ටින්ටින්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ එලකිරි ටින් ටින් අයියනම් මේක දැක්ක ගමන් ඉක්මනින් ඇවිත් බැලුවෙ එයාට විරුද්ධව තවත් කුමන්ත්‍රණයක් කියල.
    :P:P:P:P:P:P
    ඒ උනාට මේ කියන්න යන්නෙ ඒ ටින් ටින් ගැන නෙමේ


    ටින් ටින්ගේ වගතුග



    ටින් ටින් ගැන නොදන්න පුංචි පැටියෙක් හොයා ගන්න බැරි තරම්. ඒ තරමට පුංචි පුතාලා දුවලා ටින් ටින්ට ආදරෙයි. පුංචි හිම බෝලයක්වගේ ලස්සන ස්නෝවි බලූ පැංචට ටින් ටින්ටත් වඩා ආදෙරෙයි. හැබැයි ඉතිං බියන්කා කැස්ටොෆියොරේ නෝනටනං ගොඩක් අය කැමති නෑ. එයගේ සිංදු වලට කැප්ටන් හැඩොක් කනේ ඇඟිලි ගහ ගන්නවා. ප්‍රොෆෙසර් කැල්කියුලස්ගේ අලූත් සොයාගැනීම් වලටත් පුංචි ඔයාලා ආසයි නේද?


    ඉතින් පුංචි පුතේ දුවේ අපි මෙච්චර ආසා කරන අපේ ටින් ටින්ව ඉස්සෙලම පොඩිත්තන්ට තෑගි කලේ කව්ද කියලා දන්නවද? ඒ ජෝජස් කියලා මාමා කෙනෙක්. එයාට තව නමක් තිබුනා. ඒ තමා හර්ජ්, ඔන්න පුතේ.... හර්ජ් මාමා මුලින්ම ටින් ටින්ව ඇන්දේ 1929 දී... පුතාලා තියා මමවත් ඉපදිලා නෑ... මුලින්ම ටින් ටින්ට තනියට හිටියේ ස්නෝවි පැංචා විතරයි... ටින් ටින් කාටුන් පොත කියෝපු ලෝකේ පුරා හිටපු පුංචිත්තෝ එදා ඉදන් අද වෙනකල් ටින් ටින්ට යි ස්නෝවිටයි පුදුම විදිහට ආදරේ කරනවා!


    හර්ජ් මාමා

    පස්සේ කාලෙක හර්ජ් මාමාට හම්බ උනා අපූරු යාලූවෙක්. එයාගෙ නම චෑං - චොං-

    චෑං මාමා හර්ජ් මාමාට ගොඩක් උදව් කරා අලූත් අලූත් යාළුවෝ ටින් ටින් එක්කලා එකතු කරන්නට. තොම්සන් සහ තොම්සන්... මතකයි නේද අර පිස්සු රහස් පරීක්ෂකයෝ දෙන්නා...? මතක් වෙද්දිත් හිනා යනවා නේද පුතේ? එයාලාව ටින් ටින්ගේ කතාවලට ගෙනාවෙ චෑං මාමා. කැප්ටන් හැඩොක්, බියන්කා කැස්ටොපියොරි, ප්‍රොෆෙසර් කැල්කියුලස් වගේ අයත් ටින් ටින්
    එක්ක එකතු උනා.

    ඔයාලට මතකද අර ටින් ටින් ටිඛෙට් දේශයට ගිය කතන්දරේ... අන්න ඒකේ චෑං කියල චරිතයක් තිබුනා...! එයාව හර්ජ් මාමා එකතු කලේ එයගේ යාළුවා චෑං මාමාව මතක්වෙන්න.

    මුලින්ම හර්ජ් මාමාගෙ ටින් ටින් කාටුන් එක ගියේ පත්තර සඟරා වල... පස්සෙ තමයි ඔය අපි ටී.වී. එකේ බලන කාටුන් චිත්‍රපටි හැදුවේ. ටින් ටින්ගේ කතා පොත් කෝටි විස්සකට වැඩිය විකිණිලා තියනවාලූ! බලන්න ටින් ටින් කොච්චර ජනප්‍රිය ද කියලා!



    ඉතන් අපි ටින් ටින් ගැන ගොඩක් දේවල් කතා කළා නේද? මීට පස්සේ පුතලා - දුවලා ටින් ටින් බලත්දී හර්ජ් මාමාවත් මතක් වේවි නේද? ටින් ටින් විතරක් නෙමෙයි, දූලා පුතාලා ආසාවෙන් බලන- කියවන හැම කතන්දරයක්ම පිටිපස්සෙ ළමයින්ට ආදරේ කරන හොඳ නැන්දලා- හොඳ මාමලා හුඟාක් ඉන්නවා. කතන්දර වලට වගේම අපි එයාලටත් ආදරේ කරන්න ඕනේ.



    1929 දී ඉපදිලා අවුරුදු ගානක්ම පුතාලා එක්ක හිටියා වාගේ, හැමදාමත් ලොකේ පුරා පුංචි පැටව් එක්ක ටින් ටින් ඉදීවි!

    තනියම නොවේ...!
    ස්නෝවි පැංචාත් එක්ක..!
    බව් වව් බව් වව්...!

    උපුටා ගැනීම බූදිගේ බ්ලොග් අඩවියෙන්
     
    Last edited:

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මරු. සෑහෙන දෙයක් ඉගෙන ගත්තා
    11.gif

    ටින් ටින් සැමන් ටින් මොඩ් ටින්
    7.gif
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Tin Tin double tin newei neda mee....
    Nama ahuwath baya hitenawa ban.. U nag hena chandiya ne (habai ganu kicha)