බොහොම ස්තූතියි GTRZ මම ලියපු ලිපිය කියවපු එක ගැන මුලින්ම.මට ඒ ටිකම ඇති.මම
දන්නවා දවසකට පෝස්ට 1000 විතර වැටෙන site එහෙක admin විදිහට මොන තරම් කාර්ය
බහුල ඇත්ද කියල හොදටම.කියවල නිකම් නොයිද මහන්සි වෙලා ඔයාගෙත් අදහස් කීම ගැන ස්තූතියි.
එක ඒ වගේම එළකිරි එකේ අනාගතේ වෙනුවෙන් නොදැනුවත්වම වෙන යෝද පිම්මක් එක.
හොදයි කාරණාවට එමු, ඔය කිව්වා වගේම මම පිලිගන්නවා මාද්ය නිදහස කියන දේ උපරිමව
තියන එකම තැන තමා ලංකාවේ මෙතන.මොකද වැඩිම පිරිසක් එකතු වෙන , කතා බහ කරන
තැනකටනේ මාද්ය කියල හදුන්වන්නේ නූතන ලෝකයේ.අනික් තැන වල පිරිස වැඩි, එත් නිදහස නෑ,
රාජ්ය රෙගුලාසි, පුද්ගලික උවමනා, පටු වාසි හින්ද මාද්ය යනුවෙන් මවා පෑමක් කරන්නේ TV , රේඩියෝ
වල.අනික් site ගැන ගත්තොත් ලක්ෂ 3 වගේ ඉන්න එළකිරි එක තරම් පුළුල් බාවයක් ඒවගේ නෑ.
ඉතින් මාද්ය කියන දේ අර්ථකථනයට ඒවා ගන්න බෑ.නිකන් පාලු ගෙවල් , ඒවගේ කැගැහුවට කාටවත්
ඇහෙන්නේ නෑ.ඒ අතින් එළකිරි එක ඉහලින්ම ඉන්නවා ඔය කිව්වා වගේ.
මම ඒකයි සමහර දේවල් ගැන පිටු ගණන් ලිපි ලියන්නේ.මට කට වහන් ඉන්න බැරි හින්ද ඒවගේ වෙන
ඒවා දකිද්දී.නැතුව මට වෙන වැඩ නැතුව නෙවේ.අඩුම තරමේ මට FB වත් නෑ.බොරුවට නෙට් එකේ කාලය
කන්න පුළුවන් කෙනෙක් නෙවේ මම.එත් මෙතැනදී මහන්සි නොබලා කරුණු කියන්නේ , මට වැඩි කාලයක්
නෑ, ඒ කලේ තුලදී මම කැමති මේ රට හදාගන්න.මම ආයේ ඉපදෙන දාට ලස්සන ලංකාවක ඉපදෙන්න කැමති.
දේශපාලනය , පවුල්ජීවිතය , ආගම, තාක්ෂණික දේ ගැන මම මහන්සි නොබලා කරුණු කියල තියනවා මේ පුංචි කාලයේදී.
ඒ මට ඕන යන්න කලින් හැම දේම දීල හිස් අතින් යන්න.එක මට සැනසීමක්.ඉතින් මේ හැම දේම කරන්න
තියන එළකිරි එක රැක ගන්නත් මට ඕන කාගෙන් වත් කතා අහන්නේ නැතුව.ඒකයි අර වගේ කරුණු ටිකක්
කියන්න හිතුනේ.මොකද කියපු කරුණු කවදාක හරි කෙනෙක් දකී.යමක් ජීවිතේට එකතු කර ගනී.එහෙම
වෙන්නේ මේක හැමදාම තිබ්බොත් විතරයි.ඒකයි මම අර TRC කතාව ගැන පවා කිව්වේ.අනතුරක් තියේ නම්
වග බලාගන්න වෙනවා අපි හැමෝටම.මම මේ වහෙන් ඔරෝ කියන්නේ මොකක්ද කියල තේරෙනවා ඇතිනේ
අද මුතු ඇටේ ඇතුලේ වෙන ඒවා බලද්දී?
අනික තම අර වීරයෝ, වන්දි බට්ටයෝ, ප්රශස්ති ගායකයෝ ගැන,එයාල ඇත්තටම දන්නේ නෑ මේ කිසිම
දේක නීති රාමුව.ඔහේ කියවනවා.කමක් නෑ එයාලට කියවන්න හරි රැකලා දෙන්න ඕන.පස්සේ ඒ මිනිස්සු තේරුම්
ගනී මොකක්ද උනේ කියල.එක හරියට පොඩි කාලේ අපි වරදක් කලාට අපේ අම්මල තාත්තල අපිට කන්න නොදී
ගෙදරින් එලවල දන්නේ නැනේ.අපිට කෑම ටික දිගටම දෙන ගමන්, තමා අපේ වරද තේරුම් කරන්නේ.අපි
පස්සේ දාක තේරුම් ගත්ත දාට කකුල් දෙක ලග වැටෙනවා අර වෙන දෙයක් කරන්නේ නෑ.අන්න ඒකයි
ඔයාගේ කාර්ය , මේක බලාගැනීම නොමග යන මිනිස්සු හද ගන්න ගමන් .
එක හරියටම වෙනවා.මම එක පිලිගන්නවා.කලින් ලිපියේ කියපු හින්ද ඕන කරන වෙනස් කම් ගැන, ආයේ කතා
කරන්නේ නෑ.
අර Proxy ගැන කතා කරොත් මම නම් කවදාවත් proxy වලින් ඇවිත් නෑ.කියපු හැම දේම මෙහෙම තමා.
වෙන එකක් තියා මගේ profil pic එකේ ඉන්නෙත් මම අවුරුදු 22 වගේ ගත්තු රූපයක්.( හැබැයි එක් නම්
ලගදි වෙනස් කරන්න ඕන, කීප දෙනෙක් මට කිව්වා එක ගැන)අපිට සමාජය හදන්න බෑ, එත් හැදෙන එක මිනිහෙක්ට
හරි පාර පෙන්නන්න පුළුවන්. ඒ දේ මෙතැනදී හැමදාම වෙනවා දකින්න ආස හින්දයි මේ ටික කිව්වේ.