Halal Chicken ගැන දන්නවද?

wijendra

Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    හලාල්


    මම අද කියන්න යන්නේ බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් ගැන. :yes::yes: බොහෝමයක් ආහාර වර්ග වල සදහන් වෙලා තියෙන මෙන්න මේ ලකුණ මතකද?:rolleyes::rolleyes:

    50233356284428382317n.jpg


    බිස්කට් පැකට් එකක් ගත්තත් මේ සංකේතය තියෙනවා දැකලා ඇති.:rolleyes: ඇත්තටම මොකද්ද මේ හලාල් කියන්නේ.. ඒකේ ඇයි මේ අරාබි අකුරු සටහන් වෙන්නේ...:confused::confused::confused:

    පුංචි කාලේ නම් මම හිතුවේ හලාල් චිකන් කියන්නේ කකුල් මස් වර්ගයක් වෙන්න ඇති කියලා.:rofl::rofl::rofl: පස්සේ තමයි දැක්කේ වෙනත් ආහාර ඇසුරුම් වලත් මේ ලකුණ තියෙනබව.

    අනික ආරම්භයේදීම වැදගත් කරුණු කිහිපයක් කියන්න තියෙනවා. :nerd::nerd:


    ***මේ කරුණු කොහෙන්වත් කොපි පේස්ට් කරපුවා නෙවේ. මා විසින්ම ලියන ලද දේවල්...:cool::cool::cool:

    ***මේකෙ අරමුණ නොදන්නා කරුණක් කියලා දීම මිසක් කිසියම් ආගමකට අපහාස කිරීම නෙවේ..:yes::yes:

    ***මේක මස් කෑමේ හොද නරක තර්ක කරන ත්රෙඩ් එකකුත් නෙවේ. ;);) ( පෞද්ගලිකව මමත් මස් කෑමට විරුද්ධයි )



    හලාල් කියන්නේ අරාබි වචනයක් ( HALAL - حلال ) මේකෙ තේරුම නීත්‍යානුකූල කියන එක.


    එයින් අදහස් කරන්නේ ස්ලාමීය නීතියට අනුකූලව භාවිතයට හෝ නියැලීමට අවසර ඇති.. කිසියම් දෙයක් හෝ ක්‍රියාවක්.

    හලාල් වලට විරුද්ධ පදය හරාම් ( HARAAM ) ඒ කියන්නෙ නිත්‍යානුකූල නොවන

    හලාල් කියන එක විවිධ දේ සමග සම්බන්ධ වුනත් අපි කතා කරන්නේ ආහාර සම්බන්ධව විතරයි.
    ආහාර කිව්වාම මස් නිෂ්පාදන, ආහාර සම්බන්ධ ද්‍රව්‍ය, ඹෞෂධ යන දේ ඇතුලත් වෙනවා. කිසියම් ආහාරයක් හලාල්ද හරාම්ද කියලා හදුනාගන්නේ කොහොමද? බොහෝ ආහාර සදහා මේ බෙදීම පහසුවෙන් සිදුකරන්න පුළුවන්. ඒත් සමහර ආහාර තියෙනවා මෙහෙම පහසුවෙන් තීරණය කරන්න බැරි ගැටළුකාරී ආහාර.:baffled::baffled:


    කිසියම් ආහාරයක් හලාල් වෙන්න නම් ඒ කියන්නේ ස්ලාමීය නීතියට අනුව ආහාරයට සුදුසු වෙන්න නම් හරාම් නොවෙන්න ඹ්න. ඒ කියන්නේ ඒ ආහාරය ස්ලාමීය නීතියට පටහැනි නොවෙන්න ඹ්න.


    මෙන්න ස්ලාමීය නීතියට පටහැනි ආහාර


    * ඌරු මස්
    * ලේ
    * මළකුණු (වෙනත් හේතු නිසා මියගිය සතුන්)
    * හුස්ම හිරකර මැරීමෙන්, මැරෙනතුරු පහරදීමෙන්, බිමහෙලා මැරීමෙන්, ලේ කැටිගැසීමෙන්, වෙනත් සතෙකු විසින් මරණයට පත් කිරීමෙන් යනාදී ලෙස ලබා ගන්නා මස්
    * මත්පැන් සහ මධ්‍යසාර අඩංගු ආහාර
    :eek::eek::eek:

    මේවා හැර අනෙකුත් ආහාර තමයි භාවිතයට සුදුසු. එහෙම නම් ස්ලාමීය නීතියට අනුව සතෙක් මරන්න ඕනා කොහොමද?

    මේ සදහා අනුගමනය කරන ක්‍රමය හදුන්වන්නේ Dhabihah (ذَبِيْحَة‎; ) කියලා.
    මේ ක්‍රමයට මරන්නේ ඔටුවෝ, පලගැටියෝ, මාළුවන් සහ මුහුදු ජීවින් ඇර අනික් සතුන්.



    තියුණු පිහියක් යොදාගනිමින් බෙල්ල හරහා වේගවත් ගැඹුරු හරස් කැපීමක් කරන්න ඕන. මේ කැපීමෙදී ශ්වාසනාලය, ගලනාලය, සාරිකා ස්නායුව ( vagus nerve ), ශීර්ෂපෝශී ධමනිය, බෙල්ලේ පිහිටි ශිරා කැපීයන්න ඕන. හැබැයි කොදු ඇට පෙල කැපී වෙන්වී නොයන විදියට.

    මෙමගින් රුධිර සංසරණ පද්ධතිය වාතයට විවෘතවෙලා පීඩනය සම වෙලා පීඩන වෙනසක් නැති නිසා රුධිර ගමනාගමනය මුළුමනින්ම නවතිනවා. මොලයට සිහිය පවත්වාගෙන යන්න අඛන්ඩ රුධිර සැපයුමක් අවශ්‍ය නිසා මෙහෙම මැරීමෙන් වේදනාව සහ සිහිනුවණ ඉක්මනින් නැතිවෙනවා.




    ritslaughter.jpg



    ලෝකයේ ප්‍රමුඛ අවන්හල් වන මැක්ඩොනල්ස්, පීසා හට් වැනි අවන්හල් හලාල් ආහාර අලෙවි කරනවා. සමහර අවන්හල් 100% හලාල් ආහාර විතරයි අලෙවිකරන්නේ. ඇතැම් රටවල් හලාල් ආහාර බවට තහවුරු නොකල ආහාර විකිනීම, බෙදාහැරීම සපුරා තහනම් කර තියෙනවා.

    ආහාරයක් හලාල් බවට තහවුරු කරන සහතිකය නිකුත්කරන්න ලෝකයේ බලයලත් ආයතන පිහිටුවා තියෙනවා. මේ ඉන් කිහිපයක්...​

    Halal Food Council International (HFCI)
    Halal Food Authority UK
    Shandong Islamic Association- 山东省伊斯兰教协会, China
    USA Halal Chamber of Commerce, USA
    All Ceylon Jamiyyathul Ulama (ACJL) , Sri Lanka




    IWS-halal-logo.gif



    halal_logo.gif



    halal-logo.gif



    halal_logo.gif



    export_pic4.jpg



    halal-logo.gif



    cicot.png



    halal-logo.gif




    16520882171667744.jpg



    30930062447576653.jpg



    halal_certificate.jpg




    එතකොට මොනවද මේ හලාල් ආහාර සම්බන්ධ ගැටළු. ඒ කියන්නෙ පැහැදිලිව හදුනාගන්න බැරි අවස්ථා....


    ***එකක් තමයි බොහෝ අවන්හල් ඌරුමස් භාවිතා කරනවා. ඌරු මසුත් අනෙක් ආහාරත් පිසින්නේ එකම බාජන, හැදි බාවිතා කරමින්. ඌරු මස් පිලිගන්වන පිගානෙමයි වෙනත් ආහාර පිළිගන්වන්නෙත්. එවිට එය හලාල් විදියට පිලිගන්න බැහැ.:no::no::no:

    ***ඒ වගේම තමයි ඌරුමස් කෙලින්ම භාවිත කරන් නැති වුනත් ජෙලටින්, MSG( අජිනමොටෝ වැනි) වැනි ආහාර වල ඌරු මේදය භාවිත වීම. ( හලාල් කියලා හිතන් ඉන්න කෑම වලට මේවා එකතු කරලා තියෙන්න පුළුවන්. ) නමුත් ඉස්ලාම් භක්තිකයින් ආහාර සදහා ඌරු මේදය නොමැති නිෂ්පාදන භාවිත කරනවා.

    ***වයින්, විස්කි, බ්‍රැන්ඩි වගේ මධ්‍යසාර ආහාර වලට යෙදීම අනික් ගැටළුව.:oo::oo: ( උදාහරනයක් විදියට wedding cake) ඉස්ලාම් මංගල උත්සව වල නම් මධ්‍යසාර නොයෙදූ කේක් භාවිත වෙනවා...


    අන්තිමට මෙන්න මෙහෙම කතාවකුත් කියන්න තියෙනවා.


    කෑමට වෙනත් ආහාර නැත්නම් හලාල් නොවන ආහාරයක් ගන්න මුස්ලිම් වරුන්ට අවසර තියෙනවා....

    නමුත් ඒ ආහාර නැතිව ජීවිතය නැතිවෙන්න යනව නම් හරි තමන්ගේ පිහිට අත්‍යාවශ්‍ය මහළු මව වැනි කෙනෙක් වෙනුවෙන් හරි පමණයි...

    Surah 2:173 අනුව.

    දැං දැනගත්තනේ හලාල් වල අල ගිය මුල ගිය තැන් ඔක්කොම. හැමෝටම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. එක් එක් ජාතීන්ට, ආගම් වලට විවිධ පුරුදු සම්ප්‍රදායන් තියෙනවා. ස්ලාම් ආගමේ මේ නීති මුළු ලෝකයටම ව්‍යාප්ත වෙලා තියෙන හැටි දැක්කද? කෙසේ නමුත් හලාල් ආහාර නිසා ලෝකයේ මස් නිෂ්පාදනයට කිසියම් ප්‍රමිතියක් ලැබී තිබෙනවා. ඒකත් හොද දෙයක් නේ... :):)


    මේ ලිපිය වෙනුවෙන් සෑහෙන මහන්සි වුනා. ඔයගොල්ලො අළුතින් යමක් දැනගත්තා නම් comment එකක් වගේම REP එකකුත් දෙන්න.

    හැමෝටම සුබ දවසක්...!:love::love::love:


    පසුව ලියමි....
    මේ ත්‍රෙඩ් එක ලියපු කෙනා විදියට මම හැමෝටම දෙයක් මතක් කරන්න කැමතියි. මේක මම දැම්මේ ගොඩක් ඉස්සර. අධ්‍යාපනික පසුබිමකින් කරුණු හොයන කෙනෙකුට වැදගත් වෙන්න. මේ ලිපිය කවුරුවත් තමන්ගෙ වාසියට හරව ගන්න එපා.:no::no: හලාල් හොදයි කියලා මේකෙන් මතුකර ගන්න මුස්ලිම් සහෝදර වරු උත්සහ කරලා තිබුනා:growl::growl::growl:. මම මධ්‍යස්ථව මේක ලියලා තියෙන බව ඇත්ත. ඒක කවුරුවත් වාසියට හරවගන්න එපා.:frown::frown: අද වෙනකොට හලාල් ගැන කතිකාව දුර ගිහින්. ප්‍රශ්ණ ගොඩක් තියෙනවා. හලාල් වල වර්තමාන භාවිතය කොහෙත්ම අනුමත කරන්න බෑ. පාරිබෝගික භාන්ඩ වලින් හලාල් ලකුණ නිසා All Ceylon Jamiyyathul Ulama (ACJL) , Sri Lanka එක මුළු රටෙන්ම මුදල් උපයන එක ඉස්ලාම් ආගමට අනුව වුනත් සුදුසුයි කියලා සහෝදරවරැන්ට හිතෙනවද?
     
    Last edited by a moderator:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    goadak mahanci wela thiyanawa..danne nathi godak dewakl egana gaththa.thankx bro.digatama me wage awa damu +4 REP add.
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    ado mamath oka search ekak dala hari hoya ganna hitiye mokadda mea Halal case eka kiyala. Thank you wenna one

    rep dana heti nam danne ne. is dat just only putting Rep+ ?? ane manda !! kohomath dannawa nam ithin danawa. sorry wenna one danne nethi nisa
     
    • Like
    Reactions: heshi32 and maxxaa

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ado mamath oka search ekak dala hari hoya ganna hitiye mokadda mea Halal case eka kiyala. Thank you wenna one

    rep dana heti nam danne ne. is dat just only putting Rep+ ?? ane manda !! kohomath dannawa nam ithin danawa. sorry wenna one danne nethi nisa

    19862467.png



    me widiyata karanna
     
    • Like
    Reactions: Harry Potter

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    තියුණු පිහියක් යොදාගනිමින් බෙල්ල හරහා වේගවත් ගැඹුරු හරස් කැපීමක් කරන්න ඕන. මේ කැපීමෙදී ශ්වාසනාලය, ගලනාලය, සාරිකා ස්නායුව ( vagus nerve ), ශීර්ෂපෝශී ධමනිය, බෙල්ලේ පිහිටි ශිරා කැපීයන්න ඕන. හැබැයි කොදු ඇට පෙල කැපී වෙන්වී නොයන විදියට.:shocked::shocked::shocked:

    හලාල් කියන්නෙ සත්තු මරන්න පාවිච්චි කරන කෲරතම ක්‍රමයක්.කොදු ඇට පෙළ ඉතිරි උනාම සතා මැරුනෙ නති උනත් තවදුරටත් උට වේදනාව දැනෙනවා. කවදාවත් ඔය විදිහට මරපු සතෙක්ගෙ මස් කන්න එපා