කොරල්පර

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    කොරල්පර


    368845690_cca2cfca53_o.jpg


    හික්කඩුව



    ගල් මල් හෙවත් කොරල් පර පිළිබඳ අද බොහෝ දෙනා කතා බහ වෙති. දූපත් අශ‍්‍රිත මුහුදු තීරයන් වටා මෙවැනි දර්ශනීය කොරල්පර තීරයන් පිහිටා තිබේ. ශ‍්‍රී ලංකාව ආශ‍්‍රීතවද හික්කඩුව ප‍්‍රදේශයේ හා ති‍්‍ර‍්‍රකුණාමළය ප‍්‍රදේශයේ මෙවැනි දර්ශනීය කොරල්පර තීරයන් පිහිටා ඇත. මෙමගින් ඇතිවන වාසි රැසක් වේ. මුහුදු සුළං හා උදම් තරංග ආදියේ වේගයන් වෙනස් කිරීමට මේවාට හැකි ය. දූපත් මුහුදු කෑමෙන් වැළැක් වීමට මේවා උපකාරී වෙයි. හුණු ගල් හෙවත් කොරල් පර මගින් අළු හුණු නිපදවයි. එහෙත් අළුහුණු නිපද වීමට මේවා කැඩීමෙන් දූපත් වටා ආරක්‍ෂිත බැම්මක් බඳු වූ කොරල පර ක්‍ෂය වී යයි. එවිට මුහුදු කෑම උග‍්‍ර විය හැකිය. කොරල් බුහුබාවෙකි. විවෘත මුඛයක් මොහුට ඇති අතර මුඛය වටා ග‍්‍රාහිකාවලින් එය සමන් විත වේ. එම ග‍්‍රාහිකා මගින් ආහාර සොයා ගැනීම, පරිසරය අවට සෝදිසි කිරීම, තම ආරක්‍ෂාව සලසා ගැනීම ආදිය සිදු කරයි.


    368831191e7d9767038o.jpg


    කොරල් සැදෙන්නේ මෙහෙමයිමුහුදු ජලයේ ඇති කැල්සියම් ලවණ ජීර්ණ කිරීමෙන් කොරල් සැකිලි සෑදෙයි. එවිට මෙම සැකිලි හුණුගල් ලෙස හැදින් වේ. එලෙස සෑදෙන සැකිල්ල බාහිර සැකිල්ලක් හෝ අභ්‍යන්තර සැකිල්ලක් ලෙස විය හැකි ය. පිරිසක් ලෙස හෝ තනිව ලෙස වැඩන මෙම බුහුබාවන්ගේ සැකිල්ලේ හැඩයන් විවිධ වේ. විවිධ බුහුබාවන් අතර අවුරුද්දකට සිදුවන වර්ධන ශීඝ‍්‍රතාව සෙ.මී. 05 සිට තවත් සෙන්ටි මීටර කිහිපයක් විය හැකිය. එකම වර්ගයේ කොරල් විශේෂ එකිනෙකට ආසන්නව, ළංව වාස කරයි. මොවුන්ගේ විශේෂයන් අතරින් “මි ලෙහෙරීනා” හා “ස්ටගිලස්ටරීනා” නම් ගෝත‍්‍ර දෙක බහුලව දැකිය හැකි ය. “මිලෙහෙරිනා” සාමාන්‍යයෙන් කහ පැහැති වර්ණයෙන් යුක්තය. හැඩය අතු බෙදුණු හෝ පති‍්‍රකා වැනි පෙනුමක් වේ.


    368845693_3cabab427d_b.jpg


    එහෙත් ඇතැම් විට එහි පෙනුම වෙනස් වන අවස්ථා ද වේ. ‘ස්ටගිලස්ටරීනා’ ගණයේ කොරල් සැකිළි රතු පාට, දම්පාට, රෝස පාට වර්ණයන් ගන්නා අතර ඔවුන්ගේ හැඩය ද “මිලෙහෙරීනා” සැකිල්ලේ හැඩයට සමාන වෙයි. තවද මෘදු කොරල්, නිල් කොරල්, හා කොරොස් කොරොල් ලෙස සැළකෙන කොරල් විශේෂයක් ද වේ. මෘදු කොරල් වල ස්වාභාවය නම් එහි බුහුබාවා පටුය. මුලින් සමූූහයේ වැඩෙන මොවුන් පසුව ඈත් වී වර්ධනය වේ. කොරොස් කොරල් විශේෂ 1200 පමණ වේ. මේවා පෙනුමෙන් කුඩා ශාක වැනිය. මෙහි බුහුබාවන් සමූහයක් සිටිති. මෙම කොරොස් කොරල් මගින් ආභරණ නිපදවයි. නිල් කොරල් නිල් පාට වන අතර මෙය විවිධ හැඩයෙන් යුක්ත වේ. ගල් කොරල් මත යැපෙන ඇල් ගී පැළෑටිවල වර්ග බොහෝ වෙති. ඒවායේ වර්ණයන් විවිධ වන අතර ගල් කොරල් ස්වාභාවයෙන්ම සුදු පාට වේ. අනෙකුත් කොරල් වල හා ගල් කොරල් වල වෙනස මෙම වර්ණයන් වේ.



    M-NB3.jpg
    M-CR1.jpg


    හික්කඩුව


    මෙම ගල් කොරල්වල සැකිල්ල සම්පූර්ණයෙන් ම ඝන කැල්සියම් තට්ටුවකින් වැසී ඇත. ගල් කොරල් මෙන්ම අනෙකුත් විශේෂද ලංකාව හා නිවර්තන කලාපීය මුහුදු තීරයේ දක්නට ලැබේ. මේවා උෂ්ණත්වය 18c කට වඩා නොඅඩු උදම් කලාපයේ සිට 6000m පමණ ගැඹුරු මුහුදු ආශ‍්‍රීතව දක්නට ලැබේ. ගල් කොරල් අයත් වන්නේ “මැඩ්රිපොරේරා” ගෝත‍්‍රයටයි. ඉතා පැරණි ඉතිහාසයක් ඇති ගල් කොරල් විශේෂ 1,000 ක් පමණ වසති. ගල් කොරල් වල පමණක් නොව අනෙකුත් කොරල් වලද බුහු බාවා මිය ගිය පසුවද සැකිල්ල විනාශ නොවේ. එසේම ආලෝකය ජලයේ උෂ්ණත්වය, ආහාර ලැබෙන ප‍්‍රමාණය, හා බුහුබාවන්ගේ වර්ධනය අනුවද කොරල් වල හැඩය හා ප‍්‍රමාණය වෙනස් විය හැකි ය.අතීතයේ කොරල් යනුවෙන් හැදින් වූයේ මධ්‍යධරණී මුහුදෙන් ලැබෙන වටිනා කොරල් වලටය. පසුව ගල් පරවල වර්ධනය වන සතුන්ට ද එම නම භාවිතා කෙරිනි. පර වල කොරල් වැඩෙනුයේ මුහුදු පත්ලට හිරු එළිය හොඳින් වැටෙන ප‍්‍රදේශවලය. දැනට ලොව ඇති විශාලතම කොරල් පර පිහිටා ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවේ ය. එය හැඳින්වෙන්නේ මහා බාධක පරය ලෙසිනි.



    528-1-hikkaduwa-coral-gardens.jpg


    වඩදිය සීමාවෙන් උඩට නැගී ඇති කොරල්පර බොහෝ විට දක්නට ලැබෙන්නේ තුඩු වලය. චාල්ස් ඩාවින්ට අනුව ප‍්‍රථමයෙන්ම දූපත් වටා වැඩී ඇත්තේ කොරල්ය. මුහුදු ජලය නැගීමත් සමග බොහෝ කොරල් එහි ගිලී ගියහ. එතැන් සිට එය බාධක පරයක් ලෙස වන අතර සම්පූර්ණයෙන්ම ගිලුන පසු එය “අතොල්” පරයක් ලෙස හඳුන් වයි. මෙවැනි අතොල් පර ලෙස මාලදිවයින අවට හා පැසිපික් සාගරයේ කොරල් මුහුදු සානුවද පෙන්වා දිය හැකිය.මෙම කොරල් පර වර්තමානයේ කොරල් ගුල්ම ලෙස හා ලැහැබ් ලෙස දක්නට ලැබේ. මහද්වීපික තටකවල හා වේදිකාවල අඳුරු ස්ථානවල ඇති මේවා දර්ශනීය වර්ණයන්ගෙන් යුක්ත වේ.ඕස්ටේ‍්‍රලියාවට හා නිව් ගිනියාවට නැගෙනහිරින් ද නිව් කැලිෆෝනියාවට හා නිව් හෙබී‍්‍රඩීස්වලට බටහිරින් ද සොලමන් දූපත් වලට දකුණින් ද නිරිත දිග ශාන්තිකර සාගරයේ පිහිටා ඇති කොරල් මුහුද නම් අපූරු මුහුදක් ද වෙයි.

    ඉහත කී මහා බාධක පරය හෙවත් ග්‍රේට් බැරියර් පරය ද මෙහි පිහිටා ඇත. නෙතට සිතට රමණීය දර්ශන මවන මෙවැනි කොරල් පර අද වනවිට විනාශ මුඛයට පත්ව තිබේ. එහෙත් ඒවා රැක ගැනීමට තවමත් අපි ප‍්‍රමාද නොවෙමු. එහෙයින් හැකි සැම විටම ස්වාභාවික පරිසරයට ආදරය කරන ඔබද මෙවැනි ස්වාභාවික සම්පත් රැක ගැනීමට දායක වන්න.

    some pictures copied by one of aragon's thread
    අන්තර්ජාලය ඇසුරිනි

    2475049911_39cded17b8_b.jpg


    3506164177_4eac545ca4_o.jpg
     

    handyx111

    Member
    Jun 7, 2008
    296
    3
    0
    machan buhubava kiyan ni mokidda ban.mona unat honda diyak machan.ubata tavat
    mivagi dival karan na shaktiya dairyaya libivaaa