මාලිංග කතා කරයි...

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මාලිංග කතා කරයි...

    තීරණාත්මක නවසීලන්ත සමග පැවැති තරගයේ ජය අත්කරගත් ශ්‍රී ලංකා කණ්‌ඩායම විස්‌සයි/20 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. මෙම ලිපිය ලියෑවෙන්නේ එම අවසන් පූර්ව තරගය ඇරඹීමට පැය කිහිපයකට මත්තෙනි. ඔබ මෙය කියවනවිට ශ්‍රී ලංකාව අවසන් මහ තරග අවස්‌ථාවට පැමිණියේද එසේත් නැතහොත් අවසන් පූර්ව වටයෙන් තරගාවලියෙන් ඉවතට විසිවූයේද යන්න තීරණය වී හමාරය. එංගලන්තය සමග පැවැති තරගයේදී පන්දුවාර සංඛ්‍යාව යෑවීමට වැඩි වේලාවක්‌ ගත කිරීම මත දිනේෂ් චන්දිමාල්ට තරගයක්‌ තහනම් වූ බැවින් කණ්‌ඩායමේ නායකත්වය වෙනදා උප නායකයා ලෙසින් කටයුතු කළ ලසිත් මාලිංග වෙත පැවරී තිබිණි. ඒ අනුව නවසීලන්තය සමග පැවැති තීරණාත්මක තරගයේදී ලසිත් මාලිංග නායකයා ලෙස කටයුතු කළ අතර මේ ලිපිය ලියෑවෙන මොහොත වන විට අවසන් පූර්ව තරගයේ නායකත්වයද ඔහුටම පැවරී ඇති බවට වාර්තා විය. ඔහු අපට හමු වූයේ මේ සඳහා කඳවුරු බඳින පුහුණු සැසියක්‌ අතරතුරදීය.'පොතින්' වෙනස්‌වන තමන්ගේම රටාවකට පන්දු යවන ඔහුගේ පන්දු ප්‍රතිවාදියා පුදුම කරවයි. පිට පිටම පන්දු 4 කට කඩුලු 4 ක්‌ දවාගනිමින් ක්‍රිකට්‌ ලෝකයට අලුත් වාර්තාවක්‌ ලියුවේ ඔහුය. ලොව වැඩිම කඩුලු ත්‍රිත්ව හිමි ඔහුටය. පන්දුවාර 20 තරග අංශයේ කඩුලු ත්‍රිත්ව 2ක්‌ හිමි ඔහුටම පමණි. 'ස්‌ලිංගර්' නමින් ලෝකයේ අවධානයක්‌ දිනා සිටින මාලිංග සමගින් ලැබුණු නායකත්වයේ වගකීම මෙන්ම තවත් කරුණු කාරණා කීපයක්‌ පිළිබඳව 'දිවයින' මෙසේ සාකච්ඡා කරන ලදී.

    ඔබට විඳින්නට ලැබුණු නායකත්වයේ අත්දැකීම කොහොමද...?

    ලැබුණු නායකත්වය ගැන මං වැඩිය හිතන්නේ නැහැ. බලාපොරොත්තුව තියෙන්නේ කොහොමද කණ්‌ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්නේ කියලා. අපි අවසන් පූර්ව තරගය දිනලා අවසන් මහ තරගයට යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. මම බලනවා පුලුවන් විදියට කණ්‌ඩායමට මගේ උපරිම දේ දෙන්න. මම නායකයා ලෙස පත්වුණත් මට වඩා හොඳට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වය දරපු මහේල අයියා, කුමාර් අයියා වගේම ඇන්ජලෝ මැතිව්ස්‌ද මැද සිටිනවා. ඒ වගේම ඩිල්ෂානුත් ඉන්නවා. මං හිතනවා එයාලාගෙන් මට උදව් ලැබෙනවා කියලා තරගය අතරතුරදී. ඒ හැම දේම උපයෝගී කරගෙන තරගය ජයග්‍රහණය කරන්න තමයි උත්සාහය තියෙන්නේ.

    මෙවර ලෝක කුසලානයෙදි කොපමණ දුර යා හැකි කියලා ඔබ හිතනවද...?

    මං හිතන්නේ තරගාවලිය දිහා බැලුවහම අපිට හැම තරගයක්‌ම වැදගත් . අපි ගොඩක්‌ දුරට හිතන්න හොඳ නැහැ. තරගයෙන් තරගය තමයි තීරණය කරන්න ඕන අපි කොහොමද සෙල්ලම් කරන්න ඕන කියන එක. හැමෝගෙම බලාපොරොත්තුව ජයග්‍රහණය කරන්න. අපිට ජයග්‍රහණය ගැන ලොකු බලාපොරොත්තුවක්‌ තියෙනවා. වැදගත් වෙන්නේ තරගයට ගිහිල්ලා ඒ තරගය පැවැත්වෙන පැය දෙක තුන අතරෙදි හොඳ දේවල් කරලා වැරදි අඩුවෙන්ම කරන එක. ජයග්‍රහණයට වැදගත් වන්නේ අන්න ඒ දේයි. ඉතිං මං හිතනවා හැම දෙනාම ගොඩක්‌ අත්දැකීම් තියෙනවා විස්‌සයි/20 තරගවලදී. අතපසුවීම් අඩුවෙන් කරන තරමට තරගය ජයග්‍රහණය කරන්න පුලුවන්. ඔක්‌කොගෙම බලාපොරොත්තුව වැරදි යම් තාක්‌ දුරට අඩු කරලා දවස අවසානයේදී ජයග්‍රහණයක්‌ ලබාගන්න. ඒ අනුව ඉදිරිය තීරණය වෙයි.

    නායකයකු විදියට කණ්‌ඩායමට මොන වගේ දෙයක්‌ කළ යුතුයි කියලාද ඔබ හිතන්නේ...?

    ලොකු සැලසුමක්‌ කියලා නැහැ. කාසියේ වාසිය වුණත් අපිට පාලනය කරන්න බැරි දෙයක්‌. නමුත් පන්දු යවන්නන් විදියට අපේ හිතේ තියෙනවා හොඳින් පන්දු යෑවිය යුතුයි කියන එක. වැරදි හදාගෙන පන්දු යවන්න. ඒ වගේම පිතිකරුවන් දන්නවා මොනවද කරන්න ඕන කියන එක. ඔවුන් හොඳින් ලකුණු අතර සිටිනවා. ඔවුන් ඕනෑම වෙලාවක කණ්‌ඩායමට ලකුණු ලබාදෙන බව හොඳින්ම විශ්වාසයි. මං හිතනවා පන්දු යවන්නන්ගේ අතේ තමයි තරගාවලිය රැඳී පවතින්නේ. සියලුම පන්දු යවන්නන් හොඳින් පන්දු යවනවා. අපිට එංගලන්තය සමග පැවැති තරගයේදී ලකුණු 189 ක්‌ නවතාගන්න බැරි වුණා. ඒ තරගයෙදි අපි හොඳින් පන්දු යෑව්වේ නැහැයි කියන එක තමයි මගේ අදහස. නමුත් ඒ සිදුවුණු වැරදි සියල්ල හදාගෙන තමයි අපි ඊළඟ තරගයට ක්‍රීඩා කරන්නේ.

    වේග පන්දු යවන්නකු නායකත්වය දරනවා කියන කොට කොයි වගේ අභියෝගයක්‌ද තියෙන්නේ...?

    නායකයා විදියට කටයුතු කරන එක අභියෝගයක්‌ කියලා මම හිතන්නේ නැහැ. වේග පන්දුයවන්නෙක්‌ද පිතිකරුවෙක්‌ද නායකත්වයට කොතරම් බලපානවද කියන එක ගැන කියන්න මම දන්නේ නැහැ. ඒත් මං හිතනවා පිතිකරුවෙකු වුවත් පන්දු යවන්නකු වුවත් ජාතික තලයට එනකොට සෑම දෙයකින්ම අත්දැකීම් සපුරලයි එන්නේ. මං හිතන්නේ මීට කළිනුත් ලෝකයේ සෑහෙන කණ්‌ඩායම්වල පන්දුයවන්නන් නායකත්වය දරලා තියෙනවා. ඉතිං මේක අමුතු දෙයක්‌ නොවෙයි. සමහර විට ඇතැම් අයට පේනවා ඇති මේක අමුතු දෙයක්‌ කියලා. ඒත් මං හිතනවා නායකයා ලෙස කටයුතු කරද්දී පිතිකරුවකුද පන්දු යවන්නකුද කියන එක අදාළත්වයක්‌ නැහැ කියලා.

    ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වය දැරිය යුත්තේ පිතිකරුවකුයි කියන එක බහුතර මතය. ඔබ එයට එකඟ වෙනවද...?

    පන්දු යවන්නෙක්‌ පන්දු යෑවීමේ හැකියාව තියෙනවා නම් ඔහුට කඩුලු දවා ගන්න පුලුවන් නම් නායකත්වය කියන එක ප්‍රශ්නයක්‌ නොවෙයි. මොකද පන්දු යවන්නකු ඔහුගේ දැනුම පාවිච්චි කරලා තමයි පිතිකරුවකුව දවාගනු ලබන්නේ. ඉතිං ඒ වගේ හැකියාවක්‌ තියෙන කෙනෙකුට මං හිතන්නේ නායකත්වය සඳහා අමුතුම සුදුසුකමක්‌ සපුරාගත යුතුයි කියලා. මං විතරක්‌ නොවෙයි ඕනෑම පන්දු යවන්නෙක්‌ නායකත්වයට සුදුසුයි කියලයි මං හිතන්නේ. හොඳින් පන්දු යවලා කඩුලු දවා ගන්න ඔහුගේ දැනුම පාවිච්චි කරලා. මං හිතන්නේ තරගයක්‌ හැසිරවීමේදී විශේෂයෙන් දැනුමක්‌ ඕන කියලා නායකයා වෙන්න. කඩුලු ලබාගන්න දැනුම සහ ඔහුගේ පන්දු යෑවීමේ හැකියාව තියෙනවා නම් මං හිතන්නේ ඒ දැනුම පාවිච්චි කරලා නායකත්වය දැරිය හැකියි කියලා.

    මහේල, සංගක්‌කාර සහ ඩිල්ෂාන්ගෙන් පසු කණ්‌ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා ඔබයි. නමුත් ඔබට නායකත්වය ප්‍රමාද වුණා. විශේෂයෙන්ම නිත්‍ය නායකත්වයක්‌...?

    මං එහෙම හිතන්නේ නැහැ. මොකද මං නායකත්වයක්‌ බලාපොරොත්තුවෙන් ක්‍රිකට්‌ ගැහුවේ නැහැ. මං බලාපොරොත්තු වුණේ මට ලැබෙන ඕනෑම තරගයකදී කණ්‌ඩායම වෙනුවෙන් මට පුලුවන් දේ කරන්න. මං හිතනවා සමහර විට මම ජාතික කණ්‌ඩායම නියෝජනය කරපු අවුරුදු ගාණන දිහා සලකලා වෙන්න ඇතිs මාව උප නායකත්වයට පත් කරන්න ඇත්තේ. ලැබුණු නායකත්වයට පෙර මම මැතිව්ස්‌ එක්‌ක ඔස්‌ටේ්‍රලියාවේ පැවැති තරගයකදී උප නායකත්වය දැරුවා. ඊට පස්‌සේ අලුත් තේරීම් කමිටුව ආවට පස්‌සේ චන්දිමාල්ව නායකත්වයට පත් කළා මාව උප නායකත්වයේම තියලා. චන්දිමාල්ට තරගයක්‌ තහනම් වුණු නිසා ඒ අවස්‌ථාවෙදි නායකයා ලෙස කටයුතු කරන්න ඔවුන් තීරණය කරන්න ඇති.

    කනස්‌සල්ලක්‌ තියෙනවාද නිත්‍ය නායක කමක්‌ නොලැබීම ගැන...?

    නෑ... නෑ... කිසිම කනස්‌සල්ලක්‌ නැහැ. මොකද ලැබිච්ච හැම දේම සතුටින් භාර ගන්න කෙනෙක්‌ මම. මොකද ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ බලාපොරොත්තුව පන්දු යවන්නකු විදියට කණ්‌ඩායමට කඩුලු ලබාදෙන එක විතරයි.

    ක්‍රිකට්‌ දිවියේ දුක හිතුණම අවස්‌ථාව ගැන සඳහන් කළොත්...?

    දුක හිතෙන අවස්‌ථාවන් තමයි කඩුලු ලබාගෙන මට සිංහයා ඉඹින්න බැරි වෙච්ච එක ගැන. මොකද සිංහයා සිපගත්තා නම් මං මේ කඩුලු ලබාගත්ත විදියට මං හිතනවා හැම දෙනාම හිතයි මං රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ කියලා. ඇතැම් මාධ්‍ය විසින් මට ඕනෑ තරම් මඩ ගහලා තියෙනවා මං රට වෙනුවෙන් නොවෙයි ක්‍රීඩා කරන්නේ කියලා. මං හිතනවා මම රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ නැතුව ඇති. හැබැයි මම ශ්‍රී ලංකාවේ වේගවත්ම කඩුලු 250 ලබාගත්ත ක්‍රීඩකයා. මං හිතනවා මමත් රට වෙනුවෙන් ක්‍රීඩා කරලා නැත්නම් කට්‌ටිය මා ගැන වැඩිය කතා කරන්නේ නැහැ කියලා.

    ඔබ ක්‍රීඩා කරපු කාලය ඇතුළත ලෝක කුසලාන අවසන් මහ තරග 4 කදී අපි අනුශූරතාවට පත් වුණා. කොයි වගේ හැඟීමක්‌ද කුසලාන ගිලිහී යැම පිළිබඳව තියෙන්නේ...?

    ශූරතාවක්‌ දිනාගන්න පුලුවන් එක්‌ කණ්‌ඩායමකටයි. නමුත් මම ගොඩක්‌ වාසනාවන්තයි පසුගිය වසර 5 තුළ පැවැති ලෝක කුසලාන තරගාවලිවලින් 4 කටම අවසන් මහ තරග අවස්‌ථාවට සහභාගිවීමට ලැබීම ගැන. මං හිතන්නේ ලෝකෙ කිසිම කණ්‌ඩායමක්‌ ඒ වගේ එක දිගට ජයග්‍රහණ ලබාගෙන නැතුව ඇති. ඒ අතින් අපි ක්‍රීඩකයන් විදියට ගොඩක්‌ සතුටින් ඉන්නේ. ඒ වගේම මේ තරගාවලියෙදි බලාපොරොත්තු වෙනවා අවසන් තරගයට පැමිණියොත් කෙසේ හෝ ජයග්‍රහණය කරන්න. එකම බලාපොරොත්තුව ලැබෙන තරග හොඳින් ක්‍රීඩා කරන්න.

    මෙවර අයි. පී. එල්. තරගාවලියට ක්‍රීඩකයන් තේරීමේදී ඔබ ගැනත් බොහෝ දේ කතා කළා. නමුත් ඔබ එයට නැවතත් තේරුණා. විවේචනත් එල්ල වුණා...?

    ඉකුත් වසරේ මෙල්බර්න්හි වෙස්‌ටර් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනකොට මම දැක්‌කා ගොඩක්‌ මාධ්‍ය විසින් මාව අයි. පී. එල්. තරගාවලියට තෝර ගන්න ඒකක්‌ නැති වෙයි කියලා කියනවා. ඒ වගේම බංග්ලාදේශ සංචාරයෙන් ඉවතට දාලාත් කියලා ගොඩක්‌ ප්‍රචාර ඇරියා. මං හිතන්නේ ඔවුන්ට බලාපොරොත්තුවක්‌ තියෙන්න ඇති මාව අයි. පීs. එල්. තරගාවලියෙන් කෙසේ හෝ ඉවතට දාන්න. මම අයි. පී. එල්. තරගාවලියෙදි දක්‌වන ලද දක්‍ෂතා නිසා එම තරගාවලි තේරීම් කමිටුව මාව තෝරගන්න ඇති. මමයි අයි. පී. එල්. තරගවලදී වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයා.

    ගොඩක්‌ අය කියනවා ඔබ රටට නොවෙයි ක්‍රීඩා කරන්නේ. මුදල් වලටයි කියලා...?

    ජාතික කණ්‌ඩායමද බිග් බෑෂ්ද එහෙමත් නැත්නම් අයි. පී. එල්. ද කියන එක මට වැඩක්‌ නැහැ. බලාපොරොත්තු වෙන්නේ සහභාගිවන ඕනෑම තරගයකදී වැඩියෙන් කඩුලු දවා ගන්න. එහිදී සමහර දවස්‌වලදී සාර්ථක වෙනවා සමහර දවස්‌වල අසාර්ථක වෙනවා. නමුත් මං හිතනවා ගොඩක්‌ කට්‌ටිය උත්සාහ කළා අයි. පී. එල්. වලින් මාව ඉවතට දාන්න. මං හිතනවා මම දක්‌වපු දක්‍ෂතා නිසා මට ඕනෑම තැනක ගිහිල්ලා ක්‍රිඩා කරන්න පුලුවන් හැකියාවක්‌ තියෙනවා කියලා.

    පෙර තරගාවලිවලට සාපේක්‍ෂව මෙවර අයි. පී. එල්. තරගාවලියේදී ශ්‍රී ලංකාවෙන් අඩුම ක්‍රීඩකයන් සංඛ්‍යාවක්‌ තමයි තරග කරන්නේ. ඒකෙන් කියන්නේ අපේ ක්‍රීඩකයන් ඔවුන්ට වැඩක්‌ නෑ කියන එකද...?

    මං හිතන විදියට එංගලන්තය සමගත් අයර්ලන්තය සමගත් අපිට තරගාවලියක්‌ තියෙනවා. ඔවුන් ගොඩක්‌ අවධානය යොමු කරන්න ඇති කාටද වැඩියෙන් තරගවලට සහභාගි පුලුවන් කුමන රටේ ක්‍රීඩකයන්ටද කියන එක. ඒක නිසා අපේ අති දක්‍ෂ ක්‍රීඩකයන්ට මේ වාරෙදි සහභාගිවීමේ අවස්‌ථාව අහිමි වුණා. මං හිතනවා ලබන වසරේදී ආයිමත් තීරණය කරලා අපේ ක්‍රීඩකයන්ට තරගවලට සහභාගිවන්න අවස්‌ථාවක්‌ තියෙයි.

    ඔබ නිරන්තරයෙන්ම කෙළින් කතා කරන කෙනෙක්‌. එහිදී ඔබට දැඩි විවේචනවලට පවා ලක්‌වෙන්න වුණා. විශේෂයෙන්ම ක්‍රිකට්‌ ආයතනයෙන් පවා. ඒවා දිහා බැලුවම ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කිරීමේදී ඔබ කළකිරීමකට ලක්‌ වෙලාද සිටින්නේ...?

    නෑ. කණ්‌ඩායමට ක්‍රීඩා කරද්දි කිසිම කළකිරීමක්‌ නැහැ. මං හිතනවා මගේ දක්‍ෂතා අනුව සතුටු වෙන කට්‌ටියත් ඉන්නවා දුක හිතන කට්‌ටියත් ඉන්නවා. මගේ බලාපොරොත්තුව කණ්‌ඩායමේ ජයග්‍රහණයයි. මට කාවවත් සතුටු කරන්න උත්සාහ කරන්න උවමනාවක්‌ නැහැ. කණ්‌ඩායම ජයග්‍රහණය කරා නම් ක්‍රිකට්‌ ක්‍රීඩාවට සාධාරණයක්‌ කරන එකයි මගේ බලාපොරොත්තුව.

    ඒකයි මම නිතරම බලාපොරොත්තු වෙන්නේ මගේ උපරිමයෙන් පන්දු යවලා කෙසේ හෝ කඩුලු ලබාගෙන කණ්‌ඩායම ජයග්‍රහණය කරවන්න. පසුගිය කාලේ මාව කණ්‌ඩායමෙන් ඉවතට දාන්න නොයෙක්‌ කට්‌ටිය උත්සාහ දැරුවා. සමහර විට මගේ වාසනාවට ආසියානු කුසලාන තරගාවලියෙදි කඩුලු 5 දෙකක්‌ දවාගෙන හොඳින් පන්දු යවන්න අවස්‌ථාව උදාවුණා. මං හිතන්නේ ගොඩක්‌ කට්‌ටිය බලාපොරොත්තු වුණා මගේ ක්‍රිකට්‌ නවතියි කියලා. ඉතිං ක්‍රිකට්‌ කියන්නේ ඒකයි. ක්‍රිකට්‌ කියන්නේ පන්දුවත් පිත්තත් අතර සටනක්‌. ඔය කවුරු මොනවා කිව්වත් මං හිතන්නේ පන්දුවෙන් කරන දේත් පිත්තෙන් කරනදේත් තමා ජයග්‍රහණය සඳහා අදාළ වෙන්නේ. ක්‍රිකට්‌ ක්‍රීඩකයාගේ අරමුණ වන්නේත් ලකුණු ගහන එකයි විකට්‌ ගන්න එකයි තමයි.


    සාකච්ඡා කළේ චමිල කරවිට බංග්ලාදේශයේ සිට
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    10014597_223452307845038_2057780012_n.jpg
     

    sandz

    Member
    Oct 28, 2007
    271
    7
    0

    චන්දිමාල් තමන් ගැන හිතුවනම් මේක ඔහුගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන අවසාන T20 තරගය වන බව චන්දිමාල් දන්නවා.:rolleyes:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    චන්දිමාල් තමන් ගැන හිතුවනම් මේක ඔහුගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන අවසාන T20 තරගය වන බව චන්දිමාල් දන්නවා.:rolleyes:

    අනිවා. මේපාර නම් වෙනසක් කරන්නම වෙනවා