතින් මට අර දොස්තර කෙනෙක්ව එහෙමත් හම්බවෙන්න කිව්ව අයිය කෙනෙක් නේ...
    දැන් මෙහෙමයි... අරහත්වයට පත්වෙනවා කියන්නේ අවිද්‍යාව එහෙම්පිටින්ම ඉවරයි! එතනින් පුද්ගලයෙක් කියන 'සංකල්පය' ඉවරයි!!
    ඊට පස්සේ 'රහතුන්වහන්සේට' මුහුණදෙන්න තියෙන්නේ සිදුවීම් සමුදායකට විතරයි! ඒවයි හොඳ නරක, ගුණ අගුණ විමසන්න කෙනෙක් නැහැ!!
    එතකොට කෝ කර්ම? කාටද ඒ කර්ම විපාක දෙන්නේ??
    මට මතක විදියට බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ රහතුන්වහන්සේ කිසි දෙයක් පිළිගන්න යන්නේ නැහැ, උපේක්ෂාවෙන් හැමදේම ඉවසනවා, මාරාන්තික වේදනා පවා ඉවසනවා. ඒ උදවියට ගින්නෙන්, ජලයෙන් වගේ අනතුරු වෙන්නේ නැහැ... ස්වභාවිකව ආයුෂ ගෙවිල යනකම් ජීවිතය පවතිනවා... ඔන්න ඔය වගේ කරුණු ටිකක්.
    මම හිතන්නේ මේ ජීවිතාවබෝධයට අවංක උත්සහයක් නොදරා, නිකම් කතන්දර කියන, පිටින් ඉඳන් බලන් ඉන්න අය තමයි හිතන්නේ අරහත්වයට පත් උනාමත් කර්ම විපාක තියනවා කියල!
    ඒත් අවබෝධය සම්පූර්ණ වෙච්ච දවසක තේරෙයි කතන්දරේ වෙනස් නේද කියල...

    හොදටම sure නම් නැහැ .මොකද මම රහත් වෙලා නැති නිසා . හැබැයි ඉතින් මම අහල තියන්නේ ඉගෙන ගෙන තියනේ එහෙමයි . මුගලන් හමුදුරුවොන්ට හොරු පහදදුන්නේ රහත් උනාට පස්සෙලු . . එතකොට බුදුන්වහන්සේට බඩේ අමාරුවක් හැදුනෙත් ඒ වගේ කාර්ම විපාකයක් පටිසන් දීලලු . එහෙම තමයි මම බණට අහල තියන්නේ . ඔබතුමටනම් ඕව මොකවත් වෙන්නේ නැතුව ඇති . මොකද ඔය රහත් වෙලා නිසා . ඇත්තටම ඔය පටිසන් දෙනෙත් කර්මයක් වෙන ඇති . මෙට පෙර අත්මෙකදී ඔබ මිනිසුන්ව මුල කරන ඇති . එකේ විපාකයක් විදිහට ඔබට මේ ආත්මෙදි රහත්වෙලා කියල හිතෙන විදිහේ මානසික රෝගයක් වැළදිලා ඇති . අනේ ඉතින් මෙහෙම් කිව්වා කියල මගෙත් එක්ක තරහ ඇතිකරගන එපා . මම හිතුවේ ඔබතුම දැනටමත් ඔය කතාව අමතක කරලදල ඇති කියල . අනේ හැබැටම මටනම් දැන් යේ මතක්කරනකන්වත් ඕක ගැන එචර නිචියක් තිබුනේ නැහැ . ඔබතුම රහත්වෙලත් මෙචරකල් ඔය කතාව අල්ලාගෙන හිටියද ?
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    උඹේ මොලේ තමයි මොලේ කොහමද බං හරියටම කියන්නේ... උඹලා වගේ මොල කාරයෝ තමයි මේ රටට ඕන අනේ වාසනාවන්...

    උඹ පුළුවන්නම අර දමිතයා අහපු ප්‍රශ්නෙට උත්තර දීපං කෝ අනුන්ට බන කියන්න කලින්.. මම බලං ඉන්නවා .. බැරි වුනොත් උඹ නිකන්ම නිකන් පුස්සෙක් වෙනවා.. පුතෝ.. පරිස්සමෙන් උත්තර දීපන්...

    පුසෙක් නෙමෙයි මොකෙක් උනත් කමක් නැහැ කොන නැති හම්බයෙක් නොවී .
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    උඹේ මොලේ තමයි මොලේ කොහමද බං හරියටම කියන්නේ... උඹලා වගේ මොල කාරයෝ තමයි මේ රටට ඕන අනේ වාසනාවන්...

    උඹ පුළුවන්නම අර දමිතයා අහපු ප්‍රශ්නෙට උත්තර දීපං කෝ අනුන්ට බන කියන්න කලින්.. මම බලං ඉන්නවා .. බැරි වුනොත් උඹ නිකන්ම නිකන් පුස්සෙක් වෙනවා.. පුතෝ.. පරිස්සමෙන් උත්තර දීපන්...

    ඇත්තටම හම්බයෝන්ට බනිනකොට උඹට රිදෙන්නේ ඇයි ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔයාලට මුගලන් මහරහතන්වහන්සේ හරි බුදුහාමුදුරුවොම හරි කිව්වද මට මේ පළදුන්නේ අහවල් කර්ම විපාකය කියල??

    conservative, මුගලන් හාමුදුරුවෝ powers පාවිච්චි කලේ නැත්තේ උන්වහන්සේ රහතුන්වහන්සේ නමක් හන්ද! මොකද, මොකුත් වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැනේ... වෙනදෙයක් වෙන්න ඇරලා උපේක්ෂාවෙන් බලන්ඉන්නවා විතරයි!! ජීවිතය පවත්වන්න කියලවත්, නැතිකරගන්න කියලවත් මොකුත්ම හැඟීමක් නැහැ!!

    mensoft, ඔහෙට නම් මොකවත් කියල වැඩක් නැති ගනනයි. කතාවලින් ඔයාගේ හැටි ලස්සනට එලියට පේනවා! බණ කතාකරන්න කලින්, හොඳ දොස්තරකෙනෙකුට පෙන්නලා verify කරවගන්න ඔයාට ඇත්තටම මානසික රෝගයක් නැහැ කියල 100% sure ද කියන එක! තමුන් කොච්චර කිව්වත් හරහටම යන කෙනෙක්! හිතන්නෙම තමුන් හරි, අනික් කෙනා වැරදියි කියලනේ... කතා කරලා වැඩක් නැහැ! ඇත්තටම මාර කරුමයක්!


    පොඩ්ඩක් විතර busy. පැල්බැඳගෙන ලියන්න වෙලාවක් ලැබුණුගමන් ඉතුරු ඒවා ලියන්නම්...
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔයාලට මුගලන් මහරහතන්වහන්සේ හරි බුදුහාමුදුරුවොම හරි කිව්වද මට මේ පළදුන්නේ අහවල් කර්ම විපාකය කියල??

    conservative, මුගලන් හාමුදුරුවෝ powers පාවිච්චි කලේ නැත්තේ උන්වහන්සේ රහතුන්වහන්සේ නමක් හන්ද! මොකද, මොකුත් වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැනේ... වෙනදෙයක් වෙන්න ඇරලා උපේක්ෂාවෙන් බලන්ඉන්නවා විතරයි!! ජීවිතය පවත්වන්න කියලවත්, නැතිකරගන්න කියලවත් මොකුත්ම හැඟීමක් නැහැ!!

    mensoft, ඔහෙට නම් මොකවත් කියල වැඩක් නැති ගනනයි. කතාවලින් ඔයාගේ හැටි ලස්සනට එලියට පේනවා! බණ කතාකරන්න කලින්, හොඳ දොස්තරකෙනෙකුට පෙන්නලා verify කරවගන්න ඔයාට ඇත්තටම මානසික රෝගයක් නැහැ කියල 100% sure ද කියන එක! තමුන් කොච්චර කිව්වත් හරහටම යන කෙනෙක්! හිතන්නෙම තමුන් හරි, අනික් කෙනා වැරදියි කියලනේ... කතා කරලා වැඩක් නැහැ! ඇත්තටම මාර කරුමයක්!


    පොඩ්ඩක් විතර busy. පැල්බැඳගෙන ලියන්න වෙලාවක් ලැබුණුගමන් ඉතුරු ඒවා ලියන්නම්...

    මමනම් පිළිගන්ව . මොකද මම පෘතග්ජනයෙක් නිසා . බුදුහාමුදුරුවෝ කිව්වේ පෘතග්ජන හැමෝම උන්මත්තකයෝ කියල .එත් මම කොහෙවත් කියල නැහැ මම කියන එක හරි එකම පිළිගන්න කියල . ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙක්ට පුළුවන් මම වැරදිනම් පෙනන්න . එක වැරදි කියල තේරුනොත් අනිවාර්යෙන්ම මම එක පිළිගන්ව . ඔය කියන දේට විරුද්ද දෙයක් අපි කිවොත් අපි වැරදි , යන්නේ හරහට . හරි කියල කියන දේවලට හරි කියනවා වැරදි දේට වැරදි කියනවා . එකයි මගේ හැටි . නමුත් ඔබතුම කියන හැමදේම පිළිගන මට බැහැ. තමුන්නාන්සේ මේ නිවන්දකල කිව්වා පලියට මට කියන්නේ කියන ඔක්කොම ඇත්ත කියල පිළිගන කියලද ? මෙචර කාලයක් අපි අහපු ඉගෙනගත දේවල් ඔක්කොම වැරදි කියලද ?