බිල්ලෝ

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    කව්ද මේ "බිල්ලෝ"?


    ඔයාල අහල තියෙනව නේද පුංචි කාලෙ අපේ වැඩිහිටියො අපිව බය කරන්න නිතරම කියන,
    "ඔන්න බිල්ලො එනව..."
    "ඔන්න ගෝනි බිල්ලො එනව..."
    වාගෙ යෙදුම්....:baffled:

    ඉතිං මේ පුංචි "සපෝර්ට්" එක බිල්ලො කියන්නෙ කව්ද? කොහොමද මේ වචනෙ අපේ භාෂාවට එකතු උනේ කියල ඔයාලට හරියටම දැන ගන්ඩත් එක්කල..:P

    ගජබාහු හෙවත් ගජබා රජ්ජුරුවො ගැන අහල ඇතිනේ..? අර යගදාව මිරිකල වතුර ගත්තේ?? අන්න එ' උත්තමයගෙ තාත්ත, එ' කියන්නෙ පිය රජතුමා වෙච්චි වංකනාසිකතිස්ස රජතුමාගෙ කාලෙ දැවැන්ත සොළී හමුදාවක් මේ රට ආක්‍රමණය කරල 12000ක් වු අපේ ශක්තිමත් සිංහල කොල්ලො වහල් සේවය සඳහා සොළී රටට බලහත්කාරයෙන් ගෙන ගිය කතාව දන්නව ඇතිනෙ නේද?

    ඉතිං එ' කාලෙ ලක්දිව කරක් ගහපු සොළී කණ්ඩායම් ගමක් නගරයක් ගානෙ ගිහින්,
    අළු භාජනයකුත් අරගෙන ගිහින්,
    ශක්තිමත්, කඩවසම් සිංහල ගැටයෙක් දැක්කම,
    අළු අහුරක් අරන් අර හාදයගෙ ඇස් අරින්නවත් බැරි වෙන විදිහට මූනට ගහනවලු...
    පස්සෙ "ගෝනියක දාගෙන ගැට ගහල" කුදලන් යනවලු..

    ඉතිං මේ කාලෙ අපෙ රටේ දුප්පත් ගැමි මිනිස්සු අතර
    "බිල්ලො එනව..."
    "ගෝනි බිල්ලො අරන් යාවි..." වගේ යෙදුම් භාවිත උනේ ලු...

    ඉතිං ගත වෙච්චි මේ අවුරුදු දහස් ගණනක් තිස්සේ ම අපේ ජනවහරෙ විකාශණය වෙච්චි එ' යෙදුම් තමයි අදටත් අපේ අම්මල තාත්තලගෙ කටවල් වලින් පිට වෙන්නේ...

    පුදුමයි නේද මෙච්චර කාලයක් මේව එ' විදිහටම පැවතගෙන ආපු එක හා?
    බලන්න,, නවීන සුපිරි තාක්ෂණයන්ටත් වඩා රටක, ජාතියක ජනවහර, ජනශ්‍රැතිය, සංස්කෘතිය, සම්ප්‍රදායයන් කොච්චර නම් ප්‍රබල ද?

    - චන්න ඊ. කටුවාවලගේ
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මේ Post එකට rep+ දුන්නෙ නැත්නම් මාවත් ගොනි බිල්ලො අරන් යයිනේ :baffled: එනිසා ඔන්න rep+ දුන්නා :rofl::rofl: