Light House Galle

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    [FONT=&quot]ලංකාවේ පළමු ප්‍රදීපාගාරය

    34q1zrm.jpg


    ලංකාවේ ඉදි වූ මුල්ම ප්‍රදීපාගාරය 1848 වසරේ ගාලු කොටුවේ ඉදි කරනු ලැබුවා. මේ කාලයේ ලංකාවේ ප්‍රධාන වරායක් ලෙස එහි යන නැව් වලට අනතුරු වලින් බේරී වරායට සේන්දු වීමට මෙය බොහෝ සෙයින් උපකාරී උනා. මෙය නිර්මාණය කර තිබුනේ ලී වලින් බවද සඳහන් වෙනවා. මුල් කාලයේ මෙහි පහන දල්වන ලද්දේ ගල් අඟුරු හා තෙල් වලිනුයි. පුරා වසර 85ක්ම ගල් අඟුරු හා තෙල් වලින් නැවියන්ට පාර පෙන්වූ මෙම බලාගාරයට 1933 වසරේ විදුලි බල්බ යොදනු ලැබුවා. නමුත් ඊට පෙර භාවිතා කල තෙල් ලාම්පු ඉවත් කිරීමක් සිදු නොකල අතර විදුලි ආලෝකය නොමැති අවස්ථා වල එම තෙල් ලාම්පු පාවිච්චිය සඳහා යොදා ගැනීමට ඒවා එලෙසම තබනු ලැබුවා. මෙලෙස 1936 අගෝස්තු 8 වෙනිදා තෙල් ලාම්පුවක් පිපිරී යාමෙන් ඇති වූ ගින්නට හසු වී පහන් කණු දිරාපත් වී විනාශ වූ නිසා විදුලි ආලෝකය නොමැති වී ගිය අතර පැරණි තෙල් ලාම්පු නැවත භා විතා කරන්නට ගත්තා.


    [/FONT][FONT=&quot]මේ තියෙන්නේ ඒ පැරණි ප්‍රදීපාගාරය තිබූ ස්ථානය

    167644_132866240108817_100001563261148_243698_3162008_n.jpg



    මේ තියෙන්නේ එහි පාදම.
    167805_132866270108814_100001563261148_243699_1771441_n.jpg


    මෙම ප්‍රදීපාගාරය විනාශ වූ නිසා 1939 වසරේ කොන්ක්‍රීට් වලින් නව ප්‍රදීපාගාරයක් ගාල්ලේ ඉදි වෙනවා. ආරම්භ කලදා සිට අද වෙනකන්ම එය ක්‍රියා කරන්නේ විදුලි බලයෙන්. අද ඔයාලා ගාල්ලේ කොටුව ඇතුලේ දකින්නේ ඒ ප්‍රදීපාගාරයයි.

    168315_132866283442146_100001563261148_243700_8269991_n.jpg


    164523_132866196775488_100001563261148_243696_6006522_n.jpg



    ලංකාවේ අනෙක් ප්‍රදීපාගාර එක්ක ගත්තාම ගාල්ලේ ප්‍රදීපාගාරය කුඩා එකක්.
    උසින් අඩි 93යි. මෙහි එලිය මුහුදේ කිලෝ මීටර 05ක් දුරට විහිදෙනවා. ලංකාවේ අනෙක් සෑම ප්‍රදීපාගාරයකම එලිය කිලෝ මීටර 15ක් පමන දුරට විහිදෙනවා.
    බේරුවල හා දෙවිනුවර ප්‍රදීපාගර දෙක අතර පිහිටා තියෙන ගාල්ල ප්‍රදීපාගාරයෙන් ගොඩක් වෙලාවට සිදු වෙන්නේ නැව් වල ගමන් මාර්ගය නිවැරදි දැයි තහවුරු කර ගැනීමත් වරායට පිවිසීමේ සලකුණක් විදියටයි.

    165371_132866216775486_100001563261148_243697_5688324_n.jpg


    ප්‍රදීපාගාරයේ ලස්සන බලන්න නම් රෑට ගාලු කොටුවට යන්න ඕනා.

    168014_132866296775478_100001563261148_243701_7799352_n.jpg


    164545_132866306775477_100001563261148_243702_7439933_n.jpg


    මේ 1938 ඉදි කළ බවට දැක් වෙන පුවරුව. ලංකාවේ ඔලුවිල් වල මෑතක රජය මඟින් ඉදි කරන ලද ප්‍රදීපාගාරය හැරුනු කොට අනැක් සෑම ප්‍රදීපාගාරයක්ම ඉදි කරන ලද්දේ ලංකාව යටත් විජිතයක්ව පැවති සමයේ. ප්‍රදීපාගර ඉදි කිරීම ඇරඹෙන්නේ මම මුලින් කී පරිදි ගාල්ලෙන්. අවසානයේ ඉංග්‍රීසීන් ලංකාවේ අවසාන ප්‍රදීපාගාරය ලෙස ඉදි කරන්නේත් ගාල්ලේ ප්‍රදීපාගරයයි.

    168426_132866333442141_100001563261148_243703_5003133_n.jpg


    166263_132866366775471_100001563261148_243704_3740545_n.jpg


    167554_132866386775469_100001563261148_243705_6658773_n.jpg


    168563_132866403442134_100001563261148_243706_3449930_n.jpg


    මේ ප්‍රදීපාගාරය උඩට නැගීම්ට ඇති යකඩ ඉනි මං.

    167887_132866186775489_100001563261148_243695_8211390_n.jpg


    168519_132866433442131_100001563261148_243707_6544160_n.jpg


    168511_132866456775462_100001563261148_243708_1996284_n.jpg


    167523_132866490108792_100001563261148_243709_293486_n.jpg


    166172_132866620108779_100001563261148_243717_7678295_n.jpg



    ප්‍රදීපාගාර බල්බලේ ආලෝකය මනිනු ලබන ඒකකය "ඉටිපන්දම්". ගාල්ලේ ප්‍රදීපාගාරයේ එලිය ඉටිපන්දම් 70,000 ක්.

    168376_132866503442124_100001563261148_243710_5537915_n.jpg


    164783_132866526775455_100001563261148_243711_1240815_n.jpg


    මේ උඩින් තියෙන බල්බ් එක මොකද්ද කියලා ඔයලා හිතනවා ඇති. ප්‍රධාන විදුලි පහන අක්‍රීය වෙච්ච වෙලාවට තමයි මේ උදින් තියෙන කිඩා බල්බය භාවිතා කරන්නේ. බලය සපයන්නේ බැටරි මඟින්. ඒ මඟින් ලොකු ආලෝකයක් ගන්නට අමාරුයි. ප්‍රදීපාගාරයේ සලකුණ විදියට තමයි මේ බල්බල ප්‍රධාන විදුලි පහන අක්‍රීය විට භාවිතා වෙන්නේ.

    165530_132866556775452_100001563261148_243713_7321742_n.jpg



    මේ ප්‍රදීපාගාරයේ ඉහලම මහලෙන් එලියට පිවිසීමේ දොර.

    168052_132866603442114_100001563261148_243716_7250465_n.jpg


    ඉහල ඇති යකඩ වැට. මෙතනින් වැටුනොත් සොරි තමා.

    163789_132866586775449_100001563261148_243715_2455303_n.jpg


    163205_132866536775454_100001563261148_243712_4718389_n.jpg


    164561_132866563442118_100001563261148_243714_8326583_n.jpg



    එලකිරි සංචාරකයා ගාල්ල සංචාරය ඉක්මනින් බලාපොරොත්තුවන්න.

    ලංකාවේ සියලුම ප්‍රදීපාගාර වල සම්පූර්ණ විස්ථර දැන ගැනීමට,
    Click Here

    ප්‍රදීපාගාරය ගැන පළපුරුදු ප්‍රදීපාගර ක්‍රීයාකරුවකු සමඟ පැවත් වූ කුඩා සාකච්චාවක්. සංවාදය එතරම් පැහැදිලි නෑ. ඒ පිළිබඳව බලවත් කනගාටුව.

    Click Here


    picture.php






    [/FONT]​
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Maxxa post eka
    uba giya nisa hodai ;)
    arun giya nam mechchara hodata pics ganne na :P
    rata mara gathi neda ban :D

    ඌගේ ත්‍රෙඩ් එක දැම්මාම බලහන් කෝ පින්තූර ටික. :P
    හැකියාවට නිසි තැනක් ලැබෙන්නේ නෑනේ.