ඉරිදාට දහම් පාසලේ උගන්වන
සතියේ දින පහම බස් එකේ ජැක් ගහන
හවසට පන්සලේ බණ අහන
රෑට නින්දෙන් ධාතු පහවෙන
ශුද්ධවන්තයා නොවෙයි මම.
නාන තොටුපළේ කල් මරන
දියරෙදි යටින් අනන්තය සොයන
ගැහැණු අංක සොයා කුණුහරුප දොඩන
නිදන කාමරවලට එබිකම් කර දුවන
ග්රීස් යකා නොවයි මම.
කෙල්ලන්ගේ හොස්ටල්වලට රිංගන
ඔෆීසියේ කකුල් පාගා 'සොරි' කියන
රාත්රීයට යට ඇඳුම් දඩයමේ යන
උදෑසන ගෘහස්ථ ප්රචණ්ඩත්වය පිටු දකින
ස්ත්රීවාදියා නොවෙයි මම.
ගෙදර ඔක්කෝටම හොරෙන්
යතුරු හිලටත් කොකා පෙන්නා
කොම්පියුටරයේ තිරය ළඟ
මොහොතකට බුදුවෙන
කුණුහරුප බයිස්-කෝප් ලෝලියා මම.
මාර සේනා තිරය හරස් කොට ඇත
දුෂ්කර ක්රියා කලද පල නැත
කමටහන් උදුරාගෙන ඇත
අසිත තාපස නුඹ කොහේවත් නැත.
උන්ගේම උසාවිය උන් මොකුත් දන්නේ නෑ
උන්ගේම නීතිය උන්ට වගේ වගක් නෑ
උන්ගේම එකෙකුවත් උන්ව පිළිගන්නෙ නෑ
උන්ට මිස මතුව අපට ලෝකයක් නෑ.
අයිතිය - ප්රියාන් ආර් විජේබණ්ඩාර-
සතියේ දින පහම බස් එකේ ජැක් ගහන
හවසට පන්සලේ බණ අහන
රෑට නින්දෙන් ධාතු පහවෙන
ශුද්ධවන්තයා නොවෙයි මම.
නාන තොටුපළේ කල් මරන
දියරෙදි යටින් අනන්තය සොයන
ගැහැණු අංක සොයා කුණුහරුප දොඩන
නිදන කාමරවලට එබිකම් කර දුවන
ග්රීස් යකා නොවයි මම.
කෙල්ලන්ගේ හොස්ටල්වලට රිංගන
ඔෆීසියේ කකුල් පාගා 'සොරි' කියන
රාත්රීයට යට ඇඳුම් දඩයමේ යන
උදෑසන ගෘහස්ථ ප්රචණ්ඩත්වය පිටු දකින
ස්ත්රීවාදියා නොවෙයි මම.
ගෙදර ඔක්කෝටම හොරෙන්
යතුරු හිලටත් කොකා පෙන්නා
කොම්පියුටරයේ තිරය ළඟ
මොහොතකට බුදුවෙන
කුණුහරුප බයිස්-කෝප් ලෝලියා මම.
මාර සේනා තිරය හරස් කොට ඇත
දුෂ්කර ක්රියා කලද පල නැත
කමටහන් උදුරාගෙන ඇත
අසිත තාපස නුඹ කොහේවත් නැත.
උන්ගේම උසාවිය උන් මොකුත් දන්නේ නෑ
උන්ගේම නීතිය උන්ට වගේ වගක් නෑ
උන්ගේම එකෙකුවත් උන්ව පිළිගන්නෙ නෑ
උන්ට මිස මතුව අපට ලෝකයක් නෑ.
අයිතිය - ප්රියාන් ආර් විජේබණ්ඩාර-



