අන්තර්ජාතික ක්‍රිකට් ලෝකයට එකතුවෙන අලුත්ම ක්‍රීඩාංගනය විදිහට එකතුවෙන්න නියමිතව තියෙන්නෙ හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගනය.
පෙබරවාරි 20 වෙනිදා ශ්‍රීලංකාව සහ කැනඩාව අතර තරඟයෙන් එක්ක මේ ක්‍රීඩාංගනයත් ජාත්‍ය්න්තරයට යන්න බලන් ඉන්නවා.

පහුගිය කොදෙව් කණ්ඩායමේ ශ්‍රීලංකා සංචාරයදි එම අවස්ථාව උදා වෙන්නට නියමිතව තිබුනත් අවාසනාවන්ත වැස්ස ඊට හරස් වුනා.
ඉදිරියට නියමිතව තියෙන කොදෙව් සංචාරයෙදි නැවතත් එම අවස්ථාව උදාවෙන බවට ප්‍රකාශ කෙරුනත් icc නීති අනුව ලෝක කුසලානයට පෙර මෙම ක්‍රීඩාංගනයෙ තරඟයක් පවත්වන්න වෙන්නෙ නෑ.
මේ පින්තූර නම් ටිකක් පරණයි.ග්‍රවුන්ඩ් එක හදල ඉවර වෙන්න කලින් ගත්තු ඒව

දැන් නම් මේකෙ වැඩ කටයුතු බොහොමයක් දුරට ඉවරයිලු.ලංකාවෙ ඉක්මණින්ම හදල ඉවරවුනු ක්‍රීඩාංගනය මේක.ඉදිරි වැඩකටයුතු ඉක්මනින් නිමා කලයුතු බවට නිවේදනයක් එක්ක මෙහි තරඟ පවත්වන්න icc එක අනුමැතිය දීල කියලයි ආරංචි

මේ ක්‍රීඩාංගනය ඉතා විශාල එකක්.ක්‍රීඩාංගනය මැද සිට කෙලවරට ඇති දුර මීටර් 100ක් විතර වෙනවලු.ප්‍රේක්ෂකාගාර වලට දුර මීටර 130ක් විතර වෙනවලු.මේ ප්‍රේක්ෂකාගාර වල ඉඳන් හොදින් නැරඹිය නොහැකි බවටත් චෝදනා නැගෙනවා.
ක්‍රීඩාව ගමට යායුතුමයි ඒ සදහා ක්‍රීඩාංගන ඉදිවිය යුතුමයි.නමුත් ලෝක කුසලානයක් වැනි දැවැන්ත කණ්ඩායමකට අතිශය වැදගත් තරඟාවලියක් සඳහා අලුතින්ම ක්‍රීඩාංගනයක් ඉදිකොට තරඟ පැවැත්වීමට යොදා ගත්තේ ඇයිද යන කාරනය පිළිබදව ගැටලුවක් තිබෙනවා.ඒ සදහා අලුත්වැඩියාවකින් පසුව යොදා ගත හැකි ක්‍රීඩාපිටි ලංකාව තුල තිබෙන නිසා එවැන්නක් මේ සදහා යොදා නොගත්තේ ඇයිද යන ප්‍රශ්නයත් මෙහිදී මතු වෙනවා.
හම්බන්තොටට එල්ල වන අනෙක් චෝදනාව ක්‍රීඩකයින නවාතැන් පහසුකම්.කොදෙව් ක්‍රීඩකයින් පසුගිය සංචාරයේදී ඒ පිළිබදව විවේචන එල්ල කල බවත් සදහන් වුනා.ඒ අසල ඇති එකම හෝටලය ලෙස සැලකෙන්නෙ පීකොක් හෝටලය. එම සංචාරයෙදි ශ්‍රීලංකා ක්‍රීඩකයින් නවාතැන් ගෙන ඇත්තේ කතරගම.නමුත් දැන් පීකොක් හෝටලය අලුත්වැඩියා කොට ඇති බවත් කියවෙනවා.
තරඟාවලියක් තම රටේ පැවැත්වීමේදී කණ්ඩායමකට ලැබෙන ලොකුම වාසිය තම ක්‍රීඩාංගනවලට ඇති හුරුපුරුදු බව. එහෙත් අවාසනාවකට ශ්‍රීලංකා කණ්ඩායමේ සෑම ක්‍රීඩයෙකුටම මෙම ක්‍රීඩාංගනය සම්පූර්නයෙන්ම අලුත්. ඔවුන්ට එහි ක්‍රීඩා කරන්න වෙන්නෙ ආගන්තුක කණ්ඩායක් හැටියට.
මෙම තත්වය ලෝක කුසලාන තරඟ පැවැත්වෙන අනෙත් ක්‍රිඩාංගන දෙකටත් පොදුයි.පල්ලෙකැලේ දි ශ්‍රීලංකාව මුහුණ දීල තියෙන්නෙ එකම ටෙස්ට් තරඟයකට විතරයි.ඒකත් වැස්සට හේදුනා.
ප්‍රේමදාස අලුත් තනතීරුවෙ ලෝක කුසලානය සදහා භාවිතා කරන කොටස තුල තවමත් එකදු තරඟයක් හෝ ක්‍රීඩා කරල නෑ
පසුගිය අන්තර් සමාජ තරඟ සහ පලාත් අවසන් තරඟ පැවත්වූයේ එහි අනෙක් කොටස තුල.නමුත් එම තරඟ වල වාර්තා වුනේ ඉතාමත් අඩු ලකුණු.මේ පිළිබදව කණ්ඩයමේ ප්‍රබල ක්‍රීඩකයින් චෝදනා එල්ල කල බවක්ද අහන්න ලැබුනා.
කෙසේ වෙතත් පෙනී යන විදිහට ක්‍රීඩාංගන තත්වය අතින් යොදා ගත්තු සැලසුම් අනුව එය ශ්‍රීලංකා කණ්ඩයමට බලපාල තියෙන්නෙ අයහපත් විදිහට.
ගොඩාක් දුරට ඒ සදහා බලපෑවෙ ප්‍රමාදය.
ලෝක කුසලානයට කණ්ඩායම තේරීමෙදි නම් අපි නියමිත දිනට කලින්ම ඒක කරා.ඒකෙන් පලාත් තරඟාවලිය තුල දස්කම් දැක්වූ ක්‍රීඩකයින්ට ලොකු අසාධාරනයක් වුනේ.එහිදී දිල්හාරට වඩා වාස් හිටියෙ ගොඩක් ඉදිරියෙන්.
ඒත් තරඟාවලියෙ මූලික කාරනයක් වෙන ක්‍රීඩාංගන වල තත්වය අතින් අපි ගොඩාක් පසුපසින්.

ලෝක කුසලානක් තියෙන්නෙ අවුරුදු 4කට සැරයයි.ඒක අපේ කලාපයට ලැබෙන්නේ අවුරුදු 10කට 15කට එක පාරයි.ඒ ලැබුනු අවස්ථාවත් අපතේ ගියොත්..........

එක අතකින් අපි හොඳයි ඉන්දියාවෙ eden garden එකේ තරඟ පැවැත්වීම අවිනිශ්චිත බවක් අද icc එක කියනවා

maintain කරන්න යන වියදම් අපරාදයක් වෙන්නැතිවෙයි කියලා හිතමු! 