මහින්දගේ පිලිකාව ෂුවර්

autopost

Banned
Feb 13, 2011
33
10
0
මහින්දගේ පිලිකාව ෂුවර්

මහින්ද තමාට ලෙඩක් නැතයි කියමින් මාධ්‍ය ප්‍රචාර ගෙනියන්නේ මොකද? අසනීපයක් නැති මිනිහෙක්ට මේ වගේ මාධ්‍ය ප්‍රචාර ගෙනියන්න ඕනී නෑ නේද?
ඒ ක නිසා අනිවාර්යෙන්ම මොකක් හරි ඇති.

:yes::yes::yes::yes::yes::yes::yes:
20110214071624.png
 

autopost

Banned
Feb 13, 2011
33
10
0
පසු ගිය දින වලදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිකා රෝගයකින් පීඩා විඳින බවට පැතිරී ගිය ආරංචි අසත්‍ය බව ඔප්පු කිරීම සඳහා ජනාධිපතිවරයාට හිතවත් මාධ්‍යවේදී කතුවරයෙකු ලකුණු දමා ගැනීම සඳහා අපුරු උත්සාහයක යෙදුණේය. ඔහු ජනාධිපතිවරයා මුණ ගැසීම සඳහා අමාරුවෙන් දිනයක් වෙන් කරගෙන ඔහු හමුවීමට ගොස් සංදේශ කාව්‍යක වර්ණනාවක යෙදෙන්නා සේ අපුරූ රචනාවක් ලිව්වේය. අදාල ලිපිය පල කිරීමට පෙර සහ පසු තමන්ගේ රචනාව ගැන ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත් එය හොඳයි නේද කියා අසා ඇති බවත් වාර්තා වේ. අදාල පුවත් ආයතනයේ ලබා ගන්නා සහ ලැබෙන ඇමතුම් සියල්ලම කළමණාකාරිත්වය විසින් පටිගත කරන අතර ඒවාට පසුව ඇහුන්කන් දීමද එහි සේවය කරණ ඇතැමුන්ගේ පුරුද්දකි. ඔහු විසින් ලබා ගත්තේ යැයි අදාළ ලිපිය සමඟ පළ කොට තිබු පින්තූර මෙහි පල වේ. දෙතුන් වතාවක්ම අදාළ කතුවරයාගේ ලිපිය දෙස බැලු ජනාධිපති රාජපක්ෂගේ ප්‍රතිචාරය මෙහිදී සටහන් කිරීම කළ යුතු නමුත් සුදුසු නොවන හෙයින් වරණයට ලක් කිරීමට සිදු වේ.

 

autopost

Banned
Feb 13, 2011
33
10
0
අනන්ත සිතිජයේ සිට හමන මඳ නල සිප නැගෙන බිඳෙන රළ ගොස ඇසෙන නෑසෙන මානයේ පිහිටි කොළඹ කොටුවේ ජනාධිපති නිල මැදුර ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පයේ ආඪ්‍ය ලක්‌ෂණ මතු නොව රාෂ්ට්‍රපතියකුගේ ප්‍රතාපවත් බවද පිළිබිඹු කෙරෙන සංකේතයක්‌ වැන්න. උදාහිරු කිරණ තවමත් සිසිල් බවකින් ගත වෙළෙයි. මැදුරෙහි ප්‍රවේශය අසල අවිගත් සෙබළු සීරුවෙන් සිටියහ.

මගේ පැමිණීම පිළිබඳව ඔවුන්ට පූර්ව දැනුම්දීමක්‌ කර ඇති බව ඔවුන්ගේ ප්‍රතිචාර වලින්ම මට පසක්‌ විය. මට මඟ පෙන්වූ සෙබළ තවමත් මැදිවිය නොඉක්‌මවූ කඩිසර විලාසයක්‌ පෑවේය. ඔහු මා ඉදිරියෙන්ය. අප ගමන් කරමින් සිටියේ නිල මැදුරට පිටතින් ඉදිකළ ආරුක්‌කු හැඩයට නිමැවූ කුඩා ආලින්දයක්‌ දිගේය. එහි කෙළවරට ගිය ඔහු මගෙන් සමුගෙන ආපසු හැරුණි.

මගේ දර්ශන පථයට හසු වූයේ ගොඩනැගිලි අතරින් දිස්‌වන කොළඹ වරායයි. දවස අවදි වුවද වරායත් තවම නින්දේය. මගේ දෑස්‌ නිදැල්ලේ ඒ මේ අත දිව යයි. මගේ ගමන අපේක්‍ෂාවෙන් තවත් අයෙක්‌ සිටින බව මම තේරුම් ගතිමි. ඔහුද සිවිල් ඇඳුමින් යුත් සෙබළකු විය යුතුය.

මා නතරව සිටියේ නිල මැදුර වෙන් කළ උයනක්‌ අසල වූ මෑතකදී ඉදි කර ඇතැයි සිතෙන දිග ගොඩනැගිල්ලක්‌ සමීපයේය. මට එම ගොඩනැගිල්ල තුළටම කැඳවීමක්‌ ලැබුණි. මා තේරුම් ගත් විලසටම එය ශරීරික අභ්‍යාස සඳහාම ඉදි කරන ලද නවීන ක්‍රීඩාගාරයකි.

"හා එන්න එන්න යන වදන් තරමක්‌ උස්‌ හඬින් ඇසුණි. ඒ ක්‍රීඩාගාරයේ එක්‌ කෙළවරක කිසියම් ව්‍යායාමයක නිරතව සිටි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ හඬය. ඔහුගේ මුව සිනහවකින් සෝබාවත්ව තිබිණි. එහි වූයේ රාජ්‍ය නායකයකුගේ තේජස්‌ විලාසය පමණක්‌ නොව සැබෑ හෘදයාංගම බවකි.

සුදෝ සුදු ජාතික ඇඳුමත් කුරහන් සාටකයත් සමග ජනහද ඇඳි රුව වෙනුවට මා දුටුවේ දම් පැහැති ටී ෂර්ට්‌ එකක්‌ හා සුදු ට්‍රැක්‌ බොටම් එකක්‌ හැඳගත් බාහු බලයෙන්ද යුත් සෘජු කයක්‌ සහිත ක්‍රීඩකයකුගේ විලාසය ගත් ජනාධිපතිවරයාය. ඒ වූ කලී ජනාධිපතිවරයාගේ දෛනික කාල සටහනේ ප්‍රථම අංකය වූ ශාරීරික ව්‍යායාම් කරන වේලාවයි.

මම ක්‍රීඩාගාරයේ ඔබ මොබ ඇවිදිමින් සිටියෙමි. නවීන පන්නයේ විවිධ මාදිලියේ ක්‍රීඩා උපකරණ පෙළක්‌ම එහි විය. එවේලෙහි ජනාධිපතිවරයා සිටියේ එක තැන හිඳ ඇවිද යා හැකි ට්‍රෙඩ්මිල් නමින් හැඳින්වෙන ක්‍රීඩා උපකරණයක අභ්‍යාසයක යෙදෙමින්ය. ජනාධිපතිවරයා දෙපය තබා ඇවිද යද්දී ගමන ක්‍රමයෙන් වේගවත් වෙයි. කාලය මනිමින් අසල රැඳී සිටි සහායක උපදේශකයාගේ සංඥව අනුව වේගය ක්‍රමයෙන් අඩුවී ව්‍යායාමය නතර විය.

මම පරික්‌ෂාවෙන් බලා සිටියෙමි. මුහුණේ කිසිදු විඩා බර ගතියක්‌ නොවීය. නළලත රැඳුණු ඩා බිඳු සුරතින් පිස දමමින් ආ ජනාධිපතිවරයා පුංචි විරාමයක්‌ ගත්තේය.

"කෝ......අර කෝල් එක මට අරං දෙන්න.

ජනාධිපතිවරයා අසල සිටි සහායකයා සැණකින් කිසියම් අංකයක්‌ රැගෙන ජංගම දුරකථනයක්‌ ඔහුට දුන්නේය.

අනුරාධපුරයේ ගමනට එයාටත් එන්න කියන්න.

දුරකථනයෙහි එහා කෙළවර සිටි අයට උපදෙසක්‌ දුන් ජනාධිපතිවරයා යළි මා වෙතට හරුණි.

හැබැයි ඉතින් මං කැමතියි එළියෙ ටිකක්‌ හුළං වැදි වැදි දුවන්න. ඒත් දැන් කලක ඉඳන් මේකට පුරුදු වෙලා.

ජනාධිපතිවරයාගේ කුඩා විවේකය නිම විය. හේ යළිත් වෙනත් ක්‍රීඩා උපකරණයකට මාරු විය. එය මූලික වශයෙන්ම දෙ අත් හා ගෙලත් සිරුරේ උඩ කොටසත් සඳහා වූ ව්‍යායාමයක්‌ බව මට පෙනුණි. මට හැඟී ගියේ එය නම් මනා පුහුණුවකින් තොරව නොකළ හැකි තරමක්‌ දුෂ්කර ව්‍යායාමයක්‌ බවය. ඉන් පසු මඳ විරාමයක්‌ ගත් ජනාධිපතිවරයාගේ දත්වලට බොක්‌සිං ක්‍රීඩාවේදී භාවිත කරන අත්වැසුම් (ග්ලව්ස්‌) දෙකක්‌ එක්‌විය. සිරුරේ සමබරතාව මෙන්ම ජවසම්පන්න බවද විදහා පාමින් දෑතින්ම ඉදිරියේ එල්ලා තිබුණු දිගටි මෙට්‌ටයක්‌ වැනි දෙයකට නොනවත්වා ප්‍රහාර එල්ල කළ ජනාධිපතිවරයා මට සිහිපත් කළේ බොක්‌සිං ක්‍රීඩකයෙකි.

"මේක තමයි මට, ටිකක්‌ හරි දැනෙන්නෙ"

මගේ සිත දසක කීපයකට පෙර තර්ස්‌ටන් විද්‍යාලයීය ක්‍රීඩාගාරය වෙතට දිව ගියේය.

"ඔබතුමා කොලේඡ් එකේදී බොක්‌ෂිං කළාද"


 

autopost

Banned
Feb 13, 2011
33
10
0
මේ අතර තවත් ව්‍යායාමයක්‌ සඳහා සූදානම් වන අයුරුද මට පෙනුණි. එවර නම් බිම අතුරන ලද මෙට්‌ටයක දිගාවී සිරුරේ දෑත්, ඇඟිලි හා දෙපාත් මස්‌ පිඬුත් සඳහා වූ ව්‍යායාමයක නිරත විය. සහායකයෝ දෙදෙනාම එහිදී නම් එක්‌ වූහ. තවත් විනාඩි දහයක්‌ පමණ ගත වන්නට ඇත. නැගී සිටි ජනාධිපතිවරයා මෙට්‌ටය මත වාඩි විය. සහායකයෙක්‌ රූපවාහිනිය ක්‍රියාත්මක කරද්දී අනෙකා ජනාධිපතිවරයාට පැන් බඳුනක්‌ පිළිගැන්වීය.

රූපවාහිනි තිරයේ දිස්‌ වූයේ බැරක්‌ ඔබාමාගේ දසුනකි.

බලන්නකො ඊජිප්තුවෙ වෙලා තියෙන ලෙඩේ. දැන් ඔබාමටත් ඕනෑවෙලා තියෙන්නෙ මුබාරක්‌ යවා ගන්න.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර දේශපාලනයේ විවාදාත්මක මාතෘකාවක්‌ මා දෙසට යොමු කළේය.

හැබැයි ඇමෙරිකාවයි බටහිරයි තමයි අද තුන්වැනි ලෝකයටම ලෙඩ දාන්නෙ. අපිටත් මොනවද නොකළේ. යට වෙන්න හොඳ නෑ.

ජනාධිපතිවරයා යළිත් සිය විග්‍රහය ඉදිරිපත් කරමින්ම නැගී සිටියේය. එවර නම් සියලු ව්‍යායාම් අවසන් බව මට පැහැදිලි විය.

ජනාධිපතිවරයා තුවායකින් සිරුරෙහි රැඳුණු දහදිය මාත්තු කරමින්ම ඇවිද ගියේ ක්‍රීඩාගාරයේ මැද කොටසේ වූ සිය විශේෂ අසුනටය. මම ද ඔහු පසු පස ඇදුනෙමි. සහායකයා දුරකථන ඇමතුම් කීපයකම සාරාංශය ඔහු වෙත ඉදිරිපත් කළේය. මම ඒ සංවාදයට බාධා නොකර නිහඬව සිටියෙමි. මට සිහි වූයේ මා මෙතැනට පැමිණ විනාඩි හතළිහක පමණ කාලයක්‌ ගෙවී ඇති බවය. එසේ නම් අඩුම වශයෙන් ජනාධිපතිවරයා පැයකට නොඅඩු කාලයක්‌ උදෑසන ව්‍යායාම්වල නිරත වනු ඇතැයි මම සිතින් කාලය මැන්නෙමි. මගේ මතක වීදිය දිගේ දිස්‌ වූයේ කඳ බඩ මහත තරබාරු විකට රූප පෙළකි.

අපේම කාටුන් ශිල්පීන් විසින් දේශපාලනඥයන් චිත්‍රයට නංවන්නේ කෙබඳු උත්ප්‍රාසයකින්ද? ගෙල, කඳ, උදරය යන සියලු අංග අසමබර වාමන රූප බවට ඔවුන් පත් වන්නේ සිය ශරීර සුවතාව අමතක කිරීම නිසාය. එහෙත් රටේ රාජ්‍ය නායකයා සිය දවස ආරම්භ කිරීමට පෙර සිරුරට දෙන දුෂ්කර ක්‍රියාව ඔහුගේ පෞරුෂත්වයට මෙන්ම නිරෝගී බවටද මනා රුකුලක්‌ වී ඇතැයි මම හඟිමි. ජනාධිපතිවරයා පසු ගිය දිනක තමාත් සමග පයින් ඇවිදීමට කාටදෝ අභියෝගයක්‌ද කළ අයුරු මට මතක්‌ විය. සත්තකින්ම නව යොවුන් තරුණයකු සමග වුවද තවමත් කරට කර සිටිය හැකි ජව සම්පන්න බවක්‌ ඔහු තුළ ඇතැයි මා සඳහන් කරන්නේ කිසිදු ඇස්‌වහක්‌ කටවහක්‌ නොවේවා යන පහන් සිතින්මය.

මගේ කල්පනා ලෝකය යළිත් බිඳී ගියේ ජනාධිපතිවරයා ඉතින් යෑයි කියමින් යළිත් මා දෙසට හැරුණු හෙයිනි. මෙවැනි ක්‍රීඩාගාරයක්‌ කිසිසේත් දේශපාලන සමාජ කතිකාවකට උචිත නොවන බව මට හැඟුනත් මට සිදු වූයේ එබඳු කතාබහකට මුළ පිරීමටය.

ජනාධිපතිතුමා මොකද හැබෑට ප්‍රාදේශීය සභා නොමිනේෂන් වලට වුණේ."


 

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    සමහරුන්ට හැදිල තියෙන මානසික රෝග තමයි වඩාත්ම භයානක
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් දැන් මහින්දට කැන්සර් එකක් නෙමෙයිවෙන මොකක් හැදිලා තිබ්බතුබට තියන කැසිල්ල මොකක්ද???? උබේ අම්මා පවු කියලා හිතෙනවද???
     
    • Like
    Reactions: wijendra

    Monking

    Member
    Jan 17, 2011
    179
    44
    0
    මහින්ද නිදහස් දචසේ විනාඩි 15යි කතා කරේ. අනිත් එක මහින්ද නගර/ගම් සබා චන්දේදි කොලඹ ‍රැස්වීම් දෙකකට විතරයි යන්නේ.
    මහින්දගේ මූන ඉදිමිලා, ඇස් එහෙම අමුතුයි.ඒක නිසා මොකක් හරි දෙයක් තියෙනවා.අනිත් එක මහින්දට කිරි අම්මා දානේ දෙනවා.බෝධී පූජා තියෙනවා. කතරගම යනවා.සෙත් කවි කියනවා.
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මහින්ද නිදහස් දචසේ විනාඩි 15යි කතා කරේ. අනිත් එක මහින්ද නගර/ගම් සබා චන්දේදි කොලඹ ‍රැස්වීම් දෙකකට විතරයි යන්නේ.
    මහින්දගේ මූන ඉදිමිලා, ඇස් එහෙම අමුතුයි.ඒක නිසා මොකක් හරි දෙයක් තියෙනවා.අනිත් එක මහින්දට කිරි අම්මා දානේ දෙනවා.බෝධී පූජා තියෙනවා. කතරගම යනවා.සෙත් කවි කියනවා.

    උබලට අම්මා අප්පා ගැන නැති කැක්කුමක්නේ මහින්ද ගැන තියෙන්නේ.....
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    නිදහස් උත්සවේ විනාඩි 15 කතා කරාට එදා දවසෙම දැයට කිරුල උත්සවයෙ ඇවිද ඇවිද හිටියා, යාල ගලෙගේ දොරටුව විවෘත කරන්න ගියා.. මම නම් හිතනනේ නැහැ කිසිම ලෙඩක් ඇති කියලා...
    මහින්ද නිදහස් දචසේ විනාඩි 15යි කතා කරේ. අනිත් එක මහින්ද නගර/ගම් සබා චන්දේදි කොලඹ ‍රැස්වීම් දෙකකට විතරයි යන්නේ.
    මහින්දගේ මූන ඉදිමිලා, ඇස් එහෙම අමුතුයි.ඒක නිසා මොකක් හරි දෙයක් තියෙනවා.අනිත් එක මහින්දට කිරි අම්මා දානේ දෙනවා.බෝධී පූජා තියෙනවා. කතරගම යනවා.සෙත් කවි කියනවා.
     

    madawa1986

    Member
    Jan 1, 2008
    429
    26
    0
    Wine Store
    මහින්ද රාජපක්ෂ කියන්නේ ශ්‍රී ලංකාවේ ජනාධීපති තුමා. එතුමාට ලෙඩක් තිබුනත් නෑත්ත් අපි එතුමාට දීර්ඝායුශ ප්‍රාර්තනා කිරීම අපේ යුතුකමක්. මොකද අපි හෑමෝම ශ්‍රී ලාංකිකයෝ...
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මහින්ද රාජපක්ෂ කියන්නේ ශ්‍රී ලංකාවේ ජනාධීපති තුමා. එතුමාට ලෙඩක් තිබුනත් නෑත්ත් අපි එතුමාට දීර්ඝායුශ ප්‍රාර්තනා කිරීම අපේ යුතුකමක්. මොකද අපි හෑමෝම ශ්‍රී ලාංකිකයෝ...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: madawa1986

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මහින්ද තමාට ලෙඩක් නැතයි කියමින් මාධ්‍ය ප්‍රචාර ගෙනියන්නේ මොකද? අසනීපයක් නැති මිනිහෙක්ට මේ වගේ මාධ්‍ය ප්‍රචාර ගෙනියන්න ඕනී නෑ නේද?
    ඒ ක නිසා අනිවාර්යෙන්ම මොකක් හරි ඇති.

    :yes::yes::yes::yes::yes::yes::yes:
    20110214071624.png



    හොරා හොරකම් කරා කියලා කියන්නෙ නෑ නෙ.
     

    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    මහින්ද නිදහස් දචසේ විනාඩි 15යි කතා කරේ. අනිත් එක මහින්ද නගර/ගම් සබා චන්දේදි කොලඹ ‍රැස්වීම් දෙකකට විතරයි යන්නේ.
    මහින්දගේ මූන ඉදිමිලා, ඇස් එහෙම අමුතුයි.ඒක නිසා මොකක් හරි දෙයක් තියෙනවා.අනිත් එක මහින්දට කිරි අම්මා දානේ දෙනවා.බෝධී පූජා තියෙනවා. කතරගම යනවා.සෙත් කවි කියනවා.
    Okaa Marila giya nam thamai Hoda...Perethaya! :angry::angry::angry:
     
    • Like
    Reactions: madawa1986
    Oct 8, 2010
    9
    4
    0
    ලෙඩ හැදිලා කියල පතුරුවන්න හොදයි, ලෙඩ නෑ කියල කියන්න හොද නෑ...?
    මාර තර්කනේ මේවා...

    ඒ මනුස්සය කියන්නනේ තමන්ට ලෙඩක් නෑ කියල
    මේ කතා පතුරුවන් උන් කියන්නේ අනුන්ට ලෙඩ තියනවා කියල
    ලෙඩක් තියනවා නම් බෙහෙත් ගනියි..
    අනුන්ගේ ලෙඩ හොයනවා අර වෙන් වැඩක් ඇත්තෙම නැද්ද
     
    • Like
    Reactions: madawa1986

    Monking

    Member
    Jan 17, 2011
    179
    44
    0
    අනුන්ගේ ලෙඩ හොයනවා අර වෙන් වැඩක් ඇත්තෙම නැද්ද
    තමන්ගේ රටේ නායකයගේ සෞඛ්‍ය තත්වය ගැන විමසීමෙන් ඉන්න ජනතාවට අයිතියක් තියෙනවා.මොකද නායකයා ලෙඩ වුනොත් ඒක නිසා රට අරාජික වෙන්න පුලුවන්.අද බඩු මිල ගනන් යනවා, පොල් ගනන් යනවා, ගං වතුර ආධාර නෑ.රටේ කිසිම දෙයක පාලනයක් නෑ.ඒකයි අපි හොයන්නේ.නැතුව එතුමාව බොරුවට ලෙඩ කරන්න නම් නෙවෙයි.
    :sorry::sorry::sorry:
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    siraa da machan
    තමන්ගේ රටේ නායකයගේ සෞඛ්‍ය තත්වය ගැන විමසීමෙන් ඉන්න ජනතාවට අයිතියක් තියෙනවා.මොකද නායකයා ලෙඩ වුනොත් ඒක නිසා රට අරාජික වෙන්න පුලුවන්.අද බඩු මිල ගනන් යනවා, පොල් ගනන් යනවා, ගං වතුර ආධාර නෑ.රටේ කිසිම දෙයක පාලනයක් නෑ.ඒකයි අපි හොයන්නේ.නැතුව එතුමාව බොරුවට ලෙඩ කරන්න නම් නෙවෙයි.
    :sorry::sorry::sorry: