ඇත්ත මේකයි

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    lgwwelogo732114nn4.jpg



    WWE Wrestling ගොඩාක් ජනප්‍රියයි. එක හින්දා එක ගැන අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ. මොකක්ද මේ WWE කියන්නේ ???
    ඒක ප්‍රේක්ෂයන්ට විනෝදාස්වාදය සපයන්න ඉදිරිපත් කරන සෙල්ලමක්. චිත්‍රපටියක් වගේ.
    හැම තරගයකම ජයග්‍රාහකයා තීරණය කරන්නේ තරගය පවත්වන්න කලිනුයි.
    එක් ඒක් තරගකරුවන්ට අනුග්‍රහකත්වය දෙන අය මේක තීරණය කරනවා.
    කොටින්ම කියනවා නම් තිර පිටපත ලියලයි නාටකය රග දක්වන්නේ.
    ජයග්‍රාහකයා තෝරන කොට එක එක කෙනා ගැන ප්‍රේක්ෂකයන්ගේ හිතේ තියෙන මතය සලකලා බලනවා.
    එගොල්ලන්ගේ ජනප්‍රියතාවය අනුවයි එය තීරණය වන්නේ.
    එකම කෙනා සති ගානක් දිනන්නත් පුලුවන්.
    මොන දේට උනත් කැමති වෙන්න තරගකරුවෝ බැදිලා ඉන්නවා.
    තරග පටන් ගත්තම තරග වලල්ලේ ඉන්න තීරකවරයා තමා තරගේ යන්න ඔනේ විදිය ගැන උපදෙස් දෙන්නේ.
    වටේ එක දිහා බලන් ඉන්න අයට එක ඇහෙන්නේ නෑ.
    එගොල්ලො හැමෝම හිතන්නේ තීරකවරයා ඔවුන්ට අවවාද , ඔවුන් හොදින්ද යනාදි දෙවල් බලනවා කියලා.
    එත් මේ තරග වලට තීරකලා නෑ.
    ඉන්නේ අධයක්ෂකවරු.
    එගොල්ලන්ගේ කනේ හයි කරලා තියෙන උපකරණයෙන් එගොල්ලන්ට උපදෙස් එනවා.
    එ කියන්නේ ඉස්සෙල්ලා තරගේ සැලසුම් කරපු අය කියනවා දැන් මේ move එක ගන්න කියන්න, දැන් තරගය ඉවර කරන්න වගේ දේවල් .
    තීරකවරයා ප්‍රේක්ෂකයන්ට නොදැනෙන විදියට එවා තරගකරුවන්ට කියනවා.
    ඉවර කරන තරග කරුවා එයාගේ ප්‍රකට පහරක් එල්ල කිරීම මගින් අනෙකාට පහර දී ජයග්‍රහණය කරනවා.
    උදා - Stone Cold's stunner

    124.jpg


    මෙහීදී බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුලුවන් මෙම පහරින් අනෙකාට තදබල ලෙස පහර එල්ල වෙනවා කියලා.
    එත් මෙහිදී තම බාහුව යොදා ගෙන අනෙක් සගයාට අනතුරක් වීමට ඇති ඉඩ වලක්වනවා.
    අනෙක් තරගකරුවනුත් මෙහෙමයි.
    හැබැයි ක්‍රියාදාම ජවනිකා මෙහෙම ඉදිරිපත් කරන්න එගොල්ලන්ට හොද කාය ශක්තියක් , පුහුණුවක් , ඇගේ සමබරතාවයක් තියෙන්න ඔනේ.
    බොරුවක් උනත් මේගොල්ල්ලන්ට ප්‍රේක්ෂකයන් රදවාගන්න තියෙන දක්ෂතාවය අගේ කරන්න ඔනේ.
    කොච්චර පරිස්සමට කරත් අනතුරු වෙන අවස්තා තියෙනවා.
    සමහර තරගකරුවන් පුද්ගලික ආරවුල් පවා ඇති කරගන්නවා.


    කොහොම උනත් කතාමාලාවේ සාරාන්ශය මේකයි. තේමාව වීරයා සහ දුෂ්ඨයා අතර සටන්.
     

    sri2008

    Member
    Jul 26, 2008
    64
    7
    0
    අපේ මොඩ රැල ඉතින් උදේ දවල්,රැ නතිව TV ඉස්සරහට වෙලා school,class cut කරගෙන ඔව්වා දිහා බලගෙන ඉන්නවා :lol::lol::lol::lol::lol::lol: