කොට සාය ගැන, සංස්කෘතික ඇමති කතා කරයි![]()
Monday, 03 January 2011 16:14
![]()
ඇමති හා ලේකම්ගෙන් පරස්පර කතා
මෙරට කාන්තාවන් අඳින කොට ඇඳුම් වලට එරෙහිව සීමා පැනවීමට රජය සැරසෙන්නේය යනුවෙන් පැතිර යන පුවත් පිළිබඳව අපි සංස්කෘතික අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළෙමු.
මේ පිළිබඳව සංස්කෘතික අමාත්‍ය, ටී.බී. ඒකනායක “විමසුම“ ට පිළිතුරු දුන්නේ මෙසේයි.
“ විමසුම - මෙරට කාන්තාවන් අඳින කොට ඇඳුම් වලට එරෙහිව සීමා පැනවීමට සූදානමක් තිබෙනවාද ?
අමාත්‍ය ටී.බී. ඒකනායක - එහෙම කිසිම සූදානමක් නෑ. අපි ඒ වගේ සීමා කිරීම් පිළිබඳව කතා කරලවත් නෑ. ඒ කතා බොරු.“
කෙසේවෙතත්, පසුගිය දිනවල වාර්තා වූයේ දේශීය සංස්කෘතියට නොගැලපෙන ඇඳුම් ඇඳීම සීමා කරන නීති සංස්කෘතික අමාත්‍යංශය විසින් නව වසරේදී හඳුන්වාදීමට සූදානම් වන බවයි.
මෙම පුවත් සමගින් මේ පිළිබඳව සමාජයේ කථිකාවක් ඇතිවී තිබේ.
මේ අතර, මෙරට කාන්තාවන් කොට සායවල් ඇඳීමට එරෙහිව පැමිණිලි ලැබී තිබෙන නිසා ඒ පිළිබඳව සංස්කෘතික අමාත්‍යංශය සලකා බලමින් සිටින බව, සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම්වරයා උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය අද වාර්තා කර ඇත.








