නොතැලී තියෙයිද?
’ඔයාට කියන්ඩ නෝනෙ, මගෙ ලොකු කෙලී ඔය අනිත් කෙල්ලො වගෙ තැලිච්ච පොඩිවෙච්ච ළමයෙක් නෙමෙයි’ ගේ දොරකඩ අතුගාමින් සිටි නෝනේ දෙස බලා රූපවතී කීවේ දෑස් නටවමිනි.
’බොරු කියන්ඩ එපා රූපවතී අක්කෙ. මම දවස් කීපයක්ම දැක්කා ඒ ළමයා ප්‍රයිවට් බස්වල නැඟලා වැඩට යනවා’ නෝනේ කීවේ කට ඇද කරමිනි.
රතිඤ්ඤා මොකටද?
’කෝ ඔයා රතිඤ්ඤා ගෙනත් නෑනෙ’ සිංහල අවුරුද්දට කලින්දා සවස නිවෙසට පැමිණි තම සැමියා ගෙනා බඩු මල්ල පිරික්සමින් චම්පා කීවේ ඇඳුම් මාරු කරමින් සිටි හේමන්ත දෙස බලමිනි.
’ඇයි ඔයා ඊයේ කිව්වේ, අවුරුද්දට ඔයගොල්ලන්ගෙ අම්මා මෙහෙ එනවා කියල’ හේමන්ත කීවේය.
හැම තිස්සෙම විහිළු
තම බිරිඳ සතුටු කිරීමට සිතූ රමේෂ් වටිනා අලුත් සාරියක් මිල දී ගෙන ගෙදර ගොස් ශබ්ද නොනඟා සාලයට ඇතුළු වී තමාට පිටුපස හරවා සිටි බිරිඳ ගේ දෑස තම දෑතින් වැසුවේය.
’කරූ හැම තිස්සෙම විහිළු කරන්ඩ එපා අනේ. දැන් අපේ රමේෂ් ගෙදර එන වෙලාව‘ ඇය තම දෑස් මුදාගැනීමට වෑයම් කරමින් කීවාය.
ඒ ගොල්ලොත් අකැමැතියි
’ඇයි දැන් තමුසෙ හේමන්තයි අනුරයි එක්ක කාඩ් ගහන්නෙ නැත්තෙ?’ සිරිල් මනෝගෙන් ඇසුවේ හන්දියේ යකඩ බඩු කඩේදී හමුවී කථා බස් කරමින් සිටියදීය.
’තමුසෙ කැමැතිද අතට යටින් කොළ අදින, කොයි වෙලාවෙත් හොර කරන, නිතර බොරු කියන අයත් එක්ක කාඩ් ගහන්ඩ?’ මනෝ ඇසුවේ තරමක ආවේගයකිනි.
’අපොයි මං නං කොහොමටවත් කැමැති නෑ’ සිරිල් කීවේ අවඥාවෙන් කට ඇද කරමිනි.
’ඒක තමයි, ඒ දෙන්නත් කැමැති නෑ.’ මනෝ පිළිතුරු දුන්නේය.
වැඩිය හොඳ කෝකද?
’අපේ මහත්තයා මැරිලා අදට හරියටම අවුරුදු පහයි. එයා ජීවත් වෙලා ඉන්නකොට පොල්සම්බෝල හදලා, කරවල බැදලා බත් කන්ඩ හරිම ආසයි. පොඩ්ඩක් ඔහොම හිටපංකො. මං පොල් සම්බෝලයි, කරවලයි එක්ක බත් එකක් උඹට ගෙනැල්ලා දෙන්නං.’ පාරේ යමින් සිටි හිඟන මිනිසකුට කතාකළ රූපවතී කීවාය.
’අනේ නෝනා අද නං එපා. හොඳට අඩියක් ගහලා බුරියානි කන්න ආසාවේ ඉඳලා මැරුණු මහත්තයකුගෙ ගෙදර කෑමකට අද මම මේ යන්නෙ’ හිඟන්නා කීවේය.
~සිළුමිණ~
*****’ඔයාට කියන්ඩ නෝනෙ, මගෙ ලොකු කෙලී ඔය අනිත් කෙල්ලො වගෙ තැලිච්ච පොඩිවෙච්ච ළමයෙක් නෙමෙයි’ ගේ දොරකඩ අතුගාමින් සිටි නෝනේ දෙස බලා රූපවතී කීවේ දෑස් නටවමිනි.
’බොරු කියන්ඩ එපා රූපවතී අක්කෙ. මම දවස් කීපයක්ම දැක්කා ඒ ළමයා ප්‍රයිවට් බස්වල නැඟලා වැඩට යනවා’ නෝනේ කීවේ කට ඇද කරමිනි.
රතිඤ්ඤා මොකටද?
’කෝ ඔයා රතිඤ්ඤා ගෙනත් නෑනෙ’ සිංහල අවුරුද්දට කලින්දා සවස නිවෙසට පැමිණි තම සැමියා ගෙනා බඩු මල්ල පිරික්සමින් චම්පා කීවේ ඇඳුම් මාරු කරමින් සිටි හේමන්ත දෙස බලමිනි.
’ඇයි ඔයා ඊයේ කිව්වේ, අවුරුද්දට ඔයගොල්ලන්ගෙ අම්මා මෙහෙ එනවා කියල’ හේමන්ත කීවේය.
හැම තිස්සෙම විහිළු
තම බිරිඳ සතුටු කිරීමට සිතූ රමේෂ් වටිනා අලුත් සාරියක් මිල දී ගෙන ගෙදර ගොස් ශබ්ද නොනඟා සාලයට ඇතුළු වී තමාට පිටුපස හරවා සිටි බිරිඳ ගේ දෑස තම දෑතින් වැසුවේය.
’කරූ හැම තිස්සෙම විහිළු කරන්ඩ එපා අනේ. දැන් අපේ රමේෂ් ගෙදර එන වෙලාව‘ ඇය තම දෑස් මුදාගැනීමට වෑයම් කරමින් කීවාය.
ඒ ගොල්ලොත් අකැමැතියි
’ඇයි දැන් තමුසෙ හේමන්තයි අනුරයි එක්ක කාඩ් ගහන්නෙ නැත්තෙ?’ සිරිල් මනෝගෙන් ඇසුවේ හන්දියේ යකඩ බඩු කඩේදී හමුවී කථා බස් කරමින් සිටියදීය.
’තමුසෙ කැමැතිද අතට යටින් කොළ අදින, කොයි වෙලාවෙත් හොර කරන, නිතර බොරු කියන අයත් එක්ක කාඩ් ගහන්ඩ?’ මනෝ ඇසුවේ තරමක ආවේගයකිනි.
’අපොයි මං නං කොහොමටවත් කැමැති නෑ’ සිරිල් කීවේ අවඥාවෙන් කට ඇද කරමිනි.
’ඒක තමයි, ඒ දෙන්නත් කැමැති නෑ.’ මනෝ පිළිතුරු දුන්නේය.
වැඩිය හොඳ කෝකද?
’අපේ මහත්තයා මැරිලා අදට හරියටම අවුරුදු පහයි. එයා ජීවත් වෙලා ඉන්නකොට පොල්සම්බෝල හදලා, කරවල බැදලා බත් කන්ඩ හරිම ආසයි. පොඩ්ඩක් ඔහොම හිටපංකො. මං පොල් සම්බෝලයි, කරවලයි එක්ක බත් එකක් උඹට ගෙනැල්ලා දෙන්නං.’ පාරේ යමින් සිටි හිඟන මිනිසකුට කතාකළ රූපවතී කීවාය.
’අනේ නෝනා අද නං එපා. හොඳට අඩියක් ගහලා බුරියානි කන්න ආසාවේ ඉඳලා මැරුණු මහත්තයකුගෙ ගෙදර කෑමකට අද මම මේ යන්නෙ’ හිඟන්නා කීවේය.
~සිළුමිණ~
hotlink removed
/mod