කෙසේ වෙතත් ආතර් සී. ක්ලාක් ආයතනයේ ප්‍රකාශකයෙක් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්‍රියාවලියට මෙය කිසිසේත්ම බලපෑමක් ඇති නොකරන බවයි.
එහි බලපෑම ඇති වන්නේ ස්කැන්ඩිනේවියානු රටවලට හා උත්තර ධ්‍රැවය ආසන්නයේ පිහිටි රටවලට බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
විශාල සුළඟක් හේතුවෙන් හිරුගේ ප්ලාස්මා පටලයෙන් නික්මුනු බ්‍රහස්පති ග්‍රහලෝකය තරම් වූ විශාලත්වයකින් යුතු කොටසක් මඟින් මෙම බලපෑම ඇතිවී තිබේ.
මෙම තත්වය හේතුවෙන් දැනටමත් චීනයේ දකුණු ප්‍රදේශයේ සන්නිවේදන කටයුතු අඩාල වී ඇත.
සූර්යාගෙන් වෙන් වී ගිය මෙම කොටස පසුගිය අගහරුවාදා ග්‍රිනීච් වේලාවෙන් අළුයම 01.56ට සිදුවූ බව ඇමරිකානු අජටාකාශ ආයතනය විසින් දැනුම් දී තිබේ.
මෙසේ හටගන්නා භූ චුම්බක කැළඹීම සාමාන්‍යයෙන් පැය 24 සිට 48 දක්වා කාලයක් පවතින බවත් සමහරක් අවස්ථාවලදී එය දින කිහිපයක් පවතින බවත් ඇමරිකානු ජාතික දේශගුණික ආයතනය සඳහන් කරයි.
මේ හේතුවෙන් ගුවන් ගමන්, නාවික ගමන්, කෙටි තරංග රේඩියෝ සේවාවන්ටද බලපෑම් ඇතිව තිබේ.



