කඩෝල් ඇතා

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    “මේ අලියා ගෙනියන්නේ විෂ්ණු දේවාල පෙරහරටයි. පෙරහරේ දවස් දහයම අපි යනවා. මෙයා හොඳ කීකරු තැන්පත් ගති තියෙන අලියෙක්. කවදාවත් කලබල කරලා නැහැ.”
    as0908021-6.jpg
    as0908021-5.jpg
    මැණිකේ ඇතින්න ජයසේන සමඟ මිල්ලන්ගොඩ පොඩි ඇතා අමරසිරි සමඟ
    ඇතිගොව්වන් ලෙස කටයුතු කරන බොහෝ දෙනෙක් පරම්පරාවෙන් ම එම රස්සාවට හුරු වූ අයවෙති. ඇතැම් අයගේ පවුලේ පිරිමි සියලු දෙනාම පාහේ කළේ අලි බලන රස්සාව ය. තෙල්දෙණියේ පදිංචි ඊ.එම්.කේ. ඒකනායක මහතා අලි බැලීමේ රස්සාව පටන් ගත්තේ වයස අවුරුදු 14 - 16 ත් අතර කාලයේ දී ය. දැන් ඔහු අලි බැලීමේ රස්සාවට පැමිණ වසර 18 ක් පමණ වෙයි.
    “මං මේ රස්සාවට හුරු වුණේ මගේ අප්පච්චිගෙන්. ඉස්සර පවුලේ පිරිමි අය අලි බැලීමේ රස්සාව කළා. ඒත් දැන් එහෙම නැහැ. ගල්කුලම ප‍්‍රදේශයෙන් ගෙනා නිසා මං දැන් මේ බලාගන්න අලියා හඳුන්වන්නේ ‘ගල්කුලම’ කියලයි. මේ අලියා බලන්න අරන් දැන් අවුරුදු තුන හමාරක් විතර වෙනවා. මෙයත් බලන කෙනාට හරිම හිතවත්.
    මෙයා නාන්න බොහොම කැමැතියි. දවසේ වැඩ ඉවර වෙලා මං මෙයා ඇළෙන් නාවනවා. කෑම බීමත් හොයා දෙනවා. අපි කොහේ ගියත් දළදා පෙරහරේ විෂ්ණු දේවාල පෙරහට යනවා. දැන් අවුරුදු ගණනක් තිස්සේ ඒක කරනවා” යැයි ඒකනායක පවසයි.
    මෙතැන සිටි අලි ඇතුන් පස් දෙනා අතරින් ‘මැණිකේ’ නම් වූ ඇතින්න බලා කියා ගන්නේ ජයසේන මහතා ය. අලුත්නුවර පදිංචි ඔහු වසර 10 ක පමණ සිට මැණිකේ බලා කියා ගනී.
    “මේ ඇතින්න සෙල්ලමට බරයි. ඒත් කාටවත් හානියක් නැහැ” ගස් බැඳලා තිබ්බත් දඟලනවා. කෑගහනවා. පැණි රස කන්න හරිම කැමැතියි. කෙසෙල් ටොපි වගේ දේවල් මං නිතර දෙනවා. අලින්ට දෙන්න කෑම ගම්වල හිඟ නැහැ. කිතුල්වගේ දේවල් සල්ලිවලට ගන්නවා. හාම්පුතා කිතුල් කප්පලා ලොරිවල දාලා මේ අයට එවනවා. අපිත් කොහොම හරි කෑම හොයා ගන්නවා.
    අපි අවුරුදු තිහක විතර ඉඳන් දළදා පෙරහරට යනවා. පෙරහරේ ගියාම අපිටත් වාසි තියෙනවා. තෑගි බෝග ලැබෙනවා. ඇතින්නටත් සතුටුයි. කොච්චර දඟ වුණත් පෙහෙරේ යද්දී එයා දන්නවා මං මේ සහභාගි වෙන්නේ ගරු කටයුතු රාජකාරියකට කියලා. ඒ නිසා බොහොම සීරුවෙන් යනවා. අලි ඇත්තු කියන්නේ බොහොම නුවණ තියෙන සත්තු කොට්ඨාසයක්” ජයසේන මහතා කීවේ ය.
    මිල්ලන්ගොඩ පදිංචි අමරසිරි මහතා අලින් පස්සෙම ගොස් අලින් බලන සාස්තරේ ඉගෙන ගත් අයෙකි. වයස අවුරුදු 55 ක් පමණ වන මිල්ලන්ගොඩ පොඩි ඇතා නමින් හැඳින්වෙන ඇතා බලා කියා ගන්නේ ඔහු ය. ඔහු මේ ඇතා බලාගැනීම අරඹා දැන් වසර 3 කි. මේ ඇතා උපතින් ම එකැස් අන්ධය.
    as0908021-4.jpg
    as0908021-3.jpg
    නිමල් කරුණාතිලක රාජා සමඟ ගල්කුලමා බලා කියා ගන්නා ඒකනායක
    “අන්ධ වුවත් පෙරහරේ යද්දී හොඳ සීරුවට යන්න මෙයා දන්නවා. අපි වැඩිපුරම යන්නේ විෂ්ණු දේවාල පෙරහරටයි. පෙරහරේ යද්දී හරිම තැන්පත්. දඟ කරන්නේ නැහැ. ශ‍්‍රද්ධාවෙන් යනවා. මෙයා එරමුදු, පෝටා වැල් කන්න කැමතියි. මං ඉතින් පුළුවන් හැම වේලේම ඒවා හොයලා දෙනවා” ඔහු පැවසීය.
    මිල්ලන්ගොඩ රාජා නමින් ප‍්‍රසිද්ධ ආසියාවේ දිගම දළ සහිත ඇතා ඇතුළු අලි ඇතුන් පස් දෙනකු අයිති කෑගල්ලේ එස්.ආර්.ඒ. මිල්ලන්ගොඩ මහතා තමන් සතු අලි ඇතුන් පිළිබඳව අප හා තොරතුරු පැවසුවේ ය.
    “අපේ පරම්පරා තුනක ඉඳන් අලි ඇතුන් ඉන්නවා. මුලදි එක් අලියෙක් දෙන්නෙක් ඉඳලා කාලෙක දී ඒ ගණන වැඩිවෙලා අලි 10 - 12 ක් විතරක් හිටියා. දැන් ඉන්නේ අලි ඇතුන් පස්දෙනයි. ඉන් දෙන්නෙක් ඇතුන්..
    මිල්ලන්ගොඩ රාජාට අපි ‘බණ්ඩා’ කියාත් කියනවා. එයා ඇල්ලුවේ ආනමඩුව කැලෙන්. මං එයා මිලදී ගන්න කොට වයස අවුරුද්දක් විතර ඇති. ඒ 1945 අවුරුද්දේ. මේ ඇතා වයස අවුරුදු පහේ ඉඳන් මහනුවර දළදා පෙරහරේ යනවා.
    එයාට ඒ පෙරහර හොඳටම හුරුයි. කීප සැරයක් ම කරඬුව වැඩම කරවීමත් කරලා තියෙනවා. මේ ඇතා මිනිස්සුන්ට කිසිම හිරිහැරයක් නොකළ ඇතෙක්. හරිම කීකරුයි.
    දිග දළ තියෙන ඇතා නිසා මෙයා බලන්න සංචාරකයො එනවා. ඒ අය ඉන්දියාව, බුරුමය, තායිලන්තය වැනි රටවල අලි බලලා ඇවිත් කියනවා ආසියාවේ දිගම දළ තියෙන්නේ අපේ රාජා ඇතාට කියලා.
    ඒ කාලෙ අපි අලියෙක් මිලට ගත්තෙ රුපියල් 3000 කට 3500 කට විතර . ඒ කාලෙ නිතර අලි වෙන්දේසි තිබුණා. අලි ඇතුන් බොහොම නුවණ තියෙන කල ගුණ දත් සත්ව කොට්ඨාසයක්. තමන්ට ආදරයෙන් කරුණාවෙන් සලකන කිසිම කෙනෙකුට ඒ අයගෙන් හානියක් නැහැ” මිල්ලන්ගොඩ මහතා පවසයි.
    as0908021-2.jpg
    as0908021-1.jpg
    එස්.ආර්.ඒ. මිල්ලන්ගොඩ මහින්ද මිල්ලන්ගොඩ
    මහින්ද මිල්ලන්ගොඩ මහතා මෙම පවුලේ දෙවැනි පුත‍්‍රයා ය. අලි ඇතුන් පිළිබඳ අප තොරතුරු විමසද්දී ඒ අතර සිටි දඟකාර ඇතින්න නිතර ඔහු හොඩින් ඉවකරයි. ආදර භක්කිය පෙන්වයි. ඈතින් සිටින අලියෙක් ද ඔහු දෙස බලමින් සෙනෙහස පායි.
    “මෙයාලා හාම්පුතා හඳුනාගෙන. ඔය ආදරේටයි ඔහොම කරන්නේ” ගොව්වෝ පවසති.
    “අපේ ඇතැම් අලි ඇතුන් මගේ වයස හා සමානයි. මං කුඩා කාලෙ මට මතකයි සමහර අලින්ට වයස අවුරුද්දක් විතර ඇති. ඉතා කුඩා අලි. පුංචි ළමයි විදිහට අපි ඒ අයගෙ පිට අතගානවා. මේ අය උස් මහත් වී වැඩෙනවා අපි දැක්කා. කොහේ හිටියත් මේ අය අපේ වචනෙට අඩංගුයි. කොහොමත් මේ අලි කවදාවත් මිනිසුන්ට කරදර කරලා නැහැ. කලබල කරලා නැහැ.
    පරම්පරාවෙන් ම අලි බලන අය මෙහේ ඉන්නවා. පරම්පරා තුනක් ම අලි බලපු අයත් ඒ අතරෙ වෙනවා. ඒ අය අලි ඇතුන්ට ආදරෙයි. අලි ඇතුන්ගේ ඕනෑ එපාකම්, හොඳ නරක කැමති අකැමැති දේ දන්නවා. මෙහෙ අලි අවුරුදු ගණනක සිට ශ‍්‍රී දළදා පෙරහරට යනවා. ” යැයි මහින්ද මිල්ලන්ගොඩ මහතා පැවසුවේ ය.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    දඩබ්බරයන් යහ මඟ ගන්නා වෙහෙරගල අලි ගාල



    as1001171-3.jpg
    සිහින් පිනි බිඳු වැස්සක් හීන් සරින් වනාතට ඇද වැටේ. ගස් කොළන් එකිනෙක යාව මැවෙන සුවිසල් ගසක සෙවණැලි විනා, තනි තනි ගසෙහි සේයාවකුදු තනි කර හඳුනා ගැනීම උගහට ය. මුළු වනාතම ඝන අන්ධකාරයේ සළුවෙන් වත සඟවාගෙන සිටින්නී ය.
    රියේ ඉදිරිපස පහන් ආලෝකය හමුයේ වන මඟ දෙපස හිඳ තණ බුදින මුව රංචු, දෑස් ගිනි කණ වැටී බලා ගත් බැල්මේ පසුවෙති. රිය සමීපවත්ම එක් වනව ලැග හුන් ස්ථානයෙන් නික්මී ඉගිළ යන බිම් බස්සන් ගේ නෙත් යුගල ආලෝක දහරා හමුයේ රත් පැහැයෙන් බබළයි.
    කිතුල්කොටේ වන ජීවී අඩවි ආරක්ෂක කාර්යාලයෙන් පිටත් වූ අපි තල් ගහදිගන උද්‍යාන පිවිසුමට ඇතුළුව තල්ගහදිගනගල, රබන් කන්ද, බළල් මළ හංදිය, තල්ගහදිගන වැව, වැලි ආර ඔස්සේ අලුයම 1.45 ට පමණ කිවුල්පිටිය ප්‍රදේශයට පැමිණියෙමු. වාහනය එම ස්ථානයට සමීප වත්ම මා දුටුයේ කුහුඹු රැළක් හා සමැව, කඩිසරව ඔබ - මොබ දිව යන මිනිසුන් සමූහයකි. ඒ හැමෙකකු අතම ඇති දැල් වූ විදුලි පන්දම් එළි නිශ්චිතව යොමු වන එකම ස්ථානයේ මානෙත් නතර විය.
    වන අලි ප්‍රවාහන ලොරි රථයේ තට්ටුව මත ලැග සිටිනුයේ සුවිසල් වල් අලියෙකි. ඌ හොඳින් නරඹනු වස් මම අත වූ විදුලි පන්දම දල්වා බැලුවෙමි. සැබැවින් ම ‘අපේ අලි සම්පත මෙන්න’ යැයි නොබියව ආඩම්බරයෙන් පැවසිය හැකි ඌ හස්ති රාජයෙකි. ලොරියේ තට්ටුව මත ලැග තමන්ගේ දෙපසින් නැග සිටින බිත්තියක් හා සම යකඩ ඇන්දට හිස තබා ගත් හේ තමා ගේ පසු බිමෙහි සිදුවන්නේ කුමක් දැ’යි යන්න වටහා ගත නොහැකිව අසරණව බලා හිදී. ඒ තවත් මොහොතකින් අලුත් වනපෙතකට නිදහස්ව යන අටියෙනි.
    මා අසල සිටි වන සත්ව අඩවි ආරක්ෂක දසනායක මහතාගෙන් මම මේ වල් අලියා පිළිබඳව විමසුවෙමි.
    as1001171-2.jpg
    වෙහෙරගල අලි ගාල

    “මහත්තයෝ, මේ අලියව කොහේ ඉඳන් ද මේ අරගෙන එන්නේ...”
    “මූව අල්ල ගත්තේ වයඹ වන ජීවී කලාපෙයෙනුයි. ඒ කියන්නේ කොටවෙහෙර - මොන්නැකුලම ප්‍රදේශයෙන් වයස අවුරුදු 40 ක් පමණ වෙන පිරිමි අලියෙක්. උස අඩි 9 1/2 ක් පමණ වෙනවා.”
    “ඉතින් අනික් අලින්ගෙන්, මෙයාව වෙන් කර හඳුනාගත හැකි සලකුණු එහෙම තියෙනවද?”
    “මෙයා ගේ කන්දෙකේ වාටියෙන් පටන් ගන්න කබර සලකුණු බෙල්ල වටේටත් තියෙන්නේ හරියටම මාලයක් වගෙයි. ඊට අමතරව වලිගයේ අගිසි කෙඳි තියෙන්නේ වම් පසට වෙන්ට විතරයි. දකුණු පැත්තේ එක කෙන්දක්වත් නෑ.”
    “එහෙනන් මූට මින් ඉදිරියට ‘කබරයයි’ නමක් තියමු” මම හිනැහෙමින් පැවසූයෙමි.
    පශු වෛද්‍ය චන්දන මහතා ප්‍රමුඛ වයඹ වනජීවී කලාපයේ වන අලි අල්ලීමේ කණ්ඩායමේ නිලධාරීහු යුහුසුලුව තම තමන් ගේ් කාර්ය භාරය, නියමිත ස්ථානයන්හි ස්ථාන ගත වෙමින් ඉටු කරති. වනජීවීන් ඇසුරේ රාජකාරි කර මහඟු අත්දැකීම් සම්භාරයකින් යුතු ඔවුහු තමන් විසින් ම නිකුත් කළ නියෝගයන් තමන් විසින් ම ඉටු කරති.
    පශු වෛද්‍යවරයා වල් අලියා ගේ සිරුරට අවැසි ඖෂධ එන්නත් කර අහවර වනවාත් සමඟ සෙසු නිලධාරීහු එකතු වී ලොරියේ ඇඳි මත ගැට ගසා සිටි අලියාගේ ඉදිරි සහ පසුපස පාදයන් හි බැමි කපා දැමූහ. ඒ හා සමඟම සැවොම ආරක්ෂිත ස්ථානයන් හි ස්ථාන ගතව ලොරිය මත සිටි වල් අලියා ඉන් පිටතට ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සැලැස්වූහ. වෙහෙරගල වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමෙ’ හි වනබිම මත ඉදිරි පාදය තබමින් සොඬ ඔසොවා මහා හඬින් කුංචනාද කළ ‘කබරයා’ විදුලි ආලෝක දහරා මඟ හරිමින් වනාතට වැදිණි.

     
    • Like
    Reactions: hackerj

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    හ්ම් නිදහසේ ඉඳීන් පුතා... උඹටම කියාපු බිම තමයි මේක...”
    as1001171-1.jpg
    මින්නේරියේ අලියා නොහොත් යාචකයා
    අලි ඇල්ලීමේ කණ්ඩායමේ නිලධාරි මහතකුගේ මුවින් නික්මිණ. මෙකී රාජකාරියට අනුයුක්තව සිටි සියල්ලෝම සැනසුම් සුසුම් හෙළුයේ ‘කබරයා’ නිරුපද්‍රිතව වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමට මුදා හැරීමේ ප්‍රීතියෙනි.
    කොටවෙහෙර - මොන්නැකුලම ප්‍රදේශයේ කලහකාරීව හැසිරුණු මේ වල් අලියා වයඹ වනජීවී කලාපයේ සිට දකුණු වනජීවී කලාපයේ වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිම වෙත මුදා හැරිණ.
    වෙහෙරගල වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමට වන අලින් ඇතුළු කිරීමේ ලේඛනයේ 13 වැනි වල් අලියා වශයෙනුත් හඳුනාගැනීමේ පහසුව උදෙසා ‘කබරයා’ ය යන පටබැඳි නමකුත් ඈදුණු මේ හයිකාරයා මෙතැන් සිට මෙහි සරනු ඇත.
    ලුණුගම්වෙහෙර වන පෙතේ පිහිටි වෙහෙරගල වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිම ලොව ප්‍රථම ‘වන අලි පුනරුත්ථාපන අභය ස්ථානයයි.
    වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය යටතේ වනජීවී සංරක්ෂණය උදෙසා වෙන් වූ ප්‍රතිපාදන මත ‘වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිම’ ක අවැසිතාවය ඉටුකර ගැනීමේ මූලික සැලසුම් සැකසීමේ පියවරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුල පිරුවේ මීට වසර දෙකකට ප්‍රථම ය. ඒ තම නිජ බිමේ අයිතිය සොයා වනජීවී රක්ෂිතවලින් පිටත සරන ‘කලහකාරී වන අලින්’ පුනරුත්ථාපන ඛ්2යාවලියකට බඳුන් කරලීමේ අටියෙනි.
    නිහඬ වන ජීවීන්ගේ අයිතිය රකිනු වස් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති කාර්ය භාරය අතිමහත් ය. වැඩි වන ජනග්‍රහණය සහ රටෙහි සංවර්ධනය උදෙසා ඇතැමෙක් නිර්වචනය කරන අයුරින් ‘නිකන් තිබෙන කැලෑ වැඩක් ඇති දෙයකට යොදා ගත්තාට මක් වෙනවාද’ යන තර්කය හමුවේ සමස්ත වනජීවී ප්‍රජාවම ස්වකීය වාසස්ථාන සීමාසහිත වීමේ තර්ජනයට මුහුණ දෙමින් සිටිති.
    මෙනිසා වනජීවීන්ගේ සුරක්ෂිත බව තහවුරු කරනු වස් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නොනිමි මෙහෙවරක නිරතව සිටියි. එකී නොනිමි ගමනේ එක් සන්ධිස්ථානයක් වශයෙන් ‘වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමක්’ සැලසුම් කිරීම හැඳින්විය හැකි ය.
    සැබැවින් ම අලි - ඇතුන් යනු ශ්‍රී ලාංකේය ජන සමාජය හා සමඟ දුරාතීතයේ සිටම මනා සබැඳියාවකින් යුතු සත්ව කොට්ඨාසයකි. ක්‍රිස්තු වර්ෂ පළමු වැනි සියවසටත් පෙර සිටම සිරිලක අලි - ඇත් පරපුර පිළිබඳව විදෙස් රට රාජ්ජයන්හි පවා කතා බහට ලක්ව ඇත. කුරුඳු බෝගය හැරුණු විට පෘතුගීසි ජාතිකයන් සිරිලකට ආකර්ෂණය වූයේ අලි - ඇතුන් නිසා බවත්, සිහල රජ සමයේ සහ යටත් විජිත පාලන සමයේ දීත් ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්වූයේ ද අලි - ඇතුන් බවත් අතීත පාලන වාර්තා සාක්ෂි දරයි.
    ආසියාතික රටවල් අතරින් යහපත් අලි ගහනයක් සිටින රටක් ලෙස ලාංකික අපි සැවොම ආඩම්බර විය යුතු වෙමු. එනමුත් ඈත අතීතයේ සිට අද දක්වා වූ පාරිසරික වෙනස්වීම් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අප ගේ අලි සම්පත පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලීම අත්‍යවශ්‍යය.
    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි පරිශ්‍රමයක් සහ අවධානයක් ගෙන ක්‍රියා කරනුයේ සිරිලක වන අලි සම්පත සංරක්ෂණය කිරීමට ය. ‘අලියා’ යනු ජීවිත තර්ජනයට ප්‍රබල ලෙස මුහුණ දෙමින් සිටින සත්ත්වයෙකි. අලි - මිනිස් ගැටුම අවසානයේ පරතරය වන්නේ වන අලි ය.
    වන වාසය කුඩා වීමත් එහි සරනා සත්ව ගහනය විශාල වීමත් නිසා ආහාර, ජලය සහ ආවරණ යන මූලික සත්ව අයිතිවාසිකම් ලබා ගනු වස් නිතරගයෙන් ම නිර්මාණය වනුයේ තරගකාරිත්වයකි. ඒ නිසා කුසට අහර සොයා වන අලි වනාත මායිමේ පිහිටි ගොවි බිම් වෙත වැදෙති. ප්‍රධාන වශයෙන් ම මෙවැනි හිතුවක්කාර වන සංචාරයන්හි නිරත වන්නේ පිරිමි අලි ය. පිරිමි අලියා යනු තනිව ජීවත්වීම ප්‍රිය කරන්නෙකි. මෙවැනි අලි ‘තනි අලි’ වශයෙන් ගම්මුන් අතර ප්‍රචලිත ය.
    මෙවැනි තනි අලින් පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කර යළිත් වනාතේ නිදහස් දිවි පෙවතට යොමු කරනු වස් ‘වන අලි පුනරුත්ථාපන අභය ස්ථානය’ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ කිවුල් පිටිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇත. අලින්ගේ මූලික අවශ්‍යතා වන ආහාර, ජලය සහ ආවරණ සපුරාලමින් දඩබ්බර වන අලින්ටම සරිලන අයුරින් සැකසූ මේ බිම හෙක්ටයාර් 2000 ක වපසරියකින් යුක්ත වේ.
    ලොව ප්‍රථම වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමෙහි බාරකරු වශයෙන් පත්ව සිටින්නේ වනජීවී සංරක්ෂණ ක්ෂේත්‍රයේ තිස් වසරක පමණ වන අත්දැකීම් සම්භාරයකින් යුත්, වනසත්ව අඩවි ආරක්ෂක ටී. එම්. අබේරත්න මහතා ය.
    ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ කිතුල්කොටේ අඩවි බල ප්‍රදේශය තුළ ස්ථාපිත මෙම ‘වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිම’ හා බැඳි රාජකාරි කටයුතු සඳහා කිතුල්කොටේ වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයට අනුයුක්ත කාර්යය මණ්ඩලය දිනයේ පැය 24 පුරාවටම සේවයේ නිරතව සිටිති.
    “මේ ‘වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිම’ රාජකාරි පහසුව උදෙසා අපි හඳුන්වන්නේ ‘අලි ගාල’ යන නමිනු යි. නමුත් මෙය වන අලින් ගාල් කිරීමක් නොවන බව අවධාරණයෙන් සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන වනජීවී රක්ෂිතයන්ගෙන් පිටත සැරිසරණ හිතුවක්කාර අලින් මෙම රැඳවුමෙහි රඳවා තබා ගන්නේ තාවකාලිකවයි. මේ අලි ගාලට පළමු වැනි වල් අලියා ගෙනැවිත් මුදා හැරියේ 2008 වසරේ දෙසැම්බර් මස 31 වැනි දා යි. ඒ හම්බන්තොට ප්‍රදේශයේ සිටි හිතුවක්කාරයෙක්. ඉන් අනතුරුව වල් අලි දොළොස් දෙනෙක් අලිගාලට වරින්වර මුදා හරිනු ලැබුවා.

    ‘හම්බන්තොට 01 අලියා’, ‘හම්බන්තොට වල්සපුගල අලියා’ ‘මින්නේරිය අලියා’ නැතිනම් අපි හඳුන්වන අයුරින් ‘යාචකයා’, ‘පුත්තලම අලියා’, ‘ගල්ගමුව ඇතා’, ‘සීගිරිය අලියා’, ‘හම්බන්තොට 02 අලියා’, ‘හම්බන්තොට 03 අලියා’, ‘හම්බන්තොට 04 අලියා’ ‘හම්බන්තොට 05 අලියා’, ‘මිනිපේ අලියා’, ‘හම්බන්තොට 06 අලියා’ සහ මෑතකදී මුදා හැරිය ‘කොටවෙහෙර - මොන්නෑකුලම අලියා’ නැතිනම් අපි හඳුන්වන අයුරින් ‘කබරයා’... කියන අලි මෙයට මුදා හැරියා.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    නැතිනම් අපි හඳුන්වන අයුරින් ‘කබරයා’... කියන අලි මෙයට මුදා හැරියා. “මෙසේ රැගෙන එන වල් අලින් ගේ මූලිකම අවශ්‍යතාව වන ආහාර, ජලය, ආවරණ නිසි පරිදි ලබාදීම සහ යම් පරිවාස සමයක් තුළ යම් සීමාකාරී වටපිටාවක් තුළ ජීවත් වීමට සැලැස්වීමෙන් ඔවුන් පුනරුත්ථාපන ක්‍රියාවලියකට භාජනය කර යළිත් හුරු - පුරුදු නිදහස් වනපෙතේ ජීවිතයට යොමු කරවීම තමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නෙ.
    අලි ගාලට මුදා හරින සෑම වල් අලියකු ගැන ම අපි පසු විපරම් කටයුතු කරනවා. අලි ගාල නඩත්තු කටයුතු සඳහා ම වෙන් වූ කාර්යය මණ්ඩලයක් දෛනිකව එම රාජකාරිවල නියුක්තව සිටිනවා..”
    “අලි ගාලට ඇතුළු කර සිටින අලින්ගෙන් කිහිප දෙනෙකුට ම රේඩියෝ සංඥා නිකුත් කරන කර පටි පළඳවා තිබෙනවා. ඒ ඔවුන්ගේ සංචරණය පිළිබඳව වන දත්තයන් ලබා ගැනීම සඳහායි. ඩොක්ට ප්‍රීති විරාජ් ප්‍රනාන්දු මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීලා තියෙනවා...”
    අලින් ගේ ජල අවශ්‍යතාව මූලික වශයෙන් ම සපයා දීම සඳහා කිවුල්පිටිය වැව, රෝහිණී වැව සහ දන්ගහවැව යන වැව් සහ වෙහෙරගල පෝෂිත ඇළ මාර්ගය අලි ගාල සීමාවට ඇතුළත් වන සේ තමයි සැලසුම් කටයුතු සිදු කළේ රැඳවුම් අලින් ගෙන ඒමට ප්‍රථම අලි ගාලේ ස්ථාන කිහිපයකම වාගේ සුපෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. කිතුල්කොටේ අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ තමයි මේ කටයුතු සිදු වුණේ...” යැයි වන සත්ව අඩවි සහකාර තිස්ස ආරියවංශ මහතා පැවසීය.
    අලි ගාල ගොඩනැඟීමේ කටයුතු පටන්ගත් මුල් අවදියේ එහි අධීක්ෂණ රාජකාරින් සඳහා සහභාගි වීමේ දී විඳි දුෂ්කරතා ඔහු අද සිහිපත් කරනුයේ සතුටිනි. එ දවස දුෂ්කර වූ සියලු බාධා ජය ගෙන මෙදින ‘වෙහෙරගල වන අලි පුනරුත්ථාපන බිම’ වශයෙන් ස්ථාපිතව ලොව ප්‍රථම අලිගාල වශයෙන් වනජීවී සංරක්ෂණ ඉතිහාසයට එක් වූ මෙම අනඟී සංකල්පය, වන දිවියට පෙම්බැඳි සැමගේ සිත් හි ප්‍රීතියක් වඩවනු නියත ය.
    වෙහෙරගල වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමට වන අලින් ඇතුළු කිරීමේ ලේඛනයේ පුරාවටම ඇත්තේ ඉහත සඳහන් හිතුවක්කාර වල් අලින්, මෙම අලි ගාලට ගෙනැවිත් දැමූ පසුව ඔවුන් සම්බන්ධයෙන් වන සත්ව අඩවි ආරක්ෂක වරයා විසින් තබන ලද පසු විපරම් තොරතුරු ය. ඉඳින් එකී තොරතුරු අතුරින් මාගේ අවධානය දිනාගත් මෙකී සාරාංශ ගත විස්තරය මෙසේ සටහන් තබමි.
    මින්නේරිය - හබරණ ප්‍රධාන මාර්ගයේ දේවාලය අසල දී මාර්ගයට පිවිස මාර්ගයේ ගමන් ගන්නා වාහන නතර කර වාහනවලින් ලබාදෙන ආහාර වර්ග කෑමට පුරුදු වී සිටි අලියා අල්ලා ගෙනැවිත් ‘වෙහෙරගල වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමට’ 2009.02.06 වැනි දින රාත්‍රි නිදහස් කරන ලදී. මෙම අලියා තරුණ පිරිමි අලියෙකි. හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසු වේ. මහ ම¼ඟ ගමන් ගන්නා වාහන නතර කර ආහාර ඉල්ලීමට පුරුදු වී සිටි බැවින් අපි ඌ ‘යාචකයා’ යන පටබැඳි නමින් හඳුන්වමු. මෙම අලියා අලි ගාල තුළ හොඳින් ජීවත්වේ.
    දන්ගහවැව අසලදී මෙම අලියා 2009.03.11 වැනි දින හමු විය. ඌ අසල තවත් අලි තිදෙනෙක් දක්නට ලැබිණි. 2009.07.05 වැනි දින ප.ව. 5 ට පමණ දන්ගහවැවට බැස දිය බොමින් සිටියදී හමු විය. ඌ හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වේ. 2009.10.04 වැනි දින මෙම අලියා කිවුල්පිටිය - පාලම් හන්දිය අසල දී ප.ව. 6 ට පමණ දියවළේ වතුර ;බාමින් සිටියදී දක්නට ලැබිණි...”
    ‘යාචකයා’ පිළිබඳව තෝරා ගත් පසු විපරම් තොරතුරු එබඳු ය. ඉන් හැඟෙනුයේ මේ ‘වන අලි පුනරුත්ථාපන අභය ස්ථානය ‘යාචකයා’ ගේ නිවහන හා සම තත්ත්වයකට පත් වෙමින් තිබෙන බැව් නොවන්නේ ද? එදවස මිනිසුන් ඇසුරේ ගැවසෙමින් ලැබෙනා ආහාර මගින් යැපීමට හුරු වූ මොහු මෙදින වනයේ සරමින් තමන් විසින් ම සපයා ගනු ලබන ආහාර මත යැපීමට හුරු පුරුදු වී සිටියි.
    වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිම් රාජකාරි කටයුතු පූර්ණ අධීක්ෂණයට ලක් කරමින්, මෙකී ක්‍රියාවලිය සාර්ථකත්වයක් කරා ළඟා කරලීමට නිබඳවම වෙහෙසෙන වනසත්ව අඩවි ආරක්ෂක ටී.එම්. අබේරත්න, වන සත්ව අඩවි සහකාර තිස්ස ආරියවංශ සහ වන සත්ව නියාමක පී.එන්. වීරතුංග යන මහත්වරුන් ප්‍රමුඛ සමස්ත කාර්යය මණ්ඩලයේ ම ඒකායන අභිප්‍රාය වී ඇත්තේ මේ නවමු වන අලි සංරක්ෂණ සංකල්පය සාර්ථක ප්‍රතිඵල ලබා දෙනු දැක්මය. ඔවුහු ඒ සඳහා කැපවී කටයුතු කරති.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඇතින්නට වෙඩිතැබූ පුද්ගලයෙක් පිළිබඳව සොයාගැනීමට නොහැකි වුණි.
    වනජීවී නිලධාරීන් අලි පුතා පිළිබඳව සොයා බැලීමක් කළ අතර අලි පුතා ද නැවත අම්මා සිටි ස්ථානයට නොපැමිණියේය.
    ඡායාරූප - සමන් දිසානායක

    killed%20elephant%20013l.jpg


    killed%20elephant%20017l.jpg


    killed%20elephant%20014l.jpg
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකාවේ හස්ති සම්පත ගැන හොඳ විස්තරයක් කරලා තියෙනවා. ඉස්සරහටත් හොඳ දේවල් අපිත් එක්ක බෙදාගන්න