e-mail යනු බොහෝ දෙනෙක් වර්තමානයේ භාවිතාකරන සන්නිවේදන මාර්ගයකි.තොරතුරු පින්තූර වගේම යම් යම් වියාපාරික රාජකාරී කටයුතු පවා e-mail මගින් වර්තමානයේ සිදුවේ.
නොමිලයේ ඊමේල් සර්විස් ලබදීමේදී Yahoo,Google සහ Microsoft වැනි සමාගම් ඉහලින්ම සිටී.එහෙත් Facebook සමාගම එම සමාගම් වලට යම් තර්ජනයක් කිරීමට ඉදිරියට පැමිණ තිබේ.
Facebook.com email Address 4 Sale On eBay
Sociable Web අඩවි අතර ප්‍රමුකම ස්ථානයේ සිටින Facebookආයතනය විසින් @facebook.com නමින් අලුත් e-mail එකක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.මෙය ආරම්භයේ නොමිලේ ලබාදීමට ඔවුන් උස්සහ නොකරයි.එයට හේතුව මෙම e-mail ලිපිනය විකිණීමෙන් ලබා ගන්න මුදල් ඔවුන් පිළිකා අසාදනයෙන් පීඩිත වූ ජනතාව වෙනුවෙන් යොදවා.ඔවුන් සවිබල ගැන්වීමේ පරමාර්තයෙන් යෙදවීමටයි.
මෙම නව සේවාව e-Bay හරනා වෙන්දේසි කිරීමට Facebook පාලක මණ්ඩලය කටයුතු කර තිබේ.පවුම් 300කට වෙන්දේසි කිරීම් කරන මෙම e-mail Address සදහා පැය පහක් ඇතුලත 400ක් ගැනුම් කරුවන්ගේ ඉල්ලුම් ඔවුන් වෙත ගලාවිත් තිබේ.
මෙහිදී වෙනත් ඊමේල් ක්‍රම හා වෙනස් වන ලක්ෂන කිහිපයක් දැකිය හැක එනම් මෙහි ඉන්බොක්ස් එක ලෙස ක්‍රියාත්මක වෙන්නෙ දැනට අප Facebook ගිණුමේ Social Inbox එකයි.
The Social Inbox
Facebook e-mail Inbox හෙවත් Social Inbox එක ක්‍රියාත්මක වෙන්නෙ මෙලෙසයි
එමෙන්ම මෙහි Subject,C.C.සී සහ B.C. යන පිරවුම් අඩංගු නොවිම තවත් කරුණකි.එයට හේතුව වෙනත් ඊමේල් Services තුල එවැනි ගුණාංග තිබුනද එවා වර්තමානයේ භාවිතය සිමා වීමයි.එම නිසා Facebook මගින් හදුන්වා දෙන නව e-mail ක්‍රමය වර්තමාන e-mail ක්‍රමයෙන් බැහැරට ගිය ක්‍රමයකි මෙමගින් Chat කිරීමටද .කිහිප දෙනෙකු සමග Video මාධ්යෙන් සකච්චා කිරීමටද.නොයෙකුත් දේ බෙදා ගැනීමටද සරිලන ලෙස සැකසුන ක්‍රමයකි
ඔබට ෆේස්බුක් තුලින් [email protected] ලෙස ඔබගේ ඊමේල් ලිපිනය ලබාගැනීමේ හැකියාව ඇත
මෙම සුභ ශාධන ක්‍රියාවලියට ඔබාමා පරිපාලනය පවා සහය දක්වා තිබෙන අතර ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන පවා පුලුල් ප්‍රචාරයක් දියය් කර තිබේ.එමෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ ෆේස්බුක් ගිණුම් වලට නොමිලේ මෙම සේවාව ලබාදීමට තීරනය කර තිබෙ.එමගින් මෙම ක්‍රියාදාමයට ප්‍රචාරයක් ලබාගැනීමට ඔවුන් බලපොරොත්තුවෙයි.
එමෙන්ම මේ වන විට සමීක්ෂණ වාර්තා අනුව Facebook පරිශීලකයින් මෙම නව සේවාවට ඉමහත් හොද ප්‍රතිචාරදක්වා තිබේ.විචාරක මත අනුව e-mail සේවාව උටුයටිකුරු කරන ක්‍රියාදාමයක් බවට මෙය පත් වනු ඇතැයි විෂ්වාස කෙරේ.Facebook පරිපාලනය මෙම සේවාව පසුවට නොමිලයේ සියලුම Facebook පරිශීලකයින්ට ලබාදෙනු ඇතැයිද විශ්වාෂයෙන් කිව හැකිය
මෙවැනි සත් ක්‍රියාවල නිරතවන්නෙ ෆේස්බුක් ආයතනය ඇතුලු ආයතන කිහිපයකි.එවැනි සත්ක්‍රියාවන්ට ඔබත් දායක වන්න එමෙන්ම ෆේස්බුක් ඊමේල් පහසුකම ඔබත් අත්විද බලන්න.මමත් එකක් ඉල්ලන්න කියල බැලුවෙ .
විස්තර උපුටා ගැනීම
Last edited:



