ශ‍්‍රී ලාංකේය ගුවන් නියමුවෙක් අභිරහස් එළියක් අහසේ දුටුබව කියයි
2011 පෙබරවාරි 09 වෙනි බදාදා, 08:41 Sri Lanka Mirror Editor
කඩුවෙලත් බියගමත් අතර ප්‍රදේශය තුළදී පෙරේදා (07) රාත්‍රියේ අහසේ දිස්‌වූ අභිරහස් ආලෝකයක් පිළිබඳ නවගමුව පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මෙම අභිරහස් ආලෝකය මුලින්ම දැක ඇත්තේ කටුනායක ගුවන්තොටුපළේ සිට ගුවන්ගතවූ ගුවන්යානා නියමුවෙකි. මෙම ගුවන් නියමුවා පවසන ආකාරයට ඉතා තද ආලෝකයක් තම ගුවන් යානය දෙසට හදිසියේම එල්ලවූ බව ඔහු පවසා ඇත.
ඊට සුළු වේලාවකට පසු මෙම අභිරහස් ආලෝකය මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු දැක ඇති අතර, මෙම ආලෝකය ඉතා වේගයෙන් ගමන් කරනු දුටුවේ යැයි එම පුද්ගලයින් දෙදෙනා පොලිසියට පවසා ඇත.
uputa genima
fb
real source
Last edited:


ape sri lankan goiyane
eth ithin pathare boru daana ekak nene bun 

