feeds වල මූලිකම ක්‍රියාවනම් තොරතුරු සොයායෑමෙන් තොරව අපිකරා පැමිණීමයි.
feeds යනු කුමක්ද...?
ඔබ දිනපතා නරඹන පුවත්පත්, බ්ලොග්, වගේ සයිට් තියෙනවනේ, ඒවා අප්ඩේට් වෙන වෙලාවෙම අපිට දැනගන්න පුළුවන්. මෙම feed එකට subscibe වෙන්න ඕනා. එවිට යමක් අළුතින් එකවූ සැනින් එහි Headline එක හා ලිපියේ කොටසක් අපේ feed reader එකෙන් බලන්න පුළුවන්. තවදුරටත් ලිපිය අවශ්‍යනම් එම සයිට් එකට ලොග්වෙලා හෝ බලන්න පුළුවන්.මෙයින් කාලය හා වටිනා දත්ත ප්‍රමාණයක් ඔබට ඉතිරිවෙනවා.
ප්‍රධාන feeds වර්ග දෙකක් අද භාවිතයේ තියෙනවා, Atom හා RSS.
මෙයින් පැරණි RSS-Really Simple Syndication හෝ Rich Site Summary යන නම් දෙකෙන්ම හැඳින්වෙනවා.
feed reader-
අපි රෙගිස්ටර්වෙන feeds කියවනය feed reader එකවෙනවා, ප්‍රසිද්ධම ඒවා වන්නේ Firefox, Akregator, FeedReader, Google Reader වැනි ඒවා.
මෙයින් සැකසිය හැකි කාල පරාසවලදී අපි ඇතුලත් කර ඇති blog හා sites කියවා අළුත්යමක් ඇත්නම් එය නැරඹීමට සලසනවා.
බ්ලොග් ගැන යමක් කියන්නම්, ප්‍රධාන බ්ලොග් වර්ග දෙකවන Wordpress හා Blogger වල අපිට ලබාගැනීමට feed සේවාවක් පවතිනවා. RSS හා Atom යන දෙවර්ගයම පැවතුනත්,
Wordpress වල RSS හා Blogger වල Atom ප්‍රධානව ලබාදෙනවා.
අපිට බ්ලොග් එකක් feed ලබාගැනීමට එහි feed ලිපිනය අපේ reader එකට ලබාදෙන්න ඕනා.
Blogger වල පහලින් Subscribe to: Posts (Atom) ලෙස ඇතිලින්ක් එකෙන් එය ගන්න පුළුවන්, සාමාන්‍යයෙන්
Code:
http://sample.blogspot.com/feeds/posts/default
RSS feed එකක් අවශ්‍යනම් URL එකේ අගට /feeds/posts/default?alt=rss
Code:
http://sample.blogspot.com/feeds/posts/default?alt=rss
Wordpress වල බ්ලොග් address එක අගට feed යන්න එක්කිරීම කරන්න ඕනා
Code:
http://sample.wordpress.com/feed/
වෙනත් බොහෝ websites වල feed ලකුණ මත ක්ලික් කිරීමෙන් මෙයලබාගන්න පුළුවන්.
Vista හා Windows 7වල Feed Headlines gadget එක මඟින්ද පහසුවෙන් feeds ගන්න පුළුවන්, මෙහිනම් පෙනෙන්නේ Internet Explorer මඟින් subscribe වෙලාතියෙන feeds පමණයි.
ඒවා Internet Explorer එකේ Favorites►Feed වලින් බලන්න පුළුවන්.
XML and HTML
අපි වෙබ්පේජ් එකක් බලන්නේ HTML ආකාරයට එහෙත් feed අපිට reader එක හරහා ලැබෙන්නේ XML ආකාරයට. එය වඩා දියුණු ක්‍රමයක් නොවේ. එහෙත් පහසුවෙන් තොරතුරු හුවමාරුකළ හැකියි.
Feeds වල භාවිතාවන අයිකන්..
නවතම feed ක්‍රමයක් වන්නේ RSSPODCAST
මෙහිදී සිදුවන්නේ අන්තර්ජාලය හරහා audio files බෙදාහැරීමයි. Podcasting වලින් මේවා අපිට ලබාගෙන අපේ portable player හෝ phone එක මඟින් හෝ ඇසියහැක.
දැන් ADSL ස්ලෝ වෙලා කියලත් ප්‍රශ්න තියෙන නිසා මේ ක්‍රමයට කාලය ඉතිරිකරගෙන අවශ්‍ය විස්තර ගන්න පුළුවන්.




