Mega Star - Kiyana Katha

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඉරිදා පත්තරවල මෙගා ස්ටාර් කතා
    මෙගා ස්ටාර් අලකලංචිය ගැන අද ඉරිදා පුවත්පත් කිහිපයකම විවිධ ලිපි පළව තිඛෙනවා.
    පහත පළවන්නේ ඒ ඇසුරෙන් ලබාගත් අදහස්ය.


    Superman.jpg


    මං තෑග්ග ගන්නෙ නෑ - අජිත්
    මෙගා ස්ටාර් කිරුළ ලබාගත් අජිත් වීරසිංහ අද පුවත්පත් වලට පවසා තිඛෙන්නේ, එදා මෙම තරගයට ආවේ කෑම පැකට් දී මත්පැන් පානය කළ දේශපාලන පාක්ෂිකයින් පිරිසක් බවත් දේශපාලනික තරගයක් ලෙස මෙහි තීන්දුව නොරිස්සූ ඔවුන් බඩු මුට්ටු පොළේ ගැසූ බවත්ය.විනිසුරු මඩුල්ල පවා මුල සිට තමන්ට එරෙහිව දයාසිරිට පක්ෂවූ බව කියන ඔහු සියල්ල අවසානයේ ජනමතය ජයගත් බව පෙන්වා දෙයි.
    ඔහු සිළුමිණ සමග සාකච්ඡාවේදී ඉ`ගි කරන පරිදි මෙහිදී මෙගා ස්ටාර් කිරුළ හිමි වුවත් ඒ සමග පිරිනමන තෑගි ගැනීමට ඔහුට අදහසක් නැති බවකි.

    ගුටිකා පැන ගිය ලොක්කා මට විතරක් ලක්ෂ 30 ක් ණයයි-සුරේෂ්
    සුරේෂ් ගමගේ දිවයින පුවත්පතට පවසා ඇති පරිදි මෙම තරගවලදී සෑම තරගකරුවෙකුටම එක් සහභාගී වන අවස්ථාවක් සඳහා පණස් දහසක මුදලක් ලබාදීමට ස්වර්ණවාහිනිය පොරොන්දු වුවත් තවම කිසිවකුට එවැන්නක් ගෙවා නැති බවත් එය ගෙවන්නේ නම් ඔහුට පමණක් ලක්ෂ තිහක් ලැබිය යුතුව තිඛෙන බවත්ය.
    තමන්ගේ විශ්වාසය සොරාගත් ස්වර්ණවාහිනියේ පුද්ගලයා එදා රෑ ගුටිකා පැන ගිය බවත් දැන් සැ`ගවී සිටින ඔහුට පාරේ බැස යා නොහැකි බවත් සුරේෂ් පවසනවා.

    ස්වර්ණවාහිනියේ වගකීමක් නැතිවීම ඛේදණියයි -පබා
    ඒ අතරම උපේක්ෂා ස්වර්ණමාලි රිවිර පුවත්පතට පවසා තිඛෙන්නේ, ජනතාවට ස්තූති කරන්නවත් ස්වර්ණවාහිනිය අවස්ථාවක් නොදුන් බවත් වගකීමක් නැතිව හැසිරුණ ස්වර්ණවාහිනිය ඔවුන් කළ කැපවීමට සාධාරණයක් ඉටු නොකළ බවත්ය.

    Source
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඉල්ලගෙන කනවා කියන්නේ මේකට තමයි..:lol::lol::lol:
    නමුත් අර ලක්ශ 30 නයයි කියන කෙනා,
    මෙගා ස්ටාර් උනනම් ඔය දේ කියන එකක් නැතවෙයි නේද?
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඉල්ලගෙන කනවා කියන්නේ මේකට තමයි..:lol::lol::lol:
    නමුත් අර ලක්ශ 30 නයයි කියන කෙනා,
    මෙගා ස්ටාර් උනනම් ඔය දේ කියන එකක් නැතවෙයි නේද?

    :yes::yes::yes: