යෝජිත විවාහ හා යෝජිත ආදරය | Arranged marriages and arranged love
බිරිඳ මගේ ඔබ!
නෑ, මා ඔබගේ බිරිඳ නොවේ!
දෑඟිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ බිරිඳ නොවේ…
ඔබගේ බිරිඳ නොවේ!
ඔබ පෙම් කළ අය ඔබට ලැබී නැත
මා පෙම් කළ අය මටද ලැබී නැත
මව්පිය නෑ සිය ආසිරි ගී මැද
දෑඟිලි පමණක් එකට බැඳී ඇත!
දෑඟිලි පමණක් එකට බැඳී ඇත!
සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදනෙකු වෙමු අපි එකම වහල යට
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද?
අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද?
ගීත ගායනය: නන්දා මාලිනි/ගුණදාස කපුගේ
Taboo Subjects බ්ලොග් සටහන් මුල පටන්ම කියැවූවන්ගේ අවධානයට බඳුන්වන්ට ඇති කාරණාවක් තමා, Taboo Subjects කීවාට ඊටද ‘taboo’ වූ විෂයයන් තිබුණු බව. ආදරය හා විවාහය මේ බ්ලොගයේ අඩුවෙන්ම සාකච්ඡා වූ විෂයයන් දෙකක්. ඊට එක් ප්‍රධාන හේතුවක් මේ විෂයයන් අනෙකුත් බ්ලොග් අඩවි වල සුලබව සාකච්ඡා වීම. වෙන තැනෙක කතාවට ලක්වන මාතෘකා නැවත මෙහි ඇදැ ගන්නට අපේ අදහසක් නොතිබුණු හෙයින් මේ ආකර්ෂණීය මාතෘකා දෙක ඕනෑකමින්ම මඟ හරින්ට අප කල්පනා කළා. නමුත් මෙහි පහත සටහන වෙන තැනෙක කතා නොකෙරුණු දෙයක්.
‘ප්‍රපෝසල්ස්’ (proposals) ලෙස පොදු වහරෙහි හැඳින්වෙන යෝජිත විවාහ, සමාජය වඩා විවෘත වීමත් සමඟ අපේ කල්තරයෙන් ගිලිහී යන දෙයක් ලෙසයි අපට පෙනී තිබුණේ. නමුත් අප අසන දකින දෙයින් පෙනෙන්නේ එසේ නොවන බව. වත්පොතින් සහකරු/සහකාරිය සොයා ගන්නා මේ යුගයේ පවා කපු මහත්තයාගේ භූමිකාව අතුරුදහන්වී නැහැ. (පාර්ශවීයව එය පුවත්පත් විසින් පවරාගෙන තියනවා.)
යුගල බන්ධන සෑදීම (pair bonding) මානවයන්ට පමණක් විශේෂ වූ ක්‍රියාකාරකමක් නෙවෙයි. සත්ත්ව ලෝකයේද මානවයන් අතර සැදෙනවාට සමාන ආකාරයකින් යුගල බන්ධන ඇතිවනු දැකිය හැකියි. මේ ක්‍රියාවලියේ පළමු පියවර පිරිමි සතා විසින් පෙම් කෙළිය සඳහා උත්තේජක සංඥාවක් නිකුත් කිරීම. (පෙම් කෙළිය = courtship – මෙය රති කෙළිය = sex ලෙස වරදවා වටහා නොගත යුතුය. රති කෙළිය යනු පෙම් කෙළියෙහි විශේෂ අවස්ථාවක් පමණෙකි.) ගැහැණු සතා විසින් එයට ධන ප්‍රතිචාරයක් දැක්වීමෙන් පසු එළඹෙන්නේ පෙම් කෙළියේ දර්ශනීයම අවස්ථාව. මේ අදියර තුළ සංකීර්ණ වූ නර්තන (උදා: මොණර නැටුම), සංඥා ලෙස විවිධ ශබ්ද නිකුත් කිරීම් (උදා: ගෙඹි නාදය, කොහාගේ හඬ ) පමණක් නොව එකම සහකාරිය පතා පොර බැදීම්ද දකින්ට පුළුවන්. මේවා අවසානයේ ගැහැණු සතා තම සහකරු තෝරා ගන්නවා. The Selfish Gene ලියූ රිචඩ් ඩෝකින්ස්ට අනුව පෙම් කෙළියේ ජීව විද්‍යාත්මක අර්ථය තමන්ට ගැළැපෙන “හොඳ” ජාන වලින් යුතු සහකරුවකු තෝරා ගැනීමට ගැහැණු සතාට ඉඩ සැලැසීම. වඩා “හොඳ” ජාන ඉදිරි පරම්පරාවන් වෙත දායාද කිරීමට ඉන් අවස්ථාව ලැබෙනවා. යුගලය එකිනෙකා තෝරා ගැනීමෙන්ද පෙම් කෙළිය අවසාන වන්නේ නැහැ. ඉන් පසුව රති කෙළිය දක්වා එය කිසියම් කාලයක් තිස්සේ වර්ධනය වනු දකින්ට පුළුවන්. (මේ කාල සීමාව සත්ත්ව විශේෂය අනුව වෙනස් වෙනවා) රති කෙළිය පවා යුගල බන්ධනයේ කූඨ ප්‍රාප්තිය හෝ අවසානය නොවේ. සමහර සතුන් ඉන් පසුවද යුගල ලෙස හැසිරෙනු දකින්ට පුළුවන්. සමහර කුරුළු වර්ග මුළු ජීවිත කාලයටම තෝරා ගන්නේ එකම සහකරුවායි/සහකාරියයි. කවර හෝ කාරණාවක් නිසා එකකු මිය ගියොත් යුගලයේ අනෙකා මුළු ජීවිතකාලයම තනිකඩව ගත කරනවා. මෙය සත්ත්ව ලෝකයේ පවා යුගල බන්ධන හුදෙක් ලිංගික ඇසුර මුල් කරගෙන ඇති නොවන බවට සාධකයක්.
සත්ත්ව ලෝකයේ මේ ක්‍රියාවලියට සමාන්තර ක්‍රියාවලියක් අපට මානවයන් අතරද දකින්ට පුළුවන්. (එකම සහකාරිය සඳහා පිරිමි සතුන් කිහිප දෙනකුගේ පොර බැදීම්ද ඇතුළත්ව) අප love marriages කියන්නේ මේ ක්‍රියාවලියට.
සත්ත්ව ලෝකයේ දකින්ට නැත්තේ අප arranged marriages ලෙස හඳුන්වන ක්‍රියාවලියට සමාන්තර ක්‍රියාවලියකුයි. උදාහරණයක් හැටියට තමන්ට සහකරුවකු/සහකාරියක සොයා ගත නුහුණු සතකුට සත්ත්ව ප්‍රජාව විසින් බලෙන් සහකරුවකු/සහකාරියක සොයා ජෝඩු කිරීමක් සත්ත්ව ලෝකයේ නැහැ. බොදු, ගොවි, 32 හැවිරිදි චරිතවත් පුතුට උගත් රූමත් දියණියක් “දෙමාපියන් විසින්” සොයා දෙන සිරිතට සමාන්තර ක්‍රියාවලියක් සත්ත්ව ලෝකයේ අප දන්නා තරමින් කොතැනකවත් වාර්තා වී නැහැ. තමන්ට හොයා ගන්න බැරි වුණා නම් සොරි ඩොට් කොම් තමයි.
සත්ත්ව ප්‍රජාව විසින් මෙලෙස ප්‍රජා පීඩනයක් (communal thrust) යොදා යුගල ඇති කිරීම මානවයන් අතරද හැම ප්‍රජාවකම දකින්ට බැහැ. යුරෝපයේ එවන් සිරිතක් ඇත්තේම නැති තරම්. යෝජිත විවාහ සඳහා චිර ප්‍රසිද්ධ ඇෆ්ඝනිස්ථානය, ඉන්දියාව, ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය, ඉරාණය වැනි සාපේක්ෂව සංවෘත ප්‍රාථමික සමාජ ඇති රටවල්.
Source :- http://taboosubjects.wordpress.com/2010/12/30/217-2/

Last edited: