යෝජිත විවාහ හා යෝජිත ආදරය | Arranged marriages and arranged love

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    යෝජිත විවාහ හා යෝජිත ආදරය | Arranged marriages and arranged love

    යෝජිත විවාහ හා යෝජිත ආදරය | Arranged marriages and arranged love


    beach-love-couple-silhouette.jpg


    බිරිඳ මගේ ඔබ!
    නෑ, මා ඔබ‍ගේ බිරිඳ නොවේ!
    දෑඟිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ බිරිඳ ‍නොවේ…
    ඔබගේ බිරිඳ නොවේ!


    ඔබ පෙම් කළ අය ඔබට ලැබී නැත
    මා පෙම් කළ අය මටද ලැබී නැත
    මව්පිය නෑ සිය ආසිරි ගී මැද
    දෑඟිලි පමණක් එකට බැඳී ඇත!
    දෑඟිලි පමණක් එකට බැඳී ඇත!


    සිරුරින් එකතැන හදවත් දෙතැනක
    දෙදනෙකු වෙමු අපි එකම වහල යට
    ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
    අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද?
    අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද?


    ගීත ගායනය: නන්දා මාලිනි/ගුණදාස කපුගේ


    Taboo Subjects බ්ලොග් සටහන් මුල පටන්ම කියැවූවන්ගේ අවධානයට බඳුන්වන්ට ඇති කාරණාවක් තමා, Taboo Subjects කීවාට ඊටද ‘taboo’ වූ විෂයයන් තිබුණු බව. ආදරය හා විවාහය මේ බ්ලොගයේ අඩුවෙන්ම සාකච්ඡා වූ විෂයයන් දෙකක්. ඊට එක් ප්‍රධාන හේතුවක් මේ විෂයයන් අනෙකුත් බ්ලොග් අඩවි වල සුලබව සාකච්ඡා වීම. වෙන තැනෙක කතාවට ලක්වන මාතෘකා නැවත මෙහි ඇදැ ගන්නට අපේ අදහසක් නොතිබුණු හෙයින් මේ ආකර්ෂණීය මාතෘකා දෙක ඕනෑකමින්ම මඟ හරින්ට අප කල්පනා කළා. නමුත් මෙහි පහත සටහන වෙන තැනෙක කතා නොකෙරුණු දෙයක්.


    ‘ප්‍රපෝසල්ස්’ (proposals) ලෙස පොදු වහරෙහි හැඳින්වෙන යෝජිත විවාහ, සමාජය වඩා විවෘත වීමත් සමඟ අපේ කල්තරයෙන් ගිලිහී යන දෙයක් ලෙසයි අපට පෙනී තිබුණේ. නමුත් අප අසන දකින දෙයින් පෙනෙන්නේ එසේ නොවන බව. වත්පොතින් සහකරු/සහකාරිය සොයා ගන්නා මේ යුගයේ පවා කපු මහත්තයාගේ භූමිකාව අතුරුදහන්වී නැහැ. (පාර්ශවීයව එය පුවත්පත් විසින් පවරාගෙන තියනවා.)


    යුගල බන්ධන සෑදීම (pair bonding) මානවයන්ට පමණක් විශේෂ වූ ක්‍රියාකාරකමක් නෙවෙයි. සත්ත්ව ලෝකයේද මානවයන් අතර සැදෙනවාට සමාන ආකාරයකින් යුගල බන්ධන ඇතිවනු දැකිය හැකියි. මේ ක්‍රියාවලියේ පළමු පියවර පිරිමි සතා විසින් පෙම් කෙළිය සඳහා උත්තේජක සංඥාවක් නිකුත් කිරීම. (පෙම් කෙළිය = courtship – මෙය රති කෙළිය = sex ලෙස වරදවා වටහා නොගත යුතුය. රති කෙළිය යනු පෙම් කෙළියෙහි විශේෂ අවස්ථාවක් පමණෙකි.) ගැහැණු සතා විසින් එයට ධන ප්‍රතිචාරයක් දැක්වීමෙන් පසු එළඹෙන්නේ පෙම් කෙළියේ දර්ශනීයම අවස්ථාව. මේ අදියර තුළ සංකීර්ණ වූ නර්තන (උදා: මොණර නැටුම), සංඥා ලෙස විවිධ ශබ්ද නිකුත් කිරීම් (උදා: ගෙඹි නාදය, කොහාගේ හඬ ) පමණක් නොව එකම සහකාරිය පතා පොර බැදීම්ද දකින්ට පුළුවන්. මේවා අවසානයේ ගැහැණු සතා තම සහකරු තෝරා ගන්නවා. The Selfish Gene ලියූ රිචඩ් ඩෝකින්ස්ට අනුව පෙම් කෙළියේ ජීව විද්‍යාත්මක අර්ථය තමන්ට ගැළැපෙන “හොඳ” ජාන වලින් යුතු සහකරුවකු තෝරා ගැනීමට ගැහැණු සතාට ඉඩ සැලැසීම. වඩා “හොඳ” ජාන ඉදිරි පරම්පරාවන් වෙත දායාද කිරීමට ඉන් අවස්ථාව ලැබෙනවා. යුගලය එකිනෙකා තෝරා ගැනීමෙන්ද පෙම් කෙළිය අවසාන වන්නේ නැහැ. ඉන් පසුව රති කෙළිය දක්වා එය කිසියම් කාලයක් තිස්සේ වර්ධනය වනු දකින්ට පුළුවන්. (මේ කාල සීමාව සත්ත්ව විශේෂය අනුව වෙනස් වෙනවා) රති කෙළිය පවා යුගල බන්ධනයේ කූඨ ප්‍රාප්තිය හෝ අවසානය නොවේ. සමහර සතුන් ඉන් පසුවද යුගල ලෙස හැසිරෙනු දකින්ට පුළුවන්. සමහර කුරුළු වර්ග මුළු ජීවිත කාලයටම තෝරා ගන්නේ එකම සහකරුවායි/සහකාරියයි. කවර හෝ කාරණාවක් නිසා එකකු මිය ගියොත් යුගලයේ අනෙකා මුළු ජීවිතකාලයම තනිකඩව ගත කරනවා. මෙය සත්ත්ව ලෝකයේ පවා යුගල බන්ධන හුදෙක් ලිංගික ඇසුර මුල් කරගෙන ඇති නොවන බවට සාධකයක්.


    සත්ත්ව ලෝකයේ මේ ක්‍රියාවලියට සමාන්තර ක්‍රියාවලියක් අපට මානවයන් අතරද දකින්ට පුළුවන්. (එකම සහකාරිය සඳහා පිරිමි සතුන් කිහිප දෙනකුගේ පොර බැදීම්ද ඇතුළත්ව) අප love marriages කියන්නේ මේ ක්‍රියාවලියට.


    සත්ත්ව ලෝකයේ දකින්ට නැත්තේ අප arranged marriages ලෙස හඳුන්වන ක්‍රියාවලියට සමාන්තර ක්‍රියාවලියකුයි. උදාහරණයක් හැටියට තමන්ට සහකරුවකු/සහකාරියක සොයා ගත නුහුණු සතකුට සත්ත්ව ප්‍රජාව විසින් බලෙන් සහකරුවකු/සහකාරියක සොයා ජෝඩු කිරීමක් සත්ත්ව ලෝකයේ නැහැ. බොදු, ගොවි, 32 හැවිරිදි චරිතවත් පුතුට උගත් රූමත් දියණියක් “දෙමාපියන් විසින්” සොයා දෙන සිරිතට සමාන්තර ක්‍රියාවලියක් සත්ත්ව ලෝකයේ අප දන්නා තරමින් කොතැනකවත් වාර්තා වී නැහැ. තමන්ට හොයා ගන්න බැරි වුණා නම් සොරි ඩොට් කොම් තමයි.


    සත්ත්ව ප්‍රජාව විසින් මෙලෙස ප්‍රජා පීඩනයක් (communal thrust) යොදා යුගල ඇති කිරීම මානවයන් අතරද හැම ප්‍රජාවකම දකින්ට බැහැ. යුරෝපයේ එවන් සිරිතක් ඇත්තේම නැති තරම්. යෝජිත විවාහ සඳහා චිර ප්‍රසිද්ධ ඇෆ්ඝනිස්ථානය, ඉන්දියාව, ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය, ඉරාණය වැනි සාපේක්ෂව සංවෘත ප්‍රාථමික සමාජ ඇති රටවල්.



    Source :- http://taboosubjects.wordpress.com/2010/12/30/217-2/
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙසේ වීමට එක හේතුවක් මේ සමාජ සියල්ලම පාහේ දැඩි ලෙස ගෝත්‍රවාදී වීම. ගෝත්‍රයෙන් පිටත විවාහ සිදු වීම තුළ ගෝත්‍රයම කාලයාගේ ඇවෑමෙන් විනාශ වී යතිය මොවුන්ගේ දැඩි බියක් පවතිනවා. මේ නිසයි තරුණයකු ගෝත්‍රයෙන් පිට යුවතියක හා හාද කමක් ඇති කරගන්ට පෙර යෝජිත විවාහයක් මඟින් ගෝත්‍රය තුළම යුවතියක් විවාපත් කර දෙන්නේ. ඉන්දියාවේ නම් සමහර ප්‍රදේශ වල ගෝත්‍රයට පිටතින් සහකරුවකු/සහකාරියක සොයා ගැනීම මරණීය දණ්ඩනයට හේතුවක්. මෙසේ තරුණ තරුණියන් මරණයට පත් කරන්නේද පිට මිනිසුන් නොව ඔවුන්ගේම පියා, සොහොයුරන් හෝ ඥාති සොහොයුරන් විසිනුයි. (සහකරුවන් සොයා ගැනීමේදී ගෝත්‍රවාදීවීම පරිණාමීයව දරුණු වරදක්. ඉන් වන්නේ ඉදිරි පරම්පරාවට වඩා වැඩි විකෘති සංඛ්‍යාවක් දායාද වීම පමණයි. වඩා සඵල නව පරම්පරාවක් බිහි වන්නේ ගෝත්‍ර අතර සිදුවන විවාහ වලින් මිස ගෝත්‍ර තුළ සිදුවන විවාහ වලින් නෙවෙයි.)


    අපට පිළිගන්ට වන තවත් කාරණාවක් තමයි, යෝජිත විවාහ ඇති වන්ට තවත් හේතුවක් තමන්ට සහකරුවකු/සහකාරියක වත් සොයා ගන්ට තරම් පෞරුෂයක් (personality) නැති පිරිසක් පෙරදිග සංවෘත සමාජවල සිටින්නේය යන කාරණාව. මෙය තේරුම් ගන්ට අපහසු දෙයක් නෙවෙයි. සත්ත්ව රංචු වල පවා මෙවන් සතුන් සිටින අතර උන් සමහරකුට ජීවිත කාලය තුළම එක් අවස්ථාවක්වත් ලිංගික සුවය විඳින්ට ඉඩ නොලැබෙන බව කීවේ ඩෙස්මන්ඩ් මොරිස් ඔහුගේ ‘Why we need zoos?’ ලිපියෙහි.


    යෝජිත විවාහ පැවැතීම හොඳද නැද්ද යන කාරණාව විවාදාපන්නයි. එය කෙනකුගේ පුද්ගලික අයිතිය සේ සලකා ඉවසා සිටීම ප්‍රඥාගෝචරයි. නමුත් සමාජයක් හැටියට තමන්ට සහකරුවකු/සහකාරියක වත් තනිව සොයා ගත නොහෙන සැලකිය යුතු පිරිසක් සිටින රටකට ඉදිරියට යන්ට අමාරුයි. යෝජිත විවාහ කියා දෙයක් නැතිනම් පොදුවේ මිනිසුන් ගැහැණුන් මීට වඩා උත්සාහවන්ත වේයැයි සිතිය හැකියි. සමහරවිට බටහිර රටවල මිනිසුන් අතර අප දකින අප්‍රතිහත ධෛර්යයට හේතුවක් විය හැකියි මෙය. අනෙක් අතට, ඉදිරි පරම්පරාව ගැන දැඩි අපේක්ෂා තියාගෙන ඉන්නා සමාජ යෝජිත විවාහ දිරිමත් කරනවා. අප දන්නා තරමින් ලෝකයේ එකම එක රටක් යුගල ඇති කිරීමෙහිලා කපු මහත්තයාගේ කාර්යය භාරගෙන තියෙනවා. ඒ මෙවන් දේ සඳහා චිර ප්‍රසිද්ධියක් දරණ සිංගප්පුරුව. ඔබ සහකරුවකු/ සහකාරියක සොයන සිංහප්පුරු යෞවනියක/යෞවනයකු නම් ඔබට නොමිළේම ඒ කටයුත්ත කර දීමට සිංගප්පුරු රජය සූදානම්.


    සටහන අවසාන කරන්ට මත්තෙන් තවත් එකම එක කාරණාවක්. යෝජිත විවාහ (arranged marriages) ආදර විවාහ (love marriages) වලට වඩා දැඩි බවත් කල්පවතින බවත් මතයක් තියෙනවා. මෙය ඔප්පු කරන්ට සංඛ්‍යාලේඛණ නැති වුණත් ඒ නිරීක්ෂණය ඇත්තක් විය හැකියි. හේතුව සරලයි. තමන්ට සහකරුවකු/සහකාරියක තමන් විසින්ම සොයා ගන්ට වත් පෞරුෂයක් නැති කෙනකුට අමතර සහකරුවකු/සහකාරියක සොයා ගැනීමේ ඇති හැකියාවද අඩුයි. එනිසා පවුල රැකෙනවා. (නැතිව මේ යුගලය එකිනෙකාට දක්වන ඇල්ම සෙනෙහස නිසාම නෙවෙයි.) අනෙක් අතට ලිංගික වශයෙන් ඔවුන්ට වඩා ස්ක්‍රිය යැයි සිතිය හැකි ‘ලව් බර්ඩ්ස්ලා’ අළුත් ආදරයන් සොයා යන්ට ඇති සම්භාවිතාව වැඩියි.


    මෙන්න මෙහි නොකියූ කතාව: ඔබ සහකරු/සහකරිය සොයා ගත්තේ ආදර සම්බන්ධයකින් නම් පොඩ්ඩක් ඔහු/ඇය ගැන ඇහැ ගහගෙන සිටීම ආරක්ෂා සහිතයි. එහෙත් ඔබ විවාපත් වුණේ යෝජිත විවාහයකින් නම් සහකරුගේ බොත්තමක එක දවසක් ගැහැණු කෙස් ගහක් පැටලී තිබුණාය කියා කලබල වෙන්ට එපා. තනිව ඔබ සොයා ගන්ට බැරිවුණු ඔහු තව කෙනකු සොයා ගනීවිද?
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එක ඇත්ත බන් මන් බැන්දේ ගොඩක් පොඩි වයසේදී.එක අතකට එහෙම කියන්නත්
    බ. තමන්ට තෝරාගන්න පුළුවන් නම් තව මොනාද? තේරීම කියල මම කිව්වේ ගුණ ගරුක
    කම, හැමදාම ආදරෙන් ඉදීද, වගකීම් බර ගනීද, තමන්ගේ දරුවන්ව හොදින් බල ගාන්න
    අම්ම කෙනෙක්, තාත්ත කෙනෙක් වේවිද, තමන්ටම උනත් දුකේදී අම්ම තාත්ත වගේ ආදරෙන්
    ඉදීද, කන්න නැති උනත් ආදරෙන් ඉදීද එන ප්‍රශ්න වලට මුණ දීගෙන, කියන වගේ ඒවා තමා..
    රස්සාවල්, සමාජ තත්ත්ව නම් සතේකට වැඩක් නෑ ඇත්තම ආදරේ නම් ඒ දෙන්න අතර තියෙන්නේ.
    මොකද සල්ලි, තත්වයෙන් පියවන්න බැරි ඒවා පිරෙන්නේ මේ ලෝකේ අදරෙන්ම විතරයි..
    ඉතින් තමන්ට ආදරේ කරාවිද, කලින් මම කියපු කිසිම දෙයක් ගැන නොහිත සල්ලි. තත්වයටම
    විතරක් ඉඩ දීලයි ඔය යෝජිත විවාහ වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම සත්ව ලෝකේ හැටියට
    බෙලහීනයෝ.. හැබැයි තව මෙහෙම දෙයක් තියනවා, අද ලෝකේ හැම දේම යන්නේ සල්ලි
    උඩින් ගුන ගරුක බව බල්ලට ගිහින්. ඉතින් එහෙම බලු ලෝකෙක මෙහෙම තමා මිනිස්සු
    ගැණු මිනිස්සු හොයා ගන්නේ...​
     
    • Like
    Reactions: flag au:

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    ඇත්තටම මට නම් හිතෙන්නේ සත්ව ලෝකයේ ක්‍රයාකාරකම් සමග මිනිස් ක්‍රියාකාරකම් ගැලපීමදී සාධාරණ සැසදීමක් සිදුවෙන්නේ නෑ.,මොකද ගොඩක් සත්ව විශේෂ වල ඕවුන් දෙමාපියන්ගේ සෙවනේ ඉන්න කාලය ඉතාම කෙටියි.බොහෝ වෙලාවට ඉපදී ඉතා කෙටි කාලයකින් ඕවුන් දෙමාපියන් හැර යනවා.,ඉතින් එතනින් එහාට දෙමාපියන්ට පැටවුන් ගැන වගකීමක් නෑ.ඉතින් තමන්ගේ පැවැත්ම තමන් විසින්ම තමා සලස ගන්න සිදුවන්නේ...
    නමුත් මිනිසුන් වන අපි කුඩාකාලයේ සිට අවුරුදු ගනනාවක් දෙමාපියන්ගෙන් තමා යැපෙන්නේ.,ඕවුන් තමා අපිව පෝෂණය කරන්නේ,ආරක්ෂාව සලසන්නේ,අධය්‍යපණය ලබා දෙන්නේ.,ඉතින් ඔයවගේ අපි වෙනුවෙන් ගොඩක් දුක් මහන්සි උන,විශාල කැපවීම් කරපු අපේ දෙමාපියන්වත් අමතක කරලා සමහරු දෙමාපියන්ගේ අදහස්,කැමැත්ත තුට්ටුවකටවත් මායිම් නොකර තමන්ගේ කැමැත්ත පමනක් සලකලා තමන් කැමති සහකරුවෙක් හෝ සහකරුවෙක් සමග එකතු වෙන්වා.මම කියන්නේ අපි කාටහරි ආදරේ කරලා බදිනවනම් ඒ දෙමාපියන්ගේ කැමැත්ත සමග නැතුව අපේ තනි කැමැත්තට විතරක් නෙවෙයි..
    :no:
     
    • Like
    Reactions: sanath ekanayake

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    as rcharindu said, we cant compare humans with animals.... most animals have many s** partners,there are many animals have S** even with their parents.
    Human parents have much more responsibilities towards their children than the animal parents do have !!!! animal parents are only for sometime, but human parents live with their children for whole life time....
    Hope this blogger can understand that...
    Note- I believe if someone can find a partner by him or her self its good, but people married as a result of arranged marriages are not so good and calm as this damn blogger explained.
    have more examples if anyone need...
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සටහන අවසාන කරන්ට මත්තෙන් තවත් එකම එක කාරණාවක්. යෝජිත විවාහ (arranged marriages) ආදර විවාහ (love marriages) වලට වඩා දැඩි බවත් කල්පවතින බවත් මතයක් තියෙනවා. මෙය ඔප්පු කරන්ට සංඛ්‍යාලේඛණ නැති වුණත් ඒ නිරීක්ෂණය ඇත්තක් විය හැකියි. හේතුව සරලයි. තමන්ට සහකරුවකු/සහකාරියක තමන් විසින්ම සොයා ගන්ට වත් පෞරුෂයක් නැති කෙනකුට අමතර සහකරුවකු/සහකාරියක සොයා ගැනීමේ ඇති හැකියාවද අඩුයි. එනිසා පවුල රැකෙනවා. (නැතිව මේ යුගලය එකිනෙකාට දක්වන ඇල්ම සෙනෙහස නිසාම නෙවෙයි.) අනෙක් අතට ලිංගික වශයෙන් ඔවුන්ට වඩා ස්ක්‍රිය යැයි සිතිය හැකි ‘ලව් බර්ඩ්ස්ලා’ අළුත් ආදරයන් සොයා යන්ට ඇති සම්භාවිතාව වැඩියි.


    මෙන්න මෙහි නොකියූ කතාව: ඔබ සහකරු/සහකරිය සොයා ගත්තේ ආදර සම්බන්ධයකින් නම් පොඩ්ඩක් ඔහු/ඇය ගැන ඇහැ ගහගෙන සිටීම ආරක්ෂා සහිතයි. එහෙත් ඔබ විවාපත් වුණේ යෝජිත විවාහයකින් නම් සහකරුගේ බොත්තමක එක දවසක් ගැහැණු කෙස් ගහක් පැටලී තිබුණාය කියා කලබල වෙන්ට එපා. තනිව ඔබ සොයා ගන්ට බැරිවුණු ඔහු තව කෙනකු සොයා ගනීවිද?


    සමහර දේවල් එක හෙලාම පිලිගන්න අමාරුයි මචං.
    යෝජිත විවාහයක් කරගන්න හැමොම එකම මිම්මෙන් මනින්න බෑ.
    විවාහයෙන් පස්සෙ විශ්වාසය කියන එක තමයි ලොකුම දේ.
    ආදර විවාහයකින් පස්සෙ ඇහැ ගහගෙන ඉන්න වෙන එකත්,යෝජිත විවාහයකින් පස්සෙ ''ආ! එයාට එහෙම දෙයක් කරන්න බෑ!"කියලා ලඝු කොට සිතනා එකත් පොදුවෙ ගත්තම සාර්ථක විවාහයක් කියලා කියන්න බැහැ.
    එකිනෙකා කෙරෙහි විශ්වාසය ගෞරවය නැත්නම්.....ඒක විවාහයක් නෙවෙයි බොරු රඟපෑමක් විතරයි.

    rep added for bring out this topic...:-)
     
    • Like
    Reactions: rcharindu

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,343
    4,649
    113
    නොපෙනෙන මානයේ
    යෝජිත විවාහ (arranged marriages) ආදර විවාහ (love marriages) වලට වඩා දැඩි බවත් කල්පවතින බවත් මතයක් තියෙනවා. මෙය ඔප්පු කරන්ට සංඛ්‍යාලේඛණ නැති වුණත් ඒ නිරීක්ෂණය ඇත්තක් විය හැකියි. හේතුව සරලයි. තමන්ට සහකරුවකු/සහකාරියක තමන් විසින්ම සොයා ගන්ට වත් පෞරුෂයක් නැති කෙනකුට අමතර සහකරුවකු/සහකාරියක සොයා ගැනීමේ ඇති හැකියාවද අඩුයි. එනිසා පවුල රැකෙනවා. (නැතිව මේ යුගලය එකිනෙකාට දක්වන ඇල්ම සෙනෙහස නිසාම නෙවෙයි.) අනෙක් අතට ලිංගික වශයෙන් ඔවුන්ට වඩා ස්ක්‍රිය යැයි සිතිය හැකි ‘ලව් බර්ඩ්ස්ලා’ අළුත් ආදරයන් සොයා යන්ට ඇති සම්භාවිතාව වැඩියි.


    මෙන්න මෙහි නොකියූ කතාව: ඔබ සහකරු/සහකරිය සොයා ගත්තේ ආදර සම්බන්ධයකින් නම් පොඩ්ඩක් ඔහු/ඇය ගැන ඇහැ ගහගෙන සිටීම ආරක්ෂා සහිතයි. එහෙත් ඔබ විවාපත් වුණේ යෝජිත විවාහයකින් නම් සහකරුගේ බොත්තමක එක දවසක් ගැහැණු කෙස් ගහක් පැටලී තිබුණාය කියා කලබල වෙන්ට එපා. තනිව ඔබ සොයා ගන්ට බැරිවුණු ඔහු තව කෙනකු සොයා ගනීවිද?

    මේ කෑල්ල දැනුයි දැක්කෙ ... මේ සම්බන්ධයෙන් නම් මම සම්පූර්ණයෙන්ම එකඟයි ... Logic is Majic :)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya


    මෙහෙමයි මචන්ලා සිරාවටම කතා කලොත් අන්තගාමී නොවී, ලංකාවේ නම් විවිද හේතු නිසා යෝජිත
    විවාහ වෙනවා.
    1.අදර විවාහයකින් දික්කසාද වීමෙන් පසු.
    2.පොඩි කලේ ඉඳන් ඉගෙනීම මත්තෙම හිටපු අය, උපාදිය එහෙම සම්පූර්ණ කරලා සුදුසු රැකියාවක් ලැබීමෙන් පසු.
    3.සාමාන්යෙන් එතරම් සමාජ ශීලී නැති අය.
    4.දෙමාපිය සේවනෙම හැදුනු, ගෙදරටම කොටු උණු අය, විශේෂෙන් අපේ ගැණු දරුවෝ.
    5.වියපර හිතවත්කම් මත.
    6.පවුල් සම්බන්දත මත.
    7.මාන්නෙට , පඩ ෂෝ එකට, කුජීත kamata .


    එකින් එක රන් කතා කරමු.මොකද ඔය එකින් එක අනුව විවාහයෙන් පසු වෙන දේවල් වෙනස් වෙනවා.
    එත් අමතක නොකළ යුතු අනික් දේ මම මුලින්ම කියන්නම්.මොන විදිහට විවාහය උනත් උන් දෙන්න පින්
    කරලා තියනවනම් හොදට ඉන්න, හොදට ඉන්නවා.මර ගන්න ඉන්නවනම් මර ගන්නවා.අනික් එක තම
    හොදට ඉන්න මොන තරම් ඉඩ තිබ්බත් මර ගන්න අස යට එක කරන්න පුළුවන්.එක එකාගේ වැරදි
    හොයා හොයා.ඒ කියන්නේ ඔය පහල තියන සින්දුව වගේ..

    1.අදර විවාහයකින් දික්කසාද වීමෙන් පසු.


    මේ වගේ දෙකින් උන විවාහ වලදී නම් එක පාරක් තේරුම් ගිය හින්ද වැඩි බැදීම් ඇති නොකරගෙන
    තම ඉන්නේ.විවාහයක් අවශ්‍යයි නේද කියන තැන ඉඳන් තම මේ වගේ විවාහ වෙන්නේ.ඒ හින්දම ඉතින්
    අනිකගෙන් වරදක් උනත් එතරම් සැලකිල්ලක් දක්වන්නේ න.ඒ හින්දම ප්‍රශ්න අඩු වෙන්නත් පුළුවන්,ඒ
    හිබ්දම ප්‍රශ වැඩි වෙන්නත් පුළුවන්, අනික පර දර සේවමය වගේ නින්දිත වැඩ කරනවානම්.එහෙම උනොත්
    නම් දෙවෙනි විවාහයත් අසාර්ථකයි.එත් අපි දෙන්නටම පහු ගිය පර වැරදුන, මේ පර පහු ගිය වැරදි
    හදාගෙන ඉමු කියල පටන් ගන්න තැනදීම පටන් ගත්තොත් ලොකු ජයක් ලබන්න පුළුවන්..

    2.පොඩි කලේ ඉඳන් ඉගෙනීම මත්තෙම හිටපු අය, උපාදිය එහෙම සම්පූර්ණ කරලා සුදුසු රැකියාවක් ලැබීමෙන් පසු.

    මේවගේ ය ඉතින් පොඩි කලේ ඉඳන් පොත් එක්ක, තත්වය එක්ක ආදරෙන් හිටපු හින්ද, එතරම් ගුණ අගුණ
    විවාහය ගැන නොතේරෙන්න පුළුවන්.ඒ හින්දම වැරදි හොයන්න දන්නේ න.ඉතින් ගැටුම් නැතුව ඉන්න හැකි
    වෙන්නත් පුළුවන්.ඒ වගේම වැඩිය කටු, බූට් කල නැති හින්ද කන පලවෙනි බූට් එක විවහයෙදීම වෙන්නත්
    පුළුවන්.මොකද ආදරේ කරන්න ප්‍රයෝගික දැනුමක් අඩු හින්ද.අනික් කරනේ තම ඉතින් ලැබෙන පළමු , මුල්
    අදර හැගීම් හින්ද අර අපි අපේ පළමු අදරේදී තියෙන චූන් එක ඇවිත් කසාදෙ නැගල යන්නත් පුළුවන්..
    මොනවා උනත් ඉතින් මේ වගේ ය සල්ලි ගේ තියන උදවිය හින්ද වැඩිපුර ගනී නම් දල යන්නේ න කපෙකට.
    ගැණු එහෙමනේ...



    3.සාමාන්යෙන් එතරම් සමාජ ශීලී නැති අය.

    හපොයි මේ සීන් එක තම වැඩේ.ගැණු දරුවෙක් උනොත් ඉතින් මනුස්සය කියන දේ අහගෙන පැටව් ටිකකුත්
    හදාගෙන , එයාලව බලාගෙන ඉදි හොද අම්මි පැන්චෙක් වගේ.කොල්ලෙක් උනොත් ඉතින් වැඩිය සද්දේ නැති
    ස්වාමියෙක් වෙයි. සමහර විට ගනී කරේ නගින්නත් ඉඩ තියනවා.එහෙම උනොත් පවුල හබක්..
    මෙයාල ඉතින් ඔහේ පාඩුවේ ඉන්න අයනේ ඉතින් රැවටීම් මුලවන්ට අහු වෙන්නත් පුළුවන්.එක ගැන පරිස්සමින් ඔන්න..


    4.දෙමාපිය සේවනෙම හැදුනු, ගෙදරටම කොටු උණු අය, විශේෂෙන් අපේ ගනු දරුවෝ.

    අනේ පව් නේද , පටන් ගද්දිම දුක හිතෙනවා. දෙවියෝ බලල හොද සහකරුවෙක් ලැබුනොත් බොහොම සතුටින්
    පවුල් ජීවිත ගෙනියන්නේ මෙයාල.තමන්ගේ හබි තේරුම් ගත්තොත් , එයට තාත්තගේ තැන දෙනවා මේ අය.හැමදාම
    ආදරෙන් ඉන්නවා, මොකද මෙතරම් කාලෙකට නොලැබුන සෙනෙහස ලබන්න තියන එකම අවස්ථාව
    තමන්ගේ ස්වාමියා හින්ද.මම එක පුද්ගලිකව දන්නවා මොකද මම ආදරේ කරපු කෙනෙක් එහෙම හින්ද.පව්
    ලොකු දුකක් තියනවා මේ යට අවුරුදු ගානක් ගොඩ ගැහුණු.ඒ දුක කියාගන්න ඉන්නේ තමන්ගේ ස්වාමියා
    විතරයි.ඒ දුක තේරුම් නොගත්තොත් ලැබුන අන්තිම අවස්ථාවත් නැති වීමෙන් මුළු ජීවිතේම කල කිරෙන්න පුළුවන්.
    ඒ හින්ද එකෙන් වන්දි ගෙවන්නේ දරුවෝ අන්තිමට.හැමෝම හොතට ගන්න ඒ හින්ද එයාලගේ මානසිකත්වය..
    එත් එකත් කොහෙවත් යන කැනහිලෙක් උනොත් ඒ අසරනි සදහටම ඉවරයි...



    5.වියපර හිතවත්කම් මත.

    මේක වෙන්නේ ඉතින් දෙමාපියන්ගේ උවමනාවට.දරුවන්ගේ මානසික මට්ටම ගැන නොහිත කලොත්
    නම් අපේ මාතෘකා උණු සින්දුවේ දේම වෙනවා.හැබැයි දෙන්නම හොදට කල බීල ඉන්න අය නම් සතුටෙන්
    සැහැල්ලු ජීවිතයක් ගෙනියනවා, හැබැයි හිස් ජීවිත ඒවා.
    ඔය සීන් එකේදී එකෙක් සල්ලාල වෙලා අනික හොද උනොත් ඉතින් යේ පාරක් ජීවිතේම දුකක හිර වෙනවා.
    ලෝකෙටම පෙන්න ඉහල සැප සම්පත් , මුළු ජීවිතේම අදුරු වෙලා එත්..



    6.පවුල් සම්බන්දත මත.

    මේක ඉතින් වෙන්නේ එක්කෝ කුල මල , වත් පොහොසත් කම් එක්ක.මේකෙදි ඉතින් ඉන්න පුද්ගලයෝ හැටියට
    වෙනස් වෙනවා වැඩේ..මන් කලින් කියපු කරුණුම යේ කියන්න වෙන හින්ද වැඩි දුර නොකිය ඉන්නම්.
    හොදට හිටියොත් හොදට ඉදී.



    7.මාන්නෙට , පඩ ෂෝ එකට, කුජීත kamata .
    මේක ගැන කියල මම මගේ වචන අහක යව ගන්නේ න.අපි කතා නොකර ඉමු..


     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පොඩි කාලේ, තරුණ කාලේ හොඳට ඉගෙන ගෙන හොඳ පඩි ලැබෙන රස්සාවක් කරලා හොඳට සල්ලි හොයාගෙන තමයි කසාදයක් ගැන හිතන්න ඕනේ. නැත්නම් ඉතින් ඉස්සරහට ලෝබ හිතෙයි ඇයි මම තව ටික කාලයක් ඉවසුවේ නැත්තේ, එහෙම ඉවසුවා නම් ඉතින් හොඳට සල්ලි තියෙන, හොඳ පවුලක, ඉගෙනගත්ත පට්ට කෑල්ලක් බැඳගන්න තිබ්බා නේ කියලා. තමන්ගේ තත්වය, මුදල් වගේ දේවල් ඉහල යනකොට ඉතින් ගෑනීගේ, කෙල්ලගේ තත්වය තමන්ට මදි වෙනවා නේ.
    ඉතින් යෝජිත විවාහයක නරකක් නෑ කියලා තමයි මම හිතන්නේ. "අනේ මගේ රත්තරං අපි කොච්චර දුප්පත් උනත් ආදරෙන් ඉමු" කියලා කිව්වාට අඟහිඟකම් එනකොට ආදරේ පෑල දොරෙන් යනවා. ඒකයි ඇත්ත කථාව. යෝජිත විවාහයන් ගොඩකාලයක් පවතින එක මම පිළිගන්නවා. ඒ මොකද, සමාන පවුල් පසුබිමක්, සමාන අධ්යාපන මට්ටමක්, හොඳ ආර්ථික තත්වයක් තියෙන කොට ගැටුම් අඩුයි.
    ඕනෙම නම් ඉතින් කෙල්ලෝ ගොඩක් එක්ක යාලුවෙනා උන්ගෙන කරගන්න තියෙන හැමදෙයක්ම කරගෙන ගෙදරින් හොයලා දෙන ලස්සන කෑල්ලක්ව බඳින එකයි