කොක්කු

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොක්කු වර්ග

    GATHTH METHANIN

    http://slnghome.wordpress.com/
    විවිධ කොක්කු වර්ග වෙති. මේ ඉන් සමහරකි.

    පාලමේ කොකා – මූ නිතරම ඉන්නේ පාලම් ඇඳි වලය. නිතරම කෝලම් කිරීමට සමතෙකි.
    පාරලේ කොකා – ඉස්සර පාරක් දිගේ ලේ දමා ගෙන කෝරලේ ගෙදරට ගිය නිසා මූට ඒ නම් කියනු ලැබේ
    පණ නැති කොකා – මූට පණ නැතයි කිවත් මූ පණ ගසා එන්නේ සමහර වෙලාවටය. මේ කොක්කු බොහොමයක් මුස්ලිම් කොක්කුන් වෙති.
    පස් කන කොකා – මූ නිතරම පස් වල හැදෙන කොස් ආහරයට ගන්න කොක් විෂේශයකි.
    පාණ කොකා – මූ එක්තර කෝණයකට ඇදවී ගිය කොකෙකි.
    පාන් කොකා – පාන් කෑමට රුචි මුත් මේ කොකාගේ ප්‍රධාන ආහාරය කෝන් ය.
    පලු කොකා - මේ කොකාගේ ඇත්තේ එක පලුවකි. නමුත් කොලු වැඩ වලට ඉතා දක්ෂය.
    පරණ කොකා – මූ ආදීතම කොක් විශේෂයකි. නමුත් වැඩ කොරවා ගැනීමට ඉතා ලොකු හැකියාවක් දක්වති.

    ELA NEDA?

    Rep දීලා ගියාට වරදක් නැහැ :P
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,487
    22,153
    113
    Gotland
    menna ape wachana set eka anuwa conversion eka :

    පාලමේ කොකා – kolame paka
    පාරලේ කොකා – korale paka
    පණ නැති කොකා – kona nathi paka (konakapala)
    පස් කන කොකා – kos kana paka
    පාණ කොකා – kona paka (genetic??)
    පාන් කොකා – kone paka
    පලු කොකා - kolu paka
    පරණ කොකා – korana paka

    :P
     

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    987
    469
    63
    NY
    menna ape wachana set eka anuwa conversion eka :

    පාලමේ කොකා – kolame paka
    පාරලේ කොකා – korale paka
    පණ නැති කොකා – kona nathi paka (konakapala)
    පස් කන කොකා – kos kana paka
    පාණ කොකා – kona paka (genetic??)
    පාන් කොකා – kone paka
    පලු කොකා - kolu paka
    පරණ කොකා – korana paka

    :P

    hahhahha :D
    :lol::lol::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොක්කු වර්ග

    GATHTH METHANIN

    http://slnghome.wordpress.com/
    විවිධ කොක්කු වර්ග වෙති. මේ ඉන් සමහරකි.

    පාලමේ කොකා – මූ නිතරම ඉන්නේ පාලම් ඇඳි වලය. නිතරම කෝලම් කිරීමට සමතෙකි.
    පාරලේ කොකා – ඉස්සර පාරක් දිගේ ලේ දමා ගෙන කෝරලේ ගෙදරට ගිය නිසා මූට ඒ නම් කියනු ලැබේ
    පණ නැති කොකා – මූට පණ නැතයි කිවත් මූ පණ ගසා එන්නේ සමහර වෙලාවටය. මේ කොක්කු බොහොමයක් මුස්ලිම් කොක්කුන් වෙති.
    පස් කන කොකා – මූ නිතරම පස් වල හැදෙන කොස් ආහරයට ගන්න කොක් විෂේශයකි.
    පාණ කොකා – මූ එක්තර කෝණයකට ඇදවී ගිය කොකෙකි.
    පාන් කොකා – පාන් කෑමට රුචි මුත් මේ කොකාගේ ප්‍රධාන ආහාරය කෝන් ය.
    පලු කොකා - මේ කොකාගේ ඇත්තේ එක පලුවකි. නමුත් කොලු වැඩ වලට ඉතා දක්ෂය.
    පරණ කොකා – මූ ආදීතම කොක් විශේෂයකි. නමුත් වැඩ කොරවා ගැනීමට ඉතා ලොකු හැකියාවක් දක්වති.

    ELA NEDA?

    maru saththu waththta aluthin hdunwala denn apuluwan :D

    පාලමේ කොකා nam aduranawa



    Uba mona kokekda?:P

    පකිලීස් විකා- මූ නිතරම පකිලීක්ස් නම් ලීක්ස් වර්ගය අහාරයට ගනී.

    menna ape wachana set eka anuwa conversion eka :

    පාලමේ කොකා – kolame paka
    පාරලේ කොකා – korale paka
    පණ නැති කොකා – kona nathi paka (konakapala)
    පස් කන කොකා – kos kana paka
    පාණ කොකා – kona paka (genetic??)
    පාන් කොකා – kone paka
    පලු කොකා - kolu paka
    පරණ කොකා – korana paka

    :P


    ape apeee......:D:D:D:D:D

    FUN EKAK GATHTHA NEDA? ECHCHARAI ONI ;)
     

    Wal Bada

    Well-known member
  • එකමත් එක රටක හිටපු කොක්කුන්ට නම් තිබුනා. එක දවසක් පාලිත කියලා කොකෙක් උගෙ යාළුවෙක් වෙන පටන කොකාගෙ ගෙදර යන්න පිටත් වුනා. පාලිත කොකා ගෙදරින් එලියට බැහැලා එන අතරමඟ තියනවා පාලමක්. ඔය පාලම උඩ ඉඳන් ගඟේ ඉන්න තිත්ත පැටවු දිහා බලන් භාවනා කරන පාලම් කොකා පාලිත කොකාගෙන් ඇහුවා කොහෙද යන්නේ කියලා. “මම පටන කොකාගෙ ගෙදර යනවාකියලා ඌ එතනින් ආවා.
    ගඟේ තිත්ත පැටවු අල්ලන්න වතුරෙ බැහැලා ඉන්නව එක කොකෙක්. හෙල්ලෙන්නෙවත් නැතුව ඉඳලම උගෙ කකුල් වල පාසි බැඳිලා. පාලිත කොකාගෙ කටහඬ ඇහුන පාසි කොකා පාලිත කොකාගෙන් ඇහුවා යාළුවෙ, ඒ පැත්තෙ මාළු ඉන්නවද දන්නේ නෑ නේද?” කියලා. “දන්නේ නෑකියල කෙටියෙන් උත්තර දුන්න පාලිත කොකා ඉක්මනට එතනින් මාරු වුනෙ පාසි කොකා හරිම කරදරකාරයෙක් නිසයි.
    පාලිත කොකා ටික දුරක් යනකොට බඩගින්නක් ආපු නිසා ලඟ තිබ්බ පතලකට ගියේ එතැන තිත්ත පැටියෙක්වත් හිටියොත් අල්ලගන්න කියලා හිතාගෙන. ඒත් මහ හයියෙන් කවුද මගෙ පතලෙ මාළු අල්ලන්නෙකියාගෙන ආපු පතලෙ කොකා ට බයවෙලා ඌ ඉගිල්ලිලා ගියා.
    වට පිට බලනකොට ඌ දැක්කා පං විලක්. එතැනට පාත් වෙලා බලනකොට පං විලේ මුර කාරයා වගේ හිටිය පං කොකා පාලිත කොකාගෙ යාළුවෙක්. කතන්දරේ කිව්වහම පං කොකා පාලිත කොකාට කන්න මාළුවෙක් දුන්න. බොහොම පිං සිද්ද වෙනවා කියලා පාලිත කොකා එතනින් යන්න ගියා.
     

    Wal Bada

    Well-known member
  • තව ටිකක් දුර යනකොට පාලිත කොකා ඉස්කෝලයක් ගාව හිටපු පාසල කොකාට සැලියුට් පාරක් එහෙම දාගෙන කඩ මණ්ඩිය ගාවින් බැස්සේ යාළුවට තෑග්ගක් ගන්න කියලා. කඩේ ඇතුලට ගිහින් තෑගි ගන්න හිතුවා විතරයි මෙන්න එතන අලි ජරමරයක්. පණ නැති කොකෙක්ගෙ බෙල්ලෙන් අල්ලගෙන ඇඟ පුරාම පච්ච කොටාගත්ත පච්චි කොකා ගෝරනාඩු දානවා. හොඳටම බය වුන පාලිත කොකා එතනින් මාරු වුනෙ පාර අයිනෙ ඩියුටි හිටපු පොලිසියෙ ලොකු පට්ටමක් තියන පට්ටම් කොකාට රණ්ඩුව ගැන කියලයි.
    පාලිත කොකා තෑග්ගක් ගන්න තැනක් හොයනකොට දැක්කා ලොකු පස් කන්දක්. එතන හිටපු පස් කොකාගෙන් පාලිත කොකා ඇහුවා තෑග්ගක් ගන්න තැනක් නැද්දකියලා. “ඔය පස් කන්ද පිටිපස්සෙ ඉන්නවා පසු කොකා කියලා කොකෙක්. ඌ ගාව තෑගි ඇතිකියලා පස් කොකා උත්තර දුන්නා. පාලිත කොකා පස් කන්ද වටෙන් පිටිපස්සට යනකොට බොහොම පටු තැනක කොකෙක් ඉන්නවා දැක්කා. පාලිත කොකා ඇහුවා ඔයාද පසු කොකා?” කියලා. ඒ කොකා නෑ මම පටු කොකා. පසු කොකා ඉන්නෙ තව පිටිපස්සෙකියලා උත්තර දුන්නා. පටු කොකාගෙන් පසු කොකා ඉන්න තැන හරියටම අහගත්ත පාලිත කොකා ඌ හම්බුවෙන්න ගියා. එතන තෑගි ගන්න කොක්කු පෝලිමේ ඉන්නවා. එක කොකෙක්ගෙන් බේරිල්ලක් නෑ ඌට ඉම්පෝටඩ් බඩුම ඕනෙ කියලා. හොයලා බලනකොට පර රටවල බඩුම හොයන ඒ කොකාගෙ නමත් පර කොකා.
    කොක් පැටව් රොත්තක් එක්ක එතනට ඇවිත් හිටපු පවුල් කොකා, පසු කොකා ගාව තිබ්බ බඩු ගොඩක් අරන් ගියා. ඉතුරු වුනේ බොහොම ටිකයි. ඒ ටික ගන්න කොක්කු පොර කනවා. අන්තිමට ගොඩක් පඩි ගන්න පඩි කොකා සල්ලි ගොඩක් දීල බඩු ගත්ත. ලොකු උස මහත පත කොකා අනිත් කොක්කුන්ව බය කරලා පසු කොකා ගාව තිබ්බ ඉතුරු තෑගි ටිකත් අරන් ගියා. දැන් පාලිත කොකාට ගන්න තෑග්ගක් නෑ. හිස් අතින් යාළුවගෙ ගෙදර යන්නත් මොකක්ද වගේ කියලා හිත හිතා ඉන්නකොට රෑත් උනා. පාලිත කොකා අම්බලමකට ගියෙ රෑට නවාතැන් ගන්න කියලා. එතන හිටියා තවත් කොක්කු රෑනක්. පාලිත කොකා කතා බහ කරලා අඳුනගත්තා පඳු කොකාවයි, පයිල් කොකාවයි, පනිත්ත කොකාවයි. එදා වෙච්ච දේවල් ඒ කොක්කුන්ට කිව්වහම ඒ කොක්කු පුදුම වුනා.
     

    Wal Bada

    Well-known member
  • පහුවෙනිදා ආපහු ගමන් අරඹන්න පාලිත කොකා ලෑස්ති වෙනකොට පනිත්ත කොකා ඇවිත් යාළුවේ, මගෙ නෑදෑ කොකෙක් ඉන්නවා පාටු කොකා කියලා තෑගි විකුණන. එයා ගාව ඇති හොඳ තෑගිකියලා කිව්ව. පාලිත කොකා බොහොම සතුටු වෙලා පනිත්ත කොකත් එක්ක ගියා පාටු කොකා හම්බු වෙන්න. හොඳ වෙලාවට පාටු කොකා හිටියෙ වැඩි දුරක නෙවෙයි. පාටු කොකා ගාව ලාබෙට ගන්න හොඳ තෑගි බඩු තිබුනා. පාලිත කොකා තෑග්ගක් තෝරගෙන ගමන පිටත් උනෙ පනිත්ත කොකාට මුව නොසෑහෙන්න ස්තූති කරලයි.
    පාලිත කොකා ලාබෙට හම්බු වුන නිසා යාළුවට දෙන්න ලොකු තෑග්ගක් අරගත්තා. ඒක බර වැඩියි පියාඹනකොට. කොහොම හරි ටික දුරක් යද්දි බර වැඩි කමටම පාලිත කොකාව බිමට ඇදගෙන වැටුනා තෑග්ගත් එක්කම. අමාරුවෙන් නැඟිටලා බලනකොට උගෙ අත්තටුවක් කැඩිලා. “දැන් කරන්න තියෙන්න වෙදෙක් හොයාගන්න එකයිකියලා හිතාගත්ත පාලිත කොකා පයින්ම ගමන් ඇරඹුවා. ලඳු කැළෑවක පඳුරු අස්සෙ ඉඳලා එක පාරටම මතු වුන පඳුරු කොකා පාලිත කොකාගෙ අතේ තිබ්බ තෑග්ගත් අරන් ඉගිලිලා ගියා. දැන් පාලිත කොකාට තෑග්ගකුත් නෑ. ඒ මදිවට බඩගිනියිත් එක්ක. තව ටික දුරක් යනකොට මහ කැළයක් තියනවා. පාලිත කොකාට ඒකට යන්න බයත් හිතුනා. ඒත් දැන් නැති වෙන්න දෙයක් නෑ කියලා හිතලා ඌ ඒක කැළේට ඇතුල් උනා.
    කැළේ පලු ගහක් උඩ හිටපු පලු කොකා දැක්කා පාලිත කොකා අමාරුවෙන් නොන්ඩි ගගහා එන හැටි. පලු කොකා පාලිත කොකා ගාවට ගියාම ඌ කතාව කිව්වා. ඒ පාර පලු කොකා පලු ගහෙන් පලු ගෙඩි කඩන් ගෙනත් දුන්නා. බඩගින්න නැති උනාට පස්සෙ පලු කොකා පාලිත කොකාව වත්තම් කරගෙන කැළේ වෙද කොකා වෙන පත්තු කොකා ගාවට ගියා. පත්තු කොකා පත්තු දාලා කැඩිච්ච අත්තටු හොඳ කරන්න හරිම දක්ෂයි. පත්තු කොකාගෙ බෙහෙත් වලට ඕන කරන ගස් වල පට්ට ගලවන්නයි, සාත්තුවටයි හිටිය ගෝලයා පට්ට කොකා. පත්තු කොකාගෙ දක්ෂකමයි, පට්ට කොකාගෙ සාත්තුවයි නිසා පාලිත කොකාගෙ කැඩුන අත්තටුව එක දවසින් හොඳ වුනා.
    පලු කොකාටයි, පත්තු කොකාටයි බොහොම ස්තුති කරපු පාලිත කොකා ආයෙත් ගමන පිටත් උනා. පටන කොකාගෙ ගෙදරටත් දැන් කිට්ටුයි. තෑග්ගක් නැති නිසා පාලිත කොකා බොහොම කණස්සල්ලෙන් තමා හිටියෙ. ඇඟ පුරාම පටි දාගෙන හිටපු පොලිසියෙ කොකෙක් දැක්ක පාලිත කොකා ඌ ගාවට ගියා. පටි කොකාපාලිත කොකා කිව්වා පඳුරු කොකෙක් තෑග්ගක් පැහැරගෙන ගියා කියලා. “මගෙ මණ්ඩියෙ කවුද ඉන්න මං පහරන්නොකියලා කියපු පටි කොකා පාලිත කොකාට කිව්ව පඳුරු කොකා හිටපු තැන පෙන්නන්න කියලා. පාලිත කොකාව ඉස්සර කරගෙන පටි කොකා තවත් කොක්කු රෑනක් එක්ක පඳුරු කොකාව හොයාගෙන ගියා. පාලිත කොකා පඳුරු කොකා ඉන්න ප්‍රදේශයට ගියත් පඳුරු කොකා පේන්න හිටියෙ නෑ. ඒ පැත්තෙ තිබ්බ පල්ලමක හිටපු පල්ලෑ කොකා ගෙ කණින් අල්ලගත්ත පටි කොකා කෝ පඳුරු කොකා ?” කියලා සැරෙන් ඇහුවා. හොඳටම බය වෙච්ච පල්ලෑ කොකා පඳුරු කොකා හැංගිලා හිටිය පහල තිබ්බ හිල ගාවට ගියා. පහල තිබ්බ හිලේ මුරට හිටපු පහිල කොකාවත් පටි කොකා අත් අඩංගුවට ගත්තා.
     

    Wal Bada

    Well-known member
  • අන්තිමට පඳුරු කොකා බයෙන් බයෙන් හිලෙන් එලියට ආවා. හිල ඇතුලෙ හංගල තිබ්බ තෑග්ගත් අරන් පාලිත කොකා ගමන පිටත් වෙන අතරෙ පටි කොකා හොර කොක්කුන්ව පොලිසියට අරන් ගියා. යන අතරමඟදි ලස්සනට ඇඳගත්ත කෙකියන් රෑනක් පාලිත කොකා දැක්කා. යන ගමනත් ඌට අමතක වුනා. මනමාලයා වගේ කෙකියන් ගාවට ළං වුන පාලිත කොකා ආ නංගිලා බෑරක්ද ?” කියලා ඇහුවා. එතන හිටපු ලස්සනම කෙකී බෙල්ල වටේ රෙද්දක් දාගෙන හිටියෙ. ඒක සාරියක පොටක් (පල්ලුව ) වගේ පේන නිසා හැමෝම එයාට කිව්වෙ පල්ලු කොකා කියලා. පල්ලු කොකාගෙ යාළුවා තමා පාදයට සලඹක් දාගෙන කිටපු පලඹ කොකා. පාලිත කොකා දාපු මනමාල හිනාවට දෙන්නම රැවටුනා. පල්ලු කොකයි, පලඹ කොකයි පාලිත කොකා එක්ක ඕන තැනක යන්න කැමති වුනා. මේ දෙන්නත් එක්කම ගිහින් යාළුවා පුදුම කරනවා කියලා හිතා ගත්ත පාලිත කොකා පටන කොකාගෙ ගෙදරට කෙකීලව එක්ක ගියා.
    කාලෙකින් පටන කොකාව මුණගැහුනෙ නැති නිසා ඌ ගැන විස්තර මොකුත් පාලිත කොකා දැනගෙන හිටියෙ නෑ. ඒ වෙනකොට පටන කොකා කසාද බැඳලා. පටන කොකාගෙ බිරිඳ හරිම නපුරුයි. කෙකියො දෙන්නෙක් එක්ක පාලිත කොකා එයලගෙ ගෙදර ආවහම එයා හිතුවෙ වෙන දෙයක්. හොඳටම තරහ ගිහින් ඒ කෙකී පල කොකා, පල කොකා. ආවද මෙතන මගෙ කොකාවත් නරක් කරන්නකියලා පාලිත කොකාවයි, පල්ලු කොකාවයි, පලඹ කොකාවයි ගෙදරින් එලව ගත්තා. ( ඒත් පාලිත කොකා ගෙනාපු තෑග්ග නම් තියා ගත්තා )
    එච්චරයි.



    කතාව ආතල් නම් රෙප් එකක් එහෙම දෙන්න


    Source